IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බම්බු වගුරේ ගිලුණු කෝච්චිය

 

දුම්රිය යනු අප රටේ සංස්කෘතියට වටිනාකම් එක්කරමින් සුද්දා ප්‍රදානය කළ උප සංස්කෘතියක් යැයි මට සිතේ.   


ඒරොප්පෙන් සුද්දා ගෙනා කෝච්චියෙන් අදත් ගමනේ යනෙන අප සුද්දගේ කාලේ හැදූ වේදිකාවට ගොඩ ​ෙවන්නේ එකී උප සංස්කෘතියේ අපූර්වත්ව විඳිමිනි.   


එදා සිරිතේක්කුලා, හින්නිහාමිලා යකඩ යකා ලෙස හඳුනාගත් දුම්රිය හා ගොඩ නැඟුණු අතීතය අතිශයින් සුන්දරය. 
  
නැවත නැවතත් කියවා රස විඳිය හැකි ගැල් කරත්තය, අශ්ව රේල්ලුව, ගෑස් ලාම්පුව, යකඩ යකා, ට්‍රෑම් කාර්, යකඩ පාලම්, දුම්රිය නැවතුම්පොළ, ඩක්කුව, වැනි වදන් හා බැඳුණු අපූර්වත්වය එකී උප සංස්කෘතිය තුළින් අප ලද දායාදයන්ය.   


 අද අප රසවිඳින ඒ අපූර්ව උප සංස්කෘතිය ගොඩනැඟුණේ ආදි ඉංජිනේරුවන්ගේ සහ කුලීකරුවන්ගේ ලේ දහඩිය මතිනි. කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිකිරීම් ඇරඹි ප්‍රථම දුම්රිය මග හා බැඳුණු කතා රාශියකි. ඉරිදා ලංකාදීප අප අද පාඨක ඔබ කැඳවා යන්නේ අපූරු දුම්රිය මඟ ඉදිවීම හා බැඳුණු ප්‍රථම දුම්රිය ඛේදවාචකයේ සුලමුල සොයාය.   


එදවස අද මෙන් දියුණු නොවූ පරිසරයකි. සුදු ආණ්ඩුකාරයන්ගේ අණසක දසත පැතිරී ගිය යුගයකි. 1860 වන විටත් ජනාවාසයක්ව පැවති කොළඹ, ශ්‍රී ලංකාවේ අග නගරය බවට පත්​ෙවන්නේ 1883 වර්ෂයේදීය. රටේ සංවර්ධනය කොළොම්තොට ඔස්සේ දසත පැතිරෙන්නට විය. ඒ අනුව කඳුකරයේ වැවෙන තේ කෝපි වගාවන් කොළඹට ප්‍රවාහනය කිරීම කෙරෙහි සුදු ආණ්ඩුකාරවරුන්ගේ අවධානය යොමුවන්නට වූයේ රටේ ගමනාගමනයට නව ජීවයක් එක් කරමිනි.   


1850 වර්ෂයේ පළමු පස් පිඩැල්ල කපා හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා දුම්රිය මග ඉදිකිරීම් ඇරඹුවද දුම්රිය මග ස්ථාපිත ​ෙවන සැලසුම ඒ ​ෙවන විටත් අවසන්ව තිබුණේ නැත.   


ඉංජිනේරුවන්, කම්කරුවන් විශාල වශයෙන් යොදවා ඉදිවෙමින් පවතින කඳුහෙල් මතින් දිවෙන දුම්රිය මගෙහි පාලම් උමං ඉදිකිරීමට දැරිය යුතු වියදම අති විශාල විය.   


ඒ ​ෙවන විටත් සැතපුම් දහතුනක් කඩිමුඩියේ ඉදිවුණු දුම්රිය මගෙහි ඉතිරි වැඩ නිමවීමට පවුම් 2214000 ක වියදමක් දැරිය යුතු බවත් එම ව්‍යාපෘතියට ඉංජිනේරු මුවර්සම් ඉදිරිපත් කළ ඇස්තමේන්තුව ප්‍රමාණවත් නැති බවත් ව්‍යාපෘති නිලධාරි ඩොයෝන් මහතාට වැටහෙන්නට විය.   


