හමුදා නිලධාරින්ගේ ඉසිවර නුවණ


යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

12 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

අලිමංකඩ කඳවුරෙන් හමුදා ඉවත්වීම පිළිබඳ තත්ත්වය ස්ථිරව පැවති අතර අප්‍රේල් 20 වැනිදා සිට ම ඊට අවශ්‍ය පූර්ව තත්ත්වයන් සිදුවෙමින් පැවතිණි. විශේෂයෙන්ම සොරන්පත්තු ප්‍රදේශය ඛඔඔෑ ය සතු වීමත් සමගම කඳවුර සඳහා ඇති සැපයුම් මාර්ගවල ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි.


අලිමංකඩ කඳවුර සතුව තිබූ බර පංතියේ කාලතුවක්කු (ආටිලරි) අවි ගණනාවක් ම අයියකච්චි කඳවුරට උතුරින් පොල් වගා බිමක් ආශ්‍රිතව ස්ථානගත කර තිබූ අතර එම ප්‍රදේශයට හමුදාව යෙදූ පොදු වහර වූයේ ආටි වත්ත යන්නය. එහෙත් අර්ධද්වීපයේ තැනින් තැනට ඛඔඔෑ ප්‍රහාර එල්ලවීමත් සමගම එහි වූ 152පප හා 122පප ප්‍රමාණයේ ආටිලරි අවි අලිමංකඩ කඳවුරට රැගෙන ආ අතර අප්‍රේල් 18 වැනිදා සොරන්පත්තු ප්‍රදේශයට ප්‍රහාර එල්ලවීමත් සමගම වහාම එම ප්‍රදේශයේ ඉතිරිව තිබූ 120පප ආටිලරි අවි ද අලිමංකඩ කඳවුරටම ගෙන එන ලදී. ඒ වන විට හමුදාවත් සමග සටන් කළ ඛඔඔෑ සාමාජිකයෝ මෙම ආටිලරි අවි සොයමින් සැරි සැරූහ. තමන්ට කිසිදු අවියක් හමු නොවූ බව පළමුව පොල් වගා බිමට ඇතුළු වූ ඛඔඔෑ සාමාජිකයෝ දුක්මුසු ස්වරූපයෙන් තම නායකත්වයට දන්වා සිටියහ.


විශේෂයෙන්ම ඉහත ආකාරයෙන් ක්‍රමිකව සටන් බිමේ පැවති අවදානමට අනුරූපව එම ප්‍රදේශයෙන් ආටිලරි අවි ඉවත් නොකළේ නම් ඛඔඔෑ ය බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සියලු අවි ඔවුන් අතට පත්වීමට ඉඩ කඩ විවෘතව පැවතිණි. මන්දයත් ප්‍රදේශයේ සටන් පවතින අතර තුර එම අවි ක්ෂණයකින් ඉවත් කර ගැනීමට අපහසු නිසාය. 
කාලතුවක්කු අවි භාරව සිටි නිලධාරීන් මෙසේ පූර්ව සූදානමකින් කටයුතු කළත් අලිමංකඩ කඳවුරේ හමුදා ප්‍රධානියා වූ බි්‍රගේඩියර් එගොඩවලගේ අදහස වූයේ මේ ආකාරයෙන් ආටිලරි අවි ඉවත් කිරීම හේතුවෙන් කඳවුර තුළ සටන් වදින අනෙකුත් සෙබළුන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටීම ට එය හේතු විය හැකි බව යි. ඒ අනුව මෙලෙස අවි ඉවත් කිරීමට බි්‍රගේඩියර් වරයාගේ අනුමැතිය නොලැබී තිබුණත් එම අවි භාරව සිටි නිලධාරීන්ගේ තීරණයක් හේතුවෙන් ආටිලරි අවි තමන් සතු කර ගැනීමේ ඛඔඔෑ වෑයම අසාර්ථක විය. ඒ අතරම ඛඔඔෑ ය අලිමංකඩ කඳවුර අසලටම පැමිණ සිටීම හේතුවෙන් කඳවුරේ සිට සතුරාට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ නොහැකි වීමද මෙලෙස එම අවි වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම අවශ්‍යයෙන්ම කළ යුතු කාර්යයක් විය.


