පසුගිය සතියේ අප සූනියම් දෙවියන් ගැන සාකච්ඡා කළා. අද අපි සොයා බලන්නේ සූනියන් දෙවියන්ට බාර හාර වෙන ආකාරය පිළිබඳවයි. මේ පිළිබඳ අප දෙමටගොඩ ලූනාව දේවාලයේ චන්ද්‍රසිරි පරණගම කපු මහතාගෙන් විමසීමක් කළා. ඔහු ප්‍රකාශ කළේ සූනියම් දෙවියන් විටෙක දේවතාවක් ද තවත් විටෙක යක්ෂ ආත්මයකින් පෙනී සිටින බලවත් දේවතාවකු බවයි.
බොහෝ දෙනෙකුට පිහිට වන දේවතාවෙක්. ඒ පිළිබඳව අදහස් පළකළ චන්ද්‍රසිරි පරණගම කපු මහතා.
“සූනියම් දෙවියන් ගොඩක්ම මිනිසුන්ගේ දුකට පිහිටවන කෙනෙක්. ලංකාවේ කබැල්ලෑව කියන ප්‍රදේශයේ තමයි සූනියම් දෙවියන්ගේ මුල් භූමිය. අපවත් වෙච්ච ගල්කිස්සේ විසුද්ධානන්ද හාමුදුරුවෝ තමයි මේ ස්ථානයේ පිළිමයක් අඹළා ප්‍රසිද්ධ කරලා ජනතාවට වන්දනා මාන කරලා උන්වහන්සේගේ පිහිටක් ලබා ගන්න කටයුතු කරලා තිබෙන්නේ. සූනියම් දෙවියො කියන්නේ බෝධිසත්ව ගුණය තිබෙන දෙවි කෙනෙක්. උන්වහන්සේගෙන් වැඩ අරගන්න කටයුතු කළේ ගල්කිස්ස විසුද්ධානන්ද හාමුදුරුවෝයි.
සූනියම් දෙවියන් මේ ස්ථානයේ ජීවමානව වැඩ සිටිනවා. මම ඇස් දෙකින් දැකලා තිබෙනවා. ඒකයි මට විස්වාස. මම නිදා ගන්නේ මේ දේවාලයේම තමයි. දවසක් රෑ 12ට විතර මිණිගෙඩි සද්දයක් ඇහුණා. මම නින්දෙන් ඇහැරිලා බලනකොට සුදු පුළුන් වලාවක් වගේ සූනියම් දෙවියෝ වැඩියා. මම ඒ වෙලේ දණගහලා වැන්දා. ඒ ශක්තිය තමයි අදටත් මට තිබෙන්නේ.
මිනිසුන් ගොඩක් සූනියම් දෙවියන්ගෙන් පළිගහන දේවලුත් කරනවා ද?
සූනියම් දෙවියන්ගෙන් නෙමෙයි පළිගහන දේවල් වගේ දේවල් කරගන්නේ. සූනියම් දෙවියන් එක අවස්ථාවක දෙවියෙක් වෙලා ඉන්නවා. තව අවස්ථාවක යක්ෂ ස්වරූපයෙන් ඉන්නවා. පුර පක්ෂයට බෝසත් විලාසයත්, අව පක්ෂයට යක්ෂ විලාසයෙන් පෙනී හිටිනවා. අව පක්ෂයේදී තමයි සැඩ පලු දහසක් මවාගෙන වැඩ සිටින්නේ. අනිත් ස්වභාවය තමයි නවගුණ වැලක් පැළඳගෙන ජටාවක් බැඳගෙන සුදුපාට තුරඟෙකු පිට යන්නේ එ් අවස්ථාවේදීයි. යක්ෂ රූපය ගත්තහම නිල්පාට තුරඟෙක් පිට තමයි ගමන් කරන්නේ.
මිනිසුන් තුළ දේවසංකල්පය මෑතක සිට ඉහළ ගොස් තිබෙනවා. බුද්ධ කාලයේ සිට දේවසංකල්පය පිළිබඳ ජනතාව තුළ තිබුණා. ලොව්තුරා බුදු හාමුදුරුවෝ පහළ වෙන්නත් ප්‍රථම ඉඳලා දේවසංකල්ප තිබුණා. ඉන්දියාවේ ආගම් 64ක් තිබුණා. ඒ අතරතුරේ තමයි බුදු හාමුදුරුවෝ ලොව පහළ වුණේ. බුද්ධ ධර්මයට අනුව දේව සංකල්පය අයින් කරලා නැහැ. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තිබෙනවා දෙවියන්ට පුදසත්කාර කළාම දෙවියොත් ආරක්ෂා කරයි කියලා. ලංකාවේ දේවසංකල්පය ඇති වුණේ බෞද්ධ සාසනයත් එක්ක. ලංකාවට ආවේණික දෙවිවරුන් සිටියා. සමන් දෙවි හාමුදුරුවෝ, උප්පල වර්ණ දෙවි හාමුදුරුවෝ ලංකාවට ආවේණික දෙවි හාමුදුරුවරු හිටියා. දැන් සූනියම් දෙවියෝ ඉන්දියාවෙන් තමයි වැඩමකරලා තිබෙන්නේ. තඹ පොතක තමයි බන්ධනය කරලා වැඩම කරවගෙන තිබෙන්නේ. කැබැල්ලෑවේදී තමයි බන්ධනයෙන් මිදිලා බෞද්ධ උපාසකයෙක් තමයි අල්ලගෙන බන්ධනය කරගෙන තිබෙන්නේ. එතනදී තමයි යක්ෂ විලාසයෙන් මිදිලා දේව විලාසයෙන් මිනිසුන්ට පිහිට වෙන්න පටන් ගෙන තිබෙන්නේ.
හැබැයි මෙහෙමයි. උන්වහන්සේ අදහනව නම් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනෑ. ප්‍රතිපත්තිය තමයි උතුම්ම දේ. ඉස්සර මිනිස්සු දෙවි හාමුදුරුවන් ගාවට පූජා වට්ටි අරගෙන ගියේ නැහැ. අරන් ගියේ තමුන් රකින ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති අරගෙන ගිහින් මම ‘ප්‍රතිපත්ති ගරුකයි ඒක සත්‍ය නම් ඔබ වහන්සේ මට පිහිට වෙනවා’ කියලා තමයි දෙවියෝ ඇදහැවුවේ. දැන් ප්‍රතිපත්තිවලට වඩා පූජා වට්ටියයි මුල් වෙලා තිබෙන්නේ. නමුත් පිහිට නැතුව නොවෙයි. පිහිට තිබෙනවා. ගම්භාර දෙවියෝ කියන්නේ පසේ බුද්ධත්වය පතන දෙවිකෙනෙක්. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන බුදුන්වහන්සේලාගෙන් විවරණ ගත්ත බෞද්ධ උපාසකයෙක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ.
දැන් සූනියම් කියන්නේ අව පක්ෂයටනේ. පුර පක්ෂයට කියන්නේ ගම්බාර දෙවියන් කියලා. ඒ වගේ උත්තමයකුට පුද සත්කාර කරනවා කියන්නේ වරදින්න විදියක් නැහැ. බෝධිසත්ව ගුණෝපේත ඇත්තෙක් තමයි ගම්භාර දෙවියන් කියන්නේ. කොහෙදිවත් කියලා නැහැ දැන් අපි වුණත් ගොඩක් දෙනෙක් කියනවා දෙවියන්ට මල් පූජා සුදුසු නැහැ. දෙවියන්ට පහන් ආලෝක සුදුසු නෑ. දෙවියන්ට පුද පූජා සුදුසු නැහැ කියලා. මම නම් ඒක අනුමත කරන්නේ නැහැ. මොකද මේ දෙවිවරු ලොව්තුරු බුද්ධත්වය හෝ පසේ බුද්ධත්වය පතන අය. අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත් අය. ඉතින් ඒ ඇත්තන්ගේ ගුණයට ඒ ඇත්තන්ගේ පාරමිතා ශක්තියට අප පුද පූජා කළාට මම නම් හිතන්නේ නැහැ ගැටලුවක් ඇති වෙනවා කියලා.
