හමුදාවට A-9 අහිමි වෙයි


යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන් 
09 වැනි කොටස

 

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

අර්ධද්වීපයේ තැනින් තැනට ප්‍රහාර එල්ල කරමින් සිටි ඛඔඔෑ ය පලවා හැරීමත් අලිමංකඩ කඳවුරේ සිටි ශ්‍රී ලංකා හමුදාවන්ගේ පැවැත්ම තහවුරු කිරීමත් අරමුණු කර ගනිමින් මේ වන විට වව්නියාවේ ස්ථානගත කර තිබූ යුද්ධය සඳහාම සුවිශේෂී 53 වැනි සේනාංකය බි්‍රගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි යටතේ 2000 වසරේ ජනවාරියේ දී අර්ධද්වීපයට කැඳවන ලදී. විශේෂයෙන්ම ආරම්භයේදීම ඔවුන් වෙත පැවරුණ වගකීම වූයේ ඒ වන විටත් නැගෙනහිර වෙරළෙහි වෙත්තිලෛකර්නි, කඩෙයිකාඩු සහ ඉයකච්චි ආශ්‍රිත ප්‍රදේශයේ බලය තහවුරු කර ගනිමින් අලිමංකඩ කඳවුරේ පැවැත්මට තර්ජනයක් වෙමින් සිටි ඛඔඔෑ භට පිරිස් එම ප්‍රදේශයෙන් පලවා හැරීමය. එහෙත් එම කාර්යය ඉටු කිරීමට 53 සේනාංකය දිගින් දිගටම අපොහොසත් විය. 


කෙසේ වෙතත් 2000 වසරේ මාර්තු 26 වැනිදා තෙක් අදාළ ප්‍රදේශයෙන් ඛඔඔෑ ය පලවාහැරීම සඳහා වූ මෙහෙයුම කල් දැමූ අතර අවසන් මොහොතේ තවත් දින දෙකකින් එය කල් දමන ලදී. එහෙත් පුදුමයකට මෙන් මෙහෙයුම කල් දැමූ මාර්තු 26 වැනිදා මධ්‍යම රාත්‍රිය පසු වී අලුයම 2.00 ට පමණ ඛඔඔෑ චාල්ස් ඇන්තනී බළකාය හා මුහුදු කොටි බළකාය ඒකාබද්ධව ප්‍රහාරයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ්9 ප්‍රධාන සැපයුම් මාර්ගයේ පලෙයි සහ එළුදුමඞ්ඩුවාල් මූහමලේ අතර ඉත්තාවේල් සහ අයින්තරපුරම් ගම්මාන ආශ්‍රිත කිලෝමීටර 4ක ප්‍රදේශයක් :ෂඑය්ඩ්සක ඊදං* ඛඔඔෑ ය සතුවිය. එතැන් සිට 53 සේනාංකයේ ගුවන් සංක්‍රමණික බළකාය මෙන්ම පාබල බළ ඇණි කිහිපයක්ම මෙම ප්‍රදේශය ඛඔඔෑ ග්‍රහණයෙන් නිදහස් කරගැනීම සඳහා ප්‍රබල උත්සාහක නිරත වුවත් සම්පූර්ණයෙන්ම ඛඔඔෑ ය එම ප්‍රදේශයෙන් පලවා හැරීමට ඔවුන්ට නොහැකි විය. මේ හේතුවෙන් චාවකච්චේරියේ සිට අලිමංකඩ දක්වා දිවෙන ්9 ප්‍රධාන සැපයුම් මාර්ගය හමුදාවට අහිමි විය.


