IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වසර 600ක් පැරණි සත්ව සමෙන් හැදූ පොත

 

‘වොයිනික් අත්පිටපත’ ගැන ඔබ දන්නවාද? ‘වොයිනික් අත්පිටපත’ යනු හරි අපූරු, ගුප්ත නොවිසඳුණු අබිරහසකි. විද්‍යාඥයන්ට ප්‍රහේළිකාවකි. ‘වොයිනික් අත්පිටපත යනු පොතකි. මෙහි පිටු 240 ක් ඇත. (පිටු කිහිපයක් කවුරුන් හෝ ඉරා ඉවත් කර තිබේ.) අත්පිටපතට යොදාගෙන ඇත්තේ සත්ව සමින් සකස් කළ ඒවාය. මේ අත්පිටපත අවුරුදු 600 කට වඩා පැරැණි යැයි විශ්වාස කෙරේ. ලොව වඩාත් ගුප්ත, අබිරහස් පිරි මධ්‍යතන යුගයේ ලේඛනය මෙය යැයි විශ්වාසයක් පවතී. මෙය මැජික් පොතක් යැයි ඇතැම්හු පවසති. අත්පිටපතට දුර්ලභ මෙන්ම අසාමාන්‍ය විදියේ ශාක සහ පැළෑටිවල සිතුවම්, තරු රටාවල සිතුවම්, මානවරූපී අසාමාන්‍ය විදියේ ජීවීන්ගේ වර්ණවත් සිතුවම් සහ සටහන් ඇතුළත්ය. අත්පිටපත ලියා ඇත්තේ වමේ සිට දකුණට අමුතු විදියේ භාෂාවකිනි. එම අකුරු අපට ආගන්තුකය. 
  
අත්පිටපත ‘වොයිනික් අත්පිටපත’ යනුවෙන් නම් කර ඇත්තේ, විල්ෆ‍්‍රඩ් වොයිනික් නමැති පෝලන්ත ජාතික පොත් වෙළෙන්දා නිසාය. අත්පිටපත විල්ෆ‍්‍රඩ් වොයිනික් අතට පත් වී ඇත්තේ 1912 වසරේදීය. එය සොයාගෙන ඇත්තේ ඉතාලි දේවස්ථානයකිනි. කාබන් පරීක්ෂණ අනුව, ‘වොයිනික් අත්පිටපත’ සකස් කරන්න ඇතැයි පැවැසෙන්නේ 15 වැනි සියවසේදීය. ඒ, 1404 සහ 1438 අතර කාලයේය.   


මෙය ඉතාලි පුනරුද සමයේ නිර්මාණය කරන්න ඇතැයි අනුමාන කෙරේ. අත්පිටපතට ඇතුළත් පිටු 240 න්, බොහොමයක දළ රූප සටහන් දකින්න ලැබේ. දිග හැර කියවිය හැකි ලෙස, ඇතැම් පිටු නවා පොතට ඇතුළත් කර තිබේ. මෙම අත්පිටපත මේ වනවිට යේල් විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සුරක්ෂිතව තබා ඇත. ඒ, 1969 වසරේ දී ඔස්ට්‍රියා ජාතික පොත් වෙළෙන්දකු මෙන්ම පොත් එකතු කරන්නකු ද වූ හාන්ස් පී ක‍්‍රවුස් එය යේල් විශ්වවිද්‍යාලයේ ඇති දුර්ලභ පොත පත සංරක්ෂණාගාරයට පිරිනැමීමෙන් පසුවය.   


අබිරහසක් වුණු ‘වොයිනික් අත්පිටපත’ වසර ගණනාවක සිට බොහෝ මහාචාර්යවරුන්ගේත් ගුප්ත ලේඛන පිළිබඳ පර්යේෂණ පවත්වන ගුප්ත ලේඛන විද්‍යාඥයන්ගේත් අවධානයට ලක්වී ඇත. පළමු සහ දෙවැනි ලෝක සංග‍්‍රාමවලට සම්බන්ධ, රහස් කේතවලින් පණිවුඩ යැවීම සිදුකළ ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය ජාතික ‘කෝඩ්බ්‍රේකර්ස්’ යන නමින් හැඳින්වෙන සොල්දාදුවන්ට පවා මෙම පිටපතේ ඇති රහස් කේත විකේතනය කරගෙන මෙහි ඇත්තේ මොනවාදැයි කියවා බැලීමට හැකියාව ලැබී නැත.   


මෙය මැජික් පොතක් යැයි පමණක් නොව, පිටසක්වළ අමුත්තන් පොළොවට පැමිණ කළ අධ්‍යනයකින් සකස් කළ පොතක් යැයි ද විශ්වාස කෙරේ. ගුප්ත ලේඛන ලියන සහ කියවන කලාව හැඳින්වෙන්නේ ‘ක්‍රිප්ටෝග‍්‍රැපි’ යන නමිනි. මෙම කලාව ප‍්‍රගුණ කළ විශේෂඥයන්ට පවා අත්පිටපත කියවා තේරුම් ගැනීමට නොහැකි විය.   


වොයිනික් අත්පිටපතේ අඩංගු වන්නේ මොනවද? බොහෝ පිටුවල සිතුවම් දකින්න ලැබේ. අත්පිටපත එක ලේඛකයකු හෝ සිත්තරකු විසින් කළ නිර්මාණයක් නොව, ලේඛකයන් කිහිප දෙනකු සහ සිත්තරන් කිහිප දෙනකු එක්වී කළ නිර්මාණයක් බව පිළිගැනෙයි. ඔවුන් කවුරුදැයි යන්න හඳුනා ගැනීමට හැකිවී නැත. පෙර සඳහන් කළාක් මෙන්, අත්පිටපත ලිවීමට යොදාගෙන ඇති අක්ෂර සහ භාෂාව සුවිශේෂීය. එය ගුප්ත අක්ෂර විශේෂයකි. පැළෑටි වර්ග පිළිබඳ තොරතුරු, ව්‍යුහ විද්‍යාත්මක තොරතුරු, තාරකා විද්‍යාත්මක තොරතුරු, නිරුවත් කාන්තා සිරුරු, අසාමාන්‍ය ජීවීන් පිළිබඳ රූප සටහන් ආදිය අත්පිටපතේ දකින්න ලැබේ.   


2009 වසරේ, ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් මෙම අත්පිටපත සම්බන්ධයෙන් උනන්දුවී එය පරීක්ෂා කළහ. ඔවුන් කළේ අත්පිටපතේ කාලය නිවැරදිව නිර්ණය කිරීමේ පරීක්ෂණය. ඒ අනුව, ඔවුන් සියයට 95 ක් සහතිකව කියා සිටියේ, අත්පිටපතේ ඇතැම් පිටු වසර 1404 සහ 1438 අතර කාලයේ සකස් කරන්න ඇතැයි කියාය. ඇමෙරිකාවේ චිකාගෝ නුවර මැක්රෝන් පර්යේෂණ ආයතනයේ විශේෂඥයෝ ද අත්පිටපත සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළහ. අත්පිටපත සඳහා භාවිතයට ගත් තීන්ත ඉපැරණි බවත්, මධ්‍යතන යුගයට අයත් බවත් එහිදී ද අනාවරණය කර ගත්තේ යැයි පැවැසිණි.   


වසර ගණනාවක් තිස්සේ ලොව මවිත කළ වොයිනික් අත්පිටපතේ අබිරහස විසඳීමට, පරිගණක විශේෂඥයන් පිරිසක් ඉදිරිපත්වී සිටින බව පසුගිය ජනවාරි 26 වැනිදා ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කළේය. පරිගණක විශේෂඥයන් මේ සඳහා කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනක් භාවිතයට ගත්තේය. පරිගණක විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට වොයිනික් අත්පිටපත ලියා ඇත්තේ ඉපැරැණි හීබෲ බසින් බවය. අබිරහස් විදියට අත්පිටපත ලියා ඇති බව පෙනෙන්නේ, ප‍්‍රාණාක්ෂර ඉවත් කර එය ලියා ඇති නිසා යැයි කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන පෙන්වා දී තිබේ. කෙසේ නමුත් අත්පිටපතේ අඩංගු මොනවාදැයි නිවැරදිව කීමට තවමත් පරිගණකයට හැකියාව ලැබී නැත. කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන ඉදිරියේ දී රහස් විකේතනය කරමින් එකිනෙක සෙමින් සෙමින් අනාවරණය කර ගැනීමට නියමිතය. කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන යොදා ගනිමින් වොයිනික් අත්පිටපතේ අබිරහස විසඳීමට උත්සාහගෙන ඇත්තේ, ඇමෙරිකාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ පරිගණක විශේෂඥ ග්‍රෙග් කොන්ඩාර්ක් ප‍්‍රමුඛ කණ්ඩායමය. කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන යොදාගෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීම සිදුවිය යුත්තේ කෙසේදැයි යන්න සම්බන්ධ ලියවිල්ල, සියයට 97 ක් නිවැරදිව, ලොව භාෂා 380 කට පරිවර්තනය කිරීමට ග්‍රෙග් කොන්ඩාර්ක් ඇතුළු කණ්ඩායමට හැකිවී ඇත්තේ ද මෙම කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන යොදා ගනිමිනි.   


