පරාජයේ නියමුවන්ට දඬුවම්


 

 

විශාල ජීවිත ප්‍රමාණයක්, ධනයක්, හා ශ්‍රමයක් වැය කරමින් සිදු කළ ජයසිකුරු ක්‍රියාන්විතය මගින් අත් කර ගත් ප්‍රදේශ දින 2ක් ඇතුළත (1999-11-2 සිට 4 දක්වා) අතහැර දමා සියලු හමුදා වව්නියාවට පැමිණීම හෙවත් වන්නි පසුබැසීම හේතුවෙන් මෙම වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හා ඊට සහභාගි වූ සේනාංක කිහිපයක ම ඉහළ තනතුරුවල වෙනසක් සිදු විය. ඒ අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධානියා වූ මේජර් ජනරාල් වසන්ත පෙරේරා වෙනුවට මේජර් ජනරාල් නීල් ඩයස් පත් කළ අතර 55 සේනාංකයේ බි්‍රගේඩියර් කුම්බන් බොහොරාන් වෙනුවට බි්‍රගේඩියර් සීවලී වනිගසේකර ද 56 සේනාංකයේ මේජර් ජනරාල් ගාමිණී ගුණසේකර වෙනුවට බි්‍රගේඩියර් තිබ්බොටුමුනුවේ ද නව ආඥාපතිවරු ලෙස පත්වීම් ලදහ.


මේ අතර වන්නි පසු බැසීම පිළිබඳ කරුණු සෙවූ හමුදා විමර්ශන අධිකරණය 2000 වසරේ අප්‍රේල් මාසයේදී වන්නි පසුබැසීමට වග කිවයුතු බවට වැරදිකරුවන් කළ මේජර්වරුන්ගේ සිට මේජර් ජනරාල් දක්වා වූ නිලධාරීන් 7 දෙනකු අනිවාර්ය විශ්‍රාම ගැන්වූහ. එක්තරා ආකාරයකින් මෙම සිද්ධිය ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයින් තුළ නව ආකල්පමය වෙනසකට හේතු වුවත්, තවත් ආකාරයකින් එලෙස අනිවාර්ය විශ්‍රාම යැවීම ශ්‍රී ලංකාවේ යුද යථාර්ථයට අනුව ඊට ලක්වන නිලධාරීන්ට සැප පහසු ජීවිතයක් පහසුවෙන් උදා කරයි. එනම් විශ්‍රාම වැටුප ද ලැබෙන අතර යුද්ධයේ ඇති ජීවිත අවදානම ද පහව යයි. තවද අවම තරමින් පෞද්ගලික ආරක්ෂක අංශයක් ඇරඹීම හෝ එවැනි ආයතනයක නිලධාරියකු බවට පත්වී අමතර ආදායමක් ද ලබා ගත හැක.


කෙසේ වෙතත් ඛඔඔෑ යෙහි නොනවතින රැල්ල ෂෂ අදියර (මබජැ්ිසබට අ්ඩැි ෂෂ) මගින් සාර්ථක ලෙස වන්නි ප්‍රදේශය ඔවුන් සතු වීමත් සමගම ජයග්‍රාහී ඛඔඔෑ නායකත්වය ඉදිරියෙහි ප්‍රධාන විකල්ප 3ක් තිබිණ. එනම්,


1. වව්නියාව හා මන්නාරම ප්‍රදේශය අත්කර ගැනීම

2. වැලිඔය ප්‍රදේශය ලබා ගැනීම

3. උතුරට ගමන් කිරීම වශයෙනි.


ඒ අනුව ඛඔඔෑ නෙත පළමුව යොමු වූයේ වව්නියාව හා මන්නාරම ප්‍රදේශ දෙසටය. ඒ අනුව ඛඔඔෑ ය නව ජවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයට පහර දීම ආරම්භ කිරීමේ දී එම ඛඔඔෑ ප්‍රහාරයට ගොදුරු වූ 21 වැනි සේනාංකයේ මන්නාරම බළසේනා ප්‍රධානියා වූ බි්‍රගේඩියර් ශාමන් කුලතුංග තනතුරෙන් මාරු කර යැවූ අතර බි්‍රගේඩියර් හිරාන් හලංගොඩ හට එම බළසේනාව පවරන ලදී. තවද මන්නාරම ප්‍රදේශයේ ඛඔඔෑ ප්‍රහාර වැළැක්වීම සඳහා 21 වැනි සේනාංකයේ ඉතිරි බළසේනා මෙන්ම 53 වැනි සේනාංකය ද මන්නාරම ප්‍රදේශයට කැඳවූ අතර ඒ අවසරයෙන් ඛඔඔෑ ය මන්නාරම හා වව්නියාව අතර 55 වැනි සේනාංකය යටතේ පැවැති ඉරණ ඉරුප්පායි ප්‍රදේශයට 1999 වසරේ දෙසැම්බර් 18 වැනිදා දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. එහෙත් එම ඛඔඔෑ  ප්‍රහාරය මැඩ පැවැත්වීමට බි්‍රගේඩියර් සීවලී  වනිගසේකරගේ  නායකත්වයෙන් යුත් 55 සේනාංකය සමත් විය. මෙම  ඉරණ ඉරුප්පායි ඛඔඔෑ  ප්‍රහාරය යම් ආකාරයකින් සාර්ථක වූයේ නම් මන්නාරම ප්‍රදේශයේ පිහිටි හමුදාවන්ට කල්පිටිය දක්වා පසු බැසීමට සිදුවනු ඇත. අනෙක් අතට වව්නියාවේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය මැදවච්චිය දක්වා ගෙන ඒමට සිදු වන අතරම වව්නියාවේ ගුවන් තොටුපළ ද අහිමි වීමට ඉඩ තිබිණි.