එතැන් සිට ප්‍රදේශයේ බටහිර වෙරළ තීරයට ආසන්න (කිලාලි කළපුව) වැලි සහිත බිම් තීරුව ඔස්සේ විකල්ප අතුරු මාර්ගයක් විවෘත කරමින් අලිමංකඩ හා ඒ ආශ්‍රිත කඳවුරුවලට අවශ්‍ය සියලු සැපයුම් සිදු කරන ලදී. මේ අතර මාර්තු 26 ප්‍රහාරයට සමගාමීව ඒ වන විට ඛඔඔෑ ය ස්ථාවර වෙමින් සිටි නැගෙනහිර වෙරළේ වෙන්තිලේකර්නි දෙසින් අලිමංකඩ අයියකච්චි හමුදා සංකීර්ණය දෙසට එල්ල කරන ප්‍රහාරද තීව්‍ර කරන ලදී. ඒ සමගම මාර්තු 31 වැනිදා සිට ඛඔඔෑ ය පුනරීන්හි සිට කාලතුවක්කු ප්‍රහාර තනන්කිලප්පු ප්‍රදේශයට එල්ල කිරීම අරඹන ලදී. විශේෂයෙන්ම මෙම මාර්තු 26 ප්‍රහාරය මගින් ඛඔඔෑ ය උත්සාහ කරන ලද්දේ පලෛ හා මූහමාලෙ අතර ්9 මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය තමන් සතු කර ගැනීම තුළින් ඒ හරහා තව දුරටත් තෙන්නමරච්චි කලාපය දෙකඩ කිරීමය. ඒ අනුව දෙකඩ වන තෙන්නමරච්චි කලාපයේ පහළ කොටසේ ස්ථාන ගත වී සිටි 54 සේනාංකය ප්‍රමුඛ අනිකුත් බළ ඇණි සඳහා අවශ්‍ය සියලු සැපයුම් මාර්ග විසන්ධි කොට හුදකලා කිරීමත් ඒ අවසරයෙන් චිත්ත ධෛර්ය බිඳවැටෙන හමුදාවන්ට පහසුවෙන්ම පහර දී යටත් කර ගැනීමත් ඛඔඔෑ උත්සාහය විය. එහෙත් ්9 මාර්ගයේ ඉහත කොටස ඛඔඔෑ ය සතු වුවත් හමුදාව තව දුරටත් විකල්ප සැපයුම් මාර්ගයක් පවත්වා ගැනීමට සමත් වීම හේතුවෙන් අපේක්ෂා කළ පරිදි තෙන්නමරච්චි කොට්ඨාසය දෙකඩ කිරීමට ඛඔඔෑ ය අසමත් විය. මේ හේතුවෙන් එම අවස්ථාවේදී ඛඔඔෑ උත්සාහය පූර්ණ වශයෙන් ඵල නොදැරීය. එහෙත් මෙහිලා බලාපොරොත්තු නොවූ ආකාරයකින් ඛඔඔෑ ය විසින් ්9 මාර්ගය අත්පත් කර ගැනීම නිසා 53 වන සේනාංකයට එම ප්‍රදේශය වෙත සිය අවධානය යොමු කිරීමට සිදු වූ අතර ඒ අවසරයෙන් තව දුරටත් අලිමංකඩ කඳවුරට උතුරින් හා නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් එල්ල වූ ඛඔඔෑ තර්ජනය දිනෙන් දින ම ප්‍රබල වන්නට විය. නැතහොත් ඛඔඔෑ යෙහි මෙම උපක්‍රමික පහරදීම හමුවේ සමස්ත අර්ධද්වීපයේම හමුදාවන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වෙමින් පැවතිණි.


