උතුරු යුද බිමේ හමුදා නායකයන්ගේ සීතල සටන්


උතුරු යුද බිමේ හමුදා නායකයන්ගේ සීතල සටන්

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙතැන් සිට ඔබ ඉදිරිපිට දිග හරිමු.‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

දිනෙන් දිනම අලිමංකඩ කඳවුර ආශ්‍රිත අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ඛඔඔෑ ක්‍රියාකාරකම් ඉහළයාමත් සමගම ජනාධිපතිනිය අප්‍රේල් මස පළමුවැනිදා ආරක්ෂක මණ්ඩලය කැඳවා එහි ප්‍රධානීන්ගෙන් ඊට කරුණු විමසූ අතර මාර්තු 26 වැනිදාට යොදා තිබූ මෙහෙයුම කල් දැමීමත් එදිනම ඛඔඔෑ ය ප්‍රහාර එල්ල කිරීමත් පිළිබඳ හේතු විමසා සිටීමට ද අමතක නොකළාය. එහිදී අලිමංකඩ කඳවුරට එල්ල වී ඇති තර්ජනය නිමවන තුරු හමුදාවේ ඉහළ නිලධාරීන් අනිවාර්යයෙන්ම යාපනයේ රැඳී සිටිය යුතු බවට ඇය නියෝග කළාය. එළඹෙන අලුත් අවුරුදු සමයේ හමුදා නිලධාරීන් හා සෙබළුන් පුරුද්දක් වශයෙන් නිවාඩු ලබා අර්ධද්වීපයෙන් බැහැරව තම ගම් බිම් කරා පැමිණීම වළක්වා ගැනීම සඳහා ඇය මෙම නියෝගය කල් ඇතිව ම පැනවූවාය. එම සාකච්ඡාවෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරුද යාපනයට ගිය අතර එහි දී ඉදිරි යුද කටයුතු පිළිබඳ ඔවුහු සොයා බැලූහ.
අලිමංකඩ කඳවුර ඛඔඔෑ ය සතුවීම හා ඉන් අනතුරුව අර්ධද්වීපයේ උද්ගත වූ තීරණාත්මක තත්ත්වය පිළිබඳ විමර්ශනය කළ බොහෝ විද්වතුන්ගේ අදහස් වූයේ මෙම සියලු තත්ත්වයන්ට, කලක පටන් අර්ධද්වීපයේ ඇතිවෙමින් පැවති යුදමය වාතාවරණයට සරිලන හමුදා නායකත්වයක් නොලැබීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.


වන්නි පසුබෑම සිදුවන අවස්ථාව වන විට යාපනය ආරක්ෂක සේනා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ලද්දේ මේජර් ජනරාල් ලොහාන් ගුණවර්ධන වූ අතර 1999 අප්‍රේල් 12 වැනිදා සිට එම වසරේ නොවැම්බර් 10 වැනිදා දක්වා ඔහු එම තනතුරේ කටයුතු කළේය. ඒ වන විට අලිමංකඩ කඳවුර පදනම් කොටගත් 54 වැනි සේනාංකයේ ප්‍රධානියා ලෙස බි්‍රගේඩියර් සරත් මුණසිංහ ද තෙන්නමරච්චි හා වඩමාරච්චි කොට්ඨාසයේ ස්ථානගතව සිටි 52 සේනාංකයේ ආඥාපතිවරයා ලෙස බි්‍රගේඩියර් පාරමී කුලතුංග හා වලිකාමම් කොට්ඨාසයේ 51 වැනි සේනාංකයේ ප්‍රධානියා ලෙස මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි ද කටයුතු කළහ.