දෙවියන්ගෙන් පිහිට පතා බොහෝ දෙනෙක් පැමිණෙනවා ද?
අනන්ත අප්‍රමාණ පිරිසක් එනවා. හුඟක්ම දුක් පීඩා තබාගෙන, වින බන්ධන, හතුරු කරදර, තමුන්ගේ ව්‍යාපාර දියුණුව පතාගෙන, තමන්ගේ රැකී රක්ෂාවල දියුණුව පතාගෙන, දරුපල පතාෙගන, පවුල් ජීවිතවල ගැටලුවලට විසඳුම් පතාගෙන ආපු සෑහෙන පිරිසකට පිහිට වෙලා තිබෙනවා. ඒක මම අත්දැකීමෙන් ලබපු දේවල්. විශේෂයෙන්ම රෝගී වූ ඇත්තන්.
දෙවියන්ට පුද පූජා කරන්න සුවිශේෂ වූ දින තිබෙනවාද?.
බදාදා සහ සෙනසුරාදා දින විශේෂයි. ඒ දින දෙක තමයි කෙම්මුර දවස් දෙක. ඒ දින දෙකට තමයි දේව ආරක්ෂාව බලවත් වෙන්නේ. විශේෂයෙන්ම පුර පක්ෂයේ බදාදාත් පුරපක්ෂයේ සෙනසුරාදාටත් විශේෂිත වූ බලවත් දින දෙකක්. අනිත් දෙක අව පක්ෂය. දැන් බොහෝවිට ඵල දරන්නේ අව පක්ෂයට. සෙත් පතන්නේ පුර පක්ෂයට. හැබැයි මේ දේව මන්දිරයේ එහෙම නැහැ. කෙනෙක් දුකක් කියාගෙන ආවම අපි ඒ දේ ඉෂ්ට කරලා දෙනවා.
ගම්භාර දෙවියන්ට නියම පූජාවක් තබන්නේ කෙසේද?
එක එක්කෙනා එක එක විදිහට පුද පූජා පවත්වනවා. ගම්භාර දෙවියන්ගේ ප්‍රධාන පූජාව තමයි විළඳයි, මී පැණියි, තැබිලි ගෙඩියයි, සමන් පිච්ච මල් 7යි. ඒවා තමයි ප්‍රධාන. විළඳ මී පැණි පූජාවට තමයි දිෂ්ටි වැටෙන්නේ. වෙන දේවල්වලට බලයක් වැටෙන්නේ නැහැ.
දවසක් මහත්තයෙක් ආවා. ඔහුගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙලා. කිසිම ආදායමක් නැති තත්ත්වයට පත්වෙලා. යාන වාහන පවා විකුණන්න සිද්ධ වෙලා. ඒ මහත්තයා මට කිව්වා මගේ ව්‍යාපාර බිංදුවට වැටිලා. මට ජීවත් වෙන්නවත් විදියක් නැහැ. මම ඒ මහත්තායට කිව්වා පුළුවන් විදිහට විළඳ ටිකකුයි මී පැණි ටිකකුයි සමන් පිච්ච මල් 7කුයි තැඹිලි ගෙඩියකුයි අරගෙන එන්න කියලා. බුලත් කොළ 21ක් සමඟ. හරියට බදාදා රෑ 9ට කෙම්මුර දවසේ පළමුවෙනි පූජාව මම තිබ්බා. දෙවැනි පූජාවත් 3 වැනි පූජාවත් තිබ්බා. 3 වැනි පූජාවෙන් පස්සේ ඔහුගේ ව්‍යාපාර ටික ටික දියුණු වෙන්න පටන් ගත්තා. ඒ මහත්තයා අදටත් මහ පූජාවක් තබනවා මේ දේවාලයට පැමිණිලා.
