IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාළිගාවත්තේ පාතාලය හැදුණේ කොහොමද ?

මාළිගාවත්ත ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලයේ පාතාල මරණ කීපයක් වාර්තා විය. මෙම සිදුවීම සමග බොහෝ දෙනාගේ මතකය අතීතයට දිව ගියාට සැකයක් නැත. වසර හය හතකට පෙර මාළිගාවත්තේ මෙවැනි මරණ නිතර අසන්නට දකින්නට ලැබුණි. නමුත් පසුගිය කාලයේ එහි තිබූ කලබලකාරිත්වය යම් තරමකට අඩුවිය. මේ පාතාල මරණ සමග යළිත් මාළිගාවත්ත පරණ තැනටම වැටෙන්නට යන්නේදෝයි යම් කෙනෙකුට සැකයක් හා භීතියක් ඇති වුණි නම් එහි පුදුමයක් නැත. මාළිගාවත්තට ඉහළින් අවසරයකින් තොරව කපුටෙකුටවත් පියෑඹීමට එකල රජ කළ මුස්ලිම් පාතාලය ඉඩ දුන්නේ නැත. මාළිගාවත්ත යනු පාතාලයට උපත දුන් තැන යැයි යමෙක් පැවසුවහොත් එහිද වරදක් නැති තරම් ය. 

  
මුස්ලිම් පාතාලය මාළිගාවත්තේ බිහිවන්නේ මීට වසර තිහකට පමණ පෙර ය. එනම් 1988- 89 කාල වකවානුවේ දීය. එයට පසුබිම් වූ හේතු කාරණා ද තිබිණ. ඒ වනතෙක් මාළිගාවත්ත ඇතුළු කොළඹ අවට බලය පවත්වාගෙන යනු ලැබුවේ දෙමළ පාතාලය විසිනි. දෙමළ පාතාලයෝ මුස්ලිම් තරුණයන්ට කෙණෙහිලිකම් කරමින් ඔවුන් ඝාතනය කරමින් ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා එයට එරෙහිව නැගී සිටීමේ උවමනාවක් මුස්ලිම් සමාජය තුළ ඇති විය. මුස්ලිම් පාතාලය බිහිවන්නේ ඒ අනුවය. 


මාළිගාවත්ත, ඔරුගොඩවත්ත, කඩුවෙල, කොළොන්නාව ආශ්‍රිතව ගොඩනැගුණු පාතාලයන් ගැන රටම දනියි. ඔවුන් කළ කී දෑ ද බොහෝ දෙනා දනිති. එහෙත් පාතාලයක් ගැන කතාව පැමිණියේ කොතැන සිට ද? 
ඉතිහාසයේ අපි චණ්ඩීන් ගැන අසා ඇත. බරපතළ ගණයේ මීනීමරුවන් ගැන අසා ඇත. එහෙත් ඒ චණ්ඩීන්ගේ ද ගෝලයන් සිටි අතර තවත් චණ්ඩීන් සමග ගැටුම් ද තිබිණ. එහෙත් ඒවා පැවතුණේ හුදෙකලාවය. ඒ අසංවිධානාත්මකව පෞද්ගලික උවමනාවන් ඉටුකරමින් සිටි චණ්ඩීන්ට දේශපාලන බලයක් ලැබුණේ 1977න් පසුවය. එයට බලපෑ කරුණු ගණනාවකි. 


විවෘත ආර්ථිකයේ ආගමනය මෙයට එක් හේතුවක් සේ දැක්විය හැකිය. විවෘත ආර්ථික ක්‍රමය සමාජයට කෙතරම් ඔබින්නේ ද නැද්ද යන්න පිළිබඳ විවිධ විවාද තිබේ. එය සම්පූර්ණයෙන්ම සමාජයට අයහපත් ප්‍රතිපල ගෙන දුන් ක්‍රමයක් සේ හුවා දැක්වීම අපේ අදහස නොවේ. එහෙත් එය හඳුන්වා දුන් මුල් කාලවකවානුවේ එයට නිදහසේ වැඩෙන්නට ඉඩහැරීම නිසා යම් නීති ලිහිල් කරමින් ඇති කළ තත්ත්වයන් හමුවේ ඇති වූ හිඩැස්වලින් ලංකාවට රිංගාගත් මත්ද්‍රව්‍ය නාගරික ප්‍රදේශ අරක් ගත්තේය. විශේෂයෙන්ම වඩාත් වේගයෙන් නාගරීකරණය වූ කොළඹ කුඩුවලින් පිරෙන්නට පටන් ගත්තේය. 


