අලිමංකඩ සෙබළුන්ගේ මරණයේ මොහොත


යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්
16 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

ජනප්‍රිය පොදු ව්‍යවහාරයේ අලිමංකඩ කඳවුර යනුවෙන් සඳහන් වුවත් අලිමංකඩ වැනිම වැදගත් උපක්‍රමික භූ පිහිටීමක පිහිටි අයියකච්චි මංසන්ධිය සමස්ත ප්‍රදේශයේම හමුදාවන්ගේ පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක ස්ථානයකි. විශේෂයෙන් අලිමංකඩ ප්‍රදේශයේ ක්‍රියාන්විතයේ යෙදී සිටි සියලුම හමුදා සාමාජිකයන් සඳහා අවශ්‍ය පානීය ජලය සැපයූ ළිං පිහිටා තිබුණේ ද A9 මාර්ගයේ ප්‍රධානම සංධිස්ථානය වන අයියකච්චි මංසන්ධිය අසලය. එහිදී අලිමංකඩ කඳවුර අස්ථාවර කිරීමේ LTTE සැලැස්මේ වැදගත්ම ස්ථානයක් අයියකච්චිහි ජල ළිං වෙත හිමිව තිබූ බව පැහැදිලිය. එම නිසාම කලක පටන්ම LTTE නෙත මෙම ළිං වෙත යොමුව තිබූ අතර අයියකච්චියට එල්ල වූ සියලුම ප්‍රහාරවල කේන්ද්‍රීය අවශ්‍යතාව වූයේ මෙම ළිං තුනයි. අප්‍රේල් පළමුවැනිදා එල්ල කළ දැවැන්ත ප්‍රහාරයේදී ඛඔඔෑ ය පූර්ණ වශයෙන් අසාර්ථක වුවත් එහි පිහිටි ළිං තුනෙන් එකක් ඔවුන් සතු වන්නේ මෙවන් සන්දර්භයකය. 


ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ දශක ගණනාවක් පුරාම ක්‍රමිකව ගොඩනැගුණු සුවිශාල අලිමංකඩ හමුදා සංකීර්ණය සතු ගොඩනැගිලි, වාහන, සෙබළුන් දහස් ගණනක් සතු පෞද්ගලික බඩු බාහිරාදිය, විනාශ කර දැමූ යුද අවි වැනි වූ සමස්තය අතහැර දමා ඉදිරියට විස්තර කෙරෙන ආකාරයට සැඩ හිරු සහිත මධ්‍යහ්නයේ LTTE ප්‍රහාර මධ්‍යයේ ශ්‍රී ලංකා හමුදාවේ සෙබළු පරාජිත මානසිකත්වයෙන් පසුබැස යාම සාධාරණීකරණය කිරීමට ලොවට පිළිගත හැකි හේතුවක් සොයමින් සිටි හමුදා නායකයන්ටත්, චන්ද්‍රිකා රජයටත් අවස්ථාවට අනුව තිබූ සාර්ථකම සමාවට කරුණු වූයේ අයියකච්චියේ ජල ළිං LTTE ය සතුවීම හේතුවෙන් ශ්‍රී ලංකා හමුදාව අලිමංකඩ අතහැරීමට තීරණය කළේය යන්නය. ඒ සමගම මධ්‍යහ්නයේදී හමුදා සෙබළු විජලනයට පත්වූ පුවත ඇසූ සාමාන්‍ය ජනතාව එම තත්ත්වය තේරුම් ගත්තේ සෙබළුන්ට අවශ්‍ය පානීය ජලය කඳවුර තුළ නොතිබූ ස්වරූපයකි. සැබැවින්ම සිදු වූ සියල්ල අතර අයියකච්චියේ ජල ළිං ආශ්‍රිතව ලෝකයට දුන් චිත්‍රය මිථ්‍යාවකි. මන්දයත් 22 වැනිදා පෙරවරුවේ ඒ ඒ රෙජිමේන්තුවල සෙබළුන්ට කඳවුරු අතහැර පසුබැසීමේ නියෝග ලැබෙන විටත් අයියකච්චි ප්‍රදේශයේ දෙපාර්ශ්වය අතර ගැටුම් සිදුවෙමින් පැවතිණි. එහිදී අයියකච්චියේ ළිං දෙකක් තවදුරටත් ශ්‍රී ලංකා හමුදාව භාරයේ පැවතිණි. එහෙත් එම ස්ථානයට ඛඔඔෑ ය නිරතුරුවම පුනරින්හි සිට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටි අතර ජලය පොම්ප කිරීමට යොදා තිබූ නළ පද්ධතිය ද හානියට පත්ව තිබිණි. මේ අනුව ට්‍රැක්ටර්, බවුසර්වලට ළිඳ ආසන්නයට යාමට ආරක්ෂාව සපයාදීමට ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නියුතු භට කණ්ඩායම්වලට හැකියාව තිබුණ ද නිතර එල්ලවන කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් කිසිවකු එම ස්ථානයට ළඟා වූයේ නැත. නමුත් වැදගත් කරුණ නම් LTTE සාමාජිකයින්ද එම ස්ථානයට ළඟා නොවී සිටීමය. 
ජල ළිංවල තත්ත්වය එලෙස තීරණාත්මක වුවත් අයියකච්චි ප්‍රදේශය LTTE ය සතුව පැවති 1995 රිවිරැස මෙහෙයුමට පෙර ද අලිමංකඩ කඳවුර ශ්‍රී ලංකා හමුදාව සතුව පැවති බව නොරහසකි. එසේ නම් අයියකච්චියේ පානීය ජලය නොමැතිව පවා එම ප්‍රදේශයේ සෙබළුන්ට ජීවත් විය හැක. සාමාන්‍යයෙන් අලිමංකඩ ප්‍රදේශයේ වළක් හාරා පතුල ඉවත් කළ බැරලයක් බස්සවා පතුලේ ඇති ජලය උපයෝගී කර ගනිමින් සෙබළුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ සම්ප්‍රදායක් අලිමංකඩ සතුව පැවතිණි. එලෙස බැරලයක් ඔබ්බවන්නේ වැලි සහිත පස කැපූ කුඩා වළ තුළට කඩා වැටෙන නිසාවෙනි. ඒ අනුව රිවිරැසට පෙර යුගයේදී කඳවුරේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා ලද්දේ එලෙස කඳවුර තුළින්ම ලබාගත් ජලය මගිනි. 


