IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මැණික් පතලෙන් ලැබුණු රයිනෝ දත

මැණික් නිම්නයේ  යකඩ මිනිස්සු  

පාරක පතල් කපා ඇති අයුරු

 

‘‘තෙත් කලාපයේ කුඹුරු වුණාට සතියක් හමාරක් පෑව්වොත් වේල්ල හිඳිලා ගොයමට වතුර නැති වෙනවා. කාලයක් තිස්සේ අපි දේශපාලනඥයින්ගෙන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන්, පළාත් සභාවෙන් අමුණ හදලා ඉල්ලූවා. අවුරුදු හතර පහකට පස්සේ අපේ ඉල්ලීම අනුව අමුණ හදන්න පටන් ගන්න බව දැනුම් දුන්නාම දැනුණ සතුට වැඩ පටන් අරගෙන දවස් තුන හතරෙන් දුකක් බවට පත්වුණා.’’  


 
මැණික් කර්මාන්තය නිසා සතුටු වෙන පිරිස් අතර දුකින් කණගාටුවෙන් සිටින පිරිසක් මේ සතියේ කතාවට මුල පිරුවේ එලෙසය. රත්නපුරේ මැණික් නැති කුඹුරු යායක් ඇත්නම් එය අතළොස්සකි. මැණික් ඉල්ලම් තිබෙන බව දැනෙන කුඹුරු යායවල් සංවර්ධනය කරන්නට පැකිළීමකින් තොරව රජයේ සංවර්ධන මුදල් ලබා දෙන්නට දේශපාලනඥයෝ මෙන්ම නිලධාරීහු ද දෙවරක් නොසිතති.   


අදටත් කොහේ හෝ ති​ෙයන සමිතියක නමින් කොන්ත‍්‍රාත් අරගෙන ඇළ වේලි, පැති බැමි, අමුණු, ඉදිකරන නම නොකියූ උප කොන්ත‍්‍රාත්කරුවෙක් මැණික් පතල් කැපීමේ තවත් රහස් ක‍්‍රමයක් හෙළි කළේ ය.   
‘‘මැණික් ඉල්ලම් තියන කුඹුරකට එහෙම නැත්නම් යායකට පැති බැම්මක් පාස් කළාම, ඒක පාස් කළ දේශපාලනඥයාගේ නියෝජිතයා අපිට කතා කරලා කාරණාව කියනවා. වැඩේ වටිනාකම ලක්‍ෂ දහයයි. ඒකෙන් කොමිස් සතපහක්වත් ඉල්ලන්නේ නෑ. හැබැයි මැණික් හවුල් දෙන්න වෙනවා.’’   


‘‘ඔන්න අර වැඩේ පාස්. අහවල් සමිතියේ අය අත්සන් කරාවි. උඹට තියෙන්නේ වැඩේ කරන එක. අත්තිවාරම කපලා ඉල්ලම අහුවෙන කොට ඒ පස් සේරම ටිපර් වලට පටවලා ගේන්න ඕනෑ. ටිපර් දෙක තුනක් ලෑස්ති කරගන්න වෙයි. ඉල්ලං පස් බාන්නේ අහවල් තැන. රෑත් වැඩකරලා උදේ වෙනකොට ඉල්ලංටික අරං ඉවර කරන්න ඕනෑ. පොලීසියෙන් කරදර වෙන්නේ නෑ. ඒක අපි බලාගන්නම්.’’ දේශපාලනඥයාගේ අතරමැදියා උපදෙස් දෙන්නේ එලෙසය.   


‘‘රත්නපුර නගරයයි, කුරුවිට නගරයයි අතර මැදි පිහිටි වෙල් යායකට වතුර ගන්න ඇළ පැතිබැම්මක් හදා කොන්ත‍්‍රාත් එකක් අපි පටන්ගත්තා. ඒ දැනට අවුරුදු හතකට විතර ඉස්සර. එතන කුඹුරෙ හොඳ ඉල්ලමක් තියනවා කියලා ආරංචියට තමයි ඒ කළේ. ආණ්ඩුවට සම්බන්ධ පළාත් පාලන ආයතනයක මන්ත‍්‍රී කෙනෙක් ලක්‍ෂ 12ක සල්ලි පාස්කරගෙන තිබුණේ.’’   


