IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙල්ෆිය ගිය දුර

සෙල්ෆි ඡායාරූප කලාව උන්මාදයක් වන තරමට ලොව පුරා පැතිර ගොස් තිබේ. සෙල්ෆි ඡායාරූප යනු ‘සෙල්ෆ් පෝට්රේට්’ නොහොත් ‘ස්වයං ආලේඛ්‍ය’ ඡායාරූපයයි. ඩිජිටල් කැමරාවකින් හෝ ජංගම දුරකතනයකින් අත දිගුකොට හෝ සෙල්ෆි දණ්ඩක උපකාරයෙන් තමා විසින්ම ගනු ලබන ඡායාරූපය සෙල්ෆි නමින් හැඳින්වෙයි. ඩිජිටල් කැමරාවේ ආගමනය හා ජංගම දුරකතනය කැමරාවකින් සන්නද්ධ වීමත් සමග සෙල්ෆි ඡායාරූපය ලොව පුරා උන්මාදයක් බවට පත්වූයේය. වයස් භේදයකින් තොරව ස්වයං ආලේඛ්‍ය ඡායාරූප මෙන්ම හිතමිතුරන්, පවුලේ සාමාජිකයන් මෙන්ම ජනප්‍රිය තරු සමග ද සුවිශේෂී ස්ථානවල ද සෙල්ෆි ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. දිනකට සෙල්ෆි ඡායාරූප මිලියන ගණනක් ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග‍්‍රෑම් වැනි සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සංසරණය වේ.  

දුම්රිය මාර්ග අසල, පිහිනුම් තටාක අසල මෙන්ම උස් ගොඩනැගිලි මත සිට සෙල්ෆි ගැනීමට ගොස් දිවි අහිමි කරගත් තරුණ තරුණියන් පිළිබඳ පුවත් පසුගිය දිනවල අපට අසන්නට ලැබිණි. සෙල්ෆි ඡායාරූපය උන්මාදයක් බවට පත් වූයේ ගතවූ වසර දෙක තුන තුළ වුවද ලොව මුල්ම සෙල්ෆි ඡායාරූපය ලෙසින් වාර්තා වන්නේ ක්‍රි.ව. 1839 දී රොබට් කොර්නේලියස් විසින් ඩැගියුරේටයිප් ක‍්‍රමයෙන් ගන්නා ලද ඔහුගේම ඡායාරූපයයි. 1900 කොඩැක් බ‍්‍රවුන් බොක්ස් කැමරාව හඳුන්වාදීමත් සමග ස්වයං අාලේඛ්‍ය ඡායාරූප ගැනීමට බොහෝ පිරිස් පෙළඹුණ බවට වාර්තා වේ. එම සෙල්ෆි ඡායාරූප කැඩපතක් ඉදිරිපස සිට ගන්නා ලද ඒවා විය. කැඩපතින් පිළිබිඹුවන තම රූපය ඡායාරූපයට නැගීම එකල බොහෝ දෙනකුගේ විනෝදාංශයක් බවට පත්ව තිබිණි.   


සෙල්ෆි ඡායාරූප උන්මාදයක් බවට පත්වී ඇත්තේ යෞවනයන් අතරය. ප‍්‍රථමයෙන්ම සෙල්ෆි ඡායාරූපයක් ගත් යෞවනිය ලෙසින් ඉතිහාසයට එක්වී ඇත්තේ රුසියාවේ ආදිපාදවරියක වූ ඇනස්ටාෂියා නිකොලෙව්නාය. 1914 වසරේ එවක 13 හැවිරිදි වූ ඇය තම මිතුරියකට යැවීම සඳහා ස්වයං ආලේඛ්‍ය ඡායාරූපයක් ගෙන තිබුණාය. ඡායාරූපය සමග මිතුරියට යවන ලද ලිපියේ ඇය මෙලෙස සඳහන් කර තිබුණි. “මෙම ඡායාරූපය කැඩපතක් ඉදිරියේ සිට මවිසින්ම ගන්නා ලද්දකි. මගේ දෑත් වෙව්ළන්නට වූ බැවින් එය මඳක් අසීරු කාර්යයක් වුවද මහත් විනෝදය ගෙන දෙන්නක් විය.”  


