IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මරණය පෙනි පෙනී ජීවිතය ලැබූ මිනිහෙක්

 

මරණය පෙනි පෙනී යළි මෙලොවට එන මිනිසුන් ගැන අපි නොයෙක්වර අසා ඇත්තෙමු. එහෙත් ඔක්සිජන් සැපයීමක් හෝ නොමැතිව මුහුදු පතුලෙහි දින තුනක් ගතකර නිරුපද්‍රිතව ගොඩ ආ මිනිසකු පිළිබඳව ඔබ කෙදිනක හෝ අසා තිබුණිද?
ලොව පුරා විද්‍යාඥයන් පවා විමතියෙන් ඇළලී ගිය එම සිදුවීමට මුහුණ දුන්නේ හැරියන් ඔකිතේ නම් නයිජීරියානුවෙකි. මේ ඔහුගේ කතාවයි. 


ඉරුදින පාන්දර හතරයි තිහට, එනම් ඉරු උදාවට දෙපැයක් තිබියදී ජැස්කන් 4 ටග් බෝට්ටුව නයිජීරියා වෙරළෙන් සැතපුම් විස්සක් පමණ දුරින් පිහිටි ඔයිල් ප්ලැට්ෆෝරම් එකක් වෙත තෙල් නැවක් ඇදගෙන යමින් තිබිණ. සුළඟ රළුවී මුහුද තරමක් සැඩවී තිබුණද යුක්රේනියානු කපිතාන්වරයා සහ ඔහුගේ නයිජීරියානු සේවකයන් එකොළොස් දෙනාට අනතුරක් දැනෙන තරමට එය ප්‍රචණ්ඩ නොවීය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු සිටියේ නිදාගෙනය. ඔවුන් සිය කුටිවල දොරවල් වසාගෙන සිටියේ දකුණු අත්ලාන්තික් කලාපයේ මෙම පෙදෙස්වලට බහුලව දක්නට තිබූ මුහුදු කොල්ලකරුවන් පිළිබඳ බිය නිසාය. පහළ තට්ටුවේ සිටි ටග් යාත්‍රාවේ කෝකියා වූ හැරිසන් ඔකිතේ ඒ වන විටත් තම වැඩ මුරය ඇරඹීමට සූදානම් වෙමින් සිටියේය. 


එකවරම ප්‍රචණ්ඩ රළක් විත් යාත්‍රාවේ පුළුල් බඳට පහර දුන්නේය. එහි අදින ලණුව කැඩීගියේ යාත්‍රාවේ සමබරතාව පළුදු කරමිනි. 29 හැවිරිදි ඔකිතේ විසිවී ගියේය. 


පිටාර දොර වෙත දිවගිය තිදෙනකු දියපාරට හසුවන අන්දම ඔහුගේ නෙත ගැටිණ. දියපාර සමග නිලධාරින්ගේ නානකාමරයට ඇදී ගිය ඔකිතේ එහි සිතිකයේ එල්ලී ගත්තේ තම හිස දිය යටට ඇදීයාම වලකා ගන්නටය. හැම තැනම කළුවරෙන් වැසී තියෙද්දි මා බෝට්ටුවේ එක් කෙළවරක සිට අනෙතට විසිවුණා.” ඔකිතේ කියා සිටියේ නයිජීරියානු පුවත්පත් වාර්තාකරුවෙකුටය. ඇසිල්ලකදී පෙරළී ගිය යාත්‍රාව අඩි සියයක් ගැඹුරැති සයුරු පතුළට ඇදී යන්නට විය. 


පෙරළී යන බෝට්ටුවක් සැමවිටකම එකවිට දියෙන් පිරී නොයයි. දිය යටට ඔබන කෝප්පයක් මෙන් ටික වේලාවකට එහි වාතය පිරී තිබේ. ජැස්කන් 4 යාත්‍රාවටද වූයේ එයයි. බෝට්ටුව පතුළට ඇදී යන විට, ඔකිතේ කුටියෙන් පිටතට පිහිනා හෝ ඇදී හෝ ගියේ තද කළුවර කුටියකටය. ජීවිතය ගලවා ගත හැකි කුමක් හෝ දෙයක් සොයා අතපත ගාන විට ඔහුට බීකන් යුගලක් සවිකළ උඩු කබායක් හමුවිය. ඉංජිනේරු කුටියේ උපකරණ තිබුණි. ඔහු ඉස්කුරුප්පු නියනක් මඟින් බීකන් ගලවා ඔහු හැඳ සිටි එකම ඇඳුම වූ තුනී කොට කලිසමට සවිකර ගත්තේ දෑත් නිදහස්ව තබාගනු පිණිසය. 