දුම්රිය මඟ සෑදීමට එවකට බ්‍රිතාන්‍ය රජය අනුමත කළ ඇස්තමේන්තු මුදල පවුම් දොළොස් ලක්ෂයකි. ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි ලෙස කටයුතු කළ ඩොයෝන් මහතා සියලු වියදම් කපා හැරියද වැය​ෙවන මුදල පවුම් දොළොස් ලක්ෂය ඉක්මවන්නකි.   


එවකට රටේ ජනතාව තුළ යකඩ යකා වෙනුවෙන් පැවතියේ කුතුහලයකි. සුදු ආණ්ඩුකාරවරුන්ගේ බොහොමයක් ක්‍රියා වග විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කරන රැල්ල කැරැල්ලක් ලෙස කනින් කොනින් හිස ඔසවන යුගයකි.   


ඒරොප්පෙන් පැමිණ හරඹ කොරන සුදු මහත්තැන්ලා මෙන් නොව ගමේ මුඩු බිම් සහ වෙල් යාය කඳු යාය පිළිබඳ ගැමියන් තුළ පැවතුණේ ඉංජිනේරුවන්ගේ දැනුමට එරෙහිව යන දැනුමකි. නෝක්කාඩුවකි.   
ව්‍යාපෘති නිලධාරි ඩොයොන් මහතා සියලු වියදම් කපාහැර ඉදිරිපත් කළ දෙවැනි ඇස්තමේන්තුවට බ්‍රිතාන්‍යයන් මෙන්ම සාමාන්‍ය ජනතාවගෙන්ද ලැබුණේ අප්‍රසාදයකි.   


එදවස දුම්රිය මගක් අත්‍යවශ්‍ය නැතැයි අතැම් පිරිස් තුළ කසු කුසුවක් නැඟෙන්නට විය. රටේ ජනතාවගේ හඬට කන්දීම ආණ්ඩුකාරවරු සිදු නොකළත් අදාළ වියදම් පිළිබඳ සොයා බැලීමට බ්‍රිතාන්‍යයෙන් ත්‍රිපුද්ගල කමිටුටක් පත් කරනු ලැබීය. ඔවුන්ගේ මතය වූයේද දුම්රිය මඟ ඉදිකිරීමට අනුමත මුදල් ප්‍රමාණවත් නොවන බවය.   

 

එංගලන්ත පුවත්පතේ පළ වු සිතුවම

 


ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍ය රජයේ අණකිරීම වූයේ පවුම් පහළොස් ලක්ෂයකින් දුම්රිය මග ඉදිකළ නොහැකි නම් නවතා දමන ලෙසය.   


දුම්රිය මඟ ඉදි කිරීමට ඩොයෝන් මහතා විසින් ලංකා දුම්රිය සමාඟම සමඟ ඇති කරගත් ගිවිසුම මේ සමඟින් අත්හිටුවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ලංකා දුම්රිය සමාගම මාස හතරක් තුළ ශක්‍යතා වාර්තාවක් සකස් කරගෙන නැවත ටෙන්ඩර් කැඳවීමට උත්සාහ කරන්නට විය.   


දුම්රිය මග ඉදිකිරීමේ දෙවැනි ඇස්තමේන්තුව අනුමත කර ගනිමින් ඉදිකිරීම් සිදු කිරීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ අතර නොබෝ කලෙකින් එම සමාඟම සම්පූර්ණයෙන්ම විසුරුවා හැරෙන්නේ උඩරට රේල්ලුව ඇතැම් ලාංකිකයන්ට තව දුරටත් සැබෑ නොවන හීනයක් කරමිනි.   


එදා අද මෙන් නොව රේල්ලුව පිළිබඳ නිසි දැනුමක් හෝ අවබෝධයක් රටේ බොහොමයක් ජනතාවට නොවීය. අද මෙන් තාක්ෂණය දියුණු නොවූ වටපිටාවකදී ජනතාව තුළ යකඩ යකා පිළිබඳ පැවතියේ ත්‍රාසය භීතිය පිරි කුතුහලයකි.   


