IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බිරිඳ නිසා නොමඟ ගිය සිටුවරයකුගේ කතාව

 

බුද්ධ කාලීන සමාජයඅ තුළින් හමුවෙන නොයෙක් සිදුවීම් හා චරිත පෙළගස්වන විට ඒ ඒ තැන් වලින් වටිනා ජීවිතාභ්‍යාස මෙන්ම අනගි මඟපෙන්වීම් අපේ ජීවිත වලට මුණ 


ගැසේ. අවුරුදු දහස් ගණනක් පැරණි වුවත් නිසි කළමනාකරනයෙන් ගත්විට ඒ සිදුවීම් ජාල අදටද මතුවටද එක හා ගැළපේ. ඉන් කොටසක් ඔබ වෙත පෙළ ගස්වා දෙන්නට අපි කල්පනා කළෙමු. 


එහි පළමු කතාව ධනංජානි සිටුතුමා ඇසුරිනි. කතාවටත් කියන්නේ සෑම සාර්ථක සැමියෙක් පිටුපසම සාර්ථක බිරිඳක්’ සිටින බවය. මේවා පැරැන්නන් කීවේද ‘කට කහනවාටම’ නොවේ. මහ කකුළුවා ඇදේට ගියොත් සෙසු කකුළුවෝද ඇදයට යන බවද මේ වැනි කියමනකි. ගෙදර ස්වාමියා ධර්මානුකූල වීමටත් නිවසේ දියුණුව 


සමගිය, ඇති කරවීමේ ප්‍රධානියා වීමටත් නම් බිරිඳට මනා සහයෝගයක් ලබාදිය යුතුය. 


ඒ සඳහා බිරිඳකට ඉවසීම, කරුණාව, ආදරය, ආදී මානුෂීය ගුණාංග සමඟ ඒකරාශී වූ දුර දිග දක්නා නුවණක් පැවතිය යුතුය.

බමුණන් කියන්නා වගේ බිරිඳගේ නුවණ ‘හැදි මිටට’ ගියොත් ඒ ගිහි ගෙවල්ද ‘ගිනි ගොඩවල්’ වීම වැළකිය නොහැකිය. අද බොහෝ ගෙවල්වල ‘කැත්තට - පොල්ල’ ‘පිදුරු ගින්නට තවත් පිදුරුම’ හැටියාට දෙන්නා දෙමහල්ලන් අතර ඉවසීමක් නැත. සැමියා ඉක්මවා යමින් බිරිඳ කටයුතු කරන්නීය. අවසානයේ දික්කසාද, ගහ මරා ගැනීම් මැද්දට කොටු වන්නේ තමන්ගේ පුංචි දරු පැටවුන්ය.
හොඳම ජීවිතා දර්ශයක් ගන්නවා නම් ධනංජනි සිටුවරයාගේ කතාව ගිහි ගෙදරට අපූරු නැවතුමකි. ධනංජනී බිරිඳ නිසා ‘ඇති වූ හැටිත් - නැතිවූ හැටිත්’ මේ කතාවෙන් විස්තර කෙරෙයි.


ධනංජානි යනු ධනංජානි නුවරෙහි සිටි පළමු සිටුතුමාය. ඔහු මහත් ධන සම්භාරයකට උරුමය ඇත්තෙක් විය. බමුණු කුල දිවි පෙවතක් හෙතෙම කුඩා අවදියේ පටන් ගත කළේය.


ධනංජානිට පුංචි කාලයේදීම සාරි බැමිණියගෙ පුත් උපතිස්ස සමඟ සමීප ආශ්‍රය ලැබිණි. උපතිස්ස යනු පසු කාලයේදී බුදු රජාණන් වහන්සේගේ දකුණත් ශ්‍රාවකත්වයට පත් ප්‍රඥාවතුන් අතර අග්‍රස්ථානයේ පිහිටි සැරියුත් මහ රහතන් වහන්සේය.