මේ අනුව එම ඛඔඔෑ අරමුණු පරාජය කරමින් ඔවුන්ගේ මන්නාරම හා ඉරණ ඉරුප්පායි ප්‍රහාර අසාර්ථක වීමත් සමග ඉදිරි සති කිහිපයක් ඛඔඔෑ ය තුළින් නිශ්ශබ්දතාවක් දිස් වූ අතර හමුදා බුද්ධි අංශ නිරීක්‍ෂණයන්ට අනුව ඛඔඔෑ ය උතුරු දෙසට ගමන් කරමින් සිටියේය.


වන්නියේ දී හමුදාව අත් විඳි පරාජයට එක්සත් ජාතික පක්‍ෂයේ යම් පිරිසක් ද සම්බන්ධ බවට පාලක පොදු පෙරමුණ තුළින් චෝදනා එල්ල වන්නට විය. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ හමුදාවේ උසස් නිලධාරීන් යුද සැලසුම් ඛඔඔෑ ය අතට පත් කරන බව හා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන හා බි්‍රගේඩියර් ලකී අල්ගම එවැනි කටයුතුවලට සහභාගි වන බවටත් පොදු පෙරමුණ විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී. මේ සම්බන්ධයෙන් ජනාධිපතිනිය වරක් මෙසේ පැවසුවා ය. “වන්නි පසුබෑමට හේතුව දැන් සොයා ගෙන යනවා. එක්සත් ජාතික පක්‍ෂයට හිතවත්, හිටපු හමුදා නිලධාරියකු එම කාලය තුළ දී වන්නි ප්‍රදේශයේ සැරිසරා තිබෙනවා. මෙතැන කුමන්ත්‍රණයක් තිබෙන බව පැහැදිලියි.”


එහෙත් ඛඔඔෑ යත් සමග සබඳකම් පැවැත් වූ හමුදා නිලධාරියා ලෙස චෝදනා ලැබූ මේජර් ජනරාල් ලකී අල්ගම ඛඔඔෑ ය විසින් 1999 දෙසැම්බර් මස ජනාධිපතිනියට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට සමගාමීව ජාඇල පැවති එජාප ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකට එල්ල කරන ලද තවත් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන ලදී. බි්‍රගේඩියර් අල්ගම පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඔහු තම හමුදා ජීවිතයේ දී උග්‍ර ඛඔඔෑ විරෝධීයකු විය. සමහර විට ඔහු එසේ ඛඔඔෑ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වන්නට ඇත්තේ අනාගත එජාප රජයක් යටතේ බි්‍රගේඩියර් අල්ගම ආරක්‍ෂක නියෝජ්‍ය ඇමතිවරයා වේ යැයි ඛඔඔෑ ය තුළ වූ බිය නිසා ද වන්නට ඇත.


නොනවතින රැල්ල ෂෂ අතරතුරදී ඛඔඔෑ නායක ප්‍රභාකරන් වසර 2000 යනු ‘ශැ්ර දf ඛසඉැර්එසදබ. ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව නොනවතින රැල්ල ෂෂෂ අදියර 1999 වසරේ දෙසැම්බර් 11 වැනිදා ආරම්භ කළ අතර එය ප්‍රභාකරන් විසින් තම පූර්ණ අත්දැකීම් හා ශක්තිය යොදා සම්බන්ධීකරණය කරමින් මෙහෙයවන ලද්දක් විය. එහි මූලික අරමුණ වූයේ යාපනය අර්ධද්වීපය නැවත තමන් සතු කර ගැනීමය. එහෙත් අර්ධද්වීපයට ඇතුළුවීමට පෙර මුණ ගැසෙන අලිමංකඩ කඳවුර තමන් යටතට ගැනීම එම අවස්ථාවේ දී ඔහුට තිබුණ විශාලතම අභියෝගය වූ අතර කඳවුර සතු වූ දැවැන්ත යුදමය ශක්තිය ඊට හේතු විය. විශේෂයෙන්ම අලිමංකඩ කඳවුර ශ්‍රී ලංකා හමුදාවේ 54 වැනි සේනාංකයේ මූලස්ථානය වීමත් එම කඳවුර ආශ්‍රිතව සෙබළුන් 12,000ක් පමණ සිටීමත් මීට හේතු විය. සත්‍ය වශයෙන්ම අලිමංකඩ කඳවුරට ප්‍රහාර එල්ල වන අවස්ථාවේ එහි බළසේනා 6කට අයත් ශ්‍රී ලංකා හමුදාවේ සෙබළු 12,000 කට ආසන්න පිරිසක් සිටියහ. තවද කඳවුර සතු වූ යුද බලය සහ වෙඩි බලය පිළිබඳ විග්‍රහ කළ බොහෝ දෙනකුගේ මතය වූයේ අලිමංකඩ කඳවුර කිසිදාක සතුරාට බිඳ හෙළිය නොහැකි (ෂපචරුටබ්ඉකැ) යුද කඳවුරක් ලෙසයි. ඒ අතර තවත් අදහසක් වූයේ සමස්ත අර්ධද්වීපයේ ආරක්ෂාව රැඳී ඇත්තේ අලිමංකඩ කඳවුර මත වන අතර එම කඳවුර නොමැතිව දින කිහිපයක්වත් අර්ධද්වීපය ශ්‍රී ලංකා හමුදාවට රැක ගත නොහැකි බවය. කඳවුරේ ප්‍රබල බව නිසාම කඳවුරට එකවර ප්‍රහාර එල්ල කරනවා වෙනුවට කඳවුර සඳහා වූ සැපයුම් මාර්ගවලට ප්‍රහාර එල්ල කර අලිමංකඩ කඳවුරෙහි පැවැත්ම අස්ථාවර කිරීම ඛඔඔෑ පළමු උපාය මාර්ගය විය.


