අලිමංකඩට කොටි ප්‍රහාර


 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස්මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.
‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

අප්‍රේල් 20 වැනිදා වන විට අලිමංකඩ කඳවුර සඳහා වූ සියලු ම සැපයුම් මාර්ග ඛඔඔෑ ය අතට පත් වෙමින් තිබිණි. නමුත් අලිමංකඩට උතුරින් වූ අයියකච්චි ආරක්ෂක වළල්ල ආශ්‍රිත සෙබළු තවදුරටත් ඛඔඔෑ ය සමඟ සාර්ථක ලෙස සටන් කරමින් සිටියහ. එහෙත් 18 වැනිදා එල්ලවූ ඛඔඔෑ ප්‍රහාරයෙන් සොරන්පත්තු ආශ්‍රිත ඉදිරි ආරක්ෂක වළල්ල කැඩී යාමත් සමගම 541 බළසේනාවට අයත් සමහර බළ ඇණි විසංවිධාන වී තිබිණි. විශේෂයෙන්ම අයියකච්චි හමුදා කඳවුර අලිමංකඩ කඳවුරේ ආරක්ෂාව සහ පැවැත්ම පිළිබඳ උපක්‍රමික වශයෙන් වැදගත්කම කාර්යභාරයක් ඉටු කළ පරිවාරක කඳවුරක් වූ අතර එම ප්‍රදේශයේ කුඩා පරිමාණයේ කඳවුරු ගණනාවක් ද ස්ථානගත කර තිබුණි. 


අලිමංකඩ කඳවුර ප්‍රදේශයේ ඇති ජලය කිවුල් ස්වභාවයෙන් යුක්ත වූ නිසා ම එම ජලය බීමට එතරම් සුදුසු තත්ත්වයක නොපැවතිණි. එම හේතුවෙන් අලිමංකට උතුරින් වූ ඉයකච්චි ප්‍රදේශයේ සිට අලිමංකඩ කඳවුරට අවශ්‍ය පානීය ජලය ලබාගන්නා ලදී. මේ නිසා ඛඔඔෑ යෙහි පූර්ව උපක්‍රමයක් වශයෙන් අලිමංකඩ කඳවුරට ප්‍රහාර එල්ල කිරීමටත් පෙර සිට ම ඉයකච්චි හි පිහිටි, අලිංමකඩ කඳවුරට ජලය සැපයූ ළිං තුනකට ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර හේතුවෙන් ආරම්භයේ දී ම එක් ළිඳක් ඛඔඔෑ ය සතු වුවත් අනෙක් ළිං දෙක මගින් කඳවුරට අවශ්‍ය ජලය සපයා ගැනීමට හැකි විය. 


එහෙත් කඳවුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සාධාරණීකරණය කිරීමේ පහසුව පිණිස රජයේ දේශපාලන අධිකාරිය මෙන්ම හමුදා නායකත්වය ද පුන පුරා ප්‍රකාශ කර සිටියේ කඳවුරට ජලය සැපයූ ළිං දෙක ඛඔඔෑ ය සතුවීම හේතුවෙන් මෙලෙස අවසානයේ කඳවුර අතහැර දැමීමට තීරණය කළ බවය. එහෙත් සත්‍ය වශයෙන් 22 හමුදා භාරයේ පසු බසින තෙක්ම අදාළ ජල ළිං දෙක අයියකච්චි හා හමුදා භාරයේ පැවතිණි. තවද පානීය අවශ්‍යතා සඳහා නොසුදුසු වුවත් වෙනත් කටයුතු සඳහා භාවිත කළ හැකි පරිදි වැලි සහිත බිමේ කුඩා වළවල් හාරා ඊට පතුල ඉවත් කළ බැරලයක් දමා ජලය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ද සෙබළු අතර ප්‍රචලිතව තිබිණි. 


ඉයච්චි කඳවුර 54 වැනි සේනාංකයේ තවත් එක් හමුදා කඳවුරක් වූ අතර 541 බළසේනාව ස්ථාන ගත වී සිටි එම කඳවුර ප්‍රදේශයේ ස්ථාන කීපයක්ම ඛඔඔෑ ය අතට පත්වූ අතර අලිමංකඩට උතුරින් අයියකච්චි ප්‍රදේශයේම ස්ථානගත කර තිබූ 542 බළසේනාවටද දැඩි ප්‍රහාරයක් එල්ල විය. ඒ සමග ම ක්‍රියාත්මක වූ කර්නල් භානුගේ නායකත්වයෙන් යුත් ඛඔඔෑ ආටිලරි බළකාය ක්ෂණික හා දැඩි ප්‍රහාරයක් අලිමංකඩ ප්‍රධාන හමුදා සංකීර්ණය දෙසට එල්ල කළේය. එහි දී ඛඔඔෑ පළමු ඉලක්කය වූයේ කඳවුර සතු සන්නිවේදන කුලුන ය. ඛඔඔෑ ආටිලරි ප්‍රහාර හමුවේ අලිමංකඩ සන්නිවේදන කුලුන බිඳ වැටීම හේතුවෙන් එතැන් පටන් යාපනය නගරය සහ ප්‍රධාන ගොඩබිම අතර ක්‍රියාකාරී වූයේ මන්නාරම සන්නිවේදන කුලුන හා සම්බන්ධව පැවති සීමිත දුරකථන සංඛ්‍යාව පමණි. සන්නිවේදන කුලුනට ප්‍රහාර එල්ලවීමත් සමගම අර්ධද්වීපයෙන් හුදකලා වූ අලිමංකඩ කඳවුරට එල්ල කරන ප්‍රහාරවල ත්‍රීව්‍රතාව දැඩිවිය. ඒ අනුව ශ්‍රී ලංකා හමුදාව සතු වූ දෙවැනි විශාලතම හමුදා සංකීර්ණයෙහි පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාව ප්‍රබලව ස්ථීර වන්නට විය. 
සිය සාම්ප්‍රදායික ප්‍රහාරක උපක්‍රම ප්‍රථම වරට වෙනස් කර තිබූ මෙම ප්‍රහාරයේ දී ඛඔඔෑ ය නව මාදිලියක ප්‍රහාරයක් දියත් කර තිබිණි. මීට පෙර 1991 දී මෙම කඳවුරට එල්ල කළ අසාර්ථක ප්‍රහාරයේ දී මෙන් ම ඛඔඔෑ ය සාර්ථක ඵල නෙළා ගත් වෙනත් ප්‍රහාරවල දී (පුනරීන්, මුලතිව්, වන්නි) ඔවුන් අනුගමනය කරනු ලැබූ ප්‍රසිද්ධ ක්‍රමවේදය වූයේ කඳවුර වටකොට ප්‍රබල ප්‍රහාර එල්ල කරන අතරතුර තවදුරටත් සියදිවි නසා ගැනීමේ ප්‍රහාරක කණ්ඩායම් යොදවා ශ්‍රී ලංකා හමුදාව මංමුලා වන සේ ප්‍රහාර තීව්‍ර කිරීම යි. එහෙත් මේ ප්‍රහාරයේ දී ඛඔඔෑ ය පෙර පරිදි පළමු ව අලිමංකඩ කඳවුර සම්පූර්ණයෙන් ම වැටලූයේ නැත. තව ද එකඳු සියදිවි නසා ගැනීමේ ප්‍රහාරයක් හෝ එල්ල නොකළේ ය. ඒ අනුව කඳවුර ආශ්‍රිත සියලු සැපයුම් මාර්ගවලට උපක්‍රමික වශයෙන් දැඩි ප්‍රහාර එල්ල කළ අතර, එම සැපයුම් මාර්ග තම අණසකට යටත් කර ගැනීමෙන් පසුව හුදකලා වූ කඳවුරට උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානවල සිට :නැහ එැරර්සබ* ස්ථාන ගත වී ආටිලරි හා රොකට් වෙඩි ප්‍රහාර තීව්‍ර ලෙස එල්ල කෙරිණ. මේ අනුව ආරම්භයේ දී කඳවුරේ මායිම අසලටවත් ළඟා නොවූ ඛඔඔෑ යට සැපයුම් මාර්ග වසා දැමීම තුළ ම අලිමංකඩ කඳවුර තුළ සිටි සෙබළුන්ගේ චිත්ත ධෛර්යය බිඳ දැමීමට හැකි විය. නැතහොත් ඛඔඔෑ ය මෙවර අලිමංකඩ කඳවුරට එල්ල කළ සමස්ත ප්‍රහාරයේ උපක්‍රමික අංශය සාරාංශ ගත කළ විට, 


I) බාල්රාජිගේ නායකත්වයෙන් යුත් චාල්ස් ඇන්තනි බළකායේ භට පිරිස් කඳවුරට ඇති සියලු සැපයුම් මාර්ග විසන්ධි කළ යුතු ය. 


II) එම පළමු පියවරට සමගාමීව කරුණාගේ භට පිරිස් පරන්තන් දෙසින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ යුතු ය. 


III) ඒ වනවිටත් අර්ධද්වීපයේ තැනින් තැනට එල්ල කරමින් සිටි ඛඔඔෑ ප්‍රහාරවල තීව්‍රතාව තවත් වැඩි කළ යුතු අතර එමගින් අර්ධද්වීපය තුළ සටනේ නියුක්ත හමුදාවන්ගේ පූර්ණ අවධානය ඒ වෙත ම තබා ගත යුතු ය. 