උපතිස්ස, බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීමෙන් පැවිද්ද ලබා ගත් පසුද ධනංජානිට කලක් උන්වහන්සේගේ ඇසුර ලැබිණි. නමුත් සැරියුත් තෙරුන් බොහෝ දුර ප්‍රදේශවල වැඩ වසන විට ඒ ආශ්‍රය ක්‍රමයෙන් මහ හැරී ගිය බවද පෙනේ.


ධනංජානි ගත කළේ ඉතාම ගුණබර දිවිපෙවෙතකි. දඹදිව විසූ සිටුවරුන් අතර ආදර්ශමත් සිටුතුමෙකි. අනේපිඬු සිටුතුමා මෙන් ඔහුද දුගී මගි යාචකාදින්ට, මහණ බමුණන්ට නිතර දෙවේලේ දන් පැන් පූජා කළේය. ධනංජනි නුවරේ සතර වාසලේම දන්සැල් හතරක් පවත්වාගෙන ගියේය. ඕනෑම වේලක දුගීන්ට කුසගින්නට යමක් ධනංජානි සිටුතුමා වෙතින් ලැබිණ. ධනංජානිට ඔහුගේ වැඩටම 
ගැළපෙන බිරිඳක් ද ලැබිණි.


සිටි බිරිඳ දානයට කැමතිය. දුගීන්ට, මගීන්ට, යාචකයන්ට දන් පිළිගන්වන ආකාරය සොයා බලන්නීය. මහණ බමුණන් සිටු මැඳුරට කැඳවා දන් දෙන්නීය. පින් දහමෙහි යෙදෙන්නීය.


මනා සේ ගැළපුණු නිසා ප්‍රීතිමත්, ආදර්ශමත් දිවිපෙවෙතක් ඔවුහු ගත කළහ. ටික කාලයකින් ධනංජානිට අත්වැලක් වූ මේ බිරිඳ අකාලයේ මිය ගියාය.


සිටුතුමා කාලයක්ම මැඳුරේ තනිවම වාසය කළේය. එහෙත් තනිකමට ධනංජානිගේ සිත හුරු නැත. ඔහු රූමත් තරුණියක සිටු මැඳුරට කැඳවා ගත්තේය.


ධනංජානිට නැවතත් උදාවූයේ නැවුම් ජීවිතයකි. සුරූපී බිරිඳක් සමඟ සිටු මැදුරේ කල් යවයි. ඇය කටකාරය, හැඩකාරය, ආඩම්බරය. දිළිඳු පවුලක සිටි ඇයට රූපය කරණ කොට ධනංජානි හා සරණ යන්නට වාසනාව ලැබිණි. ඕ එය භාග්‍යයක් ලෙසම සිතුවාය. කලක් ගෙවිණි. සිටුතුමා කරන දන් පින් ගැන ඇයට තිබුණේ නොසතුටකි. ඇය පුංචි පැලක මිථ්‍යා දෘෂ්ටික පවුලක හැදුණු නිසා මුදලෙහි අගය බොහෝ තදින් දැනිණි.


බලන්න සිටුතුමනි. ඔයා කොයිතරම් ධනය විනාශ කරනවාද, නුවර සතර වාසල් දොරේම දන්හල්. දුගී මගී යාචකයන් පමණක් නෙවෙයි  ඇති හැකි අයත් ගිහින් කනවා. මහණ බමුණන් මැදුරට වැඩම කරව කරවා දන් පැන් පූජා කරනවා. අනෙක් සිටුවරු බලන්න. ධන ධාන්‍ය රැස් කරද්දී ඔබ ධනය විනාශ කරනවා. කාටවත් කන්න බොන්න දීලා ‘ගුණ අගුණ ගන්න ඕනෑ නෑ සේරම නවත්තමු.’