මෙහෙයුම් සඳහා අවශ්‍ය සැපයුම් :ඛදටසිඑසජි* වල හිඟතාවක් බව පවසමින් සිදු කළ යුතු අවශ්‍යම මෙහෙයුම් කල් දැමීම පිළිබඳ මෙම සිද්ධිය එක් උදාහරණයක් පමණකි. 2000 වසරේ ජනවාරියේ සිට මාර්තු 26 දක්වා වූ කාලවකවානුව තුළ තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගෙන අර්ධද්වීපයේ වෙත්තිලෛකර්නි හා ඉයකච්චි ප්‍රදේශයට උතුරින් බලය තහවුරු කරගෙන සිටි ඛඔඔෑ භට පිරිස් පලවාහැරීම සඳහා මේ වන විට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් චූලා සෙනෙවිරත්න හා මේජර් ජනරාල් ලයනල් බලගල්ලේ විසින් 53 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් ගාමිණී හෙට්ටිආරච්චි හට නිසි අණ සහ මගපෙන්වීම කළේ නම් බොහෝ විට අලිමංකඩ කඳවුරට මෙවන් වූ සෝචනීය ඉරණමක් අත් නොවන්නට ඉඩ තිබූ අතර ම පසුව අර්ධද්වීපය තුළ දී පවා එතරම් තීරණාත්මක සටනකට මග පෑදීමට අවස්ථාව උදා නොවන්නටද ඉඩ තිබිණි.


අප්‍රේල් මස පළමු වැනිදා කොටි හඬ ගුවන් විදුලිය කළ නිවේදනයකට අනුව අලිමංකඩ ප්‍රදේශය ආශ්‍රිත පච්චිලයිපල්ලි  :‏ඡ්ජයජයසක්සච්කකස* ප්‍රදේශයෙන් සිවිල් වැසියන් ඉවත් විය යුතු බවට දන්වනු ලැබීය. තව දුරටත් එහි සඳහන් වූයේ එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා හමුදාවේ කඳවුරු සහ කාලතුවක්කු ස්ථානගත කර ඇති ස්ථානවලින් 1නප දුරක් දක්වා එම සිවිල් වැසියන් ඉවත්ව සිටිය යුතු බව ඒ සඳහා අප්‍රේල් 2 වැනි දින උදේ 6 සිට සවස 2 දක්වා තමන් ප්‍රහාර තාවකාලිකව නවතා දමන බවත්ය. මේ අනුව පච්චිලයිපල්ලි ප්‍රදේශය අවට සිවිල් ගම් වැසියන් 3000 ක් පමණ කිලාලි මිරිසුවිල් ප්‍රදේශයට යාමට සූදානමින් සිටි අතර එතැන් සිට අර්ධද්වීපයේ යුද උණුසුම ක්‍රමයෙන් සිවිල් ජනතාවට ද ළං විය.


අප්‍රේල් මස 5 වැනිදා වන විටත් ්9 මාර්ගයේ ඉත්තාවිල් ගම ආශ්‍රිත 4නප දුරක් තව දුරටත් ඛඔඔෑ ග්‍රහණයේ පැවති අතර 53 සේනාංකයේ භට පිරිස් එම ප්‍රදේශය නිදහස් කර ගැනීම සඳහා දියත් කර තිබූ මෙහෙයුම ද දිගින් දිගටම සාර්ථක ප්‍රතිඵල අත්කර දීමට අසමත් වූ අතර නැවතත් අප්‍රේල් 10 වැනිදා ‘වැලි කතර’ නමින් මෙම ප්‍රදේශය නිදහස් කර ගැනීම උදෙසා මෙහෙයුමක් දියත් කළත් එයද අසාර්ථක විය. විශේෂයෙන්ම අප්‍රේල 7 වැනිදා 53 වැනි සේනාංකාධිපතිවරයා ඉන් ඉවත් කළ අතර ඉන් පසු ඔහු ත්‍රිකුණාමලයේ 22 වැනි සේනාංක ප්‍රධානියා ලෙසට පත් කරන ලදී.


මේ අතර අප්‍රේල් 7 වැනිදා වඩමාරච්චි කෝට්ඨාසයේ අම්පන් ආශ්‍රිත මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ෘඩදර් යාත්‍රා දෙකක් ඛඔඔෑ මුහුදු කොටි බළකාය ගිල්වා දැමූ අතර සිද්ධියෙන් දිවි බේරාගත්තේ සෙනෙවිරත්න නම් නාවික සෙබළෙකු පමණි. ඒ සමගම එදිනම රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වාම නාගර්කෝවිල් ප්‍රදේශයේද ශ්‍රී ලංකා හමුදාව සහ ඛඔඔෑ ය අතර දරුණු ගැටුමක් ඇති විය.