සමස්ත වශයෙන් ගත් කල කර්නල් බාල්රාජ්ගෙ නායකත්වයෙන් යුත් චාර්ල්ස් ඇන්තනී බළකායත් කර්නල් භානුගේ නායකත්වයෙන් යුත් කාලතුවක්කු හා සන්නද්ධ රථ බළකායන් දෙකක් සෝදියා හා මාලතී යන කොටි කාන්තා බළකායන් දෙකත් කඳවුරට එල්ල කළ ප්‍රහාරවලදී ඉදිරියෙන් සිටියේය. එහිදී චාර්ල්ස් ඇන්තනී බළකාය කණ්ඩායම් දෙකක් වශයෙන් බෙදී කඳවුරට ප්‍රහාර එල්ල කළ අතර සෝදියා හා මාලතී කාන්තා බළකායන් දෙක මීටර් 75 ක් පමණ වූ දුරකින් සිට ශ්‍රී ලංකා හමුදාවත් සමග මුහුණට මුහුණලා සටන් කළේය. 
සාමාන්‍යයෙන් හමුදා කඳවුරක පැවැත්ම හා ආරක්ෂාව තහවුරු වීම සඳහා එම කඳවුරට ඇති සැපයුම් මාර්ග සමග උපක්‍රමික වශයෙන් වැදගත් කඳවුරට පර්යන්තයේ වූ භූමි ප්‍රදේශ හෙවත් ‘මර්වස්ථාන’ :නැහ එැරර්සබ* ඉතා තීරණාත්මකය. යම් කිසි කඳවුරක් සතු මෙම මර්මස්ථාන සතුරා අතට පත් වූ කළ අදාළ කඳවුරේ අනාගත පැවැත්ම අවිනිශ්චිතතාවට පත්වන අතර එතැන් සිට ඕනෑම මොහොතක එම කඳවුර පහසුවෙන් සතුරා අතට පත්වීමේ පූර්ණ අවදානමක් ද ඇත. මෙම මූලික යුද ප්‍රහාර උපක්‍රම අලිමංකඩ කඳවුර සමග ගැළපූ කල ඛඔඔෑ නෙත එම කඳවුරෙහි සැපයුම් මාර්ගය වෙත මූලිකව යොමු වූ අතරම අලිමංකඩ කඳවුර ආශ්‍රිතව පිහිටි උපක්‍රමික වශයෙන් වැදගත් භූමි යථාර්ථයන් වෙතට ද නිබඳව ප්‍රහාර එල්ල විය. ආරම්භයේ දී ඛඔඔෑ ය එවැනි වැදගත් භූමි පිහිටීමක් නැගෙනහිර වෙරළ ආශ්‍රිත වෙත්තිලෛකර්නි හි මුල්ලියන් කෝවිල ප්‍රදේශය අත්පත් කර ගැනීමටත් සමගම අලිමංකඩ කඳවුරෙහි අනාගතය ක්‍රමයෙන් අවිනිශ්චිතතාවට පත් වන්නට විය. 


අලිමංකඩ කඳවුර මුහුණ පා සිටි අවස්ථාව නිසාම මේ වන විට යාපනය ආරක්ෂික සේනා මූලස්ථානයේ සිටි හමුදාපති ශ්‍රී ලාල් වීරසූරිය 21 වැනිදා සවස කොළඹට පැමිණියේ අලිමංකඩ කඳවුරේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත එදින සවස පැවති ආරක්ෂක මණ්ඩල රැස්විමට සහභාගී වීම පිණිසය. ඒ අනුව හමුදාපතිවරයා විසින් ආරක්ෂක මණ්ඩලයට විකල්ප 3 ක් ඉදිරිපත් කරන ලදී. ඒවා නම්, 


1) අලිමංකඩ කඳවුරේ සෙබළුන්ගේ ආරක්ෂාව සහතික වන පරිදි ගුවන් ප්‍රහාර වේගවත් කිරීම 
2) රජය ඛඔඔෑ ය සමග සටන් විරාමයකට යාම 
3) අලිමංකඩින් හමුදාව ඉවත් කිරීම


විශේෂයෙන්ම මෙම අවස්ථාව වන විට ගුවන් හමුදාවේ ප්‍රහාරක හැකියාව ඉතාමත් දුර්වල තත්ත්වයකට පත්ව තිබුණු අතර ඊට මාස කිහිපයකට පෙට රත්වත්ත ඇමතිවරයා නව න-සෙරු යානා මිලට ගැනීමට රජය වෙත ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වී තිබිණ. ඒ සමගම එම අවස්ථාවේදී ඛඔඔෑ යත් සමග සටන් විරාමයකට යාමට රජය කිසිදු ආකාරයකින් ඉඩක් නොතිබිණි. ඒ අනුව ඉතිරිව තිබුණ එකම විකල්පය වූයේ අලිමංකඩින් හමුදාව ඉවත් කිරීම පමණි.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.

 


Recommended Articles