පසු බසින සෙබළුන්ට අත්වූ ඉරණම


යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

18 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.
‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

පසු බැස පැමිණි සෙබලුන් හට අවශ්‍ය ආධාර උපකාර නිසියාකාරව ලැබුණේ නම් මධ්‍යහ්නයේ විජලනයෙන් හා අධික ශරීර අභ්‍යන්තර තාපයෙන් :්‍යැ්එ ීඑරදනැ* සෙබළුන් අවාසනාවන්ත ලෙස මියයාමට තිබූ ඉඩකඩ අවම කර ගැනීමට අවස්ථාව තිබිණි. මේ අතර පසුබැසීම ආරම්භ කිරීමට සුදුසුම අවස්ථාව උදෑසනක් වූ නිසා ඊළඟ උදෑසන (23 වැනිදා) තෙක් කඳවුර රැක ගෙන සිටීමට කටයුතු කළේ නම් මෙම ව්‍යසනය වළක්වා ගැනීමට හැකියාව තිබූ බවටද විකල්ප මතයක් විචාරකයන් විසින් ඉදිරිපත් කරන ලදී. එහෙත් මෙම විකල්පය එම අවස්ථාවේදී කඳවුර තුළ වූ සංකීර්ණ හා අවුල් සහගත තත්ත්වය හමුවේ කොතරම් ප්‍රායෝගික දැයි වර්තමානයේ සිට විග්‍රහ කළ නොහැක. මන්දයත් අලිමංකඩ කඳවුරෙන් එලෙස හමුදාව ඉවත් වූයේ සිදු විය හැකි මරණ සංඛ්‍යාව හැකිතාක් අවම කර ගැනීම (උපක්‍රමික පසුබැසීම) සඳහා වූ නිසා 23 වැනි දා දක්වා කඳවුර තුළ රැඳී සිටියේ නම් ඛඔඔෑ ය තවදුරටත් සෑම දිශාවකින්ම ඉදිරියට පැමිණෙන තත්ත්වයක් තුළ මීටත් වඩා සෝචනීය ඉරණමකට පසුබසින සෙබළුන්ට මුහුණ දීමට සිදුවීමට ඉඩ තිබිණි. 22 වැනිදා හමුදා පසුබැසීම සාධාරණීකරණය කරවන තර්කයක් ලෙස ඉදිරිපත් කර ඇත. 


අනෙක් අතට දින ගණනක සිටම සියලු සැපයුම් මාර්ග අහිමි ව හුදකලා හා අසරණ වී සිටි 54 වැනි සේනාංකයට සහාය පිණිස පැමිණීම ට ඒ වන විට තෙන්නමරච්චි කොට්ඨාසයේ හා වඩමාරච්චි කොට්ඨාසයේ බලය තහවුරු කර ගෙන සිටි 52, 53 හෝ 55 වැනි සේනාංක වලට ද නොහැකි විය. විශේෂයෙන්ම මෙම අවස්ථාවේදී 53 වැනි සේනාංකයේ කොමාන්ඩෝ හා විශේෂ බළකාය මෙන්ම ගුවන් සංක්‍රමණික බළකාය ද සැපයුම් මාර්ග අහිමි වී සිටි 54 සේනාංකය සමග එක් ව සතුරා පලවා හැරීමට උත්සාහ දැරුවත් එම සියලු උත්සාහයන් ඛඔඔෑ ප්‍රහාර හමුවේ ව්‍යර්ථ වූ අතරම අනෙක් අතට මේ වන විට අර්ධද්වීපයේ සෑම තැනකටම එල්ල වූ ඛඔඔෑ ප්‍රහාර ක්ෂණිකව මැඩ පැවැත්වීමට “කෝකටත් තෛලය” බවට පත්ව තිබුණේ 53 සේනාංකයේ බළසේනාවන්ය. 