ධනංජානි මුලින් අකමැති වුණත් බිරිඳගේ පදය නිසා ඔහුටද ඒ අනුව ‘නටන්නට’ සිදු විය. ධනංජානි නුවරෙහි සතර දොරටුවේ දන් හල් වසා දැමුවේය. අනෙකුත් දන් ශාලාද වසා දැමුවේය. සිටු මැඳුර මහණ බමුණන්ට තහනම් කළේය.


‘මේක ධනංජානි සිටුතුමාගේ වරද නොවෙයි. මේ අලුත ආපු බිරිඳගේ තීරණේලු. ඒ ඇත්තී දන් පැන් දෙන්න කැමැත්තක් නෑලු. කලින් සිටු බිරිඳ වගේ නෙවෙයි. කාගේවත් මූණක් දියා බලන්නේ නෑ. ඈ හරි ආඩම්බරයි. මිනිසුන්ට හිත රිදෙක දේවල් කියන්නේ කරන්නේ’


ධනංජානි සිටු මැදුර ගැන නුවරුන් කතා වූහ. තවත් දවසකින් සිටු බිරිඳ කුස දරු ගැබක්ද පිහිටියාය. දැන් වඩ වඩාත් ධනංජානි සිටු ඇයට ළං විය.


සිටුතුමනි. ඔබතුමා පසුගිය කාලේ කොයිතරම් වියදම් කළාද? දැන් ඔබේ භාණ්ඩාගාරයේ මුදල් කොයිතරම් ඉතිරිද?


ධනය පිළිබඳව සැබෑ වෙනසක් ධනංජානිට නොදැනුනා නොවේ.


’දැන් ආයෙත් වියදම් වූ මුදල් ඉක්මනින් සොයා ගත්ත හැටියක් හිතන්න. නුවරු සුරාවට ලොල් නේද? සුරා සල් අරින්න. ඔබේ සේවකයන්ට ඔය තරම් දීමනා උවමනා නෑ. ඒවා අඩු කරන්න’ 


බිරිඳ කී කාරණා ධනංජානි කල්පනා කළේය.


‘මැය නිසා මගේ ධනය බොහෝ ඉතිරි වුණා. තවත් පරම්පරා ගාණකට ධනය ඉතිරි කළ යුතුයි. ඒක මගේ යුතුකමක්.’


එතැනින් පසු ධනංජානි නුවර පුරා සුරා සල් ඇරියේය. මස් කඩ ආරම්භ කළේය. මුළු නුවරම මසින්- සුරාවෙන් ඇළලී ගියේය. සේවකයන්ට දුන් දීමනා අඩු කළේය. සේවකයන්ට කාරුණිකව කතා කළේ නැත.


බිරිඳක් නිසා ධාර්මික වූ ධනංජනි ඔහුටම නොදැනී දෙවැනි බිරිඳ නිසා අධාර්මික වී ගියේය.


දවසක් නුවරෙහි සිටි මහා සංඝයා වහන්සේලා පිරිසක් සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළහ. ඒ වන විට සැරියුත් මහ රහතන් වහන්සේ වැඩ සිටියේද ජේතවනාරාමයේය. සැරියුත් හාමුදුරුවන්ට, ධනංජානිගේ නුවරෙහි හාමුදුරුවරු හමු වූහ.


‘ඔබ වහන්සේලා කොහි සිටද?’


‘ස්වාමීනී අප වැඩම කළේ ධනංජානි නුවර සිටයි’


‘ධනංජානි නුවර’ සැරියුත් හාමුදුරුවෝ නැවත විමසූහ.


‘මගේ ගිහි කාලේ මිත්‍රයෙක් තමයි ධනංජානි. එයාව දන්නවාද? දොළොස් අවුරුද්දකින් දැක්කේ නෑ. එයා හරි ධාර්මිකව ගත කළ කෙනෙක්. උන්වහන්සේ නැවත පැවසූහ.