‘‘හැබැයි මේ පළාත් පාලන මන්ත‍්‍රී ගැන සල්ලි පාස්කරපු දේශපාලනඥයාට ගැටලුවක් ඇති වෙලා තිබුණේ සල්ලි පාස් කළාට පස්සේ. නමුත් ඒ බවක් අඟවන්නේ නැතුව මිනිහත් තරහ කරගන්නේ නැතුව වැඩේ මට පංගනාතු කළා. වැඩේ පටන් ගත්තා. අඩි 175ක පැති බැම්මක් එක්ක තව පොඩි වැඩක්. අපිට ඕනෑ වෙලා තිබුණේ පැති බැම්ම නෙමෙයි ඉල්ලංටික ගොඩට ගන්න එක.’’ 

 

 

මැණික් ඉල්ලං සොයන්න බෝක්කුවක් ගලවා ඇති අයුරු  

 

‘‘අත්තිවාරම පොළොවෙන් යටට අඩි දෙකක් කියලා ඇස්තමේන්තුවේ තිබුණේ. අඩි දෙක කැපුවා. ඉල්ලම නෑ. අපේ බලාපොරොත්තු කඩවෙන පෙනුමක් තිබුණේ. ඉල්ලං පාර ඒ හරියට ගෙවිලා තිබුණේ. තව යටට කපලා ඉල්ලං ටික ගොඩට නොගෙන කොන්ක‍්‍රීට් දාලා වැඩකුත් නෑ. තව යටට කපන්න හේතුවකුත් නෑ.’’   


‘‘අපූරු උපක‍්‍රමයක් දැම්මා ඒකට. ඒ වෙල්යාය තට්ටු මාරු ක‍්‍රමයට කුඹුරුවල අයිතිය යන වෙල්යායාක්. එලොවටත් මෙලොවටත් නැති එකෙක් හිටියා කුඹුරු කෑලි දෙකක පංගු තියන. අවුරුදු දෙකකට සැරයක් මිනිහට යල් එනවා. අපේ අතරමැදියෙක් ලව්වා මිනිහට බොන්න දීලා කිව්වා කොන්ත‍්‍රාත්කාරයා අත්තිවාරම ගැඹුරට කපන්නේ නැතුව උඩින් කොන්ක‍්‍රීට් එක දාන්න හදන්නේ. එහෙම වුණොත් ගංවතුර කාලෙට බැම්ම පෙරළිලා යයි. මෙහෙම කරලා හරියන්නේ නෑ තව යටට කපලා කොන්ක‍්‍රීට් දාන්න බල කරන්න කියලා.’’   


‘‘අපිට උවමනා වුණේ බැම්මේ අත්තිවාරම ගැඹුර මදියි කියලා ගොවීන්ගේ විරෝධය මතු කරගන්න විතරයි. කියපු විදියට මිනිහා තව ගොවියෝ හතර පස් දෙනෙක් එක්ක ඇවිත් බැම්මේ අත්තිවාරම ගැඹුර මදියි කියලා අපිට සැරයක් දැම්මා. අපි කිව්වා මීට වඩා කපන්න අපිට බෑ. අපිට පාස් කරලා තියෙන්නේ මේ ගානට හදන්න කියලා. ගොවියො පිටුපස්සේ හිටියෙත් අපේ කෙනක්මයි. මිනිහගේ උපදෙස් අනුව නිලධාරීන් හමුවෙලා එනකං වැඩේ තාවකාලිකව නැවැත්තුවා. වැඩේට අනුමැතිය දෙන නිලධාරිනුත් අපේ සැලස්ම දැනගෙන හිටියේ.’’   


‘‘දවසකට පස්සේ නිලධාරීන් දෙන්නෙක් ආවා. ගොවියන් කිහිප දෙනෙක් ආවා. ඒ අය කියන කාරණාව අපිට කිව්වා. අපි කිව්වා තව යටට කැපුවොත් ඇස්තමේන්තුවට වැඩි ප‍්‍රමාණයක් කොන්ක‍්‍රීට් යනවා එහෙම වුණොත් දැනට තියන මුදලින් ඒක කරන්න බෑ කියලා. අපි එහෙම කිව්වාම ගොවියෝ කිව්වේ මේ හදන පැති බැම්ම ගංවතුරට පෙරළිලා ගියොත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා අත්තිවාරම යටට නොදා හදලා වැඩක් නෑ කියලා. අනික කරන දෙයක් ඉක්මනට කරගන්න ඕනෑ කියලා කිව්වේ ඊළඟ කන්නයේ කුඹුුර වැඩ පටන් ගන්න ඕනෑ හින්දා.’’   


‘‘වැඩේ බෑ බෑ කිය කිය ඉන්න කොට අර ගොවියෝ පිටුපස හිටපු අපේ අය සල්ලි පාස්කළ දේශපාලනඥයාට කතාකරලා ප‍්‍රශ්නේ විසදා ගන්න කියලා ඉල්ලීමක් කළා. එයත් වැඩේ දන්නවා. මේකේ කෙළවරක ඉන්න පළාත් පාලන මන්ත‍්‍රීතුමා හරහා දේශපාලනඥයාට කතා කෙරෙව්වා. දේශපාලනඥයා කිව්වා කොහෙන් සල්ලි දෙන්නද? ඔච්චරයි එයාට වෙන් කරන්න පුළුවන් කියලා. එහෙමනම් මේ අවුරුද්දට ඔය මුදලින් දුර ප‍්‍රමාණය අඩුකරලා දාලා ඊළඟ අවුරුද්දේ ඉතුරු ටිකට සල්ලි පාස් කරන්නම කියලා දේශපාලනඥයා අලුත් යෝජනාවකුත් ගෙනාවා.’’   


‘‘වැඩේ පටන් ගත්තා. යටට අඩි එක හමාරක් කපන කොට ඉල්ලම අහුවුණා. ඉල්ලං පාර අහුවෙලා කියලා කතාව පැතිරෙන්න පටන්ගත්තා. බැකෝ එකක් ගෙනත් රෑම ඉල්ලම් ටික ගොඩගත්තා. ඉල්ලං ටික ටිපර් වලට පටවලා තැනකට යැව්වා. පැති බැම්මට ටිකක් එහායින් තියන පාර පැත්තට ඉල්ලම තියෙන්නේ ? දෙක තුන වෙනකොට ඉල්ලං ටිපර් පහළොවක් විස්සක් ගෙනිහිං ඉවරයි. ගමේ මිනිස්සුත් පෝර කවර අරගෙන ආවේ නැතෑ ඉල්ලං ගෙනියන්න. ටිපර් වලට පටවන්න දෙන්නෙම නෑ. දැන් අපිට උවමනා වුණා වැඩේ නවත්වා ගන්න. නැත්තං ගමේ එව්වෝ පෝර කවරවලට ඉල්ලං ගෙනියනවනේ.’’   

 

කැපු පතලකට වීදුරුකටු දමා ඇති අයුරු  

 

‘‘අපිම පොලිසිය ගෙන්නා ගත්තා. අපේ එකෙක් පැමිණිල්ලක් දැම්මා අපේ වැඩබිමට දෙතුන් සීයක විතර පිරිසක් කඩා පැනලා අත්තිවාරම් කපන්න තිබුණ හරියේ ඉවක් බවක් නැතුව පස් කප කපා කවරවලට දාගෙන යනවා කියලා. පොලිසිය එනකොට අපේ බැකෝ එකේ වැඩ නවත්වලා තිබුණේ. පොලිසියෙන් ආවාට ගමේ මිනිස්සු ගියේ නෑ. පොලීසිය එක්කත් ගැටෙන්න ආවා.’’   


‘‘අපි තමයි රෑ අටට මේ අපරාධය වෙනවා කියලා කෝල් කළේ. තමුසෙලා ආවේ නෑ. ඉල්ලං ටික ඇදගන්න ඉඩ ඇරලා දැන් එනවා. පොලිසියටත් මේකේ හවුල් තියනවා කියලා කිය කියා ගැටුමක් ඇතිකරගන්න හැදුවා.’’   
‘‘පස්සේ කොහොම හරි පිරිස විසිරිලා ගියා. අපි පහුවදා අත්තිවාරම් කැපුවේ නෑ. වැඩපොළට කිහිප දෙනෙක් දාලා ඉල්ලං ටික හේදුවා. දෙයියනේ කියලා අපිට පාඩුවක් වුණේ නෑ. ඊට පස්සේ ඉතුරු ඉල්ලං ටිකත් අරං බැම්ම අපේ සල්ලිත් දාලා හදලා දුන්නා. එහෙම කළා කියලා අපිට කිසිම පාඩුවක් වුණේ නෑ. හැබැයි එතනිං යන පාරෙ අදටත් වාහනයක් යන්න බෑ.’’   