මාර්තු 26 වැනිදා එලෙස ඛඔඔෑ දියත් කළ ප්‍රහාරය අර්ධද්වීපයේ අනාගත පැවැත්ම පිළිබඳ ඉතා තීරණාත්මක තත්ත්වයක් උදා කළේය. එම ප්‍රහාරය සඳහා සහභාගි වූ ඛඔඔෑ භට කණ්ඩායම් සඳහා නායකත්වය දුන්නේ කර්නල් බාල්රාජ්ය. ඊට මුහුදු කොටි බළකායේ පූර්ණ සහයෝගයද ලැබී තිබිණි. මෙම සටනට සූදානම් වූ ඛඔඔෑ හට පිරිස් අර්ධද්වීපයේ චැම්පියන්පත්තු, කුඩාරප්පු සහ මුල්ලියන් යන ප්‍රදේශවලින් පිටත් වූ අතර එම පිරිසට සහාය පිණිස අමතර භට කණ්ඩායම් දෙකක්ද සූදානමින් සිටියේය. විශේෂයෙන්ම ඉහත ස්ථාන 3 ටම ගොස් එම භට කණ්ඩායම් වෙත සුබ පැතීමට මුහුදු කොටි නායක සුසෙයි කටයුතු කළේය. තවද මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය පුහුණුවීම් සිදු කරන ලද්දේ පුනරීන් හිදීය. එම පුහුණුවීම් අවසානයේදී ඛඔඔෑ භටයන් ඇමතු බාල්රාජ් උද්වේගකර කථාවක් පවත්වමින් ‘සතුරා විසින් අත්කරගෙන ඇති අපගේ භූමිය නිදහස් කර ගැනීමේ සටනේ තවත් පියවරක් අප සාර්ථක ලෙස ඉදිරියට තබා ඇත. කොටි කවුරුන්ද යන්න ඔවුන්ට පෙන්නීමටයි අපි මේ සූදානම් වන්නේ. අපි යාපනය නගරය නිදහස් කර ගැනීමට මෙලෙස සූදානම් වෙමු. ඉදිරියටම යමු’ යනුවෙන් පැවසීය.


මේ ආකාරයෙන් දෙසැම්බරයේ සිට ආරම්භ වූ නොනවතින රැල්ල අදියර සාර්ථකව ඉතා සෙමින් හා එතරම් ප්‍රචාරාත්මක තත්ත්වයක්ද නොමැතිව ජයග්‍රහණ අත්කර ගනිමින් ඉදිරියට ඇදුණු අතර අර්ධද්වීපයේ ශ්‍රී ලංකා හමුදාවන් වෙතින් දිස් වූයේ අවිනිශ්චිතතාව පමණකි. අර්ධද්වීපයේ ඇතිවෙමින් පැවති මෙම තත්ත්වයන්ට ප්‍රතිචාරයක් වශයෙන් මේ වන විට වව්නියාවේ ස්ථාපිත කර තිබූ බි්‍රගේඩියර් සීවලී වනිගසේකරගේ 55 වැනි සේනාංකය ද මාර්තු මාසයේ 26 වැනිදා සිට කණ්ඩායම් වශයෙන් ත්‍රිකුණාමලය හරහා යාපනය අර්ධද්වීපයට කැඳවන ලද අතර එම සේනාංකය අර්ධද්වීපයේ සම්පූර්ණයෙන්ම ස්ථාන ගත වී කටයුතු ආරම්භ කරන විට අප්‍රේල් මස 15 වැනිදා පමණ විය. එහෙත් ඒ වන විට එම 55 වැනි සේනාංකයේ නියෝජ්‍ය ආඥාපති බි්‍රගේඩියර් ශාමෙන් කුලතුංග ලෙඩ නිවාඩු වාර්තා කොට තිබිණ.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles