‘‘ලන්සිගෙදර - බංකු කකුල
මං යන කොට මේස කකුල..’’
උත්සව අවස්ථාවලදී වෙසෙසින් අවුරුදු සමයේදී බවලත් උදවිය මහ රබාන වටා හිඳ රබානට තාල පුරන්නේ එකී රබන් පදවලිනි.
ලන්සි යනු ලන්දේසීන්ය. ලන්දේසි පාලන සමය අප රටෙහි ආරම්භ වන්නේ ක්‍රි.ව. 1756 දීය. II වෙනි රාජසිංහ (1627-1670) රජුගේ ඉල්ලීම පරිදි ලක්දිවට පැමිණි ලන්දේසි හෙවත් ලන්සි මුහුදු බඩ ප්‍රදේශ අත්පත් කර ගත් සැටි ඉතිහාසයේ දීර්ඝ වශයෙන් සඳහන් වෙයි.
මාතරද අත්පත් කරගත් ඔවුහු ගාල්ල ප්‍රධාන ස්ථානය කරගෙන එය උප ආණ්ඩුකාරවරයෙකු යටතේ පාලනය ගෙනගොස් තිබේ.
අප මේ ලියන්නට උත්සාහ ගන්නේ ලන්දේසි සිහිවටන අතර ඉතා වැදගත් වූ මාතර තාරකා කොටුව (Star Fort) ගැනය. ඊට පෙර ලන්දේසි සමයේ මාතර පිළිබඳ යමක් දැනගෙන සිටීම මැනැවැයි කල්පනා කළෙමු.
වර්ෂ 1670 ඔක්තෝබර මාසයේ සිංහල සේනා අරන්දර කොටුවට පහරදී අල්ලාගෙන එහි සිටි ලන්දේසි භටයන් සිරභාරයට ගත්හ. මේ 1670 දීම මාතර ප්‍රදේශයේ ලන්දේසීන්ට ද සිංහල සේනා තර්ජන එල්ල වී තිබේ.
අරන්දරදී සිරභාරයට ගැනුණු ලන්දේසි භටයන් මුදාහරින ලෙස ඉල්ලමින් ලන්දේසීන් රජුට නොයෙක් පඬුරු පාක්කුඩම් යැවුවත් ඉන් පලක් වී නැත. මේ නිසා ලන්දේසීන් කර ඇත්තේ පළිගැනීමක් වශයෙන් ඔවුන්ගේ වරායවලින් බඩු පැටවීම පිළිබඳ රජුට තිබූ නිදහස නැති කිරීමය.
එහෙත් ඊට පසු මහනුවර සිරභාරයේ සිටි මියගිය ලන්දේසි තානාපතිවරයකුගේ මළසිරුර ආරක්ෂක හමුදාවක් භාරයේ රජතුමා විසින් කොළඹ එවන ලද නිසා හැමවිටම රජුගේ හොඳ හිත අපේක්ෂා කර සිටි ලන්දේසීන් මෙයින් ප්රසාදයටපත්ව ඔවුන්ගේ තානාපතියකු යළිත් මහනුවරට යවා තිබේ.
තමා කෙරෙහි දැක්වූ පක්ෂපාතිත්වය හා යටහත්පහත් භාවය ගැන රජතුමා ඉතා ප්‍රසන්නව දෙපක්ෂය අතරේ තාවකාලික සමාදානයක් ඇතිකරගෙන තිබේ. ඒ වුණත් රජුගේ සැකය දුරු වී නැත.
මේ මිත්‍රත්වය ප්‍රයෝජනයට ගත් ලන්දේසියෝ කුමන්ත්රණයක යෙදුණහ. යම් ලෙසකින් II රාජසිංහ රජු අභාවප්‍රාප්ත වුවහොත් අලව්ව, අරන්දර මගින් පහතරටට පැමිණි රජුට අයත් ප්‍රදේශ පහසුවෙන් යටත් කරගත හැකි බව ඒ කුමන්ත්රණයේ අරමුණ වී තිබිණ. මේ කුමන්ත්‍රණයට රජුගේ පක්ෂයේ වූ සතකෝරළයේ දිසාපති තෙන්නකෝන් රුහුණෙහි හා මාතර කොටසක දිසාපති වූ පුංචි අප්පුහාමිත් සහභාගි වූ බවත් ඔවුනගේ උදව්ව ලැබුණු බවත් පසුව හෙළිවී තිබේ.