බීකන් ප්‍රදීපයේ ආලෝකයෙන් ඔකිතේට වායු කුටීරයක් මඟින් වියළිව තිබූ කුටියක් සොයාගත හැකිවිය. වතුර මට්ටම ඉහළට එත්ම ඔහු මිටියක් භාවිත කර බිත්තියේ ලෑල්ලක් ගලවා ගත්තේය. ඔහු මෙට්ටා ගොඩක් උඩින් ලෑල්ල තබාගෙන එම වේදිකාව මතට වී සිටියේ අතපත ගාන විට හසුවූ කොකා කෝලා බෝතලයක්ද රැගෙනය. ඔහු එහි සිට දෙවියන් යැද්දේ වතුර මට්ටම ඉහළට නොඑන ලෙස ඉල්ලමිනි. ඔහුගේ පපුව මට්ටමට ළඟාවූ පසුව ජල මට්ටම මදක් නතර වූ බව පෙනිණ. 


කිසිවෙකු හෝ විත් ඔහු සොයා ගන්නට හේතුව වායු පොකට්ටුව කොපමණ වේලාවක් හිස්ව පවතිනු ඇත්දැයි ඔකිතේ දැන සිටියේ නැත. ඔහුට කළ හැකිව තිබූ එකම දෙය වූයේ බලාපොරොත්තු සහගතව බලා සිටීම පමණි. කාලය ගත කිරීමට ඔහු අතීත මතක ඔස්සේ සිත මෙහෙයවීය. පස්වසරක් පුරා තමා ළඟ සිටි බිරිය ඇක්පෝස් ඔහුගේ මතකයට නැඟිණි. පිය පදවිය ලැබෙන තුරු තමාට ජීවත්වීමට වාසනාව තිබේදැයි එවිට ඔහු සිතන්නට විය. කුටියෙන් පිටත නැඟෙන වේගවත් හඬකින් ඔහුට අවබෝධ වූයේ පෙරදා රැයේ ඔහු හා සිනහවෙන් කතාබහින් ගතකළ මිතුරන්ගේ මළ සිරුරු මෝරුන් හෝ බැරක්‍යුඩාවන් :ඉ්රර්ජමා්* විසින් ගිල දමනු ලබන බවය. භීතියට පත්වූ ඔහු බිත්ති ලෑල්ලක් අතට ගත්තේ මෙම මාංශ භක්ෂකයන් පලවා හරිනු පිණිසය. 


ඔකිතේ කෝක් බෝතලය හැකිතාක් වෙලා ඉතිරි කර ගන්නට වෑයම් කලද එය අවසන් වූ හැටියේ කුසගින්න හා පිපාසය ඔහු පරාජය කරන්නට විය. ලුණු දියෙහි පෙඟී තිබූ සම පොතු ගැලවෙන්නට වූ අතර දිව තුවාල වී ඉදිමුණි. ඔහුගේ සිරුරෙහි උෂ්ණත්වය ටිකින් ටික පහළ බැස්සේය. හදිසි බීකන් ලයිට් නිවී ගියේ ඔහු යළිත් අඳුරේ තනි කරමිනි. දරාගත නොහැකි තරමට විඩාපත්ව සිටි නමුත් ඔහු නැවත නැවතත් බයිබල් ගීතිකා මතකයෙන් කියවූයේ අවදිව සිටිනු පිණිසය. 


තමා නින්දට වැටුණහොත් දියේ ගිලීම හෝ සතෙකුට ගොදුරුවීම සිදුවන බව ඔහු දැන සිටියේය. එසේම එවිට ඔහු බේරා ගැනීම පිණිස කිසිවෙකු හෝ පැමිණියහොත් ඔහුට ඔවුන් මඟ හැරීයාමටද ඉඩ තිබිණ. 


එවිටම යාත්‍රාවේ බඳට කිසිවක් වදින හඬ ඔහුට ඇසිණ. ඔකිතේ මිටිය ගෙන පෙරළා පහර දුන්නේය. මිනිත්තු කිහිපයකට පසුව ඔහුට පහළ දියෙන් එළියක් මතුවිය. එය කිමිදුම් කරුවෙකුගේ හිස් ආවරණයෙන් විහිදුනු එළියකි. මිනිසා ඔකිතේගේ ඇඟිලි ස්පර්ශ කළේ ඔහුට මළමිනියක් හමුවූ බව සිතාගෙනය. ඔකිතේ පෙරළා මිනිසාගේ අත මිරිකුවේය. “ඔහු පණ පිටින්! ඔහු පණ පිටින්!” කිමිදුම්කරු ඔහුගේ රේඩියෝ හෙඞ්සෙට් උපකරණයට කෑගැසුවේය. 


