පෙර භවයේ ප්‍රබල සාක්කි
කුඩා දරුවෝ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සාමාන්‍ය සිරිතය, ඇතැම් විට කිසිදු වැඩිහිටියෙකුගෙන් අසන්නට හෝ දකින්නට නොලැබුණ ක්‍රියා ඔවුහු සිදුකරති. එවැනි ක්‍රියාවන් දන්න දෙමාපියෝ මවිතයට පත්වන අවස්ථා තිබේ.
‘‘මේ දරුවා මේවා ඉගෙන ගන්නේ කාගෙන්ද? යනුවෙන් දෙමාපියන්ට ප්‍රශ්නයක්ද මතුවේ. දරුවන් විසින් සිදු කරනු ලබන විවිධ ක්‍රියා ඇතැම් විට ඔවුන්ගේ පෙරභවයට සම්බන්ධ ක්‍රියාවන් ලෙස පිළිගැනීමට සිදුවූ අවස්ථා තිබේ. එවැනි ක්‍රියාකාරකම් රැසක් පුණර්භව පර්යේෂණ අතරට එක් වී අැත.
පුනර්භව සාධක තුළින් මතුවන දරුවන්ගේ ක්‍රියාවන් (UNUSUAL PLAY IN CHILDREN WHO REMEMBER PREVIOUS LIFE) යනුවෙන් විමර්ශන සිදු කෙරේ. පෙර භවය හෙළි කළ ශ්‍රී ලංකාවේ දැරියක් මගින් පෙරභව හැසිරීම් රටාවන් ප්‍රථම වරට අනාවරණය වූයේ මහනුවරදී උපත ලද දැරියක මගිනි.
1959 වසරේදී උපත ලද දිස්නා නම් එම දැරිය අනාවරණය කළේ පෙර භවයේදී වයස් ගත කාන්තාවකගේ ජීවිත තොරතුරුය. ඇගේ පුනර්භව සාධකය පිළිබඳව විදේශීය පර්යේෂකයන් වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සහ ෆැන්සිස් ස්ටෝරි යන මහත්වරු සියුම් පර්යේෂණවල නිරත වූහ. අනතුරුව ඔවුන් විසින් ලියන ලද පර්යේෂණ ග්රන්ථ වලද ඇගේ පුනර්භව සාධකය ඇතුළත් කර තිබේ කුඩා කළ සිට ඇය පෙර භවයේ ගති සිරිත් ඉදිරිපත් කරනු ලැබුවේ තෙහැවරිදි වියේ සිටය.
ඇය ඉදිරිපත් කළ පෙර භව ගති සිරිත් දෙමාපියන්ගේ මවිතයට හේතු විය.
දෙපයින් නැගිටීමට හැකි වයසේදී ඇය කිසියම් කෝටුවක් වෙත ගොස් එය අතට ගැනීම සිරිතවිය. එමගින් අනුකරණය කරනු ලැබුවේ වයස්ගත කාන්තාවක් හැරමිටියක ආධාරයෙන් ඇවිද යන අයුරුය. මෙම ක්‍රියාව දුටු මම කීප විටක්ම ඇය අත ඇති කෝටුව ඉවත් කිරීමට උත්සාහ ගන්නා විට.
‘‘මාව වැටෙයි මාව වැටෙයි.’’ යනුවෙන් ප්‍රකාශ කිරීමද ඇගේ සිරිත වූවාය. ඒ අයුරින් ඇගේ පෙරභව ගති සිරිත් ඉදිරිපත් කළ දැරිය ඇගේ පෙර භවය හෙළි කළාය. ඇය අනාවරණය කළේ වයස්ගත කාන්තාවකගේ ජීවිත තොරතුරුය. මෙම දැරිය පෙර භවය ගැන හෙළිකරන අවස්ථාවලදී ‘‘මම එතකොට නාකි ගැහැනියක්.’’ යනුවෙන්ද පවසන්නට වූවාය.