මුහුදුබඩ තීරය ලන්දේසීන් පාලනය කරද්දී රට මැද කොටස සිංහලේ රාජ්‍යයට යටත්ව පැවැති අලුත මුලින් සඳහන් කළ පුංචි අප්පුහාමි රජුට සැලකර තිබුණේ කුමන්ත්‍රණයට තෙන්නකෝන් සහභාගී වූ බවය.
රාජ උදහසට බිය වූ තෙන්නකෝන් තුන්සියයක් දෙනා සමඟ කොළඹට පලා විත් තිබේ. ඕලන්ද ආණ්ඩුකාරවරයා ඔහුට රන්මාලයක් පළඳවා පිළිගෙන යැපීමට තරම් සෑහෙන ගම්වරද දී තිබේ.
මේ ආණ්ඩුකාරයාගේ නම ‘පන්ගුන්ස් ය’ 1675 දී මොහු තම පුත්‍රයාට ආණ්ඩුකාර ධුරය පවරා බෙතාවියේ ආණ්ඩුකාරවර පදවියට පත්ව ගොස් තිබේ.
වර්ෂ 1762 දී ආණ්ඩුකාර ධුරයට පත්ව ආ බැරන් වෑන්එක් ලන්දේසීන්ට අහිමිව ගිය ප්‍රදේශ නැවත ගැනීම සඳහා සුදානම් වූ බව ඉතිහාසයේ දැක්වෙයි. මෙයින් මාතර මුහුදුබඩ තීරයත් සිංහලේ රාජ්‍යයට අහිමිවුවද රට මැද විශාල ප්‍රදේශයක් ඉතිරි විය.
මාතර තරම් ලන්සි ආභාසය ලැබූ වෙනත් ප්‍රදේශයක් නැත. හේතුව ලෙස දැක්විය හැක්කේ ඕලන්දයේ (වත්මන් නෙදර්ලන්තයේ) ස්වභාවය ලංකාවේ දැක ගත හැකි යැයි ලන්සීන්ම විශ්වාස කළ බැවිනි.
ඕලන්දය වාරිමාර්ග රැසක් ඇති කෘෂිකාර්මික රටකි. මාතර එවැනි කූඹුරු බහුල ප්රදේශයකි. එසෙම ඕලන්ද නගරයක ආකාරයට මඟ දෙපස සූරිය ගස් වවා, ලොකු ඉස්තෝප්පු ඇති මුදුන්සහිත නිවාස තනාගෙන ඇති ඉතා ආසාවෙන් දිවි ගෙවූ ප්‍රජාවක් මාතර වැසියන් වී සිටි බැවිනි.
ලන්සි ආගමද (රෙපරමාදු) මාතර වැසියන්ට බලහත්කාරයෙන් අදහන ලෙසට ලන්සි බලපෑම තිබූ නමුත් එය කිසිසේත් සාර්ථක වී නැත. නියෝග පිළිගත් නමුත් ඇවතුම් පැවතුම්වලින් තොරව පමණක් බෞද්ධයන් වූ බව පසු කලෙක ඉංග්‍රීසි ආණ්ඩුකාර වූ මෙට්ලන්ඩ්ද වරක් පවසා තිබේ.
ලන්දේසීන්ගේ නම් ගත් උදවියගේ මුල් පරම්පරා පුරුක් අදටද ඉඳහිට දක්නට ලැබේ. ඒ අතර වරිච්චි බිත්තිවලින් ගෙවල් හැදීම වෙනුවට ලන්සි මාතර වැසියන්ට පුරුදු කර ඇත්තේ ගල්වලින් ගෙවල් සැදීමටය.