‘පින්වත් ස්වාමිනි. ධනංජානි දැන් විනාශයි. ඔබ වහන්සේ දන්නේ ධනංජානිගේ පළමු විවාහයේ කාල සීමාව ගැනයි. ඇය අකාලයේ මියැදුණා. ධනංජානි අලුත විවාහයක් කරගත්තා. නුවර හැමදේම සිදු කළේ ඇයයි. දැන් සිටු මැඳුරත්, මුළු නුවරමත් විනාශයි. දන්සල් වෙනුවට සුරා සල්. ධන ධාන්‍ය වෙළඳ සල් වෙනුවට මස් කඩ. භික්ෂූන් වහන්සේලාට මැදුරේ දානයක් පිළිගන්වන්නේ නෑ. ධනංජානි බිරිඳ නිසා දැන් සම්පූර්ණයෙන් අධාර්මික වෙලා’


මේ ආරංචිය සැරියුත් හාමුදුරුවන්ට සිතා ගන්නට අපහසු වූවක් තරමේ විය.


පසුදාම පාත්‍රයද අතට ගෙන සැරියුත් මහ රහතන් වහන්සේ බොහෝ දුරක් ධනංජානි සොයා වැඩම කළහ.


සිටු මැඳුරේ හත් වැනි මහලේ සිටින ධනංජානි ඈතින් වඩින හාමුදුරුවන් දෙස බලා සිටියේය.


‘භික්ෂුවක් කාලෙකින් වැඩියේ නැති පාරේ පාත්‍රයක් අරගෙන භික්ෂුවක් වඩිනවා. මේක පුරුදු කර ගන්න බෑ. අද මුන් වහන්සේ. හෙට තව තවත් හාමුදුරුවරු වඩීවි’ හත් වැනි මහලට වී කල්පනා කරන ධනංජානිට මැදුර සමීපයට වැඩි හාමුදුරුවන් හඳුනාගන්නට අපහසු නොවුණි.


‘මේ සැරියුත් මහ රහතන් වහන්සේ නේද?’ ධනංජානිට පැරණි මිත්‍රත්වය මතක් විය. ඔහු ඉක්මනින් බිම් මහල දක්වා ගමන් කර සැරියුත් මහ රහතුන් පිළි ගත්හ.


‘දොළොස් වසකින් කොහේද වැඩ ඉන්නේ’ ධනංජානි විමසයි.


‘සැවැත් නුවර ජේතවනාරාමයේ’


‘වඩිමු. නැවුම් කිරි තියනවා. වළඳලාම කතා කරමු’ ධනංජානිගෙන් ආරාධනයකි.


සැරියුත් හාමුදුරුවෝ නිහඬව සිටු මැදුරට වැඩම කළහ. නැවුම් කිරි උන්වහන්සේ වෙත පිළිගැන්විණි.


උන්වහන්සේ කිරි පිළි ගත්තේ නැත.


‘ඔබ වහන්සේ වෙනස් වෙලාද? කිරි වළඳන්නේ නැත්තේ. මේ නැවුම් කිරි’


‘නැහැ සිටුතුමනි. මම නෙවෙයි වෙනස් වෙලා තියෙන්නේ ඔබයි. මේ ධනංජානි නුවර කොයි තරම් ලස්සනට තිබුණාද? දැන් සුරා සල් දාලා. මස් කඩ දලා කෝ දන්ශාලා, දානයට වඩින හාමුදුරුවරු නෑ. සැරියත් හාමුදුරුවෝ ප්‍රශ්න කළහ.


‘නෑ. නෑ. එහෙම කියන්න එප. ඔබ වහන්සේලාට දානය නැත්තම් පාත්‍රය ගත්තා, 


ගියා. අපට එහෙමද? මම සිටුවරයෙක්. හොඳට මුදල් සොයා ගන්න ඕනෑ.


ධනංජානි පවසයි. කෙතෙක් පැහැදිලි කරන්නට උත්සාහ කළත් ධනංජානි ‘වල්මත්ව’ අධාර්මික බිරිය සරණ ගොසිනි. ඔහුට අධාර්මික බිරිඳගේ වචනවලට වඩා තවත් උපදෙස් අනවැසි සෙයකි.


