IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


​ඉසුරු ඵල කැන්දන කුලවමිය

‘ගැහැනියකගේ පින කුණු මුල්ලේ’ යන පැරැණි කියමන කට කතාවට මෙන් පවසන්නේ ශීලාදී ගුණ යහපත්කමින් හා භාග්‍යත්ව තරුණ කාන්තාවක් අාවාහ කර ගැනීමෙන් පුරුෂයාගේ ශරීර සෞඛ්‍ය හා යශෝකීර්ති බල පරාක්‍රමයෙන් සංවර්ධනය වී සමාජයේ කැපී පෙනෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට හැකි වන නිසාය.
   
පුරුෂ කේන්ද්‍රයක හත්වැන්න හා භාග්‍ය ස්ථානයත් සිකුරු ග්‍රහයාත් බලයෙන් යුක්තව ඇත්නම් එවැනි තත්ත්වයක් නිරායාසයෙන්ම උදාවන්නේය. ස්ත්‍රී කේන්ද්‍රයක සැඳු, සිකුරු, කුජ බලවත් නම් ඇයද එවැනි තත්ත්වයක් උදා කරන්නීය. හත අධිපතියා, ලග්නාධිපතියා සමග සංයෝගව සිටීමෙන් හෝ පස්වැන්නේ සිටින ග්‍රහයාගේ හෝ දෘෂ්ඨිය සත් වැන්නට වැටේනම් ඔහු ප්‍රේම සම්බන්ධයකින් ස්වකීය විවාහ සහකාරිය තෝරා ගනී.   


හත් වැන්නාධිපති ශනි වී ඔහු දුර්වල නම් එවැන්නන්ට විවාහ සහකාරියක් ලැබෙන්නේ ප්‍රමාදවීමෙනි. ශනි හතේ සිටින කේන්ද්‍ර හිමි පුරුෂයන්ට ඔවුන්ගේ බිරියන් වෙනුවෙන් දුක් විඳ කටයුතු කරන්නට සිදුවිය හැකිය. දුක් විඳගෙන හෝ භාර්යාව සතුටු කරන්නට සිදුවිය හැකිය.   


ශනි, බුධ, කේතු වැනි ග්‍රහයන් හතේ සිටීමෙන් හා හතට සුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි නොලැබීමෙන් පින්වත් සහකාරියක් ලැබීමේ භාග්‍යය හීන වෙයි. ඔවුන්ගේ විවාහ ජීවිතයද කරදර සහිතය. එහෙත් මෙවැනි දුර්වල ග්‍රහයන් හතේ සිටියත් ආත්ම ගෞරවය රැකගෙන ක්‍රියා කරන දැන උගත් සහකාරියක් ලැබීමෙන් ඔවුන්ගේ ජීවිතද වාසනාවන්ත වී ඇති බව පෙනේ.   


ශනි හතේ සිටින පුරුෂයන්ට විවාහය ප්‍රමාද වුවත් ලැබෙන්නේ ලාබාල සුරූපී පෙනුමැති සහකාරියන්ය. හතේ කුජ සිටින පුරුෂයන්ට හතේ රාහු හෝ කුජ සිටින කාන්තාවන් හොඳ සමාගම් කාරියන් බවට පත්වී ඇත. කුජ සිකුරු හතේ සිටීමද අතිධාවන යෝගයකි. මෙවැනි යෝගයක් ජන්ම පත්‍රයෙහි යෙදී ඇති පුරුෂයකු විසින් ඔහුට ගැළපෙන සහකාරිය වශයෙන් තෝරා ගත යුත්තේ හතේ කුජ හෝ රාහු සිටින කාන්තාවන්ය.   


එවැනි සබඳතාවයකින් විවාහ ජීවිත සාර්ථක වී සෞභාග්‍යමත් අනාගතයක් උදාවන්නේය. ශනිට පස්වැන්න අධිපති ග්‍රහයාගේ දෘෂ්ටි වැටීම ආල සම්බන්ධතාවනට තුඩුදෙන යෝගයකි. ශනි පහේ සිටීමෙන්ද එම ප්‍රතිඵලයම ලැබේ. හත්වැන්න යනුවෙන් පැවැසීමේදී ලග්නයෙන් හත්වැන්න හා චන්ද්‍රයාගෙන් හත්වැන්න යන දෙකම බලා ඒ දෙදෙනාගෙන් වඩා බලවත් ග්‍රහයා ගැන සලකා මෙකී කරුණු විමසිය යුතු බව සිතා ගන්න.  ශනි හතේ සිටියත් ගුරු සිකුරු සඳු යන සුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි වැටීමෙන් ප්‍රමාදය සිදුනොවේ.   