මේ අතර යාපනය ආරක්ෂක සේනා ප්‍රධානී මේජර් ජනරාල් ලොහාන් ගුණවර්ධන හා 54 වැනි සේනාංක ප්‍රධානි බි්‍රගේඩියර් සරත් මුණසිංහ අතර බල අරගලයක් උද්ගත වී තිබිණි. එම බල අරගලයෙන් පහසු ජයක් බි්‍රගේඩියර් සරත් මුණසිංහට හිමිවිය. මන්දයත් ඒ වන විට හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන් ජනාධිපතිනියගේ සිත දිනාගැනීමට ඔහු සමත් වී සිටි බැවිනි. ඒ අනුව මේජර් ජනරාල් ගුණවර්ධන නොවැම්බර් 10 වැනිදා එම තනතුරෙන් මාරු කර යැවූ අතර ඉන් ඇති වූ පුරප්පාඩුව සඳහා බි්‍රගේඩියර් සරත් මුණසිංහ පත්වීම් ලැබුවේය. ඔහු 1999 වසරේ දෙසැම්බර් 23 දක්වා එම තනතුරේ කටයුතු කළේය.


බි්‍රගේඩියර් සරත් මුණසිංහ යාපනය ආරක්ෂක සේනා ප්‍රධානියා වශයෙන් කටයුතු කරන අතරතුර ඛඔඔෑ ය වෙතින් අනාගතයේදී එල්ල විය හැකි තර්ජනය ඔහුට ඉවෙන් මෙන් දැනී තිබුණා වැනිය. ඒ අනුව විශ්‍රාම යාමට මාස තුනක් ඉතිරිව තිබියදීම විශ්‍රාමයට පෙර ලබා ගත හැකි නිවාඩු ලබා 1999 දෙසැම්බර් මස 23 වැනි දින යාපනය ආරක්ෂක සේනා ප්‍රධානී තනතුරෙන් ඔහු නිදහස් විය. එමගින් බි්‍රගේඩියර් මුණසිංහ ඒ වන විට තමන් වෙත සමාජයෙන් හිමිව තිබූ කීර්තිය හා ජනප්‍රියතාව ඒ ආකාරයෙන්ම රැක ගැනීමට වාසනාවන්ත විය.


දෙසැම්බර් 23 වැනිදා එලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරෙන් නිදහස් වූ බි්‍රගේඩියර් සරත් මුණසිංහගේ තනතුර සඳහා පත් කරනු ලැබුවේ මේජර් ජනරාල් නිහාල් ජයකොඩිය. කලක පටන් හදවත් රෝගයකින් පෙළෙමින් සිටි මේජර් ජනරාල් ජයකොඩි, ජනවාරි මස අවසන් සතියේ දී යාපනය ආරක්ෂක සේනා ප්‍රධානියා වශයෙන් ඛඔඔෑ තර්ජනයට මුහුණ පා තිබූ ඉයකච්චි කඳවුර වෙත ගොස් සිටි අතර ඔහු එහි සිටියදීම එල්ල වූ ඛඔඔෑ ප්‍රහාරයන් හමුවේ ඔහුගේ රෝගී තත්ත්වය නැවත ඉස්මතු විය. කෙසේ වෙතත් ඔහු නැවතත් පලාලි හි තම මූලස්ථානයට පැමිණි අතර පසු දින එනම් 2000 වසරේ ජනවාරි 26 වැනිදා තම කාර්යාලයේ පුටුව මත හිඳ සිටියදී ම හෘදයාබාධයකින් මියගියේය. මේජර් ජනරාල් නිහාල් ජයකොඩි සුප්‍රකට ගායක භාතිය ජයකොඩිගේ පියා ය.


මේජර් ජනරාල් ජයකොඩිගේ අභාවයෙන් පසුව එම තනතුරට පත්කරන ලද්දේ මේජර් ජනරාල් චූලා සෙනෙවිරත්න ය. එහෙත් අලිමංකඩ කඳවුරේ පැවැත්ම හා අර්ධද්වීපයේ හමුදාවන්ට එල්ල වූ ඛඔඔෑ තර්ජනවල තීව්‍රතාව වැඩිවත්ම මේජර් ජනරාල් සෙනෙවිරත්න හෙබවූ යාපනය ආරක්ෂක සේනා ආඥාපති තනතුරට සහායවෙමින් කටයුතු කළමනාකරණය කිරීමේ අරමුණින් යාපනය ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති තනතුරක්  :ධඩැර්ක ධචැර්එසදබ්ක ක්‍දපප්බාැර* නිර්මාණය කර ඒ සඳහා මේජර් ජනරාල් ලයනල් බලගල්ල පත් කරන ලදී.