මේ ආකාරයෙන් කඳවුරේ පැවැත්ම ස්ථිර වශයෙන්ම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබූ අප්‍රේල් 21 වැනිදා සවස වන විට අලිමංකඩ කඳවුර තුළ 120පප, 122පප හා 152පප පරිමාණයේ ආටිලරි අවි 25 ක් පමණ තිබිණි. යම් මොහොතක කඳවුර අතහැර පසුබැසීමට සිදු වුවහොත් මෙම සියලු අවි විනාශ කිරීමට සිදුවන බව දැන සිටි එම අවි භාරව කටයුතු කළ නිලධාරීහු ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් කුතුහලයකින් පසු වූහ. මන්දයත් ඒ වන විටත් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ මතය වී තිබුණේ මෙම අවි සම්පූර්ණයෙන්ම විනාශ කිරීම වඩා ආරක්ෂිත පියවර බවය.


එහෙත් අවි භාරව සිටි නිලධාරීහු තමන්ට මෙම අවි සියල්ල ආරක්ෂිතව පලෛ දක්වා කිලාලි කළපුව ආශ්‍රිත වැලි සහිත මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කළ හැකි බවට වූ දැඩි විශ්වාසයකින් පසු වූහ. ඒ අනුව ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය ආරම්භ කෙරිණි. 21 වැනිදා සවස සිදුකරන ලද මෙම කාර්යය ආරම්භයේදීම අදාළ නිලධාරීන් මුහුණ පෑ ප්‍රධානතම ගැටලුව වූයේ එම ආටිලරි අවි ප්‍රවාහනය කිරීමට යොදා ගනු ලබන අයන් හෝර්ස් (ෂරදබ ්‍යදරිැරැ ඔදඅ ඪැයසජකැි) රථ පැදවීමට පළපුරුදු රියැදුරන් නොමැති වීමයි. එම හේතුවෙන් කඳවුර තුළ සිටි අනෙකුත් රියදුරන්ට ස්වේච්ඡාවෙන් එම කාර්යයට සහභාගි වන ලෙස ඉල්ලීමක් කෙරිණි. එම ඉල්ලීමට අනුව අවශ්‍ය තරම් රියදුරන් සොයා ගැනීමට හැකි විය.
මේ අතර ඊට දින කිහිපයකට පෙර අලිමංකඩ කඳවුරට අවශ්‍ය ආටිලරි වෙඩි උණ්ඩ රැගත් ට්‍රක් රථ පහක් පැමිණ තිබිණි. එම එක් රථයක රියැදුරකු හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් සිට පසුව නැවත හමුදා සේවයට බැඳුණු මැදි වයසේ පුද්ගලයකු වූ අතර කඳවුර තුළ වූ කලබලකාරී තත්ත්වයෙන් ඔහු දැඩි ලෙස චිත්ත පීඩාවට පත්ව සිටියේය. තම ට්‍රක් රථයේ ආටිලරි අවියක් ප්‍රවාහනය කිරීමට වෙනත් රියැදුරකු සූදානම් වන බව දැන ගත් ඔහු ද වහා පැමිණ තම රියැදුරු අසුන ලබාගත්තේය. ඒ අනුව ඔහුට හිමි ෂරදබ ්‍යදරිැ රථය අලිමංකඩ කඳවුරේ සිට පලෛ දක්වා කිලාලි කළපුව ඔස්සේ ඇති වැලි සහිත මාර්ගයේ ධාවනය කිරීමට ඔහු භාර ගත්තේය.