හත් වැන්නාධිපති දෙවැන්නේ බලවත් නම් ධනවත් සහකාරියක් ලැබේ. සිවුවැන්නේ නම් ඉඩකඩම් මිල මුදල් ඇති සහකාරියකි. දහවැන්නේ නම් රැකියාවක් කරන සහකාරියකි. නවවැන්නේ නම් අනාගත සෞභාග්‍යය ළඟාකර දෙන සහකාරියකි. හයවැන්නේ නම් නිතර ලෙස ලෙඩ දුකින් පෙළෙන සහකාරියකි. අටවැන්නේ නම් හදිසි ධන ලාභ ලැබීමට හෝ හදිසි කරදර ඇතිවීමටත් මග පෑදේ. මේ අන්දමින් හත්වැන්නාධිපතියා සිටින ස්ථානය ගැන සලකා බලා සහකාරිය ගැන විමසා ගත යුතුය.   


විවාහපේක්ෂිත කාන්තාවන්ගේ ජන්ම පත්‍රයේ දෙවැන්නෙන් ඇගේ ධනවත්කම හා රූප ශෝභාවද සිව් වැන්නෙන් ඇගේ මව ගේ හා පවුලේ ස්වභාවය ගැනද හය වැන්නෙන් ඇගේ ඉගෙනීම හා දරුඵල ගැනද සවැන්නෙන් ලෙඩ රෝග ගැනද හත් වැන්නෙන් ඇගේ සෞභාග්‍ය ගැනද ලග්නය නමවැන්න හා සිව්වැන්නෙන් ඇගේ චරිතය හා රූප ශෝභාව ගැනද සලකා ගත යුතුය.  


මේ කරුණු ගැන සෙවීමේදී එකී ස්ථාන අධිපති ග්‍රහයන් සිටින නවාංශකය හා අධිපති ග්‍රහයාගේ බල දුබලතා ගැනද විමසා බැලිය යුතුය. එම ස්ථානවලට වැටෙන සුභ අසුභ ග්‍රහ දෘෂ්ඨි කල්පනාවට ගත යුතුය.  


හත්වැන්නේ බුධ කේතු සිකුරු සිටින කේන්ද්‍ර හිමි පුරුෂයන් සිතාගත යුතු තවත් කරුණක් නම් ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් කුඩා වේ. අටවැන්නේ එකී ග්‍රහයන් සිටීමෙන් ද ඒ තත්ත්වය උදාකරයි. එම තත්ත්වයේ ග්‍රහයන් එකී ස්ථානවල සිටින ස්ත්‍රීන්ගේ කේන්ද්‍රවලින් පැවැසිය හැක්කේ ඔවුන්ගේ ලිංගේන්ද්‍රයන් ගාම්භීරත්වයෙන් අඩු බවය. මොවුන් හත්වැන්නේ කුජ, රාහු රවි වැනි ග්‍රහයන් සිටින අය සමග විවාහ වීමෙන් එකිනෙකාගේ තෘප්තිය හීනවේ.   


එයින් ඔවුනොවුන් නොරුස්සනා ගතිය ඇතිවී පවුල් බේද භින්නවී යෑමට හේතු වන්නේ යයිද පැවැසිය හැකිය. එම නිසා විවාහ සහකාරිය තෝරා ගැනීමේදී තම තමන්ට ගැළපෙන සහකාරියක්ම තෝරා ගැනීමෙන් අනාගතය සෞභාග්‍යමත් වන්නේය.   

 

 

 

 

 

 

 

 


ජ්‍යොතිෂ්‍යවේදී ශාස්ත්‍රපති   
කොත්මලේ 
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි  
අටබාගේ - ගම්පොළ

 



අදහස් (0)

​ඉසුරු ඵල කැන්දන කුලවමිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site