එසේම මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් ගෙන ආ මනාප ක්‍රමය නිසා දේශපාලනඥයින් අතර තරගය ද වැඩි විය. කෙසේ හෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න නම් අනෙකා හොඳින් හෝ නරකින් පරාජයට පත් කළ යුතුමය. ඒ සඳහා චණ්ඩින්ගේ සහය අවශ්‍ය වේ. මැරයින්ට දේශපාලනයේ ලැයිසන් ලැබුණේ එසේය. එසේම ඔවුන්ට වැය කිරීම සඳහා මුදල් යහමින් අවශ්‍යය. යහමින් මුදල් හම්බ කළ හැකි ක්‍රමයක් ලෙස ඒ වන විට හෙරොයින් ජාවාරම ඔවුන් අතරට පැමිණ තිබිණ. ඒ නිසා ඇතැම් දේශපාලනඥයෝ ද හෙරොයින් ජාවාරම සමග සම්බන්ධ වූහ. එසේත් නැත්නම් ඔවුහු ජාවාරමුන්ට උදව් කර ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය සේවාවන් සපයා ගත්හ. හෙරොයින් ජාවාරමට දේශපාලනයේ ලැයිසන් ලැබුණේ එපරිදිය. 

 


එකල ලංකාවට කුඩු පැමිණියේ ඉන්දියාව හරහාය. ඉන්දියාව යැයි කීව ද සැබැවින්ම දකුණු ඉන්දියාව නැත්නම් මදුරාසිය හරහාය. දකුණු ඉන්දියාවේ ජීවත් වූයේ දෙමළ සම්භවයක් සහිත ජනතාවකි. ඒ නිසා වඩාත් පහසුවෙන් ලංකාවට කුඩු ගෙන ඒම සිදුකළ හැකි වූයේ දෙමළ ජාතිකයන්ටය. කුඩු බෙදාහැරීම හා අලෙවිය නීතියට රහසේ කළ යුත්තකි. ඒ නිසා රහසිගත ජාවාරමකි. රහසිගත ජාවාරමක් සාමාන්‍ය පුද්ගලයකුට කළ නොහැකිය. එයට චණ්ඩින් අවශ්‍යය. දේශපාලන හයියක් අවශ්‍යය. පොලිස් රැකවරණය අවශ්‍යය. පොලිස් රැකවරණය ලබාගැනීම දේශපාලන හයියෙන් මෙන්ම චණ්ඩිකම්වලින් බිය ගන්නා නම්මවා ගැනීමෙන් ද කළ හැකිය. පසුකලෙක එල්ටීටීඊය ද එයට සහය විය. ඒ තමන්ට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහාය. එසේම කොළඹ දී තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට මේ පාතාලයන්ගේ සහය අවශ්‍ය වූ නිසා ඔවුන් සමග ගනුදෙනු පවත්වාගෙන යාම සුදුසු යැයි කල්පනා කළ නිසාය. 


දෙමළ පාතාලය දේශපාලන බලයෙන් හා පොලිසියේ ඇතැමුන්ගේ සහයෙන් ද කොළඹ ආශ්‍රිතව සිය අණසක පතුරුවා ගත්තේය. එයට නායකත්වය දුන්නේ තෙල්බාලා, තෙල්බාලාගේ සමීපතමයා වූ සුදාකරන්, තෙල්බාලාගේ සහෝදරියගේ පුතා තමිල්නාඩුවේ රමේෂ් (මේ තමිල්නාඩුව යනු ඔරුගොඩවත්තේ තමිල්නාඩුවය), සින්නප්පන්, ක්‍රිස්ටෝපර් වැනි පිරිසකි. ඔරුගොඩවත්තේ තමිල්නාඩුව යනු දෙමළ ජනතාව වැඩිපුරම ජීවත්වන ප්‍රදේශයකි. මේ පාතාලයන් ඔවුන්ට උදව් පදව් කළ හෙයින් පොලිසියට ඔවුන්ව අල්ලා ගැනීම දුෂ්කර විය. 