සැරියුත් තෙරුණුවෝ ආපසු සැවැත්නුවර බලා වැඩම කළහ.


නැවත දොළොස් අවුරුද්දක් ගෙවිණ. ධනංජානිගේ පළමු විවාහයේ දරුවෝද උස් මහත්වී ඇත. දැන් හේ මහලු පියෙකි. තවත් ටික කාලෙකින් ධනංජානි ඔත්පලව ගියේය. ඉඳහිට වචනයක් දෙකක් පමණක් කතා කරයි. ඒ සෑම විටම ඔහු පවසන්නේ සැරියුත් මහ රහතුන් ගැනමය.


බමුණු පුත්‍රයෝ සැරියුත් හාමුදුරුවන් ගැන සොයා බැලූහ.


‘සැරියුත් හාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු’


දරුවන් ගොසින් උන්වහන්සේ හමු වූහ.


‘ස්වාමිනි, අප ධනංජානි සිටුතුමාගේ දරුවෝ පියා ඔත්පලය. කතා කරන්නත් බෑ. වයෝවෘධ වැඩියි. මරණාසන්ණයි. නිතර නිතර ඔබ වහන්සේගේ නම කියනවා. වැඩම කරන්නට හැකිද?’


සැරියුත් මහ රහතන් වහන්සේ ආරාධනය භාර ගෙන ධනංජානි වෙතට වැඩම කළහ.


‘සැරියුත් හාමුදුරුවන් දුටු සැණින් ධනංජානිට ප්‍රීතියක් ඇති විය. එහෙත් ඔහුට කතා කරන්නට වාරු නැත. ඇස්වලින් කඳුළු බින්දු බේරී ගලා යයි. අත් ඔසවමින් හඳුනා ගත් බව ප්‍රකාශ කරයි.’ 


සැරියුත් හාමුදුරුවන් දිවැස් නුවණින් බැලූහ. 


‘ධනංජානි ජීවත් වන්නේ තව පැය කීපයකි. ඔහුගේ ඉපදීම ඇත්තේ අවීචියේය.’


සැරියුත් හාමුදුරුවන්ට දැණිනි. උන්වහන්සේ ධනංජානිගේ මරණාසන්න සිත වෙනත් දිශාවකට යොමු කරන්නට විණ.


‘ධනංජානි ඔබ බොහෝ පින් කළ කෙනෙක්. මට මතකය’ මේ විදිහේ පින්කමක් ඔබ කළා. අවීචියට යන්නේ ඇයි. අවීචියේ දුක් වැඩියි. ඊට වඩා තිරිසන් අපාය හොඳයි’ එසේ වදාරන විට ධනංජානිගේ සිත අවීචියෙන් ගැලවී තිරිසන් අපායේ පිහිටියේය.


‘ධනංජානි ඔබේ පින් තිරිසන්, අපායට යන්න තරම් වටින්නේ නෑ. ප්‍රේත ලෝකයට එන්න’දැන් ධනංජානිගේ මරණාසන්න සිත ප්‍රේත ලෝකයේය.


‘ධනංජානි ප්‍රේත ලෝකයට වඩා මනුෂ්‍ය ලෝකය හොඳයි. ගොවිතැන් බත් කරලා ජීවත් වෙන්න පුළුවන් අසවල් පින්කම ඇති මනුෂ්‍ය ලෝකයට එන්න. ඉක්මනට ඒ පින්කම කෙරේ සිත උපදවා ගන්න’


‘ධනංජානි දැන් ඔබ ඉන්නේ මනුෂ්‍ය ලෝකයේ යන්න චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට. එහි ගොවිතැන් බත් කරන්න අවශ්‍ය නෑ. ඒවා ඉබේ පහළ වෙනවා. වසංගත රෝග නෑ. ඔබ එදා කරපු අසවල් පින්කම මතක් කරන්න. ඒකම ඇති චාතුම්මහාරාජිකයේ උපදින්න’


 සැරියුත් හාමුදුරුවන් ධනංජානි මතක්කරවා දෙයි. මේ ආකාරයට යාමය, තුසිතය, නිම්මානරතිය, ආදී වශයෙන් සදිව්‍ය ලෝක වලටද, ඉන් පසු බ්‍රහම ලේක වලින් බ්‍රහ්ම පාරිසජ්ජය දක්වාද ධනංජානිගේ මරණාසන්න සිත රැගෙන ගියහ.