මේ අතර ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය. එනම් සැපීම අපහසු කිසියම් ඇට වර්ගයක් දුටු විට ‘‘මම එහෙදි ඒවා කෑවේ පොඩි කරලා’’ යැයි පවසන්නට වීමය. දිනක් එවැනි අැටවර්ගයක් කෑමට පොඩිකර දෙන ලෙස ඉල්ලූ අවස්ථාවේ මව ඒ පිළිබඳව දියණියගෙන් ප්‍රශ්න කළාය.
‘‘එතකොට මට දත් නෑ’’ ‘‘හපන්න බෑ’’ යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය.
තවත් දිනක් මවගේ සාරියක් ගෙන එහි එක් කොනක ගැටයක් ගසනු මව දුටුවාය. ඒ පිළිබඳව අනාවරණය වූයේ පෙර භවයේදී ඇය සාරි පොටේ මුදල් තබා ගැනීමට ඒ අයුරින් ගැට ගසා තබා ගැනීම අනුකරණය කළ බවකි. මෙම දැරිය තුළින් දක්නට ලැබු ඇඳුම් පිළිබඳ විශේෂත්වයක් ද විය. එනම් ඇය හැම විටම ඉල්ලා සිටියේ දෑත් වැසෙන සේ අඳිනු ලබන අත් දිග ඇඳුම්ය.
මෙම දැරිය කුඩා කළදී බුලත් විට කෑමට උත්සාහ කරන්නට වූවාය. එම ක්‍රියාව ද කුඩා දැරියක් මගින් දක්නට ලැබූ අස්වාභාවික සිරිතක් විය. මේ අයුරින් පෙර භව ගති සිරිත් අනාවරණය කළ දැරියගේ පුනර්භව පර්යේෂණයේදී හෙළිවූයේ වයස අවුරුදු හැත්තෑව ඉක්ම වී මියගිය බබානෝනා නම් කාන්තාවකගේ ජීවිත තොරතුරු එම දැරිය හෙළි කළ බවය.
මිය ගිය කාන්තාව ඇගේ ජීවිතය අවසන් කාලයේදී ඇය ඇවිද ගියේ හැරමිටියක ආධාරයෙනි. පෙර භවය හෙළි කළ දැරිය ඉතා කුඩා අවදියේ ඇවිදීමට උත්සාහ කළේද කෝටුවක ආධාරයෙන් වීම මෙම පුනර්භව සාධකයේ ප්රබලතම සාක්ෂියක් විය.
මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද මෙම දැරියගේ කතා පුවත ඇතුළත් ග්රන්ථයක් ද ඒ බැව් සඳහන් කර තිබේ. දිස්නා දැරිය කෝටුවක් ගෙන ඇවිදීමත් බබානෝනා හැරමිටියෙන් ගමන් කිරීමත් එහි සඳහන් වන්නේ When Disna Was Asked Why She Had to Use A Walking Stick, she said she would otherwise have fallen, babanona used a walking stick only at the very end of her life) යනුවෙනි.
මෙම දැරියගේ පෙර භවය හඳුනාගැනීම සඳහා සිදු කළ පර්යේෂණවලදී පෙර භවයේ නෑදෑ හිතවතුන් රැසක් නිවැරැදිව හඳුනා ගැනීමට එදා එම දැරියට හැකියාව ලැබිණි.
රුවන් නම් වූ පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් උපත ලැබුවේ මාතර ප්‍රදේශයේදීය. ඔහුගේ හැසිරීම් රටාව ද මවගේ මවිතයට හේතු විය. පිරිමි දරුවකු වූ ඔහු වයස අවුරුදු තුනක් පමණ වන විට කාන්තා ඇඳුම්වලට මහත් ප්‍රිය බවක් දක්වන්නට විය. කාන්තාවන්ගේ ඇඳුම්වලට භාවිත කරන විවිධ කටු වර්ග එකතු කිරීමද ඔහු උත්සාහ කළේය.
මේ අතර දිනක් මවගේ උඩුකයට අඳිනු ලබන ඇඳුමක් සිය ඇඟ දවටා ගැනීමට තම පුත්‍රයා උත්සහ කරන අයුරු මව දුටුවාය.
‘‘පුතාට මොකටද ගැහැනු ඇඳුම්’’ යයි මව ප්‍රශ්න කළාය.