‘‘ඒ වැඩෙන් අපි ගොඩගියාට අර පළාත් පාලන නියෝජිතයා මේ පහුගිය ජනවාරියේ තිබුණ පළාත් පාලන ඡන්දෙන් පරාද වුණා. මිනිහට මැණික් ගල්වලිනුත් ලොකු හවුලක් දුන්නේ නෑ. පොඩි මුදලක් තමයි දීලා තිබුණේ. ගමේ පාරයි, බැම්මයි කෑවා කියලා ගමේ මිනිස්සු මිනිහට ඡන්දේ දුන්නේ නෑ. මිනිහ වැඩේට බහින්න ඉස්සර අපි බැස්සේ නැත්නම් ඔක්කොම මිනිහට යනවා.’’ 

 
මැණික් පතල් කර්මාන්තයේ අපිට නුහුරු නුපුරුදු පැතිකඩක් ඒ අයුරින් හෙළි කළේ වර්තමානයේ මැණික් පතල් කර්මාන්තය යොමුවන දිශානතිය පැහැදිලි කරමිනි. බලපත‍්‍ර උවමනාත් නැති, පොලීසියෙන් එනවිට දුවන්න සැඟවෙන්න උවමනාත් නැති මෙවැනි පතල් ද රත්නපුර මැණික් ලෝකයේ ඇති බව පිට ප‍්‍රදේශවල අයට රහසක් වුවත් රත්නපුරේ අයට රහසක් නොවේ.   


එහෙත් ඒ වරප‍්‍රසාදය ඇත්තේ ප‍්‍රභූන්ගේ ආශිර්වාදය ලබන පිරිසකට පමණි. මැණික් පතල් කැපීමේ බලපත‍්‍ර හිමි සමන් රාජපක්‍ෂ මහතා පවසන්නේ ඊට හාත්පසින් ම වෙනස් කතාවකි.   


‘‘මම පතල් කපන්න බලපත‍්‍ර අරගත්තු කෙනෙක්. හැබැයි මම බලපත‍්‍ර නැතුවත් ඉස්සර පතල් කපලා තියනවා. කුරුවිට බටුහේන ප‍්‍රදේශයේ බටුහේනවත්ත කියන වත්තේ මැණික් ඉල්ලමක් මතුවුණා. ඒ කියන්නේ දැනට අවුරුදු තිහ හතළිකට එහා වුණ දෙයක් මම කියන්නේ.’’   


‘‘ඔය වත්ත අයිතිවෙලා තිබුණේ හෙක්ටර් ෆොන්සේකා කියලා මහත්තයකුට. වත්තෙ වැට කඩාගෙන සිය ගාණක් ඇතුළු වෙලා ඉල්ලං කඩලා කර තියාගෙන පිටට එනවා. පොලීසියත් පනිනවා. එතකොට සේරම දුවනවා. පොලීසියෙන් එනකොට එක්කෙනෙක් දෙන්නෙක් නිල ඇදුමින් එනවා. අනිත් අය එන්නේ සිවිල් ඇඳුමින්. එක ගොන්නට දුවන කොට පොලීසියේ අය කවුද? සිවිල් අය කවුද කියලා හොයාගන්න බෑ.’’   


‘‘අල්ලා ගන්න අයට නඩු දානවා. ඒ කාලේ දඩය රුපියල් පනහයි. පතල් කපලා අහුවුණාට පොලීසිය ගහන්නේ නෑ. අල්ලගන්න බැරුව දුවලා වටකරලා අහු වුණොත් අල්ලගන්න බැරි තරහට එක දෙකක් ගහන රාළහාමිලාත් ඉන්නවා. ඒ වුණාට පොදුවේ ගත්තොත් ගහනවා අඩුයි.’’ සමන් රජපක්‍ෂ මහතා අතීතය හෙළි කළේ ය.   


‘‘ඔය හොරෙන් පතල් කපන්න ගියාම වැඩි හරියක් පොලීසියට අහුවෙන්නේ පතල ඇතුළෙ ඉන්න කෙනා. මොකද උඩ ඉන්න ‘කට්ටිය ඔන්න පොලිසියෙන්’ කිව්ව ගමන් දුවන්න පටන් අරගන්නවා. වළේ ඉන්න කෙනා ගොඩට එනකොට පොලීසිය එතන. ඉතිං එයා අහුවෙනවා.’’   


කලකට ඉහතදී හොරෙන් පතල් කපන අය පොලීසියට රැවටෙන වාර අනන්තය. සමන් රාජපක්‍ෂ මහතා එවැනි සිදුවීමක් ද හෙළි කළේය. 