මෙම අරමුණෙන් යුතුව අර්ධද්වීපයේ සටන් ආරම්භ කළ ඛඔඔෑ ය 1999 වසරේ දෙසැම්බර් 11 වැනිදා නොනවතින රැල්ල ෂෂෂ අදියර ආරම්භ කිරීමත් සමගම අලිමංකඩ කඳවුරට 10 නප ඊසාන දිශාවට වන්නට අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළෙහි වෙත්තිලෛකර්නි ප්‍රදේශය අත්පත් කර ගැනීමට සමත් විය. ඒ සමගම අලිමංකඩ කඳවුර සඳහා වූ එකම මුහුදු සැපයුම් මාර්ගය ද වැසී ගිය අතර එතැන් සිට වෙන්තිලෛකර්නිවලට දකුණින් පිහිටි කඩෙයිකාඩු හා උතුරින් පිහිටි පුලාවේලි යන ප්‍රදේශ ද ඛඔඔෑ ය සතු විය. මේ අතර මීට සමගාමීව අලිමංකඩ කඳවුරට කිලෝමීටර 5 ක් උතුරින් පිහිටි ඉයකච්චි කඳවුර සඳහා වූ එකම සැපයුම් මාර්ගය වූයේ චාවකච්චිරියේ සිට දිවෙන ්9 මාර්ගය පමණකි.
විශේෂයෙන්ම දෙසැම්බර් 11 ප්‍රහාරය ඛඔඔෑ ය එල්ල කළ ආකාරයෙන්ම ඛඔඔෑ යේ අවශ්‍යතාව මෙන්ම උපක්‍රමික එළැඹුම පිළිබඳව ද දළ අදහසක් සපයයි. වෙන්තිලෛකර්නි ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව එළැඹි දිනවලදී ඛඔඔෑ ප්‍රහාර උත්සන්න වූයේ අලිමංකඩ දකුණු ප්‍රදේශය හෙවත් පරන්තන් දෙසිනි. 

 


ජනමාධ්‍ය ඔස්සේ යුද පුවත් වාර්තා නොවුණත් මෙම පරන්තන් ප්‍රදේශයේදී දෙපාර්ශ්වය අතර ඉතා දරුණු ගැටුම් දෙදහස වසරේ මුල් මාස කිහිපය පුරාම පැවැතිණි. කරුණාගේ භට කණ්ඩායම් එම සටන් ඛඔඔෑ දෙසින් මෙහෙය වූ අතර කර්නල් නීල් අක්මීමනගේ බළසේනාවේ භට පිරිස් ද එලෙසම සාර්ථකව ප්‍රහාර එල්ල කළත් පරන්තන් ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ල අවස්ථා කිහිපයකදීම ක්ෂණික වෙනස් කිරීම් කිහිපයකටම ලක් කිරීමට සිදු විය. කෙසේ වෙතත් ක්‍රමයෙන් අලිමංකඩට දකුණු දෙසින් වූ ඛඔඔෑ ප්‍රහාරවල අඩුවක් පෙන්නුම් කළත් ඊට සමගාමීව අලිමංකඩ උතුරින් වූ ප්‍රදේශවල ඛඔඔෑ  ක්‍රියාකාරකම් ඉහළ ගියේය. එමගින් ඛඔඔෑ යට පැහැදිලි ලෙස අවශ්‍ය වූයේ කඳවුර හුදකලා කිරීමත් අලිමංකඩ උතුරු ප්‍රදේශයේ සිටි භට පිරිස් දකුණු ප්‍රදේශයට පසු බස්වා පරන්තන් ප්‍රදේශයට එක්රැස් කරවීමත්ය.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.



Recommended Articles