‘‘මම එහෙදි ඇන්දා’’ පුත්‍රයාගේ පිළිතුර විය. අනතුරුව සිය දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳව මව උනන්දු වූවාය. නිතර නිතර කණ්ණාඩියක් ඉදිරියට ගොස් තම රුව බැලීමටද ඔහු පුරුදුව සිටියේය. මේ අතර කාන්තාවන්ට පමණක් ආවේණික වූ ඇඳුම් වර්ග ඇඳීමට ද ඔහු උත්සාහ ගනු ලැබුවේ මව මවිතයට පත් කරවමිනි.
මෙම දරුවාගේ ගති සිරිත් පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා විදේශීය මනෝවිද්‍යාඥ පර්යේෂකයෝද විමර්ශනයක නිරත වූහ. පෙර භවය පිළිබඳව වැඩි තොරතුරක් ඔහුගෙන් අනාවරණය නොවීය. එහෙත් එම දරුවාගේ හැසිරීම් රටාව තුළින් පෙර භවයේදී මවකගේ ජීවිතයක් ගත කළ බවට ප්‍රබල සාක්කි රැසක් ඉදිරිපත් විය.
පෙර භවය හෙළි කළ දරුවන්ගේ අස්වභාවික ගති සිරිත් විදහා දැක්වූ පුනර්භව සාධක රැසක් විදේශීය දරුවන් රැසකගෙන් ද අනාවරණය වී තිබේ. ඒ අතර යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම, ළිං හෑරීම, රියැදුරු වෘත්තියේ යෙදීම සහ හමුදා භටයින් ලෙස අනුකරණය කිරීම ආදී ක්‍රියාවන් ඉදිරිපත් කළ දරුවෝ, බුරුමය ඉන්දියාව, ලෙබනනය හා තායිලන්තයේ පර්යේෂණ අතරද දක්නට ලැබේ.
මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඉන්දියාවේදී සිදු කළ පර්යේෂණයකදී ද මවකගේ හැසිරීම් රටාව ඉදිරිපත් කළ දැරියන් පිළිබඳව අනාවරණය වේ. පෙර භවය හෙළි කරමින් එම දැරිය ප්‍රකාශ කරනු ලැබුවේ මවක ලෙස ජීවත්ව සිටි බවය. ඉතා කුඩා වියේදි ඇය ලී කැබැල්ලක් හෝ වෙනත් කිසියම් කුඩා කොට්ටයක් හෝ රැගෙන එයට ‘‘මීනු’’ යනුවෙන් ඇමතීමට පුරුදුව සිටියාය. ‘‘මීනු’’ යනුවෙන් අමතන්නේ කාට දැයි මව විසූ විට ‘‘ඒ මගේ දුව’’ යැයි පිළිතුරු දුන්නාය. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී හෙළි වූයේ මීනු යනුවෙන් නම් ලද දියණියක් සිටි බවත් මිය යෑමට පෙර ඇගෙ ඥාතිවරියක අමතා කළ කතාවකි.
ඇගේ අවසන් වදන වූයේ ‘‘මගේ මීනු දුව බලාගන්නේ කව්ද?’’ යනුවෙනි. මියගිය එම මවගේ පෙර භවය ලෙස අනාවරණය කළ දැරිය ‘‘මගේ මීනු දුව’’ යනුවෙන් කුඩා ලී කැබලි සහ ඇතැම් විට කුඩා භාණ්ඩ නම් කිරීම මෙම පුනර්භව සාධකයේ විශේෂත්වයක් ලෙස පිළිගැනිණි.
