ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරයේ ශබ්ද පූජා පිංකමක්

සිරිපා වන්දනාවාරය ආරම්භ කිරීමේ සධාතුක කරඩු සහ දේවාභරණ වැඩම කරවීමේ පෙරහරේද වෙනසක් සිදුව තිබේ. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සුමන සමන් දේවප්‍රතිමා සහ දේවාභරණ මෙවර සිට මාර්ග හතරක් ඔස්සේ සිරිපා මලූවට වැඩම කරවීමට ශ්‍රීපාදස්ථානාධිපති ඛෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ අනුමැතිය දුන්හ.

මුලින් හැටන් මාර්ගය ඔස්සේ වැඩම කළ පූජාභාණ්ඩ 2013 වර්ෂයේ දී රත්නපුර පලාබද්දල මාර්ගය සහ බළන්ගොඩ මාර්ගය ඔස්සේ ද වැඩම කරවීම ආරම්භ විය. මේ වසරේ එනම් 2019 වර්ෂයේ සිට කුරුවිට එරත්න මාර්ග ඔස්සේ ද පූජාභාණ්ඩ මලූව කරා වැඩම කරවීමේ පෙරහරක් පැවැත්වෙයි. ඒ අනුව සධාතුක කරඩු, දේවපිළිම ඇතුලූ පූජාභාණ්ඩ පෙරහරවල හතරක් ඔස්සේ සිරිපා මලූව කරා වැඩම කරවීම මෙවර ඇති විශේෂත්වයයි.

සිරිපා අවාරයේ මේ සියලූ පූජාභාණ්ඩ තැන්පත් කර තබන්නේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රී පාද රජමහා විහාරයේයි. ශ‍්‍රීපාද පන්සල යැයි සමහරු මේ විහාරස්ථානය හදුන්වති. එහි ඇති සුමන සමන් දේවාලයේ මේ පූජාභාණ්ඩ අවාර කාලයේ තැන්පත් කර තැබීම විශේෂත්වයකි. ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ වන්නේ සෑම වසරකම උදුවප් පුන් පොහෝය දිනයෙන්ය.

උදුවප් පුන් පොහෝදින අලූයම වනවිට සධාතුක කරඩුව පෙරදැරිව පූජාභාණ්ඩ සිරිපා මලූවට වැඩම කරවයි. ඒ නිසා එම පූජාභාණ්ඩ රැුගත් පෙරහර උදුවප් පොහොය දිනයට පෙර දිනයේ අලූයම් කාලයේ එළඹෙන සුබ නැකතින් ගල්පොත්තාවල විහාරයෙන් පිටත්වේ.

ගල්පොත්තාවල ශ‍්‍රීපාද විහාරස්ථානයේ සමන් දේවාලයේ තැන්පත් කර ඇති පූජාභාණ්ඩ පිටතට වැඩම කරවීමට පෙර විශේෂ අගාමික පිංකම් රැුසක් පැවැත්වෙයි.

‘පෙරහර පටන්ගන්න දිනයට පෙර දිනයේ රාත‍්‍රීයේ ගල්පොත්තාවල විහාරස්ථානයේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වෙනවා. මෙවර පිරිත් සඡු්ඡුායනය දෙසරම්බර් 10 දා පැවැත්වෙන්නේ. ඊට පස්සේ 11 දින අලූයම් කාලයේ සුබ නැකතට පූජාභාණ්ඩ එතෙක් තැන්පත් කර තිබූ කුටියෙන් එළියට වැඩම කරවනවා. ටිකවෙලාවක් බැතිමතුන්ට වන්නදනාමාන කරන්න ප‍්‍රදර්ශනය කරනවා. නැකැත් ආසන්න වෙනකොට රාජකාරී කරන කපු මහත්වරු පූජාභාණ්ඩ මලූවට වැඩම කරවීමට අවශ්‍ය ලෙස සූදානම් කරනවා.’

ශ‍්‍රීපාදස්ථානාධිපති නාමිහියෝ පැවසූහ

පෙරහර නැකැත් අනුව මුලින්ම පිටත් වෙන්නේ හැටන් පාර ඔස්සේ යන පෙරහරයි. සෙසු පෙරහරවල් පිටත්වන්නේ ඉන් පසුවය. බළන්ගොඩ පාරෙන් යන පෙරහර බළන්ගොඩ දෙසට ගමන් කරයි. රත්නපුර සහ කුරුවිට පාරෙන් පිටත්වන පූජාභාණ්ඩ සහිත පෙරහර එක් පෙරහරක් ලෙස ගල්පොත්තාවල ශ‍්‍රීපාද විහාරස්ථානයෙන් පිටත්වන බව ශ‍්‍රීපාස්ථානාධිපති නාහිමියෝ කීහ. පැල්මඩුල්ල සිට රත්නපුර නගරය ඇතුලූ සමන් දේවාලය තෙක් ගමන් ගන්නා මග දෙපස සිටින බැතිමතුන්ට වන්දනාමාන කිරීමට මෙම පෙරහර තැනින් තැන නවත්වයි.

සමන් දේවාලයට ගොඩවන මේ පෙරහර පූජාවන් පැවැත්වීමෙන් පසු පෙරහර දෙකක් ලෙස දිසා දෙකකට පිටත්ව එක් පෙරහරක් පලාබද්දල පාරෙනුත් අනික් පෙරහර කුරුවිට එරත්ත පාරෙනුත් මලූවට ගමන් කරයි.