දැන් පූජාවට්ටි දෙන සංකල්පය කුමක්ද?
මෙහෙමනේ. දැන් හිස් අතින් ගේකට වුණත් යන්නේ නැහැනේ. අපි ගේකට ගියත් මොනවා හරි දෙයක් ගෙනියනවානේ. අන්න ඒකයි මම කිව්වේ ඉස්සර මිනිස්සු පූජා වට්ටි ගෙනාවේ නැහැ. ප්‍රතිපත්ති තමයි අරගෙන ආවේ. අපි වුණත් කියනවා ඒක පාරටම දෙවියන්ට පූජා වට්ටි තබන්න එපා කියලා. බෝධින් වහන්සේ නහවලා, බුදුන් වැඳලා, තුණුරුවන් වැඳලා පුදලා දෙවි හාමුදුරුවෝ වඳින්න එන්න කියලා තමයි අපි ඔවුන්ට ප්‍රථමයෙන් කියන්නේ. දෙවියෝ නොවෙයි මෙතන ප්‍රධාන වෙන්නේ. බුදුන්. දෙවියොත් නමස්කාර කරන්නේ බුදුහාමුදුරුවන්ට. බුදු හාමුදුරුවන්ගේ ගුණයට. දෙවියන්ට අවශ්‍ය පින්. පින් අවශ්‍ය නැති දෙවිවරුත් ඉන්නවා. තව්තිසාවේ ඉන්න දෙවිවරුන්ට පින් අවශ්‍ය නැහැ. දැනට මිහිතලයට පා තබලා යන එකම දෙවියෝ තමයි ගම්භාර දෙවියෝ කියන්නේ.
දැන් ජනතාව තුළ තිබෙනවා හොඳ පූජා වට්ටියක් නොගෙන ආවොත් දේව බැල්ම අඩුවෙනවාද?
එහෙම දෙයක් නැහැ. හැබැයි එහෙම විශ්වාසයක් ජනතාව අතර තිබෙනවා. ඒකට හේතුව තමයි පූජා වට්ටි නෙමෙයි මෙතන ප්‍රධාන. ඒත් අද ප්‍රතිපත්ති රකින පිරිස අඩුයිනේ. අන්න ඒකයි පූජා වට්ටියට මුල් තැන දීලා ඔවුන් දෙවියන් නමදින්න එන්නේ.
දැන් ඕනම පලතුරක් කැපුවම සුවඳ විහිදෙනවා. අපිට නොතේරුනාට දිව්‍ය සුවඳක් විහිදෙනවා. ඒ පලතුරෙන් විහිදෙන සුවඳ තමයි ආග්‍රාහනය කරන්නේ දෙවියෝ. හරියටම පූජාවක් කැප වුණත් හරියටම තේවාවක් කරල කැප කළොත් ඒ පූජාව අපි අනුභව කළොත් කිසිම රසක් දැනෙන්නේ නැහැ. දැන් අන්නාසිනේ රසම දේ. පූජාවට තබලා ගත්ත අන්නාසිවල කිසිම රසයක් නැහැ. අඹ ගෙඩියක අඹ රසය නැහැ. හැම පලතුරක්ම එහෙමයි. ඒ පලතුරුවල පූජාව දෙවිවරු ආග්‍රහණය කරලා ඉවරයි. එහෙම දෙයක් තිබෙනවා.
හරියටම පූජාවක් තබන්නේ කොහොමද?
සූනියම් දෙවියන්ට විළඳ, මී පැණි විශේෂයි. සූනියම් දෙවියන්ට පලතුරු පූජාවන් වගේම කැවිලි පූජා ද තිබෙනවා. සමහර අය කැවුම් බන්දේසි ගණන් ගෙනල්ලා පූජා පවත්වනවා. කිරිබත් බන්දේසි ගණන් පූජා කරනවා. මුරුතැන් පූජාව පවත්වනවා. එහෙම නියමිතයි කියලා දෙයක් නැහැ. එක එක්කෙනා පූජා පවත්වන විදිහයි. ඔවුන් හදාගත්ත දේවල් තමා ඒ.