මරණයක් සිදුවූ විට කළුකොඩි දැමීමේ සිරිතද මාතරට සුපුරුදු කර ඇත්තේ ලන්සීන්ය. ක්‍රිස්තු ලබ්ධිකයන් කළු රෙදිපිළි ඇන්දේ ලන්සීන්ගේ පුරුද්දෙනි. තවමත් මාතර ඇතැම්හු මරණයකදී කළුකොඩි ඔසවති. කළු ඇඳුම් ද අඳිති.
ලන්දේසීන් බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීමට අණ දී තිබෙන්නේ සිංහලයන්ගේ හොඳ හිත දිනා ගැනීමට පමණක් නොව ලන්දේසීන්ගේ ආගම පැතිරවීම ව්‍යර්ථ වී ගිය බැවිනි. එබඳු බෞද්ධ සිද්ධස්ථානයකි මුල්ගිරිගල.
එම විහාරය ප්‍රධානකොට තංගල්ලේ වෙහෙර ඇතුළු කසාගල විහාරයේද මාතර දිසාවට අයත් වෙනත් නොයෙකුත් විහාරස්ථානයි. ඒ බැව් අඟල් 14 x 1/2 ප්‍රමාණයෙන් දිග, පළල, ඇති මුල්ගිරිගල විහාරයේ තිබී පිටපත්කර ගැනුණු සෙල්ලිපියක සඳහන් වන්නේ වර්ෂ 1765 පෙබරවාරි මස 3 වැනි දිනය ද සඳහන් කරමිනි.
ලන්සි බලපෑම මාතරට කෙසේ වී දැයි දීර්ඝ වශයෙන් ලිවිය හැකි මුත් කොළඹ සිට මාතරට සේන්දු වන කෙනෙකුට නිල්වලා නදියෙන් එතෙරවීමට ඇති මහානාම පාලම මුණගැසෙත්ම මාතර මහරෝහල ඉදිරිපිට පිහිටා ඇති තාරකා කොටුව ගැන කරුණු නොලියාම බැරිය. එය දුටු පමණින් ලන්දේසි කොටුවකැයි කිව හැකි මුත් එ් හා බැඳුණු ඉතිහාසය සොයා ගැනීමට නම් තරමක වෙහෙසක් දැරිය යුතු විය.
කෙසේ වෙතත් තාරකා කොටුවක් ඇති බව මාතර නොදන්නා වැසියෙකු නැත.
ලන්සි සමය අවසාන වන්නේ 1796 දීය. එනම් වසර හතළිහක දිගු පාලන සමයකි.
විවිධ බාධක, පාවාදීම්, කැරලි, කුමන්ත්‍රණ ආදියට මුහුණ දෙමින් 1670 සිංහල සේනාවගේ තර්ජන වැලිගම කොටුව පරිත්‍යාග කිරීමට සිදුවීම ආර්ථික දුෂ්කරතා, කැරලිවලට මුහුණදීමට ලැබීම වැනි හේතු මැද පාලනය ගෙන ගියද ලන්දේසීන්ට නැවතත් මාතර සිංහළ රාජ්‍යත්වයට බාරදීමට සිදුවිය. ඒ වන විට (වර්ෂ 1725 අවසාන භාගයයි නැවතත් ලන්සි පාලනය රට තුළ දෝෂා දූෂිත වී තිබුණු දුර්භාග්‍ය සම්පන්න සමයෙකි.
කාලයාගේ ඇවෑමෙන් සිදුවූ සටන්, ගැටුම් ආදියෙන් පසු මාතර යළිත් ලන්දේසීන්ට හිමිවූයේ 1761 දී සිංහල රජු හා ලන්සීන් අතර පැවති ප්‍රසිද්ධ සටන් කිහිපයකින් පසුව බව වාර්තා වී ඇත.
වර්ෂ 1762 ආණ්ඩුකාර ධුරයට පත්ව පැමිණි බැරන් වෑන්එක් ඕලන්දයන්ට අහිමි වූ මාතර පෙදෙස් සියල්ල නැවතත් ගැනීමට සුදානම් වුවද ඊළඟ වර්ෂයේ ඔහුට අල්ලා ගැනීමට හැකිවූයේ මාතර කොටුව පමණි. මේ තාරකා කොටුව නොවේ. එය ඔරලෝසු කණුව පිහිටි බතොරසිය නම් කොටුවයි.