ආටිලරි අවි පලෛ කඳවුර දක්වා ප්‍රවාහනය කිරීමේදී පළමුව සන්නද්ධ රථ පෙළක් ඉදිරියෙන් ගමන් කළ අතර එමඟින් පසුපසින් පැමිණෙන ආටිලරි අවි ප්‍රවාහනය කළ අයන් හෝස් ට්‍රක් රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන ලදී. එම සන්නද්ධ රථ පෙළට පිටුපසින් පිළිවෙළින් 152පප අවි තුනක් රැගත් (ඇදගෙන ගිය) ට්‍රක් රථ තුනක් ද ඊට පසුපසින් 122පප අවි 3 ක් රැගත් ට්‍රක් රථ තුනක්, හා රේඩාර් යන්ත්‍රය රැගත් ට්‍රක් රථය වශයෙන් ට්‍රක් රථ පෙළ ඉදිරියට ඇදුනි. මේ අතර 152පප අවි රැගත් ට්‍රක් රථවල 120පප අවිද පටවා තිබිණි.
මේ ආකාරයෙන් ඉදිරියට ඇදෙමින් පැවති රථ පෙළට, බලාපොරොත්තු වූ ආකාරයෙන්ම ඛඔඔෑ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයත් සමගම පළමුව ගමන් කළ සන්නද්ධ රථ පෙළ පිටුපසින් දෙවැනියට ගමන් කළ 152පප ආටිලරි අවියක් රැගත් ඉහත බියට පත්ව සිටි රියැදුරා ඛඔඔෑ ප්‍රහාර එල්ල කරන දෙසටම රිය පදවන්නට විය. ප්‍රතිඵලය වූයේ ක්ෂණයකින් ආටිලරි අවිය සහිත ට්‍රක් රථය වැල්ලේ එරී යාමය. එතැන් සිට රියැදුරා සමග එහි සිටි අනෙක් සෙබළුන් තිදෙනා ශ්‍රී ලංකා හමුදාවේ බංකරයක් සොයමින් ඉදිරියට දිව ගිය අතර එම 152පප අවිය රැගත් රථය හැර අනෙක් ට්‍රක් රථ සියල්ල ඛඔඔෑ ප්‍රහාරය මධ්‍යයේ නිරුපද්‍රිතව පලෛ දක්වා පැමිණීමට සමත් විය. එතැන් සිට අලිමංකඩ හා පලෛ අතර කිලාලි කළපුව ආශ්‍රිත වැලි සහිත මාර්ගයේ සිරවී තිබූ 152පප ආටිලරි අවිය සහිත ට්‍රක් රථය නිදහස් කරගැනීම පිළිබඳ ප්‍රබල ප්‍රශ්නයකට ආටිලරි අවි භාර නිලධාරීන් මුහුණ පා සිටි අතර එම ට්‍රක් රථයේ 120පප අවි 5 ක් ද පටවා තිබිණි.


මේ අනුව ක්‍රියාත්මක වූ කාලතුවක්කු සේනාංකයේ මේජර් වරයෙක් පලෛ සිට ට්‍රක් රථයකින් පැමිණ එම 152පප හා 120පප අවි 5 සහිත රථය පලෛ දක්වා ගෙන යාමට උත්සාහයක් දැරුවේය. එහිදී එම නිලධාරියා සමග තවත් සෙබළුන් අටදෙනෙකු පමණ ට්‍රක් රථය නැවතී තිබෙන ස්ථානයට ළඟාවත්ම සැඟවී සිටි ඛඔඔෑ භට පිරිස් ඔවුන් පැමිණෙමින් සිටි ට්‍රක් රථයට ප්‍රහාර එල්ල කරන්නට වූහ. නමුත් මේජර්වරයා ඇතුළු පිරිස බලාපොරොත්තු වූයේ 152පප කාලතුවක්කුව හා ට්‍රක් රථය තිබෙන ස්ථානය ීත්‍ භටයන් හා කොමාන්ඩෝ භටයන් බාරයේ පවතින බවකි. මන්දයත් එම මේජර්වරයා සමග ට්‍රක්රථය, 152පප අවිය තිබෙන ස්ථානයට පැමිණීමට ස්වල්ප මොහොතකට පෙර ඉහත ස්ථානයේ සිට කොමාන්ඩෝ භටයන් ලබාදුන් පණිවුඩයකින් කියවුණේ එම අවිය තමන් භාරයේ පවතින බවකි. කෙසේ වෙතත් එම ට්‍රක් රථයට දිගින් දිගටම එල්ල වූ දැඩි ප්‍රහාර හමුවේ එහි රියැදුරා ක්ෂණිකව තම රථය නැවතත් තමන් පැමිණෙමින් සිටි දෙසට එනම් පලෛ දෙසට හැරවීමට උත්සාහ කළේය. ප්‍රතිඵලය වූයේ රථය එකවරම ක්‍රියා විරහිත වීමය. එලෙස රථය ක්‍රියා විරහිත වන විටත් එහි සිටි හමුදා නිලධාරියාගේ පාදයට මෝටාර් ප්‍රහාරයක් එල්ල වී තිබුණ අතර පිටුපස සිටි අනෙක් සෙබළු ද තුවාල ලබා සිටියහ. සියලුදෙනාගේම වාසනාවකට මෙන් රියැදුරාට නැවතත් රථයේ එන්ජිම පණ ගන්වා ගැනීමට හැකි වූ අතර කිසිවකුගේත් ජීවිත හානි වීමකින් තොරව නැවතත් ශ්‍රී ලංකා හමුදාවේ පාලන ප්‍රදේශයට පැමිණීමට ඔවුහු සමත් වූහ. එහෙත් එම මේජර්වරයාගේ පාදය ඔහුට අහිමි විය.


