IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සැඟවුණු මහාද්වීපයක් ඉන්දීය සාගරයෙන් හමුවෙලා

ඉන්දීය සාගරයට අයත් මුරුසි දූපත් රාජ්‍යය වඩාත් ප‍්‍රචලිත සුන්දර වෙරළ තීරයකින්, නිල්වන් සුපැහැදිලි අහසකින් සුසැදි නිසාය. කොරල්පර සහ කළපු පිරි මුහුදු තීරය සංචාරක ආකර්ශනයකි. මුරුසි දූපත අප්‍රිකා මහද්වීපයට ආසන්නව පිහිටයි. මුරුසි දූපත නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් ලෙස ද සැලකෙයි. මුරුසි දූපතේ අගනුවර ලෙස සැලකෙන්නේ පෝට් ලුවිස්ය. මුදල් ඒකකය ලෙස භාවිත කෙරෙන්නේ මුරුසි රුපියල්ය. 2013 ලෝක බැංකු සංගණනයන්ට අනුව, මුරුසි දූපතේ ජනගහණය මිලියන 1.296 කි. අද සුුන්දර දූපතක් ලෙස ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් මෙම දූපත අතීතයේ එසේ සුන්දර ස්ථානයක් නොවන්න ඇති බවත්, අතීතයේ, එනම් අවුරුදු බිලියන තුනකට පෙර අද මුරුසි දූපත පිහිටා ඇති ස්ථානය වසාගෙන මහද්වීපයක් පිහිටා තිබුණු බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත.  

බිලියන තුනක් ඈත අතීතයේ පිහිටා තිබුණු එම මහාද්වීපය ගැන සාක්ෂි අනාවරණය වී ඇත්තේ, මුරුසි දූපත අවට ලාවා තට්ටු අතරේ ඇති පළිඟු පරීක්ෂා කළ අවස්ථාවේදී යැයි පර්ෂයේකයෝ පැහැදිලි කරති. ලොවෙන් සැඟවී ගිය මෙම මහද්වීපය ගැන ගවේෂණයේ යෙදෙන්නේ ජොහැන්නස්බර්ග් නුවර ‘විට්ස්’ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලුවිස් ඈෂ්වෝල් ප‍්‍රමුඛ කණ්ඩායමය. ඔවුන්ට හමුවුණු ‘සිරෝකෝනියන්’ පළිඟු මුරුසි දූපතට වඩා පැරැණි බව පැවැසෙයි. ඒවා අවුරුදු බිලියන 2.5 ත් 3 ත් අතර කාලයේ පිහිටි භූමියක ශේෂවුණු කොටස් යැයි මහාචාර්ය ලුවිස් ඈෂ්වෝල් පැහැදිලි කරයි. ගිනි කඳු පිපිරෙද්දී ලාවා සමඟ මෙම පාෂාණමය කොටස් මුහුදු පතුළේ සිට ඉහළට එසවෙන්න ඇති බවත්, පළිඟු වශයෙන් එම කොටස් පසුව සොයා ගැනීමට හැකිවුණු බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැහැදිලි කර සිටී. පළිඟු කොතරම් පැරැණිදැයි නිර්ණය කරගෙන ඇත්තේ ඒවා වර්ණාවලී පරීක්ෂණවලට යොදා ගැනීමෙනි.  
වර්තමානයේ මැඩගස්කරය, ඉන්දියාව අයත් භූමි ප‍්‍රදේශය අතීතයේ අයත්ව තිබෙන්න ඇත්තේ මුරුසි දිවයිනට යටින් පිහිටි පාෂාණ ස්ථරවලට අයත් මහද්වීපයට යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. එම මහාද්වීපය කැඩී වෙන්වී යද්දී ඉන්දියාව ද මැඩගස්කරය ද වෙන්වී ගියේ යැයි පැවැසෙයි. මුරුසි දූපත පසුව නිර්මාණය වී ඇතැයි පැවැසෙයි. මෙම මහාද්වීපය ‘මුරුසියා මහද්වීපය’ යනුවෙන් විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත. මහාචාර්ය ලුවිස් ඈෂ්වෝල් ඔහු විසින් කළ එම සොයා ගැනීම් ඇතුළත් කරමින් සැකැසූ වාර්තාවක් ‘නේචර් කොමියුනිකේෂන්’ සඟරාවේ ද පළවී ඇත.  


පෘථිවි අභ්‍යන්තරය කාලයාගේ ඇවෑමෙන් විවිධාකාරයේ භූ කාරක බලවේගයන්ට ගොදුරු වී පැලීම්වලට ලක්වී කැඩී වෙන් වී පා වී ගොස් අද තිබෙන තත්ත්වයට පෘථිවි ගෝලය නිර්මාණය වී තිබේ. මෙම පැලීම්වලින් නිර්මාණය වූ කලාප භූ තැටි යනුවෙන් හැඳින්වේ. මහාද්වීප හා සාගර වශයෙන් ප‍්‍රධාන භූ තැටි 7 ක් සහ කුඩා භූ තැටි 3 ක් හඳුනාගෙන තිබේ. මේ ආශ්‍රයෙන් ඔවුන් සැකසූ සිතියම් සිතුවමට නඟා ඇත්තේ පරිගණකය මගින් කළ ගණනය කිරීම්වලිනි. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ඉතා ඈත අතීතයේ යෝධ භූමි ප‍්‍රදේශයක්ව තිබී පසුව වර්තමාන තත්ත්වයට ගොඩබිම සකස්වුණු අයුරුයි. මෙහි යෝධ ගොඩබිමේ කොටස් එකිනෙකින් ඈත්වෙමින් ගිය අයුරු දැක්වේ. මෙය ‘මහාද්වීප ප්ලාවිත න්‍යාය’ (මහාද්වීප පාවෙමින් පවතී) ලෙසින් හැඳින්වෙයි. මෙය ද පෘථිවියේ වෙනස්වීම් ඇති කළ එක් සාධකයකි.  

පෘථිවියේ භෞතික ක්‍රියාවලීන් සඳහා පදනම් වන කොටස් හතරකි. ඒවා එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීම නිසා එමගින් පරිසරයේ විවිධ ලක්ෂණ ඇති වේ. පෘථිවි අභ්‍යන්තරයේ ඇති ගෝලය පැහැදිලිව පෙනෙන ස්තර කිහිපයකට බෙදේ. විද්‍යාඥයන් පෘථිවියේ අභ්‍යන්තරය කෙබඳුදැයි දැනගෙන ඇත්තේ සිදුවන භූමිකම්පා හා අභ්‍යන්තරයේ සිදු වන පිපිරීම් අධ්‍යයනය කිරීමෙනි. පෘථිවි මතුපිට සිට අභ්‍යන්තරයට කෙමෙන් යද්දී උෂ්ණත්වය හා ඝනත්වය කෙමෙන් වැඩිවේ.  


ලුසිත ජයමාන්න  
ඩේලිමේල් ඇසුරිනි  

 



අදහස් (0)

සැඟවුණු මහාද්වීපයක් ඉන්දීය සාගරයෙන් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site