සූර්යයා මාසයක් පාසා රාශී මාරුකරමින් අවුරුද්දක් ගෙවන විට රාශි දෙළොසක් ගමන්කර ඇත. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන්නේ 2017 අප්‍රේල් මස 13 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රි 2.04ටය. එනම් 14 වෙනි දින පූර්ව භාග 2.04යට. මෙම දිනයට සිංහල අළුත් අවුරුද්දක් උදාවෙයි.
සූර්යයා පොදුවේ සැමටම ජීවය ආලෝකය ලබාදෙයි. ජාතිකුල ආගම් භේදයෙන් තොරව ලොවම එළිය කරයි. සිංහල සංස්කෘතියට ගරුකරන අපේ ආදී මුතුන්මිත්තන් කළගුණ සලකන උතුම් ජාතියකි. සූර්ය දිව්‍ය රාජයාට කළගුණ සැලකීමට ඔවුන් මෙම දින අළුත් අවුරුදු නැකැත් චාරිත්‍ර ඉටුකරමින් සූර්ය දිව්‍ය රාජයාට ගරු කරමින් අපේ සිංහල හැදියාව ඉදිරියට ගෙනයමින් සිංහල සංස්කෘතිය ආරක්ෂා කරමින් අනාගත පරපුරට ද අප සංස්කෘතිය රැකගැනීමට ආදර්ශයක් දී කටයුතු කරන සිංහල අවුරුද්ද ආදී මුතුන් මිත්තන් ගෙන් පැවතෙන උතුම් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දී කටයුතු කරන නැකැත්වලට අනුව සෑම සුබ කටයුතු ඉටුකිරීමට කැපවී කටයුතු කරයි.
සිංහල අලුත් අවුරුදු උදාවීමට පෙර කාලය පුණ්‍ය කාලය වශයෙන් හඳුන්වනු ලබයි. මෙම කාලය ආගමික වතාවත්වලට මුල්තැන දී කටයුතු කරයි. බෞද්ධ ආගමික රටක ජීවත්වන සිංහල ජනතාව පළමුව බොදු සිරිතට මුල්තැන දීම අනුව පෙනී යන්නේ ඉදිරියට ලබන අලුත් අවුරුද්ද වාසනාවන්ත අලුත් අවුරුද්දක් කරගැනීමට ආගමානුකූලව ගතකළ සිත -කය පිරිසිදු කරගැනීමයි.
ජ්‍යොතිෂයට අනුව රවි-සඳු දෙදෙනා පියා සහ මව වශයෙන් පිළිගනු ලබයි. මවගෙන් දරුවනට ආදරය- කරුණාව ලැබෙයි. චන්ද්‍රයාද රැස් විහිදන්නේ ගත-සිත සුවපත් කරමිනි. අවුරුදු දින ලබන ග්‍රහ බලපෑම්වලින් ගෙනදෙන විෂ කිරණවලින් ආරක්ෂාවීම සඳහා අවුරුදු ලැබීමට පෙර නවසඳ බැලීමට දිනයක් යොදාගනු ලබයි. සඳුගෙන් ලැබෙන යහපත් කිරණ මිනිස් සිරුරට ආකර්ෂණය වීම මත මිනිසාට යහපත් සිතුවිලි ඇතිකර දෙයි. සඳු සිත නියෝජනය කරන ග්‍රහයාය. මිනිසාගේ සිතද සුබ-අසුබ පැත්තට යොමුකරන්නේ යහපත් හෝ අයහපත් සිතුවිලි අනුවයි. මේ ලෙස බලනවිට මුළු අවුරුද්දම යහපත් සිතුවිලි මත කටයුතු කිරීමට සිතට මුල්තැනදී සඳුට සුබ දිනයක නව සඳ බැලීම මුළු රටටම මෙමගින් සෙතක් සිදුවීමටය.
දවස් තුන්සිය හැටපහක් දැල්වුණු ලිපට ද කෘතගුණ සැලකීසට පුරුදුවී ඇත. ලිපටද සුළු කාලයක් විවේක ගැනීමට සලස්වා ලිපගිනි නිවීම පුණ්‍ය කාලය ඇතුළත සිදුකරයි. ඉන්පසුව සුබ නැකතට ලිප ගිනි දල්වා පළමුව කිරි උතුරවා කිරිබතක් සාදනු ලබන්නේ අවුරුද්දට සෞභාග්‍ය ලඟාකර දීමටයි.
දවස් තුන්සිය හැටපහට කෑම බීම ගත් ශරීරයටද තාවකාලික විවේකයක් ලබාදී පළමුව සුබ නැකතට ආහාර අනුභවය සිදු කරයි. මෙයින් ශාරීරික නීරෝගිතාවය බලාපොරොත්තු වෙයි. ගතසිත දෙකේම නීරෝගීබව ඉදිරියට යහපත් කරයි.
මිනිසා දෛනික ජීවිතයේ යැපීමට මුදල් ඉපයිය තම තමාගේ උගත්කම දක්ෂතාවය වාසනාව මත කුමන හෝ රැකියාවක් කරයි. අළුත් අවුරුද්දේ වැඩපටන් ගැනීමේ නැකතට ද මුල්තැන දී ඇත. තමන් කරන රැකියාව කරදර බාධකවලින් කරගෙන යාමේ පරමාර්ථය ඇතිව සුබ නැකතට වැඩ ඇල්ලීම කර ඉදිරි වසර පුරාවට දියුණුව සෞභාග්‍ය ප්‍රාර්ථනා කරයි.
අප ශරීරියේ මුදුන් මල්කඩ හිසය. මොනදේ කිරීමටත් හිස හොඳින් තිබිය යුතුය. හිස මත අරක්ෂාවී තිබෙන ප්‍රධානතම ඉන්ද්රිය මොළයයි. මොළය හොඳින් වැඩුනොත් නිරෝගී වීම මනස සුවපත් කිරීමට හේතුවෙයි. එම නිසා පොළවට විෂකිරණ නොවැටෙන හොඳ දිනයක් බලා සුබ ග්‍රහ සංඥා පවතින වේලාවක හිසට තෙල් ගෑම සිදුකරයි. එය ඉදිරි පැවැත්මට නීරෝගී දිවියකට වාසනාව කැන්දයි.
අළුත් අවුරුද්දේ පළමුව රැකියාව සඳහා පිටත්වීමටද සුබ දිනයක් සුබ වේලාවක් යොදා ගනී. එහිදී යම් කිසි අරුතක් ගැබ් වී ඇත. උදේට නිවසින් පිටතට යන අය නැවත නිවසට එන්නේ සවසටය. නැවත ගෙදර එනතුරු අතරමගදී නොයෙක් කරදර විපත් වලට මුහුණදීමට සිදුවේ ඒ නිසා හාපුරා කියා නිවසින් පිටත්වීමට සුබ දිනයක් සුබ වේලාවක් සාදා ඇත්තේ එම වේලාවට ග්‍රහ කිරණවලට බලපාන ශුභ හෝරා යොදාගෙනය. සෞම්‍ය ග්‍රහ කිරණ පොළවට පතිතවන අවස්ථාව සැමටම යහපත ආරක්ෂාව ගෙනදෙයි.
ආදී මුතුන් මිත්තන් රැකගෙන ආ මෙම සිංහල චාරිත්‍ර විධි දෙස බලන විට එහි අපට නොපෙනෙන බලවේග ඇත. කෑම බීම සුබ වේලාවට ගැනීමෙන් නිරෝගී බව හිසට සුබවේලාවට තෙල් ගෑම දීර්ඝායුෂ ලැබීමටත් සුබ දිනයක සුබවේලාවක තම රැකියා කටයුතු ආරම්භ කිරීම - නිවසින් පිටත්වීම මත විශ්වාසය සිතට ඇතුළු කරයි. ඉදිරි කාලයම මනස සතුටට පත්වෙයි. ඒකාකාරී ජීවිතයකට නව අරමුණු බලාපොරොත්තු ගෙන දෙයි.
මේ ලෙස බලනවිට සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් රැකගෙන ඉදිරි අනාගත පරපුරට ද අපේකම අපේ සංස්කෘතිය රැකගෙන කටයුතු කිරීමට නිසි අවබෝධයක් ලබා දෙයි.
සුබ අලුත් අවුරුද්දක් වේවා.
ජ්‍යොතිෂවේදිනී සේපාලි කරුණාරත්න
අංක 28, බණ්ඩාරවත්ත
රත්තොට.
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිංහල අවුරුද්දයි ග්‍රහ බලයයි