හරියටම පූජා වට්ටියක් තියලා දෙවියන්ට බාර හාර වෙනවා නම් පලතුරු ජාති 9ක් අනිවාර්ෙයන් තිබෙන්න අවශ්‍යයි. තැබිලි ගෙඩියක්, විළඳ, මී පැණි තිබෙන්න ඕනෑ. කැවිලි 9ක් අවශ්‍යයි. ඒක ඉතා පිරිසිදුව සකස් කරන්න ඕනෑ. භක්තිමත් භාවයෙන් ගම්භාර දෙවියන්ට පුද පූජා කරන්න ඕනෑ. ඊට පස්සේ දෙවියන්ගේ බැල්ම වැටිලා ඒ ඒ කාරණාවලට පිහිට වෙනවා.
පූජාවක් පවත්වන්න වෙලාවක් තිබෙනවා. දැන් රෑ 9ට තමයි දෙවියන්ගේ දිෂ්ටි වැටෙන වේලාව. ගම්භාර දෙවියන්ගේ දිෂ්ටි වැටෙනවා උදේ 9ටත්. උදේ 9.05ත් 10යි 05ත් අතර කාලයේ සූනියම් එහෙම නැති නම් ගම්භාර දෙවියන්ගේ දිෂ්ටි වැටෙන වේලාවන්. රෑටත් වැටෙනවා. පැය 24 තුළ එක එක දෙවියන්ට දිෂ්ටි වැටෙන වෙලාවක් තිබෙනවා. ගම්භාර දේවතාවන්ගේ සිද්ධ සූනියම් දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ 9න් පස්සේ තමයි. මොකද මගේ පරම්පරාවෙ වගේම මගේ ගුරුතුමා වුණත් කියලා තිබෙන්නේ ගම්භාර අප්පච්චි සියලුම නර දරුවන්ගේ පහන්වලට දිෂ්ටි දීලා ඒ සියලු දෙනාට අසුරුසැණකින් මුළු විශ්වයේම දිෂ්ටි බලලා තමයිලු දේව සභාවට යන්නේ.
ගම්භාර කියන්නේ ගම්පති. අපි කියන්නේ ග්‍රාමසේවක කියලා. අන්න ඒ වගේ තමයි. එයා තමයි ගම්භාරව ඉන්නේ. එයා තමයි අරගෙන යන්නේ දේව සභාවට. අහවල් තැන එහෙම දෙයක් තිබෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි ඔය විෂ්ණු දෙවියෝ, පත්තිනි මෑණියෝ, කතරගම දිවියෝ, දැඩිමුණ්ඩ දෙවියෝ අවසර දෙන්නේ හරි එහෙනම් ඒ වැඩේ කර දෙන්න කියලා. ඒ නරයන්ට පිහිට වෙන්න කියලා. ඒ මහා දේව සභාවට ගිහිල්ලා එන්නේ 10.05 වෙන කොට. ඒ මහා දේව සභාවට ගිහිල්ලා එන්නේ ගම්භාර අප්පච්චි නොවෙයි. ඒ එන්නේ යක්ෂ විලාසයෙන්. සැඩපළු ගොතාගෙන දාලා අැවිල්ලා, මුඛයේ ලේ පොළෙඟක් තබාගෙන තමයි එන්නේ. කෙලින්ම රාක්ෂයෙක්. රාක්ෂ විලාසයෙන් ඒ ඇවිල්ලා තමයි සියලු නර පනුවන්ගේ දුක් ගැහැටවලට පිහිටවෙන්නේ. දැන් ගම්භාර දෙවියන් හඳුන්වනවා නම් කිහිපයකින්. ගම්පති කියනවා. මුදල් භාර, පට්ටි භාර, ගම්භාර වගේ නම් තිබෙනවා. ඔඩ්ඩි කුමාර, ඔඩ්ඩි දේවතා, ඔඩ්ඩි මස්සිනා, සිද්ධ සූනියම් අප්පච්චි, ගම්භාර අප්පච්චි වගේ නම්වලිනුත් සූනියම් දෙවියෝ හඳුන්වනව. දස අවතාරයක් තිබෙනවා. තකරීය, මකරීය, යමීය, යමදුතිය, නීලක්කන්ඩි, අයිලක්කණ්ඩි, මායා දේවි, පුෂ්පා දේවි, තිලෝක දේවි, කාල රාක්ෂි කියන්නා වූ දෙව්වරුන් 10 දෙනත් කැටුව, කඩවරහත් කට්ටුවක් කැටුව යකුන් යක්ෂණීන් කැටුව තමයි එන්නේ. එයාගේ සහපිරිවර වෙලාවකට ගම්භාර අප්පච්චිට දිෂ්ටි දෙන්නැහැ. අර පිරිවර දේවතාවෙක් තමයි එතනට යන්නේ.