මෙම සිද්ධියෙන් පසුව එම 152පප හා 120පප කාලතුවක්කු සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ අතර යුධ ටැංකියක් යොදවා එම අවිය විනාශ කිරීම වඩා සුදුසු බවට ද තීරණය විය. එහෙත් ඒ සමගම විශේෂ බළකාය (ීත්‍) හා කමාන්ඩෝ භටයන් එම ප්‍රදේශයේ සිට ලබාදුන් තවත් පණිවිඩයක් මගින් කියවුණේ එම අවිය විනාශ කිරීමේ අවශ්‍යතාවක් මතුවී නොමැති බවත් එම ප්‍රදේශය තමන්ගේ ග්‍රහණයට යළිත් නතුවී ඇති බවත්ය. ඒ අනුව අවිය විනාශ කිරීම පිළිබඳ අදහස අත්හැරියත් අවසානයේ විශේෂ බළකායේ හා කොමාන්ඩෝ බළකායේ සෙබළුන්ගේ දෑසටත් හොරෙන් ක්‍රියාත්මක වූ ඛඔඔෑ භට පිරිස් පසුදා උදෑසන වන විට 152පප අවිය හා 120පප අවි තම භාරයට ගැනීමට සමත් වූහ.
මෙහිදී සිදුවූ විශේෂ තම සිද්ධිය නම් එම ආටිලරි අවිය සහිත ට්‍රක් රථය ඛඔඔෑ ය විසින් පැය කිහිපයක් රැකවල්ලා සිටියත් ඒ ආසන්නයට ළඟා නොවීමයි. මන්ද ආරම්භයේදී ඛඔඔෑ යේ අදහස වූයේ එම ට්‍රක් රථය තුළ දුර සිට පුපුරවා හැරිය හැකි බෝම්බයක් තිබිය හැකි බවයි.


21 වැනිදා කාලතුවක්කු අවි ඉවත් කර ගැනීම හා සම්බන්ධ ප්‍රශ්නයේදී මේජර් ජනරාල් ජානක පෙරේරාගේ අදහස වූයේ කිලාලි කළපුව ආශ්‍රිත වැලි සහිත බිම් ප්‍රදේශය ඔස්සේ ඛඔඔෑ ප්‍රහාරක අවදානම ද සහිතව පලෛ දක්වා එම කාලතුවක්කු අවි ප්‍රවාහනය නොකළ යුතු බවයි. එම නිසා මේජර් ජනරාල් ජානක පෙරේරා නිරන්තරයෙන්ම පණිවුඩ හුවමාරු පද්ධතිය මගින් අලිමංකඩ කඳවුරේ අදාළ අංශ වෙත කථා කරමින් කියා සිටියේ සතුරා අතට කාලතුවක්කු අවි පත්වීමට ඇති අවදානම සලකා සියලුම අවි කඳවුර තුළම විනාශ කරන ලෙසය. තවද අර්ධද්වීපය තුළ අවශ්‍ය ප්‍රමාණයට කාලතුවක්කු අවි තිබෙන බවත් එම අවි සතුරා අතට පත්වීම කිසිදු ආකාරයකින් හෝ සිදු නොවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles