දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ වනාන්තර සැබවින්ම අඳුරු වනාන්තර බව නොකියාම බැරිය. රූස්ස ගස් කොළන් වලින් හෙබි මේ වනාන්තරයක් තුළ යමෙකු අතරමං වුවහොත් ආපසු පැමිණීම ලේසී පහසු නැත. මේ අඳුරු වනාන්තර තුළ සිටින වන සතුන් අතරින් මිනිසාට වඩාත් බිය උපදවන සත්ත්වයෙකු වනුයේ වලසාය. වලසාගේ දැක්ම මෙන්ම හඬද බිය උපදවන සුළුය. වලසෙකු මුහුණට මුණ ගැසුණහොත් ගැල වී යාම අසීරුය.
මී පැණි වාරයට වැව්ගම්පත්තුවේ වනාන්තර වල සැරි සැරූ බොහෝ මිනිසුන්ට මෙන්ම දඩයක්කරුවන්ටද වැඩි වශයෙන්ම හමු වී තිබෙන්නේ වලසුන්ය. මී පැණි වලසාගේ ද ප‍්‍රියතම අාහාරයකි. මී පැණි වලට උන්ගේ ඇති ලොල් බව කොතෙක් ද කිවහොත් මී මැස්සන් විදින විට දී වුවද කෙසේ හෝ මී වද ටික කඩාගෙන මිස පස්ස නොබැලීම සිරිතකි. වළසෙකු මී වද කඩන විට පසු පසින් සිට උගේ අතින් මී වද ටික ලබා ගත හැකි බව වැව්ගම්පත්තුවේ කතාවෙකි. ඉන් කියැවෙන්නේ මී වද ටික කඩා ගන්නා තුරු ඌට වෙනත් සිහියක් නොමැති බවකි. මී වද ඇති ගසකට නැග ගන්නා වළසා ගස් බෙනයේ ඇති මී වද එකින් එක කඩා ගෙන ගසට නැග සිටින වැළහින්නගේ අතට මී වද දෙන බව වැව්ගම්පත්තුවේ පැරැන්නෝ කියති. උස් ගසක නොවේ නම් මිනිසෙකුට වුවද පසු පසින් සිට මී වද ටික අතට ගත හැකි බවද වැඩි දුරටත් දැන ගන්නට ලැබිණි. ඒ තරමටම වලසාගේ අවධානය මී වදයට ලොල් වී තිබේ.
වළසාගේ ඇඟ පුරා ඇති දිගු රෝම මී මැස්සන්ගේ ප‍්‍රහාර වලින් ආරක්‍ෂා වීමට උපකාර වේ. එහෙත් වලසාගේ දිගු හොම්බේ මුහුණේ සහ දෑත් දෙපාවල කෙළවර, රෝම නැති හෙයින් මී මැස්සෝ හිතූ ලෙස විදින්නට පටන් ගනිති. වළසා අත පය ගසමින් හැකි තරම් සිය ආරක්‍ෂාව සළසා ගනියි. කෙසේ හෝ මී වද කඩා ගන්නා වළසා ගිජු ලෙස ඒවා ගිල දමමින් කුස පුරවා ගනී.
අප්‍රේල් මාසයේ දී වැව්ගම්පත්තුවට කුඩා වැසි දෙක තුනක් ඇද හැලෙන අතර ඒ වැස්සෙන් මුළු වනාන්තරයම පිබිදෙන්නට පටන් ගනී. වනාන්තරයේ ගස් වල මල් පිිිිිපෙන්නට පටන් ගන්නේ මේ කාලයටය.
කෝං මල් සහ වණ මල් ආදි බොහෝ මල් වර්ග වලින් වනාන්තරය එකළු වන්නට පටන් ගනිති. මී මැස්සෝ ගුම් නගමින් මහ ගස් වල අතු පතරේ ඇති මල් වල පැණි රැගෙන යන්නට පටන් ගනිති. ජුනි මාසයේ මැද හරියේ දී උන් මී වද බඳින්නට පටන් ගනිති. කැලෑවේ ඇති ගස් වල තිබෙන බෙන ඇතුළේ ඔවුහු වද බඳින්නට පටන් ගන්නා අතර ජුලි මාසය වෙන විට කැලෑවේ ගස් වල මල් ගෙඩි බවට පත් වෙද්දි එනම් වැව්ගම්පත්තුවේ කතාවට අනුව මල වරද්දි මී වදයේ ඇති පැණි ඉතා හොඳට මෝරන්නට පටන් ගනිති.
එදා අපි පස් දෙනෙක් කැලෑවට ගියා. දවස් දෙක තුනකට අවශ්‍ය හාල් පොල් ආදි දේවලුත් අරගෙනයි අපි ගියේ. මී කඩන්න මිනිස්සු කැලෑවට යනවා වගේම වළස්සුත් ගුහා වලින් ඈත් මෑත් වෙලා වනාන්තරේ ඇවිදින්න පටන් ගන්නවා. දෙගොල්ලෝම හොයන්නේ මී වද. එදා අපි උදේම තොට්ටමින් ගමන් ආරම්භ කළා. මග දිගට මී වද හොය හොයා තමයි අපි ගියේ. මී වද තියෙන තැන් හොයා ගැනීම ලේසී පහසු කටයුත්තක් නෙවෙයි. මී වද හොයන ක‍්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කැලේ ගමන් කරනකොට කොතනක හරි මී මැස්සන්ගේ ගුම් නාදය ඇසීම. එහෙම ඇහුනම පොඩ්ඩක් ගහකොළ සෝදිසි කරලා බලනවා. අනිත් ක‍්‍රමය තමයි අරුවේ යාම. අරුවේ යනවා කියන්නේ කැලෑවට ඇතුල් වුණාම එක් එක්කෙනා සමාන්තරව ඉදිරියට ගමන් කිරීම. සාමාන්‍යයෙන් අඩි 15 -20 වගේ දුර තියාගෙන ගමන් කරනවා. එහෙම යනකොට ගස් වලට තට්ටු කරලා හෝදිසි කරනවා. ගහේ බෙනයක් තියෙනවනම් ගහේ ශබ්දය වෙනස්. එතකොට කවුරු හරි ගහට නැගලා බලනවා. බෙනයක වදයක් තිබුණත් එහෙම ලේසියෙන් කඩා ගන්න බෑ. මොක ද මී මැස්සෝ අනිනවා.
මෙකී මී පැණි වාරයට වැව්ගම්පත්තුවේ මිනිසුන් මී කැඩීම සඳහා වනාන්තරයට පිවිසෙන්නේ දින දෙකකට පමණ ඇති වන පරිදි අඩුම කුඩුම ද සමගිනි. සහල්, පොල්, තුනපහ මිරිස් ලුණු ආදියත් වළං මුට්ටි ආදියත් තවත් අවශ්‍ය දෑද ඒ අතර වේ. වනාන්තර ආසන්නයේ වූ ගම් වල මිනිසුන්ගේ වාර්ෂික කටයුත්තක් වූ මෙය ඇතැම් විටක පරිසර චාරිකාවක් ද වේ. සමහර කාල වල දී නගරයෙන් ආ ආගන්තුකයින්ද මේ සඳහා එක් ෙවන්නේ එක් අතෙකින් විනෝදය පිණිසය. ඇතැම් අවස්ථා වල දී මේ ගමන අවසන් ෙවන්නේ දින තුනකිනි. එකල වැව්ගම්පත්තුවේ ආහාර රටාවේ ප‍්‍රධානම ආහාරය වූයේ තලපය. කුරහන් තලපත් සමහර අවස්ථා වල ඉරිඟු තලපත් ඔවුනට දිව්‍ය භෝජනයකි. ඒ සඳහා අවැසි දඩමස් ඔවුන් සොයා ගන්නේ වනාන්තරයෙනි. කුරහන් පිටි මුසු කර හදන දඩමස් හොද්දත් තලප ගුලියත් එකල වැව්ගම්පත්තුවේ අාහාර රටාවේ ප‍්‍රධානම අංගයකි.
මීට වසර පහළොවකට පමණ පෙර මී කැඩීම සඳහා දකුණු වැව්ගම්පත්තුවේ ඝණ වනාන්තරය තුළට ගිය තොට්ටම ගමේ ජිනදාස දිසානායක මහතා (68) ඇතුළු පිරිසට වළසෙකු මුණ ගැසී අනූනවයෙන් දිවි ගලවා ගත් ආකාරය හෙතෙම ඉරිදා ලංකාදීපටය විස්තර කළේ මෙසේය.
එදා අපි පස් දෙනෙක් කැලෑවට ගියා. දවස් දෙක තුනකට අවශ්‍ය හාල් පොල් ආදි දේවලුත් අරගෙනයි අපි ගියේ. මී කඩන්න මිනිස්සු කැලෑවට යනවා වගේම වළස්සුත් ගුහා වලින් ඈත් මෑත් වෙලා වනාන්තරේ ඇවිදින්න පටන් ගන්නවා. දෙගොල්ලෝම හොයන්නේ මී වද. එදා අපි උදේම තොට්ටමින් ගමන් ආරම්භ කළා. මග දිගට මී වද හොය හොය තමයි අපි ගියේ. මී වද තියෙන තැන් හොයා ගැනීම ලේසී පහසු කටයුත්තක් නෙවෙයි. මී වද හොයන ක‍්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කැලේ ගමන් කරනකොට කොතනක හරි මී මැස්සන්ගේ ගුම් නාදය ඇසීම. එහෙම ඇහුනම පොඩ්ඩක් ගහකොළ සෝදිසි කරලා බලනවා. අනිත් ක‍්‍රමය තමයි අරුවේ යාම. අරුවේ යනවා කියන්නේ කැලෑවට ඇතුල් වුණාම එක් එක්කෙනා සමාන්තරව ඉදිරියට ගමන් කිරීම. සාමාන්‍යයෙන් අඩි 15 -20 වගේ දුර තියාගෙන ගමන් කරනවා. එහෙම යනකොට ගස් වලට තට්ටු කරලා හෝදිසි කරනවා. ගහේ බෙනයක් තියෙනවනම් ගහේ ශබ්දය වෙනස්. එතකොට කවුරු හරි ගහට නැගලා බලනවා. බෙනයක වදයක් තිබුණත් එහෙම ලේසියෙන් කඩා ගන්න බෑ. මොක ද මී මැස්සෝ අනිනවා.
ඉතින් මී මැස්සෝ එළවලා තමයි මීය කඩා ගන්න ඕන. මුලින්ම කරන්නේ කටින් පිඔලා බලන එක. එහෙමත් යන්නේ නැත්නම් රොඩු බොඩු ටිකක් අරගෙන ඒක ගිනි තියලා ඒ දුම වදය පැත්තට අල්ලනවා. ඉතින් ඒ දුම වැදුනම මැස්සෝ ඉගිල්ලිලා යනවා.
ඉතින් එදත් අපි මී වද කීපයක්ම කඩාගෙන තව තවත් කැලෑව ඇතුළට ගියා. දැන් කැලෑව ඇතුළේ සාමාන්‍ය කළුවරක් තියෙනවා. ඒත් මාර්ගය හොඳට පැහැදිලියි. අපි මේ වෙනකොට තොට්ටම ගමේ ඉඳලා කිලෝ මීටර් හය හතක් විතර මහ කැලෑවට ඇවිල්ලා ඉවරයි. බම්මි අඩි කියන වැව අසලටම වගේ අපි ඇවිත් ඉන්න බව මට තේරුණා. මමත් තොට්ටම තිලකරත්න මාමත් ඉස්සරහින්ම ගියා. අනිත් තුන්දෙනා අඩි 15 - 20 ක් විතර පිටිපස්සෙන් එනවා. මෙහෙම ඉස්සරහට එනකොට එක සැරේම කළු පාට ගුලි තුනක් වගේ මම දැක්කා. තරමක් විපරමින් බලද්දි වැළහින්නයි පැටව් දෙන්නයි. පැටව් කිව්වට උන් තරමක නාම්බෝ. මම ඉක්මනින් ගහකට කවර් වුණා. තිලකරත්න මාමා කලබල වුණ පාර ඒ ළගම තිබුණ පොඩි වීර ගහක එල්ලුනා. ඒත් වළහා ඒක දැක්කා. දැන් ඌ කෑ ගහගෙන ඒ පැත්තට ගියා. මම මගේ වෙම්බ්ලි ස්කොට් තුවක්කුවෙන් වළහාගේ පැත්තට හරවලා වෙඩිල්ලක් තිබ්බා. ඒත් කරුමෙට පත්තු වුනේ නෑ. තවත් තත්පර කීපයක් ගියානම් වළහාගේ කටට තිලකරත්න මාමා අහු වෙනවා. මම තවත් තප්පරයක්වත් නොසිතා ආයෙත් ඒ පැත්තට ඒම් කරා. ඒ වෙනකොට වළහා මගේ පැත්තට හැරිලත් ඉවරයි. ඌ අත් දෙක උඩට උස්සගෙන කෑ ගහගෙන මගේ පැත්තට එන්න පටන් ගත්තා. වෙන කරන්නම දෙයක් නෑ. මම ආයෙත් පාරක් කොකා ගැස්සුවා. මගේ වෙලාවට ඒක පත්තු වුණා. වැළහින්න එතනම ඇදගෙන වැටුණා. අර නාම්බෝ දෙන්නා කැළෑව ඇතුළට රිංගුවා. මේ සද්දෙට අර පිටිපස්සෙන් ආව තුන්දෙනා දුවගෙන ආවා. එදා දෙවෙනි වතාවට තුවක්කුව පත්තු නොවුණානම් මමත් ඉවරයි. අනිත් අයටත් හානි වෙන්න තිබුණා.
මතු සම්බන්ධයි.
සටහන සහ සේයා රූ
දිගාමඩුල්ලේ සමන් දිසානායක
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වලසුන්ගෙන් මිනිස් ජීවිත බේරාගත් වැව්ගම්පත්තුවේ ජිනදාස