ඒ අතර නොදුටු දුම්රියට පෙම් බැඳි ඇතැමුන්ගේ බලාපොරොත්තුද සුන් කරමින් රේල්ලු සිහිනය බොඳ​ෙවන්නට විය.   


කාලය ගෙවෙන්නට වූයේ හැලහොල්මනක් නැතිවය. ඒ අතරතුර මේ අනුව බිඳ වැටුණු සමාගමේ සිටි නියෝජිතයකු වන ඉංජිනේරු එල්. මෝල්ස්වර්ත් මහතා උඩරට වැවිලිකරුවන් විසින් රජය වෙත යවන්නේ දුම්රිය මාර්ග සැලසුමෙහි සුළු වෙනස් කිරීම් කිහිපයක් කිරීම මඟින් යම් එකඟතාවකට පැමිණිය හැකිදැයි උරගා බැලීමටයි.   


එයට ප්‍රතිචාර ලෙස පවුම් 1,439,117 ක් වන ලෙස ඔවුන් රජයට ඉදිරිපත් කළ නව ඇස්තමේන්තුවලට අනුව රේල්ලුවක් වෙනුවට කොළඹ සිට මහනුවරට ට්‍රෑම් කාර් මාර්ගයක් ඉදි කිරීමට යෝජනා වූ අතර ඒවා හරකුන් ලවා ඇද්දවිය යුතු විය.   


එම යෝජනාව උඩරට වැවිලිකරුවන්ගේ නොසතුටට හේතු විය. දිගින් දිගටම යටත් විජිත රජය උඩරට ප්‍රවාහන ගැටලුවට මුහුණ දෙන්නට විය. දවසින් දවස කමිටු පත්කරමින් විසඳුම් සෙවුවද අවසානයේ වැවිලි භෝග කොළඹ ගෙන ඒමේ ප්‍රවාහන ගැටලුව ගැටලුකාරී වූවා පමණය. 

 
නැවතත් රේල්ලුව කෙරෙහි අවධානය යොමු​ෙවන්නට වූයේ ඒ අනුවය. නැවත ටෙන්ඩර් කැඳවීම ඇරඹිණි. ඒ අනුව එෆ්. ෆැවියෙල් නම් කොන්ත්‍රාත්කරුගේ ටෙන්ඩරය තෝරාගෙන ඔහු සමඟ කොන්ත්‍රාත්තුවකට අත්සන් කිරීමට ලංකා රජය තීරණය කරනුයේ රේල්ලු සිහිනය තවදුරටත් සිහිනයක් නොවන ලෙසටය.   


ඔහු ඉන්දියානු දුම්රිය සේවය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් හසළ අත්දැකීම් තිබූ අයෙකි. වර්ෂ 1862 නොවැම්බර් මස 22 දා ෆැවියෙල්ගේ කොන්ත්‍රාත්තුව නිල වශයෙන් පිළිගැනුණු අතර ඔහුව ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කෙරුණි. ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු වූයේ පෙර කොන්ත්‍රාත්තු සමාගමේ මෝල්ස්වර්ත් මහතාය.   

 

ප්‍රථම දුම්රිය  ගමන යෙදවූ ඇන්ජ්ම

 

ෆැවියල් මහතා 1863 වසරේ මාර්තු මස 5 වැනිදා ලංකාවට පැමිණි අතර දින කිහිපයක් තුළ අඹේපුස්ස දක්වා වූ දුම්රිය පළමු අදියරයේ ඉදිකිරීම් ඇරඹෙන්නට විය.   


සේවකයන් 3000ක් පමණ ඉදිකිරීම්වලට සහභාගී වී සිටි අතර ඉන් 1100 ක් පමණ ඉන්දියානුවෝ වූහ.   