ඔවුන් ඒ සඳහා ද භාවිතා කර ඇත්තේ ඔවුන්ගේ මෙම කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන යැයි ද පැවැසෙයි. වොයිනික් අත්පිටපතේ ඇත්තේ කිසියම් අරාබි භාෂාවක් බවට ගුප්ත ලේඛන ලියන සහ කියවන කලාව පිළිබඳ ඇතැම් විද්‍යාඥයෝ උප කල්පනය කර තිබුණහ. ග්‍රෙග් කොන්ඩාර්ක් ඇතුළු කණ්ඩායම එම උපකල්පනය අනුව යමින්, පර්යේෂණ සිදු කළේ යැයි පැවැසෙයි. වොයිනික් අත්පිටපතේ ලියා ඇත්තේ පුරාණ හීබෲ බසින් යැයි අනාවරණය වූයේ ඒ අනුවය.   


‘වොයිනික් අත්පිටපත ලියා ඇත්තේ කුමන බසින් ද අපට පැහැදිලි වුණා. වොයිනික් පිටපතේ අබිරහස විසඳීමේ පළමු පියවර එයයි. දැන් තමයි අසීරු කටයුත්ත. ලියා තියෙන්නේ මොනවාදැයි තේරුම් ගැනීම’ යැයි ග්‍රෙග් කොන්ඩාර්ක් ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් පවසා ඇත. වොයිනික් අත්පිටපත ලියනාඩෝ ඩාවින්සි ගැටවර වියේදී ලියා සිතුවම් කළ අත්පිටපතක් යැයි ද විශ්වාසයක් පවතී. ඇතැමුන්ගේ විශ්වාසය කරන්නේ, සදහටම ලොවෙන් අතුරුදන් වුණු ඊශ‍්‍රායලයේ සැඟවුණු ගෝත්‍රික පිරිසක් හෝ ලතින් ඇමෙරිකාවේ ඇස්ටෙක් ගෝත්‍රිකයන් හෝ මෙම අත්පිටපත නිර්මාණය කරන්න ඇතැයි කියාය.   


ගුප්ත මෙන්ම අබිරහසක් ද වුණු මෙම වොයිනික් අත්පිටපත මේ ​ෙවනවිට ජනප්‍රිය සංස්කෘතියට ද එක්වී අවසන්ය සිනමා නිර්මාණ ප‍්‍රබන්ධ කතා රැසකට ද එය පාදක කර ගැනෙයි. ‘ඉන්දියානා ජෝන්ස්’ නවකතාවල ද මෙම අත්පිටපත ගැන සඳහන් වෙයි. වීර වික‍්‍රමවල යෙදෙන මහාචාර්ය ජෝන්ස්, ‘ෆිලොසොෆර්ස් ස්ටෝන්’ සොයා ගන්නේ මෙම අත්පිටපතේ ඇති රහස් අනාවරණය කර ගනිමිනි. ‘ෆිලොසොෆර්ස් ස්ටෝන්’ එසේත් නැතිනම් ‘දාර්ශනවේදීන්ගේ මැණික’ යනුවෙන් හැඳින්වෙන්නේ, අදිරසායනික ගුප්ත වස්තුවකි. ඕනෑම රසායනික සංයුතියක් වෙනස් කිරීමටත්, ඒවායේ රහස් දැන ගැනීමටත් මෙය යොදා ගැනීම කළ හැකි යැයි පැවැසෙයි. මෙය හුදෙක් පුරාවෘතයක් පමණි. මීට අමතරව ලොව අතිශයින් ජනප්‍රිය, ලොව අංක එකේ පරිගණක ක්‍රීඩාව ලෙස සැලකෙන්නේ ‘ඇසැසින්ස් ක්‍රීඩ්’ ය. මෙම පරිගණක ක්‍රීඩාව ඇසුරින් පසුගිය 2017 වසරේ දී චිත‍්‍රපටයක් ද නිර්මාණය විය. ‘ඇසිසින්ස් ක්‍රීඩ්’ සඳහාත් වොයිනික් අත්පිටපත යොදා ගෙන තිබේ.   

 

 

 

 


ලූසිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි



අදහස් (0)

වසර 600ක් පැරණි සත්ව සමෙන් හැදූ පොත

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10902 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5216 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3225 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site