 
‘‘එක දවසක් කට්ටි දෙකක් විතර හොරෙන් පතල් කපන්න පටන් ගත්තා. ටිකක් ඈතින් ඈතින් පතල් කැපුවේ. ගොඩ පතල්. පුද්ගලික වත්තක තමයි පතල් කැපුවේ. වත්තේ මුරකාරය එන්නේ නෑ මොකද මිනිහා ආවොත් කපලා ඉවර වෙනකම් මිනිහට යන්න දෙන්නේ නෑ. ගියොත් අයිතිකාරයට කියලා පොලිසියෙන් ගෙන්වනවානේ.’’   


‘‘කට්ටියක් පතල් කපද්දී දෙන්නෙක් විතර ගිහිං මුරකාරයා එක්ක කයිය ගහනවා. මුරකාරයට බුලත්විට කන්න දෙනවා. මිනිහා මුරුංග අත්තේ තියලා කතා කියකිය ඉන්නවා. පැය දෙක තුනක් යනකොට පතල කපලා ඉල්ලනුත් අරං ඉවරයි. කතාකර කර හිටපු අය හිමින් සීරුවෙ එනවා. වත්තේ හොරෙන් පතල් කපලා කියලා මුරකාරයා දන්නේ දවසකට හමාරකට විතර පස්සේ.’’   


‘‘එක දවසක් අපි හොරෙන් පතලක් කපා කපා හිටියා. අපි හතර දෙනයි ඒ පතලේ හිටියේ. අඩි තුනක්් විතර කැපුවම ඉල්ලම. ගොඩ ඉල්ලම හින්දා කවරවලට පුරවගෙන වත්තෙන් පිටට අදින එක කරන්නේ. අපි වගේ තැනින් තැන කණ්ඩායම් කිහිපයක් වැඩ. ඒක තරමක් බෑවුමක් වගේ තියන රබර් වත්තක්. අපි හිටියේ මැද හරියේ. පල්ලෙහා දෙණිය. දෙණියේ ඉල්ලං තියනවා කියලා හැමෝම දන්නවා, ඒ වුණාට කලබලේට කපන්න බෑ. ඉල්ලංපාර උඩට ගෙවිලා තියන බව තේරුණ හින්ද ගොඩ ටිකේ තමයි කවුරුත් කැපුවේ. අඩි හතරේ අටේ හරි අඩි හයේ හයේ පතලක් කපා ගත්තොත් දවසේ වියදම හොයාගන්න පුළුවන් තරමට ගල් කෑල්ලක් දෙකක් හම්බවෙන බවට විශ්වාසයක් මිනිස්සුන්ගේ තිබුණ නිසා කිහිප දෙනෙක් එකතුවෙලා, හිටිගමන් වත්තට පැනලා පතලක් කපනවා.’’   

 

පැතිබැම්මක් ඉදිකරද්දී ඉල්ලං ගෙන ඇති අයුරු   


‘‘මෙහෙම වැඩකරගෙන ඉන්නකොට ඉල්ලම පෑදුවා විතරයි. පල්ලෙහා කට්ටියක් දුවන්න පටන් ගත්තා. අපිත් බලාගෙන හිටියා. කාකි නිල ඇඳුමක් එක්ක කිහිප දෙනෙක් තැනින් තැන මේ පැත්තට එනවා වාගේ දැක්කා. එන පොට හොඳ නැති හින්දා අපිත් උදලු, ඉල්ලංකූරු, කූඩ, කවර අරගෙන රබර් ගස් වලට මුවාවෙවී දුවලා වත්තෙන් එළියට පැන ගත්තා.’’   


‘‘දවස් තුනකට විතර පස්සේ අයෙත් දවසක අපි වත්තට ගියා. අපි කපපු පතලේ ඉල්ලං ටික ගන්න විතරයි තිබුණේ. ගිහිං බැලින්නම් ඒකේ ඉල්ලං අරං තිබුණා. අලුතින් පතලක් කපන්න වෙලාවක් නැති හින්දා වළට බැහැලා ඉවුර හතර වටේට තියන ඉල්ලං ටිකක් කවරවලට පුරවාගෙන යමු කියලා කතා වුණා. එක්කෙනෙක් වළට බැස්සා. වැඩේ හරියන්නේ නෑ හැම තැනම වීදුරුකටු. අඩිය තියන්න තැනක් නෑ කිව්වා. පස්සේ බැලුවම ඉස්සර තිබුණ චිමිනි ලාම්පුවල චිමිනි පොඩියට බිඳලා ඒ වීදුරු කෑලි වළට දාලා. වත්තේ අයිතිකාරය හරි මුරකාරයා හරි එහෙම කරන්න ඇත්තේ බේරගන්න බැරුව.’   