‘පෙරහර හතරකින් පූජාභාණ්ඩ මලූවට වැඩම කරවීම නිසා සැදැහැවතුන් විශාල පිරිසකට වන්දනාමාන කිරීමට අවස්ථාවක් ලැබෙනවා. මීට ඉස්සර පූජාභාණ්ඩ වැඩම කරවන පෙරහරට වන්දනා කරන්න ප‍්‍රධාන පාර අද්දරට බැතිමතුන් එන්න ඕනෑ. ඒක බැතිමතුන්ටත් කරදරයක්. පෙරහරේ ගමනත් ප‍්‍රමාදවීමට හේතුවක්. දැන් එහෙම නෑ පෙරහර ගම් හරහා වැඩම කරවනවා. වන්දනාමාන කරන්න වැඩිදෙනෙකුට අවස්ථාව තියනවා ධම්මදින්න හිමියෝ කීහ. අවාර සමයේ ගල්පොත්තාවල ශ‍්‍රීපාද විහාරස්ථානයේ තැන්පත් කර ඇති පූජාභාණ්ඩ එළියට වැඩම කරවීමට පෙර කපුමහත්වරු විසින් සමන් දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වා යාතිකාවක් සිදුකරයි. සදහා සබරග මු සම්ප‍්‍රදායට අයත් දවුල්, තම්මැට්ටම් සහ හොරණෑ භාවිතයෙන් ශබ්ද පූජාවක් ද පැවැත්වෙයි. ශ‍්‍රීපාද වන්දනාවාරය ආරම්භ කළයුතු කාලය පැමිණ ඇති බව යාතිකාවෙන් සමන් දෙවි`දුන්ට සැලකර සිටී. ඒ සදහා පූජාභාණ්ඩ වැඩම කරවීමට අවසර දෙන ලෙස යාතිකා කරමින් වන්දනා සමය තුළ සෑම වන්දනාකරුවෙකුටම අතුරු ආන්තරාවකින්, රෝග පීඩාවකින්, වෙනයම් අපල උපද්‍රවයකින් තොරව සිරිපා අඩවියට පිවිස සිරිපා මලූව කරා කරුණාකර වැද නමස්කාර කර පිංඅනුමෝදන් කිරිමට ආශිර්වාද කරන්නැයි යාතිකා කිරීමෙන් පසුව එම පූජාභාණ්ඩ ටික වෙලාවක් මහජනතාවට නරඹා ගෞරව කිරිමට අවස්ථාව සලසා දෙනු ලබන බවද ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ කියති. සිරිපා අඩවියට පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන නොඑන ලෙස ශ‍්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

විශේෂයෙන් වෙළදපොලේ ඇති පානීය ජලබෝතල් සහ වෙනත් පැණිබීම බෝතල් යෝගට් කෝප්ප වැනි ප්ලාස්ටික් ආහාර ඇසුරුම් ද ෂොපිං කවර සහ පොලිතීන් කවර රැුගෙනවිත් සිරිපා අඩවියට බැහැර කිරිම හේතුවෙන් සෑම වසරකදීම එවැනි අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සිරිපා අඩවියෙන් බැහැර කිරිමට සිදුවන බවද උන්වහන්සේ පෙන්වා දෙති.

එහෙත් සිරිපා අඩවියට බැහැර කරන දිරා නොයන අපද්‍රව්‍ය තවත් විශාල ප‍්‍රමාණයක් සෑම වසරකදීම සිරිපා අඩවිය තුළ එකතුවන නිසා ජෛව විවිධ වටිනාකමක් ඇති පරිසර පද්ධතිය රැුක ගැනීමට සිරිපා කරුණා කරන්නට එන මහජනතාවගේ පූර්ණ සහාය අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ අවධාරණය කරති.

සිරිපා කරුණාකරන බැතිමතුන්ගේ පහසුව පිණිස හැටන්, රත්නපුර සහ කුරුවිට යන මාර්ගවල තැනින් තැන පිහිටුවා ඇති ආපනශාලා වලද පොලීතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට කොන්දේසි පනවා ඇති බවද උන්වහන්සේ සිරිපා වන්දනාවාරය ආරම්භ කරන රත්නපුර සහ නුවරඑළිය දිස්ත‍්‍රික් දෙකේ දී එම දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මූලික රැුස්වීම්වලදී උපදෙස් දෙනු ලැබීය.

එසේම ශ‍්‍රීපාද අඩවියට මත්වතුර වර්ග හෝ වෙනත් මත්ද්‍රව්‍ය රැුගෙනඒම සම්පූර්ණයෙන් ම තහනම්ය. පසුගිය 2018/19 වන්දනාවාරයේ දී එසේ තහනම නොතකා මත්ද්‍රව්‍ය රැුගෙන ආ තරුණ කණ්ඩායම් ඇතුලූ සැකකටයුතු පුද්ගලයන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු ලැබීය.

‘මෙවරත් බැතිමතුන්ගේ ආරක්‍ෂාවට තාවකාලික පොලිස් මුරපාළවල් කිහිපයක්ම මෙම සිරිපා මාර්ගවල පිහිටුවලා තියනවා. සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවලා තියනවා. කරදරයක් බාධාවක් නැතිව සිරිපා කරුණා කරලා ආපහු යන්නට හැකි හැම පහසුකමක් ම ලබාදීමට පියවර අරගෙන තියනවා.’

ධම්මදින්න හිමියෝ කීහ

Related Posts