ලනදේසීන්ට දෙවැනි වරටත් මාතර හිමිවීමත් සමඟ ඔවුහු බලයට පත්වූ වහාම නුදුරෙහි සිටින සිංහල සේනාවට බියෙන් සිය බලය තහවුරු කර ගැනීමට මාතර තැනූ තවත් කොටුවකි. ඒ මාතර තැනූ තාරකා කොටුව ගොඩ නැංවීම ආරම්භ කිරීමය. ප්‍රමාණයෙන් දැවැන්ත නොවන මේ කොටුව ඉදිකිරීම් කටයුතු වර්ෂ 1765 දී වැඩ අවසන් කර තිබේ. වසර දෙසිය පනස් එකක් පැරණි වුව අදත් දැකිය හැකි මේ කොටුව තාරකාවක හැඩයෙන් යුක්ත බැවින් තාරකා කොටුව යැයි හඳුන්වනු ලැබේ. (Star Fort)
මෙවැනි කොටුවක් ලංකාවේ දකුණේ දක්නට ලැබෙන්නේ මාතර පමණි. මුලින්ම පොල් අතු සෙවිලි කර තිබී ඇත. පසුව පාවිච්චි කර ඇත්තේ ඉංජිනේරු කාර්යාලයක් ලෙසය. එය කෞතුකාගාරයක් කළයුතු යැයි පුරාවිද්‍යා කොමසාරිස් මහැදුරු සෙනරත් පරණවිතාන සූරින් කියා තිබූ මුත් එය එසේ නොවී කලක් මාතර මහජන පුස්තකාලය වී තිබිණ. නමුත් අද එය ලන්සි පුරාවිද්‍යා කෞතුකාගාරයකි.
එච්.ඒ.පී. අබේවර්ධන මහතා මාතර පළාත් පාලන කොමසාරිස්ව සිටියදී එහි පොල්අතු සෙවිල්ල වෙනස් කොට උළු සෙවිලි කර තිබේ.
තාරකා කොටුවේ ඉදිරිපස ශීර්ෂයෙහි පෙරදිග ඕලන්ද වෙළෙඳ සමාගමේ ලකුණද ආණඩුකාරවරයාගේ මුද්‍රාවද වර්ණයෙන් සඳහන් කර තිබේ.
සමාගමේ ලකුණ (VOC) එක පිට එක සිටින සේ ඉල්පී ඇත්තේ ඕලන්ද කාසිවල ඇති පරිදිමය. මෙහි අරුත (Vercenigde Ost Indenche, Compagne) පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ලෙසිනි.
පූර්වෝක්ත ලාංඡනය සිංහයන් දෙදෙනකු විසින් ඔසවා ගැනුණු පළිහකි.
මෙහි නිර්මාණකාර ආණ්ඩුකාරවරයා වූ රොබට් වෑන්එක් - 1765 යන්නද එහි සඳහන් කර තිබේ.
රාජකීය ලාංඡනයට යටින් ඉංගිරිසි අකුරින් ඇති සටහන් සිංහල බසට පෙරැළීමේදී මෙසේ වෙයි.
ගෝල්හි ප්‍රධාන වෙළෙඳ තැන වූද, දෙවන අණ දෙන නිලධාරියා වූද, ‘ඒද ලයි’ හා මේ දිස්ත්‍රික්කයේ දිසාපතිවරුද අප ස්වාමීන්ගේ වර්ෂයෙන් 1765 යනුයි.
තාරකා කොටුවට අයත් ප්‍රවේශ තොරණ පිටුපස මෙසේද සඳහන් වේ.
කැපටන් අයි.එච්. ලැප්පේ ලෙප්ටිනන්ට් ජේඅයිඑන් ටින්ක් ඉංජිනේරුවරු ආදීහු යනුවෙන්ය.