1970 පමණ වනවිට සෙල්ෆි ඡායාරූපකරණය ජනප්‍රිය වන්නට විය. එකල භාවිත වූ ඇනලොග් කැමරාවේ ස්වයංක්‍රීය යතුර ආධාරයෙන් ස්වයං ඡායාරූප ගත හැකි වුවද ඒ සඳහා ත්‍රිපාදකයක් අවශ්‍ය විය. එහෙයින් වර්තමානයේ මෙන් වැඩි පිරිසක් සෙල්ෆි ගැනීමට යොමු වූයේ නැත.   


‘සෙල්ෆි’ යන වදන මුලින්ම භාවිතයට පැමිණියේ 2002 සැප්තැම්බර් 13 දින ඕස්ට්‍රේලියානු අන්තර්ජාල ෆෝරමයක එම වදන භාවිත වීමත් සමගිනි. 2005 වසරේ ප‍්‍රවීණ ඡායාරූප ශිල්පියකු වූ ජිම් ක‍්‍රවුසේ සෙල්ෆි ඡායාරූප පිළිබඳ කතිකාවක් ඇති කළේය. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය බිහිවන්නට පෙර ‘මයි ස්පේස්’ නම් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සෙල්ෆි ඡායාරූප සංසරණය වන්නට විය. එම ඡායාරූප හැඳින්වූයේ ‘මයි ස්පේස් පික්’ නමිනි. මෙම ඡායාරූප බොහෝවිට නාන කාමරවල ඇති කැඩපත ඉදිරියේ සිට ගන්නා ලද ඒවා වූ අතර ක්ෂණිකාලෝකය කැඩපත මත පතිත වීමෙන් එම ඡායාරූප එතරම් උසස් තත්ත්වයක නොතිබිණි. ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ආගමනයත් සමග මයි ස්පේස් සමාජ ජාලයට තිබූ ජනප්‍රියත්වය හීන වූ අතර ෆේස්බුක් ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය බවට පත් විය. 2009දී ඕනෑම පුද්ගලයකුට ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක් කළ හැකි ‘ෆ්ලිකර් වෙබ් අඩවිය’ නිර්මාණය වීමත් සමඟ සෙල්ෆි ඡායාරූප විශාල වශයෙන් එහි සංසරණය වීම ඇරඹිණි. එහි වැඩි වශයෙන්ම සංසරණය වූයේ යුවතියන්ගේ ආලේඛ්‍ය ඡායාරූපයි.   

මිසයිලයක් මුදාහැර සෙල්ෆියක් ගත් ප්‍රහාරක යානා නියමුවා


2010දී ඉදිරිපස කැමරාව සහිත ‘අයි ෆෝන් 4’ ජංගම දුරකථනය බිහිවීමත්, ‘ඉන්ස්ටග‍්‍රෑම්’ සහ ‘ස්නැප්චැට්’ වැනි ජංගම දුරකථන ඇප් වර්ග බිහිවීමත් සමඟ සෙල්ෆිය යළි පුනර්ජීවයට පත් වූයේය. තරුණ පිරිස් අතර ජංගම දුරකතනය නැතිවම බැරි අංගයක් බවට පත්වීමත්, ඔවුන් සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසැරීමත් මත සෙල්ෆි ඡායාරූප ඉතා ජනප්‍රිය අංගයක් බවට පත් වන්නට විය.   


ලොව පුරා වැඩියෙන්ම භාවිත වන වදන් 10 අතරට ‘සෙල්ෆි’ යන වදන ද අයත් වන බවට ටයිම් සඟරාව සඳහන් කරයි. 2013 සිදු කෙරුණු සමීක්ෂණයකට අනුව ඕස්​ෙට්‍ර්ලියාවේ අවුරුදු 18ත් 35ත් අතර වන කාන්තාවන්ගෙන් තුනෙක් දෙකක පිරිසක් සෙල්ෆි ඡායාරූප ගැනීමට යොමු වී ඇති බවට අනාවරණ වී තිබේ. 2013දී සෙල්ෆි යන වදන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි අන්තර්ජාල ශබ්දකෝෂයට ද එක් වූයේය. ඉන්ස්ටග‍්‍රෑම් මගින් වසරකට සෙල්ෆි ඡායාරූප මිලියන 53ක් පමණ සංසරණය වන බැව් පැවසේ.  