මේ අතරතුර මුස්ලිම් පාතාලයක් ද හෙරොයින් ජාවාරම සමග ඉදිරියට ආවේය. ඒ පාකිස්ථානයෙන් හෙරොයින් ගෙන්වන අය සමගය. එහෙත් ඔවුන්ට ඔළුව උස්සන්නට දෙමළ පාතාලය ඉඩදුන්නේ නැත. මේ පාතාලයන්ගේ ක්‍රියකාරකම්වලට එරෙහි වීම නිසා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකුටම ජීවිතය අහිමි විය. ඕනෑම කෙනෙක් තවත් කෙනෙකුට පෑගී සිටින්නේ ටික කලක් පමණි. ඉන්පසු ජය ගන්න හෝ පරදින්න හෝ එයට එරෙහිව නැගී සිටිනු ඇත. මාළිගාවත්තේ මුස්ලිම් තරුණයන් ද නැගී සිටියේ ඒ අනුවය. 


මුස්ලිම් පාතාලය බිහිවීමට වැඩි දායකත්වයක් සැපයුවේ එකල සිටි නාගරික මන්ත්‍රීවරයකු වූ ඉමිටියාස් බව කවුරුත් දන්නා සත්‍යයකි. ඔහුට දේශපාලන ගමනක් යෑමට පවා මේ දෙමළ පාතාලය හිසරදයක් වීම එයට හේතුවයි. ඔහු සමග එක්වූයේ මාළිගාවත්තේ පාපන්දු කණ්ඩායමයි. ඔවුන්ට නායකත්වය දුන්නේ ෆාජි හා ෆාජිගේ සොයුරු බයියාය. ඔවුන්ට ආයුධ සැපයුණේ මන්ත්‍රී ඉමිතියාස්ගෙන් බව කියැවේ. ඔහුට ද ඒ ආයුධ ලැබුණේ නැගෙනහිර නියෝජනය කළ මුස්ලිම් ඇමැතිවරයකු මගින් බව ද පොලිසියට තොරතුරු ලැබී තිබිණ. එසේම මේ මුස්ලිම් තරුණයන්ට ජිහාඩ් සංවිධානයෙන් ආයුධ පුහුණුව ද ලැබුණ බව දැනගන්නට ඇත. ජිහාඩ් සංවිධානය නැගෙනහිර ගොඩනැගෙන්නේ එල්ටීටීඊයෙන් එල්ල වූ ප්‍රහාරවලට පිළිතුරු දීමේ අරමුණ ඇතිවය. 


මේ අනුව මාළිගාවත්තෙන් බිහි වූ මුස්ලිම් පාතාලයන් අතර අයුබ්ඛාන්, ආනමාලු ඉමිටියාස්, ෆාජි, බයියා, ලීමෝල වත්තේ රිස්වාන්, දිගා ෆයිසර්, රිස්වාන්, මාමස්මි වැන්නෝ ඉදිරියෙන්ම සිටියහ. ඔවුන්ට ද මාළිගාවත්තේ ජනතාවගෙන් ලැබුණේ නොමඳ සහයකි. ඒ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට ඔවුන් මැදිහත්ව පිළිතුරු සොයාදීම නිසා ඇතිවූ සුහදකමත් දෙමළ පාතාලයන්ගේ පීඩනයෙන් මිදෙන්නට ඔවුන්ට තිබූ එකම මගත් මොවුන් බවට තිබූ විශ්වාසය නිසාය. 


මුස්ලිම් පාතාලය ද වර්ධනය වන්නේ කුඩු ජාවාරම සමගිනි. එහෙත් ඔවුන්ට ඊට වඩා තවත් බොහෝ ආදායම් මාර්ග විය. කප්පම් ගැනීම, කුලියට මිනීමැරීම, කැලෑ අධිකරණ පවත්වාගෙන යාම ආදී බොහෝ දේවල් ඒ අතර විය. ඔවුන්ට දේශපාලන හයිය ද නොමඳව ලැබුණ නිසා පොලිසියේ බාධාවකින් තොරව මුල් කාලයේ තම ශක්තිය ගොඩනගා ගැනීමට හැකි විය. ආයුධ බලයෙන් හා ආයුධ පුහුණුවෙන් ද සාමාන්‍ය ජනතාවගේ සහයෝගයෙන් ද සන්නද්ධ වූ පසු පොලිසිය ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක ප්‍රයත්නයක් බවට පත් විය. 


මාළිගාවත්තේ මුස්ලිම් පාතාලය ඉදිරියට ගියේ කෙසේ ද? ඔවුන් සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය දිනාගත්තේ කෙසේද? යන්න අපි ලබන කලාපයෙන් කතා කරමු. 

 

 


මුදිතා දයානන්ද



අදහස් (0)

මාළිගාවත්තේ පාතාලය හැදුණේ කොහොමද ?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5925 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5244 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site