‘‘හොරෙන් කපන පතල්වල එක තැනකින් පතල බැස්සාම ඉවක් බවක් නැතුව කප කපා හතර අතට යනවනේ. සමහර වෙලාවට රබර් ගස් වටේට කපනවා. කිරි කපන්නවත් ගහ වටේ යන්න බෑ. පතල් කැපිල්ලෙදී ආය වෙන කවුරුවත් ගැන, වෙන කෙනෙකු දේපළ ගැන තැකීමක් නෑ.’’ සමන් රාජපක්‍ෂ මහතා ​ෙහළි කළේ ය.   


එපමණක් නොව කලින් දවසක පොලීසියට බයේ දිව්ව සිද්ධිය ගැන ද ඔහු කීවේ මෙසේයි.   


‘‘කලින් දවසේ පොලිසියෙන් කියලා අපිව බය කරන්න වත්ත අයිතිකාරයා උපක‍්‍රමයක් යොදලා තිබුණේ. වත්තේ වැඩකරන කෙනෙකුට කාකි ඇඳුමක් අන්දලා, තරුණ වයසේ කිහිප දෙනෙක් තැනින් තැන දාලා අපි ඉන්න පැත්තට එවලා. පොලීසියෙන් එන කොටත් එක්කෙනයි දෙන්නයිනේ නිල ඇඳුමෙන් එන්නේ. කාකි ඇඳුම දකිනකොට අපිත් හොයන්න බලන්න ඉන්නේ නෑ දුවනවනේ. මේක දැනගෙන වත්ත අයිතිකාරයා වත්ත බේරාගන්න ඒ උපක‍්‍රමය යොදලා තිබුණේ.’’ සමන් රාජපක්‍ෂ මහතා   


මැණික් පතල් කර්මාන්ත හා පුරා විද්‍යාව මෙන් ම තාරකා විද්‍යාව ද එකට අත්වැල් බැඳ පවතී. අඩි පහළොව විස්ස, පනහ හැට මහපොළොව කණිද්දී හමුවෙන සතුන්ගේ ඇටකටු, හිස්කබල්, දත් ආදිය පුරාවිද්‍යාත්මකව වැදගත්ය.   


බටුහේන, කොස්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි අසූ දෙහැවිරිදි වියේ පසුවූ බී.එම්. සිරිමානිස් බසුන්නැහැ එවැනි පුරා විද්‍යා සාධක එකතු කර ජාතික කෞතුකාගාරයට භාරදුන් කෙනෙකි.   


‘‘කොස්ගොඩ කොරවක්වෙල වෙල් යායේ පතලක් කපන කොට අපිට හමුවුණා සතෙකුගේ දතක්. ඇත්දළ, කොටි දත්, කුළු හරක් අං, ඌරු දළ වගේ දේවල් හම්බවෙනවා. හැටේ අවුරුද්දේ හමුවුණු මේ දත මොකාගෙද කියලා අපිට නිශ්චයක් තිබුණෙම නෑ. ඒ දත රයිනෝසිරස් කියන සතාගේ කියලා පුරා විද්‍යාවට සම්බන්ධ අය කිව්වා. ඒ සතා ලංකාවේ නැති සතෙක්. ඒ වුණාට අපිට ඒ සතාගේ දතක් හමුවීමත් එක්ක ඒ සතා ලංකාවේ හිටි බවට සාධකයක් හමුවුණා. මේක බලපු ගොඩාක් අය මේක කටුගෙට (කෞතුකාගාරයට) දෙන්න කිව්වා. මම ඒ රයිනෝ දත අනික් අයටත් දැක බලාගන්නත් එක්ක රත්නපුර ජාතික කෞතුකාගාරයට දුන්නා. ඒකට මට සහතිකයකුත් හම්බවුණා.’’ අදටත් පතල් කර්මාන්තයේ නියැලී සිටින සිරිමානිස් බාසුන්නැහැ කීවේය.  

 

 

 

 


සටහන සහ ඡායාරූප
අජිත්ලාල් ශාන්තඋදය



අදහස් (0)

මැණික් පතලෙන් ලැබුණු රයිනෝ දත

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5223 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site