එහෙත් අලිමංකඩ කඳවුරෙහි පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාව ස්ථිරවත්ම ගැටලු සහගත තත්ත්වයකට පත් හමුදාවේ හා රජයේ ඉහළ නායකත්වයේ අවසන් විකල්පය වූයේ මේජර් ජනරාල් ජානක පෙරේරා හා මේජර් ජනරාල් සරත් ෆොන්සේකා ය. ඒ අනුව මේ වන විට විදේශගතව සිටි ජනාධිපතිනියගේද අනුකූලතාව මත 2000 වසරේ අප්‍රේල් 18 වැනිදා ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති උතුරු පළාත වශයෙන් මේජර් ජනරාල් ජානක පෙරේරා පත් කරන ලද අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් මේජර් ජනරාල් සරත් ෆොන්සේකා වැඩ භාරගන්නා ලදී.


පලාලි හි පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ තනතුරු සඳහා මෙවන් වෙනස්කම් සිදුවෙද්දී ජනවාරියේ සිට අර්ධද්වීපයේ රැඳී සිටි යුද්ධය සඳහාම විශේෂිත වූ 53 වැනි සේනාංකයේ නායකත්වය දිගින්දිගටම පෙන්නුම් කළ දුර්වල නායකත්වය හේතුවෙන් අප්‍රේල් මස 7 වැනිදා එම සේනාංකයේ ප්‍රධානී බි්‍රගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි මාරු කර යවන ලද අතර එම තනතුර සඳහා නව පත්වීම ලද්දේ මේජර් ජනරාල් සිසිර විජේසූරියයි. මේජර් ජනරාල් විජේසූරිය 53 වැනි සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කරන ලද්දේ අප්‍රේල් 8 - 14 යන දින හය තුළ පමණක් වූ අතර හදිසියේම රෝගී තත්ත්වයක් වාර්තා කරමින් ඔහු ද ලෙඩ නිවාඩු ලබාගත්තේය. මේ අනුව 53 වැනි සේනාංකය භාරදීමට සුදුස්සෙකු සොයමින් සිටි කොළඹ යුද හමුදා නායකත්වය අවසානයේ 55 වැනි සේනාංකාධිපති බි්‍රගේඩියර් සීවලි වනිගසේකර හට ඔහුගේ එම සේනාංකයට අමතරව 53 සේනාංකය ද පවරන ලදී. ඒ අනුව මැයි මස 12 වැනිදා මේජර් ජනරාල් සුනිල් තෙන්නකෝන් 55 වැනි සේනාංකය භාරගන්නා තුරුම වනිගසේකර 53 හා 55 යන සේනාංක දෙකටම නායකත්වය දුන්නේය. මේ අතර වලිකාමම් කොට්ඨාසයේ සිටි 51 වැනි සේනාංකාධිපති මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි වෙනුවට බි්‍රගේඩියර් ගාමිණී ජයසුන්දර පත්කරන ලද අතර තෙන්නමරච්චි කොට්ඨාසයේ 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජනරාල් පාරමී කුලතුංග ඒ ආකාරයෙන්ම කටයුතු කළේය.


මේ ආකාරයට එක් පසෙකින් යාපනය හමුදා නායකයින් හා අදාළ සේනාංකාධිපතිවරුන් අර්බුද රැසකට මුහුණ පා සිටිය දී අනෙක් පසින් ඛඔඔෑ ය ශ්‍රී ලංකා හමුදාව සතු විශාලතම යුද කඳවුරක් මෙන්ම උපක්‍රමික වශයෙන් වැදගත්ම ස්ථානයක පිහිටි අලිමංකඩ කඳවුර තමන් සතුකර ගනිමින් යාපනය අර්ධද්වීපය නැවත අල්ලා ගැනීමේ ගමන් මගෙහි තීරණාත්මක සංධිස්ථානයකට සාර්ථක ලෙස අවතීර්ණ විය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.

 

 



Recommended Articles