දුම්රිය මග ලහි ලහියේ ඉදි​ෙව​​​න්නට විය. ෆැවියල් ඇතුළු ඉංජිනේරුවන්ට ජයගත යුතු අසීරු අභියෝග රාශියක් විය වගුරු බිම්, කඳුවැටි, ගංගා, කළපු, දිය ඇළි මතින් යන්නට ඇති මග ජයගත යුතුම විය.   
කැලණි ගඟ තරණය කිරීමට පාලමක් යෙදීම පහසු කටයුත්තක් නොවීය. සියල්ල පෙළින් පෙළට නිම​ෙවන්නට වූයේ අභියෝග තව දුරටත් සිහින නොවන ලෙසටය. 

 
සියුම් කරුණත් සැලකිල්ලට ගනිමින් දුම්රිය මග ඉදි​ෙවන අතරතුරදී නොසැලකිලිමත්කමද අණසක පතුරුවන්නට විය.   


දුම්රිය අනතුරු බොහොමයකට හේතුව සොයා බැලීමේදී නොසැලකිල්ල යනු සැලකිය යුතු කාරණයකි. දුම්රියේ ගමන නොසැලකිල්ලෙන් සිදු කළහොත් එහි අවසානය සුසාන භූමියෙන් නිම​ෙවන්නකි.   
එකකට එකක් බැඳුණු දුම්රිය මැදිරි මෙන් එකිනෙකාගේ සැලකිලිමත් භාවය දුම්රිය ගමනේ ආරක්ෂාව තහවුරු කරන්නට හේතු ​ෙවන්නකි.   


ලංකා ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ඛේදවාචකය සිදු ​ෙවන්නේද එවන් නොසැලකිල්ලක ප්‍රතිඵලයක් ලෙසය. කොළඹ සිට කිලෝමීටර් එකොළහක් ගියතැන ගොංගිතොට ප්‍රදේශයේ පිහිටි ගැඹුරු වගුරු බිමකි. අද එඬේරමුල්ල දුම්රිය නැවතුම්පොළ ආසන්නව ඹබ හඳුනා ගන්නා රාගම දෙසට දිවෙන යකඩ පාලම හමුවන තැනකි.   


එඬේරමුල්ල දුම්රිය මග හොරපෙ දක්වා ඉදිව ඇත්තේ මුතුරාජවෙල මතිනි ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පුරන් වූ කුඹුරු යායකි. බටහිර වෙරළ තීරය දිගේ පැතිරුණු උතුරින් මීගමු කළපුවත්, දකුණින් කැලණි ගඟත්, බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් අද කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයෙන් ද සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අතින් අනූන බිමකි. මීගමු කළපුවත් එක්ව ගත් කල මුතුරාජවෙල වගුරු බිම හෙක්ටයාර 62323 පුරා ව්‍යාප්තව පවතින්නකි.   


එරුණොත් අඩිගානකට යට යන බවට සුප්‍රසිද්ධ මුතුරාජ වෙල වගුර එකල ඉංජිනේරුවන්ට පැවති තවත් අභියෝගයක් විය. අඩි හත අටක් පහළටත් උඩටත් දිවෙන ලෙස ජයගත යුතු වගුරේ පස්තට්ටු පුරවා තාවකාලික පීලි සවිකිරීමට කටයුතු කළ ඉංජිනේරුවන් පරණ කන්ද ප්‍රදේශයෙන් කපන පස් ඩක්කු මගින් මුතුරාජවෙල දෙසට ගෙන එන්නට විය අඩි පනහක් හැටක් ගැඹුරට එරෙන බවට සුප්‍රසිද්ධ වගුරට අයෙක් වැටුණහොත් ඒ ඔහුගේ දිවියේ අවසානය සනිටුහන් කරනු නිසැකය.   


බම්බු හැල ලෙසින් නම් දරාපු හෙලට බම්බු හැලයයි ජනයා හැඳින්නුවේ අඩි අසූවක අනූවක බම්බුවක් වුවද එක සැණෙකින් ගිලගැනීමට තරම් භයානක තත්ත්වයක් වගුරේ සැඟවගත් නිසාවෙනි.   


ගමේ නිස්කාන්සුවට අභියෝගයක් වෙමින් පණ ලබන යකඩ යකාගේ ගමන් මග දෙස විටෙක ගැමියන් බලා සිටියේ නොරිස්සුමෙනි.   