ඔකිතේ පසුව දැනගත් පරිදි ටග්යාත්‍රාවේ හිමිකාර ආයතන දකුණු අප්‍රිකානු ස්කුබා කණ්ඩායමක් කැඳවා යාත්‍රාවේ තිබූ මළ සිරුරු සෙවීමට යොදවා තිබිණ. ඔවුනට මළ සිරුරු හතරක් ගොඩගැනීමට හැකියාව ලැබී තිබූ අතර ඔකිතේ පස්වැන්නා නොවීම ඔවුන් විමතියෙන් ගල් කළ සිදුවීමකි. 


කිමිදුම් කණ්ඩායම ඔකිතේට විගසින් ඔක්සිජන් ආවරණයක් පලඳවා ඔහු ඩයිවින් බෙල් නම් උපකරණයක ආධාරයෙන් දිය මතුපිටට ගෙන යාමට කටයුතු කළේය. තරුපිරි අහස නෙත ගැටෙන විට ඔකිතේ සිතුවේ තමා දවසක්ම දිය යට ගෙවා ඇති බවය. නමුත් එය අඟහරුවාදා සන්ධ්‍යාව බව සෙස්සෝ කීහ. ඔහු පැය හැටදෙක හමාරක කාලයක් දිය යට ගෙවා තිබිණ. එය සම්පූර්ණ දින තුනකට ආසන්න කාලයකි. 


ඔකිතේ තවත් පැය හැටක කාලයක් විසම්පීඩක කුටීරයක ගත කළේය. අන්තිමේදී ඔහු නයිපර් ඩෙල්ටාවේ පිහිටි වාර්රි නගරයේ වූ නිවස බලා ගොස් තම ආදරණීයයන් හා එක්වූයේ මෙම බියකරු අත්දැකීම මතකයෙන් බැහැර කරන්නට වෑයම් කරමිනි. 
සිත් කම්පනයට පත් කරවන සුළු ඔකිතේගේ අත්දැකීම ලොව පුරා විද්‍යාඥයන්ගේ අවධානයට ලක්විය. මිනිසෙකු දිය යට අඩි හතරක ප්‍රමාණයේ වායු පොකට්ටුවක් තුළ ඔක්සිජන් අහිමිවීමකින් තොරව, ඔහු ප්‍රශ්වාස කළ කාබන්ඩයොක්සයිඞ් විෂ වීමෙන් තොරව නැතහොත් හයිපර්තර්මියාවෙන් (අධි ශාරීරික උෂ්ණය) මරු නොදැක සිටියේ කෙසේද?


කැලිෆෝනියාවේ ලිවර්මෝ ජාතික විද්‍යාගාරයේ භෞතික විද්‍යාඥ මැක්සිම් අමාන්ස්කි අනුමාන කෙරුවේ යාත්‍රාවේ බඳ යට වූ තවත් වායු පොකට්ටුවක් මගින් ඔකිතේ සිරව සිටි තැනට අමතර ඔක්සිජන් සැපයෙන්නට ඇති බවය. තවත් ප්‍රකට භෞතික විද්‍යා බ්ලොග් අඩවි ප්‍රකාශිකාවක වන ඇනා වී. වඩාත් දාර්ශනික වන්නීය. “ඔහු කොටුවී සිටි තැන වායු සයිෆනයක් වීම ඔහුගේම හුදු වාසනාවක්!”යි ඈ පැවසුවාය. 


ජැස්කන් 4 යාත්‍රාවේ සිට දිවිගලවා ගත් එකම තැනැත්තා වූ ඔකිතේ තමාගේ දිවි බේරා ගැනීම පිළිබඳව කෘතවේදී වන නමුත් තමා යළි මුහුදට යනු ඇතැයි විශ්වාස නොකරයි. “වෙලාවකට මම නිදාගෙන ඉන්න ඇඳ ගිලෙන බව දැනෙනවා” ඔහු රොයිටර් වාර්තාකරු හා පැවසුවේය. “මං කෑගහගෙන නැගිටිනවා”.
රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි.

පරිවර්තනය  මානෙල් ජයන්ති ගුණසේකර



අදහස් (0)

මරණය පෙනි පෙනී ජීවිතය ලැබූ මිනිහෙක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site