2013දී ‘සෙල්ෆි’ නමින් අයි ෆෝන් සඳහා වන ඇප් එකක් ඉමේජිස්ට් පර්යේෂණාගාරය මගින් හඳුන්වා දෙන ලද අතර එය මහත් ජනප්‍රියත්වයට පත් විය. 2014 හඳුන්වා දෙන ලද ‘ෆුට් සෙල්ෆි’ ක‍්‍රමය නිසා අවට පසුබිම ද පැහැදිලි වන අයුරින් සෙල්ෆි ඡායාරූප ගැනීමට සෙල්ෆි ලෝලියන්ට මග පෑදිණි.  


සෙල්ෆි ඡායාරූපය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතරම ජනප්‍රිය වුවද ඒවා වැඩි වශයෙන් දැකීමට කැමති පුරුෂ පක්ෂය යැයි සමාජ විද්‍යාඥ බෙන් ඇගර්ගේ මතයයි. ස්ත්‍රී පක්ෂයට වඩා පුරුෂ පක්ෂය ස්ත්‍රී ඡායාරූප දැකීමට වැඩි නැඹුරුවක් දක්වන බව ද එය වෛරසයක් මෙන් පැතිර ගොස් ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලිංගික සංස්කෘතියක් නිර්මාණය වීමට සෙල්ෆි ඡායාරූප විශාල වශයෙන් බලපා ඇතැයි සමාජ විද්‍යාඥවරියක වන මහාචාර්ය ගොල් ඩයින්ස් සඳහන් කර තිබේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා බොහෝ ස්ත්‍රීන් සෙල්ෆි ඡායාරූප යොදා ගන්නා බවත් එමඟින් තම අඟපසඟ ප‍්‍රදර්ශනය කිරීමේ ප‍්‍රවණතාවක් දැකිය හැකි බවත් එහෙයින් විවිධ ලිංගික සබඳතා ඇති කර ගැනීම සඳහා සෙල්ෆිය පහසුවෙන් භාවිත කළ හැකි බවත් ඇය සඳහන් කරයි.  


බොහෝ ප‍්‍රකට පුද්ගලයෝ තම අනුගාමියන් හා රසිකයන් සඳහා විවිධ සමාජ ජාලාවල හෝ වෙබ් අඩවිවල හෝ සෙල්ෆි ඡායාරූප පළ කිරීමට හුරු වී සිටිති. සිනමා නළු නිළියන්, ගායක ගායිකාවන්, සංගීතඥයන්, නිරූපිකාවන් මේ අයුරින් තම රසිකයන් වෙනුවෙන් සෙල්ෆි ඡායාරූප විශාල ලෙස පළකරනු දැකිය හැකිය. ලොව ප‍්‍රකට දේශපාලනඥයන් ද සෙල්ෆි ඡායාරූප ගැනීමට කැමැත්තෝය. බැරැක් ඔබාමා, නරේන්ද්‍ර මෝදි, ඩේවිඩ් කැමරන්, පෘතුගාල ජනාධිපති මාසෙලෝ රොබෙලෝ වැනි නායකයෝ සෙල්ෆි ඡායාරූප ගැනීමට ප්‍රිය දේශපාලකයන් ලෙස සැලකේ.  


සෙල්ෆි ඡායාරූපය කොතරම් ජනප්‍රිය ද කිවහොත් එය පෘථිවියෙන් ඔබ්බට ද ගමන් කර තිබේ. අභ්‍යවකාශයේ සැරිසරන ගගනගාමීන් ද සෙල්ෆි ඡායාරූප ගැනීමට රුචිකත්වයක් දක්වන අතර පසුගියදා අඟහරු වෙත ළඟාවූ ‘කියුරියොසිටි රෝවර්‘ යානය ද එය අඟහරු මත සිටින අයුරු දැක්වෙන සෙල්ෆි ඡායාරූප පෘථිවියට එවනු ලැබීය. ඉන්දුනීසියාවේ වනාන්තරයක ඡායාරූප ගැනීමට ගිය පරිසර ඡායාරූප ශිල්පියකුගෙන් උදුරා ගන්නා ලද කැමරාවකින් තමාගේ ඡායාරූපයක් ගත් කළු වඳුරකු පිළිබඳව පසුගියදා වාර්තා විය. උදුරා ගන්නා ලද කැමරාව පසුව සොයා ගැනීමට හැකි වූ අතර කළු වඳුරා විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූප රැසක් කැමරාවේ සටහන් වී තිබිණි. ඌ විවිධ ඉරියව්වලින් නියවමින් සිටිනා අයුරු දැක්වුණ එම ඡායාරූප ලොව ප‍්‍රථම වඳුරු සෙල්ෆිය වශයෙන් හැඳින්විය හැකිය.  