‘දැන් මේ දරුවෝ අඬන්න එපා. ධනංජානි මිය යන එක නවත්තන්න අපි කාටවත් බෑ. දැන් එයා සමාධි ගතයි. ධනංජානි බ්‍රහ්ම පාරිසජ්ජයේ උපදින බව ඒකාන්තයි.


එසේ වදාරමින් සැරියුත් මහ රහතුන් ආපසු ජේතවනාරාමය බලා වැඩම කළහ.


උන්වහන්සේ වැඩම කරන අතර මඟදී ධනංජානි මිය ගොසින් බ්‍රහම පාරිසජ්ජයේ උපන.


සැරියුත් තෙරුන් ඈත වැඩම කරනු බුදුරජාණන් වහන්සේ බලා හුන්හ.


‘ආනන්ද අද සැරියුත් මහ රහතුන් වැඩම කරන්නේ ලොකු හපන්කමක් කරලා. අවීචියේ උපදින්න ගිය ධනංජානි සිටුවරයා බ්‍රහ්ම පාරිසජ්ජයේ පහළ කෙරෙවුවා.


“ඇත්තද?”


හාමුදුරුවරු සාධුකාර දුන්හ.


සැරියුත් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ අවසර ගත්හ.


සැරියුත්ත ඔබ කළේ විශාල හපන්කමක්. අවීචියට ගිය ධනංජානි සිටුවරයා බ්‍රහ්ම පාරිසජ්ජයට යොමු කළා. දැන් ධනංජානි ඉන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ පහළ වෙලා. ඒ වේලාවේම සතර ගාථා පදයකින් ධර්මය දේශනා කළා නම් ධනංජානි මාර්ග ඵලයකත් පිහිටනවා ඒකාන්තයි. මාර්ග ඵලයකට යන්න ධනංජානිට පින් තිබුණා.


බුදුරජාණන් වහන්සේ එසේ වදාරද්දීම සැරියුත් තෙරුණුවෝ අන්තර්ධාන වූහ. උන්වහන්සේ බ්‍රහම පාරිසජ්ජයේ ධනංජානි බ්‍රහ්මයා ළඟ පෙනී සිටියහ. එහිදී සතර පද ගාථාවකින් ධර්මය දේශනා කළහ. ඒ ඇසූ ධනංජානි මාර්ග ඵලයෙහි පිහිටමින් ධර්මාවබෝධය ලබා ගත්හ.’


මේ කතාව ගිහි ගෙට අනගි මගකි. අධාර්මික බිරිඳක් හෝ අධාර්මික සැමියකු නිසා ඔබේ ගමන අධාර්මික නොවිය යුතුය. අධාර්මික ඇසුරක් නිසා ඔබේ ගමන අධාර්මික වූවොත් ඔබට උරුම අවීචියය. ඒ නිසා අධාර්මිකයන් මධ්‍යයේ වුවද ඒවා කර්මානුරූප වශයෙන් ගනිමින් දෙලොව සැනසුමට ධර්ම ප්‍රතිපදාවේම යෙදෙන්න. මෙලොව සැනසීම නැතත් පරලොව සැනසීම ඔබට ළං වනු ඇත.

අධාර්මිකයන් ඇසුර මෙලොව පරලොව දෙලොවම දුගතියට හේතුවකි.

සටහන:- අසංක ආටිගල



අදහස් (0)

බිරිඳ නිසා නොමඟ ගිය සිටුවරයකුගේ කතාව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site