බොහෝ කුඩා දරුවෝ ඇතැම් විට වැඩිහිටියන්ගේ ඇඳුම් ඇදීමත් වැඩිහිටියන් ලෙස රංගනයේ යෙදීමත් සාමාන්‍ය සිදුවීම් ලෙස සැලකේ. එහෙත් එවැනි ක්‍රියාකාරකම් සිදු කරමින් පෙරභවය හෙළිකිරීම විශේෂ සිදුවීම් ලෙස පිළිගැනේ. වැඩිහිටියන් ලෙස හැසිරීමෙන් පසු එම හැසිරීම් රටාවලට අදාළ පෙර භවයන් හෙළි කළ දරුවන් අතරින් මීට වසර කීපයකට උඩදී හෝමාගම ප්‍රදේශයේදී උපත ලද දැරියක් මතකයට නැගේ. ඇය නිතර සාරිය ඇදීමට උත්සාහ කළාය. මවගේ හෝ කිසිදු වැඩිහිටියෙකුගේ ආධාරයක් හෝ නොමැතිව සාරිය ඇඳීමට ඇය හුරුවන විට ඇගේ වයස අවුරුදු හතරක් පමණ විය.
සිව් හැවිරිදි දැරියක් වූ ඇය මවගේ සාරියක් ඇඳ බෑගයක් අත තබාගෙන ප්‍රකාශ කරනු ලැබුවේ ‘‘මම ඔපිස් යනවා’’ යනුවෙනි.
ඒ අයුරින් පෙර භවය සිහි ගැන් වූ ඇය ප්‍රකාශ කළේ මහල් කීපයක් සහිත ගොඩනැගිල්ලක ඇය සේවය කළ බවකි. විශාල හඬක් ඇසීමෙන් පසු ඇය මරණය පත් වූ බැව් ඇගේ මතකයේ තිබිණි. කොළඹ කාර්යාලයක සේවය කරමින් සිටියදී මරණය සිදු වී ඇති බැව් ඇගේ ප්‍රකාශවලින් පැහැදිලි විය. පෙරභව තොරතුරු අතර ඇගේ මිතුරියන් දෙදෙනෙකුගේ නම් පමණක් ඇයට මතක තිබිණි.
‘‘නිම්මි කියල යාලුවෙක් හිටියා’’. ‘‘රාණි තමයි මගේ හොඳම යාළුවා’’ යයිද ඇය ප්‍රකාශ කළාය. ‘‘අපි උඩ බිල්ඩිමේ ඉන්න කොට බෝම්බය පිපුරුවා’’ යයිද ඇය වරක් ප්‍රකාශ කළ බැව් දෙමාපියෝ පැවසූහ.
මේ හා සමානවම සාරිය ඇඳ ගුරුවරියක් ලෙස හැසිරීම් රටාවක් ඉදිරිපත්කල දැරියක් මතුගම ප්‍රදේශයේදී උපත ලැබුවාය. ඉතා කුඩා අවදියේ සිට ඇය සාරි ඉල්ලා සිටියාය. කුඩා දරුවෙකු දුටු විගස ඇය නගන ප්රශ්නය වූයේ ‘‘කීවෙනි පන්තියෙද?’’ යන්නය.
සිව්වන වියට පත්වූ එම දැරියටද කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව සාරිය ඇඳීමටද ඇයට හැකියාව ලැබිණි. තම දරුවෙකු සමග බෙහෙත් ලබා ගැනීමට රෝහලක් වෙත ගිය ගමනක්ද ඇගේ මතකයේ තිබිණි.
පෙරභවයේ දරුවන් සිටි මවක් ලෙස පෙර භවය හෙළි කළ තවත් දැරියකගේ හැසිරීම් රටාවක්ද දෙමාපියන් මවිත කරවීය. ඇගේ එම හැසිරීම මතුවූයේ ඇය ස්නානය කරවන විටදීය.
මව විසින් එම දැරිය ස්නානය කරවීමට සූදානම් වන විට ඇය දැඩි ලෙස හැඩීමට පුරුදුව සිටියාය. ඒ වන විට දෙහැවරිදි වියේ පසුවූ ඇය ජලයට ඇති කිසියම් බියක් නිසායයි. මව සිතුවාය. එහෙත් ඇගේ එම හැසිරීම දක්නට ලැබුණේ ස්නානය කරවීම සඳහා ඇගේ ඇඳුම් ඉවත් කරන විටදී බැව්ද මවට දක්නට ලැබිණි. ඇඳුම් ඉවත් කිරීමට සූදානම් වන විට ඇය දැඩි කෝපයට පත්වීමද ඇගේ සිරිත විය. ඇඳුම් ඉවත් කිරීමට විරුද්ධව ඇය දැඩි කෝපයෙන් එය වැළැක්වීමට උත්සාහ ගනු ලැබීය.