සෙල්ෆි ඡායාරූප හේතුවෙන් වාර්තා වූ පළමු අනතුර වාර්තා වූයේ 2014 දීය. එක්තරා පුද්ගලයකු දුම්රියක වහලය මත නැගී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කෙරුණු අවස්ථාවේ විදුලි සැර වැදීමෙන් ඔහු මරණයට පත් විය. සෙල්ෆි ගැනීමට යෑමේදී මෝරුන්ගේ ප‍්‍රහාරයට ලක්වීමෙන්, උස් ගොඩනැගිලි අද්දරට වී ඡායාරූප ගැනීමට ගොස් ලිස්සා යෑමෙන්, ගිනි අවි සමඟ ඡායාරූප ගැනීමේදී ඒවා අහම්බෙන් ක්‍රියාත්මක වීමෙන්, වාහන පදවමින් සෙල්ෆි ගැනීමට යෑමේදී වාහනය පාලනය කරගත නොහැකි වීමෙන්, ගංගාවල ඔරු පාරුවල නැගී සෙල්ෆි ගැනීමට ගොස් ඒවා පෙරළීමෙන් වැනි සිදුවීම්වලින් බොහෝ පුද්ගලයන් මරණයට පත් වී තිබේ. රුසියාවේ සෙල්ෆි ආශ්‍රිත මරණ රැසක් සිදු වීම මත සෙල්ෆි ආරක්ෂණ උපදේශන මාලාවක් ප‍්‍රකාශයට පත් කිරීමට රුසියානු රජයට සිදු විය.  
ලොව හොඳම සෙල්ෆි ඡායාරූප ලෙසින් ඉතිහාසයට එක්වී ඇති ඡායාරූප දහයක් පිළිබඳව ‘ගිඩී’ නමැති වෙබ් අඩවිය අනාවරණ කර තිබේ. ඉන් පළමුවැන්න අභ්‍යවකාශයේදී ගන්නා ලද සෙල්ෆියකි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී අකි හොෂිඩේ නමැති ජපාන ගගනගාමියාගේ රුව සහිත එම සෙල්ෆිය පෘථිවියෙන් බැහැරදී ගන්නා ලද පළමු සෙල්ෆිය ලෙස සලකනු ලබයි. දෙවැන්න බියොන්සේ නමැති ජනප්‍රිය පොප් ගායිකාව තම රසිකයකු සමග සංදර්ශනයක් අතරතුර ගන්නා ලද සෙල්ෆියයි. තුන්වැන්න රුසියාවේ ස්පයිඩර් මෑන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කිරිල් ඔරෙෂ්කින් නමැති ඡායාරූප ශිල්පියා උස් ගොඩනැගිල්ලක සිට ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයයි. එහි විශේෂත්වය ඔහු කිසිදු ආරක්ෂක උපකරණයකින් තොරව එම ගොඩනැගිල්ල මුදුනට නැග එම ඡායාරූපය ගන්නා ලද බැවිනි. සුළු සෙලවීමකින් ඔහු මහල් ගණනක් ඉහළ සිට බිම ඇද වැටී මරණයට පත්වන්නට ඉඩ තිබිණි. සිව්වැන්න ඩෙන්මාර්කයේ එෆ්-16 ප‍්‍රහාරක ගුවන් නියමුවකු තමා විසින් මුදාහරිනු ලබන මිසයිලයක් ගමන් කරන ආකාරය දැක්වෙන පරිදි නියමු කුටියේ සිට ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයයි. ඡායාරූපයේ ඔහුගේ රුව සමග යානය පසෙකින් මිසයිලය ගමන් කරන ආකාරය එහි රූගත වී තිබිණි.  
2014 ඔස්කා සම්මාන උළෙලට සහභාගී වූ ජනප්‍රිය නිවේදිකාවක වන එලන් ඩී. ජෙනර්ස් විසින් සිනමා තරු රැසක් සමග ගන්නා ලද සෙල්ෆි ඡායාරූපය පස්වැන්නය. එම ඡායාරූපය මිලියන 40කට අධික පිරිසක් රූපවාහිනියෙන් ද මිලියන 37කට ආසන්න පිරිසක් ට්විටර් පණිවිඩ මගින් ද දැක තිබිණි. රොබෝවකු විසින් 2012දී ගන්නා ලද කියුරියෝසිටි රෝවර් යානය අඟහරු මතට ගොඩබසින ආකාරය දැක්වෙන සෙල්ෆි ඡායාරූපයට සයවැනි ස්ථානය හිමි වී තිබේ.  


බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝර්ජ් හැරිසන් 1966දී ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ ටජ්මහල ඉදිරිපිට සිට ගන්නා ලද සෙල්ෆි ඡායාරූපය සත්වැනි ස්ථානයට නම් කර තිබේ. එහි විශේෂත්වය වනුයේ ඔහු සෙල්ෆි ඡායාරූපය ගන්නා අවස්ථාවේ ටජ්මහල ඉදිරිපිට කිසිදු සංචාරකයකු නොමැති වීමය. පාප්තුමකු සමග ගන්නා ලද ප‍්‍රථම සෙල්ෆි ඡායාරූපයේ හිමිකරු වන්නේ ෆේබියෝ රගෝනා නම් තරුණයෙකි. ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් හා තරුණ තරුණියන් පිරිසක් සමඟ පැවැති හමුවකදී මෙම සෙල්ෆි ඡායාරූපය ගැනීමට ඔහු සමත් විය. ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බයිඩන් 2014දී ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයට ද හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඔහුගේ සෙල්ෆි ඡායාරූපයේ සිටින අනෙක් තැනැත්තා එවක ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ බැරැක් ඔබාමාය. ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාගේ නිල රථයෙන් එක්ව ගමන් කරන අවස්ථාවක එම ඡායාරූපය ගෙන තිබිණි. දසවැනි ස්ථානයට ගැනෙන සෙල්ෆි ඡායාරූපය ඇමෙරිකාවේ පැවැති බේස්බෝල් තරගයක් පැවැත්වෙන අතරතුර කෙලී නෑෂ් නමැති නිවේදිකාවක විසින් ගන්නා ලද්දකි. ඇය පිටිය දෙසට පිටුපා ගන්නා ලද එම ඡායාරූපයේ ක්‍රීඩකයකු විසින් එල්ල කරන ලද පන්දුවක් ඇයගේ හිස අසලින් ඇදී යන අයුරු දැක්වෙයි. එම පන්දුව අඟල් කිහිපයක් එහා මෙහා වූවා නම් එය ඇගේ හිසේ වැදී මරණයට පත්වීමට පවා ඉඩ තිබිණි. පන්දුව ඇයගේ හිසට කෙතරම් ආසන්නයෙන් ගමන් කළා ද යන්න ඇය දුටුවේ එම ඡායාරූපයෙනි.  

රොබට් කොර්නේලියස් විසින් ගන්නා ලද ලොව ප්‍රථම සෙල්ෆිය

 

සෙල්ෆි ඡායාරූප පුද්ගලයකුගේ අභ්‍යන්තරය හෙළි කරන්නක් බැව් මනෝවිද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔවුන් එය හඳුන්වන්නේ ආත්මරාගය නැතිනම් ස්වරූපරාගය ලෙසිනි. තම රූපය සමාජ ජාල ඔස්සේ ප‍්‍රදර්ශනය කිරීමෙන් ජනප්‍රිය වීම හා ආකර්ෂණය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි ඔවුහු සඳහන් කරති.  


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  

 



අදහස් (0)

සෙල්ෆිය ගිය දුර

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5248 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3237 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site