‘සමුදුරු සුවිසැරිය’
ඩේවිඩ් ඇටන්බරෝගේ ‘බ්ලූ ප්ලැනට්’ ඇසුරිණි
භෝජන සංග්‍රහය
ලෝකයේ සියලු හරිත සාගර එක් කළත්, ඒ සැම පරදවන ජීවයෙන් පිරුණු, ‘හිටිහැටියේ පහළ වන’ හරිත සාගර ද ඇත. මුහුදු තණ පිට්ටනි, කඩොලාන වනාන්තර, කෙල්ප් වනාන්තර මෙන් නොව, මෙම ‘හිටිහැටියේ පහළ වන’ හරිත සාගර දකින්න ලැබෙන්නේ විවෘත සාගරයේය. මේ හරිත සාගරය වචනයේ පරිසමාප්තියෙන්ම කොළ පැහැයෙන් යුක්තය. සාගරය පෙනුමින් කොළ පැහැයෙන් දිස් වන්නේ, කෙල්ප් ඇල්ගී වනාන්තර නිසා හෝ මුහුදු තණ කොළ නිසා හෝ නොවෙයි. කොළ පැහැයෙන් ක්ෂුද්‍රජීවී ප්ලාවාංග හේතුවෙනි. බිලියන ගණනින් මේ අයුරින් මුහුදේ ප්ලාවාංග එක් රොක් වීමත් සමඟ මහා භෝජන සංග්‍රහයක් ද ඇරැඹේ.
හාල්මැස්සෝ
ඇමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයට එක්රොක් වන ඩොල්ෆින්ලා, ප්ලාවාංග ඇති තැනට වේගයෙන් පිහිනා එති. ප්ලාවාංග ඇති තැනට පිහිනා එන්නේ ඩොල්ෆින්ලා පමණක් නොවෙයි. සීල් මසුන් ද රංචු පිටින් එතැනට පිහිනයි. ඊට අමතරව, මුහුදු ලිහිණියෝ ද මෙතැනට එක්රොක් වෙති. මොවුන් සැමගේ ගමනාන්තය ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ මොන්ටාරේ බොක්කය. දැන් මෙම මුහුදු සීමාව කොළ පැහැෙයන් දිදුළයි. ඒ, ප්ලාවාංග හේතුවෙනි. බිලියන ගණනක් ප්ලාවාංග ආහාරයට ගැනීමට මිලියන ගණනින් හාල්මැස්සන් මෙතැනට පැමිණෙයි. ඩොල්ෆින්ලා, මුහුදු සිංහයන් පමණක් නොව මුහුදු ලිහිණියන් මෙතැනට පැමිණෙන්නේ මේ හාල්මැස්සන් ගොදුරු කර ගැනීමටය. ඩොල්ෆින්ලා හාල්මැස්සන් වට කරමින් උන් ආහරයට ගනිද්දී, සීල් මසුන් හාල්මැස්සන් රංචුවට පහර දෙන්නේ දිය යටට ගොස් පහළ සිට ඉහළට පැමිණෙමිනි. මුහුදු ළිහිණියන් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින්, හාල්මැස්සන් එකා දෙන්නා බැගින් ආහාරයට ගැනීම සිදු කරයි. තම තමන්ට හැකි තරමින් කුස පුරවා ගැනීම කාගේත් අරමුණය. ඊට හේතුව තවත් යෝධයන් පිරිසක් ද මෙහි පැමිණෙන බැවිනි. ඔවුන් පැමිණියහොත්, භෝජන සංග්‍රහය ඉක්මණින්ම අවසන් වෙයි. ඒ, යෝධයන් මොල්ලි තල්මසුන්ය. මොල්ලි තල්මසුන් සියයකින් පමණ සමන්විත රංචුවක් හාල්මැස්සන් ආහාරයට ගැනීමට පැමිණ සිටී. ලොව විශාලතම භෝජන සංග්‍රහය ඒ අනුව අවසන් වෙයි.
සාගරය විස වෙලා
ක්ෂුද්‍රජීවී ප්ලාවාංග, සාගරයටත් සාගරවාසීන්ටත් නැතිවම බැරි දෙයකි. සාගර ජීවීන්ගේ ජීවනාලිය ලෙස ප්ලාවාංග සැළකිය හැකිය. ඒත් අවාසනාවකට, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සාගර දූෂණය දිනෙන් දින ඉහළ යයි. සාගරයට නිරන්තරයෙන් ප්ලාස්ටික් ආදී විස මුසුවෙයි. සාගරය දිනෙන් දින දූෂණයට ලක් වෙද්දී ප්ලාවාංග මියයයි. ඒ සමඟ සාගර ජීවීන්ගේ අභාවය ද සිදුවෙයි. අන්තර් ජාතික ගවේෂණ කණ්ඩායමකට එක් වුණු සාගර ජීව විද්‍යාඥයෝ සහ භූ විද්‍යාඥයෝ පිරිසක්, පසුගිය දිනෙක ලොව ගැඹුරුම ස්ථානය ලෙස සැළකෙන මරියානා අගාදයේ එක් කොටසක් ගවේෂණයක යෙදුණාහ. අඩි 36,000 ක් ගැඹුරේ එක් ස්ථානයක සිදුකළ ගවේෂණයට විද්‍යාඥයෝ, දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක කුඩා කුමුඳු (ප්‍රමාණයෙන් කුඩා ඩ්‍රෝන සබ්මැරීන) කිහිපයක් යොදා ගත්හ. මූදු පතුළ සෙමින් සෙමින් පරීක්ෂාවට ලක් වෙද්දී, අසාමාන්‍ය ජීවීන් ද සමඟ තවත් ඇඟ කිළිපොළා යන දෙයක් විද්‍යාඥයන්ට දකින්න ලැබුණි. ඔවුන් දුටුවේ ප්ලාස්ටික් ෂොපින් බෑගයකි. අප වෙළෙඳසැල්වලට ගොස් බඩු පුරවාගෙන එන ප්ලාස්ටික් ෂොපින් බෑගයකි. ෂොපින් බෑගයට අමතරව, මිනිසා විසින් බැහැර කරන ලද කුණු තොගයක් ද මරියානා අගාධයේ තැම්පත් වී තිබෙනු වැඩිදුර ගවේෂණය කරද්දී, විද්‍යාඥයන්ට දකින්න ලැබුණි. සාගර දූෂණය ඉවහවා ගොස් ඇති බවට මෙය හොඳ නිදසුනකි. මිනිසාගේ ‘කුණු’ සාගරයට තර්ජනයක් වී හමාරය.
ලුසිත ජයමාන්න
බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හරිත සාගරයේ අසිරිමත් ජීවිත