බොහෝ අවස්ථාවලදී අසල ඇති තුවායක් අතට ගන්නා දැරිය එමගින් සිරුර වසා ගැනීමටද උත්සාහ කරන්නට වූවාය. තෙවරසක් පමණ ගතවන විට ස්නානය කරන සෑම විටම සිරුරේ උඩ කොටස වැසෙන පරිදි තුවායක් හැදීමට එම දැරිය උත්සාහ කළාය.
දියණියගේ මෙම හැසිරීම් රටාව නතර කරවීමට මව උත්සාහ කරන විටදී ඇය තව තවත් කෝපයට පත්වූවාය. ඇගේ ඉල්ලීම පරිදි උඩුකයත් වැසෙන පරිදි රෙදි කැබැල්ලකින් ආවරණය කළ විටදී ඇගේ කෝපයත් හැඬීමත් නතර කර ඇය ස්නානය කිරීමද සිරිත විය. අැය උත්සාහ කළේ මව්වරුන් දියනෑමේදී සිරුර වසා ගන්නා අන්දම නිරූපණය වන ලෙසට ස්නානය කිරීමටය.
මෙම දැරිය පිළිබඳව සිදු කළ පුනර්භව පර්යේෂණයේදී ඇගේ එම හැසිරීම් රටාව අපටද දක්නට ලැබිණි. බහ තෝරන වියට පත්වීමට ප්‍රථම ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂ ක්‍රියාවක් විය. එනම් ඇයට ක්‍රීඩා කිරීමට ගෙනදුන් බෝනික්කන් ඇද මතට ගෙනගොස් මවක් මව්කිරි දෙන ලෙස බෝනික්කාට කිරි පෙවීමට ඇය උත්සාහ කිරීමය.
දියණියගේ මෙම හැසිරීම් රටාවද කුඩා දරුවන්ගේ සාමාන්‍ය ගතිසිරිත්වලට වඩා වෙනස් බවක්ද මවට දක්නට ලැබිණි. සිය දියණියගේ මෙම ගති සිරිත් පිළිබඳව මවගේ දැඩි අවධානය යොමු විණ.
මේ අතර ඇය පෙරභව තොරතුරු අනාවරණය කරන්නට වූවාය. ඇය ප්‍රකාශ කළේ පෙර භවයේදී දරුවන් සිටි මවක ලෙස ජීවත්ව සිටි බවකි. සිය සෙල්ලම් බෝනික්කා රැගෙන ඇඳමතට යන දැරිය ‘‘මම දරුවට කිරි දෙනවා.’’ යයි ප්‍රකාශ කරන්නට වූවාය. එසේ ප්‍රකාශ කළ දියණියගෙන් දිනක් මව,
‘‘කෝ ඔයාගෙ දරුවා’’ යයි ප්‍රශ්න කළාය. එයට පිළිතුරු දුන් දැරිය ඇගේ පෙරභව ජීවිතය හෙළිකළාය.
අපි එතකොට හිටියේ තට්ටු දෙකේ ගෙදරක’’ යැයි පැවසූ ඇය දරුවා සමග මෝටර් රථයකින් යමින් සිටියදී එය අනතුරකට පත්වූ බැව් හෙළි කළාය. පෙර භවයේදී ඇයට සොහොයුරියක් පමණක් සිටි බැව් පැවසූ එම දැරියගේ මතකයේ තිබුණේ මහනුවර රෝහල පමණි. පෙරභවය අවසන් වූ ගම් ප්‍රදේශය පිළිබඳව ඇගේ මතකයේ නොතිබිණි. එහෙත් ඇය තුළින් මතු වූ හැසිරීම් රටාව පෙර භවයේ ගති සිරිත් විදහා දැක්වීමක් ලෙස පිළිගැනීමට සිදුවිය.