සුද්දා මහ ආර ඇළ දකුණට හරවා යකඩ බෝක්කු නිමවූයේ හිතුමතයටය. ඕව හරියන වැඩ නෙවෙයි. මේක දෙයියන්ගේ රට. ගැමියන් පවසා ඇත්තේ වරක් දෙවරක් නො​වේ. ජනතාවට අලුත් අත්දැකීමක් වූ දුම්රිය මගේ ඉදිකිරීම් නැරඹීමට ජනයා ඇදී එන්නට වූහ.   


එදා 1865 ජනවාරි දාහතර වෙනිදාවකි. ඉර මුදුන් වෙමින් තිබුණේ වෙනදාට වඩා වෙහෙසකර ලෙසටය. දුම්රිය මග ඉදිකරන්නට ගමනේ යෙදෙන බැලස්ට් දුම්රියට රැයක් දවාලක් නැත. කඩිමුඩියේ ඉදි​ෙවන මාර්ගයට පස් ගෙන ඒම සිල්පර කොට ඇදීම ලහි ලහියේ සිදුවන්නකි.   


දුම්රිය මග ඉදි කිරීමට යොදවන දුම්රියක් දුම්රිය ශබ්දකෝෂයේ හඳුන්වන්නේ බැලස්ට් දුම්රිය ලෙසය.   


අද මෙන් විවිධාකාර නම්වලින් නම් කළ දුම්රිය ඇන්ජින් එවකට අප සතුව නොවූ පසුබිමක් තුළ බැලස්ට් දුම්රිය යනුවෙන් මෙහිදී හඳුන්වා දී ඇත්තේ එවකට අප දුම්රිය සමාගම සතුව තිබූ එකම දුම්රිය ඇන්ජිම බව බොහෝ දෙනෙකුගේ අදහසකි.   

අද දුම්රිය පාර

 


ස්ටීවන් ලෝකෝ මෝටිව් සමාගම විසින් නිපදවා ඇති බව කියන 1263 වැනි ඇන්ජිම වන මෙම ඇන්ජිම එවකට අප රටෙහි හැඳින්නුවේ ලියෝ පෝල්ඩ් නොම්මර 1 ලෙසය.   


බර ටොන් තිස්හතරක් වන මෙම ඇන්ජිමේ බොයිලේරු පීඩනය වර්ග අඟලට රාත්තල් 120කි. වර්තමානයේ ඔබ දකින වාෂ්ප ඇන්ජිමේ සිලින්ඩර පිටතින් දිස් වුවද ලියෝ පෝල්ඩ් නොම්මර 1 දුම්රිය ඇන්ජිමේ තිබූ සිලින්ඩර් පිටතට දිස් වූයේ නැත.   


ඉදිරිපස රෝද හතරකුත් පසුපස රෝද හතරකුත් ​ෙවන සේ රෝද අටකින් සමන්විත ඇන්ජිමේ ටොන් හතරක ගල්අඟුරු ටෙන්ඩරයක් (වැගනයක්) දැකගත හැක.   


සියලු ඉදිකිරීම් සිදු වෙමින් පැවතුණේ ලහි ලහියේය.   


දුම්රිය මගෙහි වැඩ කරන සේවකයින්ට වැටුප් ගෙවීමේ කටයුතු පැවරී ඇත්තේ සීරාමාලු නයිදු නම් ලිපිකරුවකුටය. එදින සීරාමාලු නයිදු සිය රාජකාරිය සඳහා පිටත් විය.   


දවස බෙහෙවින් වෙහෙසකරය මද්දහන අහස පුරා අණසක පැතිර වූයේ සැර පරුෂ ලීලාවටය.   


