සමහර ග්‍රහ පිහිටීම් නිසා විවාහ ජීවිතය ගෙන යාමට අපහසු අවස්ථා උදාවේ. මේ එවැනි ග්‍රහ පිහිටීම් කීපයකි.
‘‘සඳු’’ හෝ රවි දෙදෙනාම හෝ පාපී ග්‍රහයින්ගෙන් විශේෂයෙන් සෙනසුරු (ශනි) හෝ අඟහරුගෙන් (කුජ) පීඩාවන්ට පත්වේ නම්, දෙදෙනාගේ කේන්දරවල එසේම එකම අන්දමකට පිහිටා ඇත්නම් විවාහය කිසි කලෙක වාසනාවන්ත එකක් නොවන්නේය. ‘සඳු’ ග්‍රහයා පීඩාවට පත්ව සිටින අය වඩා අවාසනාවන්ත තත්ත්වයට පත් වේ.
2. ‘සඳු’, ‘රවි’ දෙදෙනා හෝ සිකුරු, ගුරු බුධ යන ශූභ ග්‍රහයින් අනෙකාගේ කේන්දරයේ ‘සඳු’ රවි දෙදෙනාට හෝ ශුභ ග්‍රහයින්ට චතුරශ්‍රව හෝ සප්තමව පිහිටා ඇත්නම්, ඒ දෙදෙනාගේ විවාහයද නොගැළපෙන එකක් වේ.
3. එක කේන්දරයක හෝ ‘සඳු’ ග්‍රහයා කුජ අශුභ ස්ථානයක සිට දෘෂ්ටි ලබයි නම් එම විවාහයද කඩාකප්පල් වේ.
4. ඒ අන්දමට රවි ග්‍රහයා ස්ථානයක සිටින ශනිගේ දෘෂ්ටියට ලක්වේද එම විවාහයද අවුල් වියවුල් සහිත එකකි.
5. එක කේන්දරයක සිකුරු හෝ හත්වැන්නේ සිටින ග්‍රහයින් පාපී ග්රහයින්ගේ පීඩාවට පත්වී ඇත්නම් එම විවාහයද සාර්ථක එකක් නොවේ.
ඉහත 3, 4, 5 කරුණු තුන දෙදෙනාගේම කේන්දරවල එකම අන්දමකට ඇත්නම් ගැළපෙන බව කිව යුතුය.
6. 5 වැන්නේ පාපි ග්‍රහයින් සිටින විට ඉක්මන් ප්‍රේම සම්බන්ධතා පවත්වන, අපිරිසිදු, දූෂිත ගති ගුණ ඇති අයකුවීමට ඉඩ ඇත. ස්ත්‍රී කේන්දරය එ් අන්දමට ග්‍රහයින් සිටි විට දරුවන් අඩු ළදරු කල මිය යන දරුවන් ලබන්නියක් වන්නේය.
7. එම කේන්දරයක දශාව පාපී ග්රහයෙකුට අයත්ව තිබියදී එම පාපී ග්‍රහයා අනෙකාගේ කේන්දරයේ ලග්නයේ හැසිරෙන කාලයේදී විවාහවීම ශූභ නොවේ. ශුභ ග්රහයෙකුගේ මහ දශාව ගත කරන කෙනකු, අනෙකාගේ කේන්දරයේ එම ශුභ ග්‍රහයා හැසිරෙන කාලය තුළ විවාහය ඉතා වාසනාවන්ත එකක් වේ.
8. කේන්දර දෙකක සම්බන්ධය සෙවීම ඉතා දුෂ්කර එකකි. පොරොන්දම් ශුභ වූ පමණින් විවාහයක් නොකළ යුතුය. පොරොන්දම් බැලීමේදී කරනු ලබන්නේ බාහිර කරුණු සෙවීමක් පමණි.
ජ්‍යොතිෂවේදී
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන.
133 සී ජයන්ති පාර, දොම්පේ.
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විවාහ දිවිය නීරස කරන ග්‍රහ පිහිටීම්