එක්දහස් නවසිය හැත්තෑ හතර වසරේදී උපත ලද සම්පත් නම් දරුවකු මගින්ද අතිශය පුදුම හැසිරීම් රටාවක් දක්නට ලැබිණි. ඉතා නිරෝගීමත් දරුවකු ලෙස උපත ලැබූ මෙම දරුවා වයස අවුරුදු දෙකක් වන විට ඉතා හොඳින් කතා කිරීම ආරම්භ කළේය. පෙරභවය පිළිබඳව ඔහුගේ ප්‍රථම වදන වූයේ මට හාමිනේ බලන්න යන්න ඕනෑ’’ යනුවෙනි.
ඒ අයුරින් බිරිය බැලීමට යෑමට අවශ්‍ය බැව් ප්‍රකාශ කිරීමෙන් පසු පෙරභවයේ තොරතුරු නිවැරදිව හෙළි කළේය. ඔහුට දරුවන් සිටින බවත් පෙර භවයේදී කාර්යාලයක සේවය කළ බවත් පැවසීය. මෙම දරුවා තුළින් දක්නට ලැබුණු විශේෂත්වය වූයේ පෙරභවය හෙළි කරන ඇතැම් අවස්ථා වලදී පාදයක් කොර ගසමින් ඇවිදීමය. උපතින් ඔහුගේ පාදයක කිසිදු ආබාධයක් නොවීය.
ඔහු හෙළි කළ තොරතුරු අනුව පෙර නිවස සොයා ගැනීමට අවස්ථාව ලැබිණි. ඉන් අනතුරුව ඔහු සේවය කළ කාර්යාලයට යෑමට එදා දරුවාට හැකිවිය. එහිදී සිදුවූ අතිවිශේෂ සිදුවීම වූයේ ඔහු කාර්යාලයට යනවිටදී පාදයක් කොර ගසමින් ඇවිදයාමය.
ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයේදී තහවුරු වූයේ පෙරභවයේදී සිදුවූ අනතුරකින් ඔහු ජීවත්ව සිටියදී පාදයක ආබාධිත තත්ත්වයක් ඇති වී ඇවිදීම සිදුවූ බවය. එම දරුවා පිළිබඳ වර්ජිනියා විශ්ව විද්‍යාල මගින් සිදු කළ පර්යේෂන මාහාචාර්ය ස්ටීවන්සන් විසින් ග්‍රන්ථයකට ඇතුළත් කර ඇත්තේ.
(The Previous Personality of this case had a definite limp that had resulted from a vehicular accident the (Subject) sampath limped on an occasion when he was taken to the office where previous personality had worked. at other times his gait was normal) යනුවෙනි.
පෙර භවය හෙළිකල තවත් හැසිරීම් රටාවක් දරුවෙකු මගින් අනාවරණය වූයේ ඉන්දියාවෙනි. ඉන්දියාවේදී පර්යේෂණයට ලක්වූ අශෝක් කුමාර් නම් දරුවාද බහ තෝරන අවදියට ප්‍රථම ඇවිදීම ආරම්භ කරනු ලැබුවේ එක් පාදයක් කොර ගසන අයුරිනි. අනතුරුව ඔහු පෙරභවය හෙළි කළේය.
තම පාදය කොර ගැසීම ගැන ඔහු මවට පැවසුවේ තමා මව වෙත පැමිණියේද ඒ අයුරින් බවය. පසුව ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී එම දරුවාගේ පෙරභවය සනාථ කිරීමට හැකිවිය. බියාර් නම් ඔහුගේ පෙර භවයේ පුද්ගලයා මරණයට පත් වීමට ටික කලකට පෙර සිට අංශභාගය රෝගය වැළදීම නිසා පාදයක් කොර ගසමින් ඇවිදීම සිදුවී තිබිණි. මේ අයුරින් පෙරභවයේ ගති සිරිත් සහ හැසිරීම් රටා යළි උපන් දරුවන් මගින් සිදුවූ තවත් පුනර්භව සාධක කීපයක්ම ඇලස්කාව, තුර්කිය, සහ ලෙබනනය යන රටවලින්ද පර්යේෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ.
තිස්ස ජයවර්ධන
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෙරභවයේ පුරුද්දට හැරමිටිය ඉල්ලූ දැරිය