මේ තාරකා කොටුව තැනීමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වන්නේ කැප්ටන් ජෑන් හෙන්ඩික් ලැප්පේ නම් ගෘහ නිර්මාණ ශිල්පියාය. මොහු වර්ෂ 1770දී ත්‍රිකුණාමලයේදී බීමත්ව අසුපිට නැඟී යමින් සිටියදී හිස අත්තක වැදී පොඩිවීමෙන් මියගොස් ඇති බව සොයාගැනීමට හැකිවිය.
මාතර ලන්දේසි තාරකා කොටුව කැරුවූ වෑන්එක් ආණ්ඩුකාර තැන තම කඳවුරු ශක්තිමත් කර ගත්තේය. මහනුවරට පහරදීමට යාමට විශාල මලයි හමුදාවක් රැගෙන වර්ෂ 1765 ජනවාරි මස 13 දින පුත්තලම පාරේ ගමන් කළේය. එහිදී එක්වූ තවත් එක් දහස් දෙසියයක් පමණ සෙනග සමග සිංහලයන් පසුබස්සවමින් වෑඋඩ පෙදෙසේ කඳවුරු බැඳගෙන තිබේ.
මේ අවස්ථාවේ රජතුමාගේ නිලධාරීන් කිහිප දෙනෙක් ද අදිකාරම් ද වෑන්එක් හමුවී සමථයකට පැමිණවීමට කතා කළ නමුත් ඉන් ප්‍රයෝජනයක් නොවී ඇත. ඉන්පසු කාලතුවක්කු හයකින් ආරක්ෂිත වූ ගලගෙදර දුර්ගයද අත්පත්කර ගත් ඕලන්දයෝ පෙරබවාරි මස 16 දින වන විට කටුගස්තොට දක්වාම ආක්‍රමණය කළහ.
නගරයට ඇතුළු නොවන ලෙස රජතුමා පණිවිඩයක් යැව්වේ මේ අතරය. මෙයින් ආණ්ඩුකාර තැන කෙතරම් බලාපොරොත්තුසහගත වී දැයි කිවහොත් සිංහලයෝ සමාදානයට කැමැත්තෙන් සිටිත් යයි කොළඹට දන්වා එවීය. එපමණක් නොව සිංහල රාජධානිය මෙසේ අයත්කර ගන්නට උදව්වීම ගැන දෙවියන්ට ස්තුති පූජාවක් පවා පවත්වා තිබේ.
ෙම් ලන්දේසි ආණ්ඩුකාරවරයා හමුදා රැස්කොට සිංහල හමුදා සමග සටන් පවා මෙහෙයවූ සෙන්පතියකු විය. මාතර ඇතුළු දකුණු මුහුදු බඩ පෙදෙසට පමණක් සීමා නොවුණු ඔහුගේ මෙහෙයුම් කන්දඋඩරටට පවා ව්‍යාප්ත වී ගිය සැටි ඉතිහාසයෙන් පැහැදිලි වෙයි.
නමුත් සමස්ත කන්ද උඩරටම අල්ලා ගැනීමේ නොහොත් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු සියල්ල සුන්වූ වෑන්එක් ආණ්ඩුකාරවරයා මාතරට වැදගත් වන්නේ ඔහු ඉතිරි කළ මාතර තාරකා කොටුවයි. ඒ එය ඉදිකැරවූ මිනිසා වන හෙයිනි. ඔහු ක්‍රි.ව. 1765 අප්‍රේල් 1දා වැලඳුණු උණ රෝගයකින් මියෙගාස් ඇත්තේ මහමගදීය.
මාතර තාරකා කොටුවේ නිෂ්පාදකයා වූ වෑන්එක් ගේ මළසිරුර කොළඹ ආදුරුප්පු වීදියේ තැන්පත් කෙරිණ. ඔහුගේ ලාංඡනය ද සටහන් කොට ඇති සොහොන අද දක්වාම ඒ අාදුරුප්පු වීදියේ රෙපරමාදු සභාවට අයත් පල්ලියේ සොහොන් අතර දැකගත හැකිය. අද එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දේපළකි.
සටහන ජගත් රණතුංග
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාතර අපූරු ලන්දේසි සිහිවටනය