අද මෙන් විනාඩි දහයෙන් දහයට දුම්රිය ගමන්වාර එවකට නැත. අනතුරක හෝඩුවාවක්ද නැත. තමා පැමිණි ඩක්කුව දුම්රිය මගෙහි නවතාලූ නයිදු ඩක්කුවෙන් බැස යන්නට වූයේ කිසියම් කටයුත්තකටය.   
වෙහෙසකාරී නොසැලකිල්ල ජීවිත රැසක් බිලි ගනී යයි නයිදුට නොසිතෙන්නට ඇත. ගතවූයේ නිමේෂයකි. පස් සහ සිල්පර කොට පුරවාගත් ඩක්කු සම්බන්ධ කරගත් දුම්රිය එංජිම කොළඹ දෙසට මුහුණලා ඩක්කු ගැල් 16 හා නියාමක මැදිරිය රාගම දෙසට සිටින සේ තාවකාලිකව දැමූ පිලි මතින් පිටුපසට ධාවනය ​ෙවන්නට විය.   


ගිනි ගහන මද්දහනේ දූවිලි වලාවන් නෙත අන්ධ කළ හෝරාවේ නයිදුගේ ඩක්කුව මග අහුරාවියයි රියැදුරාට සිතුණේද නැත. එළඹෙන නිමේෂයේ ජීවිත රැසක් වගුර බිලි ගන්නට බලා සිටින බවද ඔහුට සිතෙන්නට නැත.   
ඔහු සුපුරුදු මගෙහි දුම්රිය ධාවනය කරවීය. කලබලකාරී පරිසරයේ දුම්රියේ හඬට යටපත් වූ දුම්රිය නියාමකගේ සංඥා හඬ නැසී ගිය නිමේෂයේ පිටුපසට ධාවනය වූ දුම්රිය නයිදුගේ ඩක්කුවේ වැදී විනාස ​ෙවන නිමේෂයේ නියාමක ඈතට වීසි වී බරපතළ තත්ත්වයට පත්වන්නට විය.   


ඇන්ජිමේ අමුණා තිබූ ගැල් දාසය බම්බු ඇළට වැටී නොපෙනී යන්නට ගතවූයේ නිමේෂයකි.   


කම්කරුවන් 36 දෙනෙකු ඉංග‍්‍රීසි ජාතික වැඩ මූලික වූ ජොර්ජ් ඉංග‍්‍රම් සමග දුම්රිය ඩක්කු ගැල් 16 බම්බු වගුරු බිමේ ගිලී අනතුරට පත් විය.   


බරපතළ තුවාල ලබා හෝ දෙදෙනකු පමණක් දිවි බේරා ගැනීමට වාසනාවන්ත වනවිට ඩක්කු 14 ක් හා එහි නැගී ගමන් කළ සිංහල දෙමළ කම්කරුවන් තිස්හත්දෙනෙකු නැවත සොයා ගැනීමට නොහැකි වන ලෙස වගුරු බිමේ ගිලී මඩ අගාධයෙහි සමූහ මිනීවළක් තුළ මිහිදන් වන්නට විය.   

 

එඬේරමුල්ල ස්ටේසම

ගැමියන් පෙන්වන බම්බු හැල

මුතුරාජවෙල වගුර

 


මතුපිට පෙනෙන්නට තිබූ ඩක්කු දෙකක් ආපසු ගොඩට ගන්නා ලද අතර වැටුප් ලිපිකරු නයිදු ආගිය අතක් නොවීය.   


විශාල ඛේදවාචකයක් වූ එම අනතුර පිළිබඳ එවකට එංගලන්ත පුවත්පත්වල පළ​ෙවන්නට විය. සිත්තරෙකු විසින් එවකට එංගලන්ත පුවත්පතට ඇඳි බවට අනුමාන කෙරෙන එම සිතුවම අප ඔබට දැක ගැනීමට පළ කර සිටිමු.   


දෙයියන්ගේ රටේ පුද සත්කාර නොලද දෙවියන් කෝප වූ සෙයකි. එකී ඛේදවාචකය දැසින් දැකබලා ගැනීමට පැමිණි ජනයා සිය ඥාතීන් වෙනුවෙන් කඳුළු වගුරන්නට වූහ. ඇතැමෙක් පර සුද්දා රටෙන් පන්නා දැමිය යුතු යයි හඬ තළන්නට වූහ.   