දැන් දෙවියෝ ඉදිරියේ මිනිස්සු ආරූඪ වෙන්නේ ඇයි?
ඒක මෙහෙමයි. ඔතන ගමන් කරන්න ඥාති බලවේගයක්නේ. ඒ කියන්නේ පූර්ව ආත්මයේ පතාගෙන ආව විදිහට හරි පෙර කරපු කුසල් දහම් අනුව හරි එක එක්කෙනාට ඥාති බලවේග ක්‍රියාත්මක වෙනවා. දෙවියෝ ඇඟට එන්නේ නැහැ කිසිම කෙනෙක්ගෙ. මේ නරයෙක්ගෙ ඇඟට දෙවියෙක් ආරූඪ වෙන්නේ නැහැ. ඒක මම උදාහරණ ඇතුවම දන්නවා. එහෙම එන්නේ තමුන්ගේ අත්තා, මුත්තා, පනත්තා, කිරිත්තා හරි ආච්චි වගේ කවුරුහරි මැරිච්ච කෙනෙක් තමයි වැහෙන්නේ. මහ දේව සභාවෙන් අවසර අරගෙන හොඳ තැනක ඉපදිලා, ඒ දෙවියන්ට කැඹරුම් කරලා අවුරුදු ගණන්, මාස ගණන් කැඹරුම් කරලා තමයි එන්නේ. මහා දේව සභාවෙන් අවසර අරගෙන තමයි එන්නේ තමුන්ගේ ඥාතියාට උදව් කරන්න. ඒ ඇවිල්ලා තමයි ඔය ඇඟට ආකර්ෂණය වෙන්නේ. එයාට නේත්‍රා වරම් දීලා, කරනමුණ්ඩ වරම් දීලා, ඥාන වරම් දීලා, දේව භාෂාව වරම් අරගෙන, ඔෟෂධ වරම් දීලා එහෙම වැඩ කටයුතු කරන්නේ. එතකොට මහා දේවාලයකට ආවහම දේවතාවුන් වහන්සේගේ බලය තිබෙනවා. එතකොට අර ඥාතියා සලිත කරනවා. ඥාතියාට ඇඟේ ඉන්න බැහැ. එතකොට තමයි අරයා සලිත වෙලා නටන්නේ. දැන් මෙතන සෙනසුරාදට බදාදාට එහෙම තේවාව කරන කොට දහ දෙනෙක්, පහළොස් දෙනෙක් පමණ ආරූඪ වෙනවා.
ඉතින් සූනියම් දෙවියන්ට පුද පූජා තියද්දී මේ නියමිත ක්‍රමය අනුගමනය කළහොත් දෙවියන්ගේ ආකර්ශණය වැඩියි. කෙසේ වෙතත් භක්තියෙන් දෙවියෝ අදහන එක තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්ති ගරුකව.
ලබන සතියට...
සටහන හා ඡායාරූප
නිශාන්ත කුමාර බණ්ඩාර
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රෑ දොළහට මිණිගෙඩි ශබ්දයක් ඇහිලා නැගිට්ටා මෙන්න ඉන්නවා හූනියම් දෙවියෝ