22 වැනිදා පෙරවරුවේ කඳවුර තුළින් ඉවත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙද්දී පැවැත්වූ බළසේනා ප්‍රධානීන්ගේ රැස්වීම වනවිටත් සමහර නිලධාරීන් තුළින් දිස්වූයේ කනස්සලු සහගත මළානික ස්වරූපයකි. තමන් නායකත්වය ලබාදුන් බළසේනාවන්ගෙන් යුත් සමස්ත සේනාංකයම සියලු අවි ආයුධ විනාශ කර දමා දශක ගණනාවක් පුරා ගොඩ නැගූ ශ්‍රී ලංකාවේ විශාලතම යුද කඳවුරක් හා උපක්‍රමික වශයෙන් වැදගත්ම කඳවුරක් එසේ අතහැර දමා ඉවත්ව යාමට සිදුවීම තුළ මෙවැනි බිඳුණු මානසික තත්ත්වයක් ඇති වන්නට ඇත. (ඵැක්බජයදකස්). කෙසේ වෙතත් කඳවුර අතහැර යාමට පෙර කඳවුර තුළ වූ විනාශ කළ හැකි සහ විනාශ කළ යුතු අවි ආයුධ හා වෙනත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශ කර දැමූ අතර පලෛ දක්වා රැගෙන නොගිය 152පප අවි 3ක් හා 122පප අවි 3ක් පෙරවරු 10.00 පමණ වනවිට පුපුරණ ද්‍රව්‍ය දමා විනාශ කරන ලදී. එහෙත් පසුව LTTE ය ප්‍රකාශ කර සිටියේ මෙම කාලතුවක්කු නිරුපද්‍රිතව තමන් භාරයේ පවතින බවයි. 


කඳවුරට එල්ල වන ප්‍රහාර තීව්‍ර වත්ම, අප්‍රේල් 18 වැනිදා වනවිටත් 54 සේනාංකයේ බළසේනා ප්‍රධානියකු තම සේනාංක ප්‍රධානියා වූ බි්‍රගේඩියර් එගොඩවෙල පණිවුඩ හුවමාරු පද්ධතියෙන් ලබාදුන් නියෝගයක් ක්‍රියාවට නැංවූයේ, ඔහු අසල සිටි තම සහායකයකුට කථා කොට “ඇහුණනෙ ක්‍දපප්බාැර කියපු  දේ. ඒක බලල මොකක් හරි කරන්න” යනුවෙනි. සත්‍ය වශයෙන්ම එම අවස්ථාව වනවිටත් තම උසස් නිලධාරීන් තමන් වෙත ලබාදුන් නියෝගයක් තමාගේ නියෝගයක් වශයෙන් තම බළසේනාව තුළ ක්‍රියාත්මක කිරීමට තරම් මානසික ශක්තියක් එම බළසේනා ප්‍රධානියාට නොවුණි. 


මේ ආකාරයට චිත්ත ධෛර්යයෙන් පිරිහුණු නිලධාරීන් සමහරෙකු හා සෙබළුන් දහස් සංඛ්‍යාවක් සමග තමා නායකත්වය ලබා දුන් සමස්ත සේනාංකයම තම මූලස්ථානය ද අතහැර දමා LTTE ප්‍රහාර මධ්‍යයේ පසුබැස යාම සම්බන්ධයෙන් සාමාන්‍ය හමුදා පටිපාටියට අනුව බි්‍රගේඩියර් එගොඩවෙල වෙත චෝදනා එල්ලවීම බලාපොරොත්තු විය හැකි තත්ත්වයකි. 


කෙසේ වෙතත් LTTE ය විසින් කඳවුර වෙත ඇති සියලු සැපයුම් මාර්ග විසන්ධි කර සෙබළුන්ගේ චිත්ත ධෛර්යය උපරිම මට්ටමින් හීන කර හුදකලා කර තිබූ තත්ත්වයක් තුළ 54 වැනි සේනාංකයේ සමස්ත සාමාජිකයන් සමග වෙනත් බළසේනා හා බළඇණිවලට අයත් සෙබළු 12,000ක පිරිසක් සමග ශ්‍රී ලංකාවේ විශාලතම හමුදා කඳවුරක් එසේ අතහැර දැමීම පිළිබඳ කුමන ආකාර පශ්චාත් විග්‍රහ සැපයීමට හැකි වුවත් එම තීරණාත්මක අවස්ථාවේදී අලිමංකඩ කඳවුර සමග හමුදාවේ 12,000 දෙනා මුහුණපා සිටි ජීවිත අවදානම ද අවතක්සේරු නොකළ යුතුය.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.

 


Recommended Articles