කොන්ත්‍රාත් සමාගමේ හිමිකරුගේ මැදිහත්වීමෙන් සිරුරු කිහිපයක් ගොඩ ගන්නට විය.   


දෙවියන් බුදුන් වැඳ ඇරඹිය යුතු වැඩ සුද්දාගේ හිතුමතයට කිරීම නිසා සිංහලයා බිලි වුණායයි ඇතැමෙක් පවසන්නට වූයේ කම්පනය දැරිය නොහැකි ආවේගයෙනි. කඩු පොලු මුගුරුගෙන සුද්දාද වළ දැමීමට තරම් කුපිත වූ ජනතාවගේ ආවේගශීලී හැසිරීම සිංහල ප්‍රභුන්ගේ මැදිහත්වීමෙක් සාමකාමී ​ෙවන විට ජීවිත 36 බිලිගනිමින් ගැල් 14 ගිලගත් සුප්‍රසිද්ධ මුතුරාජවෙල වගුර කිසිවක් සිදු නොවූ ලෙස නිසොල්මන් විය.   


එවකට ජීවත් වූ කිසිවෙක් අද ජීවතුන් අතර නැත. එනමුත් සිය මුත්තනුවන් පැවසූ දේ අතරින් මතකය අවදි කළ බී. ජයතුංග මහතා පැවසුවේ මෙවැනි කතාවකි.   


මේ වගුරේ වැටුණු ඩක්කු බලන්න ඒ කාලේ එක එක පළාත්වල උදවිය කරත්තවලින් ආව බව කියනවා. ඒත් අනතුරක් වුණ බවට මොනවත් දකින්න ලැබිලා නෑ.   


වගුර විතරයි දකින්න තිබිලා තියෙන්නේ. අපේ මුත්තලා නම් කිව්වේ භූමි පූජාවක් පුද සත්කාරයක් මොනවත් නැතිව මේ වගේ දේවල් කරපු නිසා බිල්ලක් ගත්තා කියලා. මේ ගමේම කෙනෙකුත් මේ විපතට පත්වෙලා තියෙනවලු. කොහොම වුනත් සුද්දගේ කාලෙම මේ වගුර ගොඩ කළ බව කියනවා.   


අද තියෙන්නෙත් ඒ පාලම නෙවෙයි මට මතක හැටියට දෙතුන් සැරයක් මේ පාලම අලුත්වැඩියා කළා.   


එලෙස ජීවිත ගණනක් බිලි ගනිමින් මුතුරාජවෙල වගුර නිසොල්මන් වූ කාලයේදී කොළඹින් ඇරඹි දුම්රිය මඟ සියලු අභියෝග ජය ගනිමින් එදා අනතුරට පත් ඩක්කු රැගෙන ගිය ලියෝ පෝල්ඩ් නොම්මර 1 ඇංජිම පසු කාලෙක ප්‍රථම දුම්රිය ගමන වූ කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ රජ ගමනට එක් වූ බව අනුමාන වශයෙන් ලැබුණ තොරතුරු බොහොමයක් ඇත.   


අද කොළඹ නුවර අධිවේගී මග ඉදිවෙමින් පවතින්නේ එදා ජීවිත බිලි ගත් මුතුරාජවෙල වගුර හරහාය.   


විශේෂ ස්තුතිය දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ධාවනබල කීර්ති හේවාවිතාරණ මහතා, දුම්රිය බල ඉංජිනේරු මැදිරි ඒ. කුලරත්න මහතා. රත්මලාන වැඩ බිමේ සාප්පු අංක විසි දෙකේ අධීක්ෂණ කළමනාකරු ලාල් රණසිංහ මහතා, මරදාන ස්ටේෂන් මාස්ටර්වරයකු වන නලීන් අබේසිංහ මහතා, දුම්රිය පිළිබඳ මහත් ඇල්මක් දක්වන දුම්රිය ලෝලී සුභාෂ් ධනසේකර මහතා.   

 

 

 

 


සටහන හා ඡායාරූප - 
රේඛා තරංගනී ෆොන්සේකා



අදහස් (0)

බම්බු වගුරේ ගිලුණු කෝච්චිය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site