22 වැනිදා පෙරවරුවේ කඳවුරෙන් හමුදා ඉවත්වීම පිළිබඳ පැවති රැස්වීමේදී පසුබැසීමට සුදුසු මාර්ග දෙකක් හඳුනාගෙන තිබුණු අතර කිලාලි කලපු මාර්ගය සහ අතහැර දමා තිබූ දුම්රිය මාර්ගයයි ඒ. කිලාලි කලපුව ආශ්‍රිත බිම් තීරුව වැලි සහිත වූ අතර ස්වභාවයෙන් ම එම ප්‍රදේශයේ ඇති වියළි කාලගුණික තත්ත්වය හා වායුගෝලයේ දැඩි ආර්ද්‍රතාව නිසා මධ්‍යහ්නය පසු වෙද්දී පරිසර උෂ්ණත්වය 40ක්‍X දක්වා ඉහළ ගොස් තිබිණි. මේ අතර අතහැර දමා තිබූ දුම්රිය මාර්ගය ඔස්සේ පසු බසිමින් සිටි හමුදාවන්ට ද ඛඔඔෑ යෙන් දැඩි ප්‍රහාර එල්ලවීමද නිරන්තරයෙන් ම සිදු විය. දින ගණනක සිටම දරුණු සටන්වල නියුක්තවීමත් තමන් ගමන් කරන්නේ සුවිශාල හමුදා කඳවුරක් අතහැර දමා යන පරාජිත මානසිකත්වයත් හේතුවෙන් පසුබසින මෙම හමුදා සෙබළු මෙන් ම නිලධාරීහුද එම අවස්ථාවේදී දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක්ව සිටියහ. මෙම ගමන අතරතුරදී දැඩි උෂ්ණත්වය හා තමන් සතුව ජලය නොමැති වීමත් හේතුවෙන් පලෛ දක්වා ගමන් ගත් මාර්ගයේ අඩක් පමණ ගමන් කිරීමෙන් පසුව මූලික වශයෙන් විජලනයට පත් වීම ආශ්‍රිතව ශරීර අභ්‍යන්තරයේ හටගත් අධික උෂ්ණත්වයෙන් :්‍යැ්එ ීඑරදනැ* සෙබළුන් අතරමඟ මරණයට පත් වූයේ ඉතා සෝචනීය අයුරිනි. 


අලිමංකඩින් හමුදා පසුබැස ගිය ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනු ලැබූයේ තම අතෙහි වූ ගිනි අවිය පවා දමා සෙබළුන් පැන දිවූ ආකාරයකිනි. එහෙත් සත්‍ය වශයෙන් එම මොහොතේ පසු බසින සෙබළුන් අත්විඳි ඛේදජනක වාතාවරණය පිළිබඳව මඳක් විමසා බැලීමේදී රාත්තල් 8ක් පමණ වූ තම ගිනි අවියෙන් ගත හැකි කිසිදු ප්‍රයෝජනයක් නොමැති තත්ත්වයක් තුළ තම ජීවිත රැක ගැනීම සඳහා කරන මෙවන් තීරණාත්මක අරගලයක දී අනවශ්‍ය බරක් ඉවත දමා එලෙස ගමන් කිරීම කුමන පැතිමානයක් ඔස්සේ බැලුවද සාධාරණය. එපමණක් ද නොව පසුබසින ගමන ඔවුන් සතු සියලු දෑ බහාලූ ගමන් මලුද අතරමගදී අකමැත්තෙන්ම අත්හරින ලදී. ජාත්‍යන්තර ජනමාධ්‍ය එසේ වාර්තා කළද ගමනාන්තය නිම කළ සෙබළු සියලු දෙනාම තම ගිනි අවිය සුරැකිව තබා ගැනීමට වගබලා ගත්හ.


හමුදා පසුබැසීම සඳහා යොදාගත් කිලාලි කලපුව ආශ්‍රිත වැලි සහිත මාර්ගය ඔස්සේ ගමන් කරන සෙබළුන් හට ඛඔඔෑ ය වෙතින් සකල විධ ප්‍රහාර එල්ල විය. විශේෂයෙන්ම කිලාලි කලපුව ආශ්‍රිත වෙරළේ ශ්‍රී ලංකා හමුදාව ගොඩනගා තිබූ බංකර සමහරක් ඒ වන විටත් ඛඔඔෑ ය අතට පත්වෙමින් තිබිණි. එම නිසා එවැනි බංකර තුළ සිටම ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට ඛඔඔෑ යට හැකිවිය. එහෙත් එලෙස ශ්‍රී ලංකා හමුදාවේ බංකර් තුළට පැමිණ ප්‍රහාර එල්ල කරමින් සිටි ඛඔඔෑ සාමාජිකයන් ස්ථාන කිහිපයකදීම මරා දැමීමට බි්‍රගේඩියර් මාක් ලෙනාඞ් (542) ගේ සහ බි්‍රගේඩියර් උඩමලගලගේ (543) බලසේනාවල සෙබළුන්ට හැකි විය.


පසුබසින හමුදාවන්ට එල්ලවූ ඛඔඔෑ ප්‍රහාර අලිමංකඩ හා පලෛ අතර මාර්ගයේ 1නප පමණ දුරක් ප්‍රබල තීව්‍රතාවකින් සිදුවිය. මේ හේතුවෙන් එම ප්‍රදේශයේදී හමුදා සෙබළුන්ගේ මළ සිරුරු විශාල ප්‍රමාණයක් දැකගත හැකිවිය. විශේෂයෙන්ම ඛඔඔෑ ය මෙම ප්‍රහාර සඳහා කුඩා පරිමාණයේ බැරල් 12 ක් සහිත ඵඊඍඛ අවියක්ද යොදාගෙන තිබිණි. 2007 වසරේ නැගෙනහිර ශ්‍රී ලංකාවේ තොප්පිගල ක්‍රියාන්විතයේදී සොයාගනු ලැබුවේ එම කුඩා ඵඊඍඛ අවියයි.


මේ අතර පසුබසින හමුදාවන්ට ඛඔඔෑ ය දෙසින් එල්ල වූ ස්නයිපර් ප්‍රහාර කෙරෙහි අවධානය යොමු කිරීමේදී ඔවුන්ගේ ප්‍රබල ඉලක්කයන් බවට පත්ව තිබුණේ හමුදා සාමාජිකයන් සතුවූ යුදමය වශයෙන් වටිනා භාණ්ඩ බව පෙනේ. එවැනි භාණ්ඩ වශයෙන් එම අවස්ථාවේ ඛඔඔෑ ය සැලකූ සංනිවේදන උපකරණ, මෝටාර් විදිනයන් වැනි දෑ අත දරා සිටි පිරිස් මෙන්ම හමුදා නිලධාරීන් වශයෙන් හඳුනාගත හැකි වූ පිරිස් ද ඛඔඔෑ ස්නයිපර් ප්‍රහාරයන්ට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් විය. උදාහරණයක් වශයෙන් සුබසිංහ නමැති ලුතිනන්වරයකු, පරිහරණයේ පහසුව පිණිස තම සහායකයා අතෙහි වූ රේඩියෝ සංඥා කට්ටලය තමා අතට ගෙන විනාඩි 5 ක් පමණ සුළු කාලයක් ඇතුළත ඛඔඔෑ ස්නයිපර් ප්‍රහාරයකින් මිය ගියේය. එහෙත් ඒ අසලම සිටි ඔහුගේ සහායකයා නිරුපද්‍රිතව බේරීමට වාසනාවන්ත විය.


පසුබසින බොහෝ හමුදා සාමාජිකයින් මුහුණ පෑ විජලනය (ාැයහාර්එසදබ) හා ්‍යැ්එ ීඑරදනැ තත්ත්වය සලකා බැලීමේදී ඔවුන් සතුවූ අධිකතර වූ මානසික පීඩනයත් කායික වෙහෙසත් සමග එම අවස්ථාවේදී කිලායි කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ සාමාන්‍යයෙන් පවතින 40ක්‍X ක පමණ උෂ්ණත්වය (ප.ව. 2.00 පමණ වන විට) හමුවේ එවැනි තත්ත්වයකට පත්වීම බලාපොරොත්තු විය යුත්තක් බව පෙනේ. විශේෂයෙන්ම ඒ වන විට බොහෝ සෙබළුන් සතුව පානීය ජලය නොමැති වීමද එම තත්ත්වය තවත් තීව්‍ර කිරීමට හේතු විය.
ඒ අනුව එම තත්ත්වයට ගොදුරු වූ සමහරකු පසුබසින මාර්ගයේ ගිනියම් වූ වැලි සහිත බිමේ වැතිර මී මැස්මොරය සෑදුනකු සේ හැසිරෙනු දක්නට ලැබිණි. තවත් කෙනෙකු විකාරයෙන් දෙඩවීම ආරම්භ කළ අතර සමහරු ඛඔඔෑ ප්‍රහාරවලින් බේරීමට මෙන් ඒ මේ අත දිව ගියහ. 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles