IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පෙරභවයේ නිවෙසට ගොස් භාණ්ඩ සෙවූ දරුවෝ

​පෙරභවයේ ප්‍රබල සාක්කි

 

 

පෙරභවය හෙළි කළ දරුවන් පිළිබඳව සිදු කරන පර්යේෂණවලදී හඳුනා ගැනීමේ පෙරට්ටු පැවැත්වීම සාමාන්‍ය සිරිතය. එවැනි අවස්ථාවලදී පෙර භවයේ ඇසුරු කළ ඇතැම් පුද්ගලයන් නිවැරදිව හඳුනා ගැනීමට බොහෝ දරුවන්ට හැකිවිය. මේ හැර පෙර භවය හෙළි කළ ඇතැම් දරුවෝ ඔවුන් පෙර භවයේදී භාවිතා කළ භාණ්ඩ නිවැරදිව හඳුනාගත් අවස්ථා රැසක්ද ඇත. එවැනි භාණ්ඩ හඳුනාගත් දරුවෝ රැසක් ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශවලින්ද පර්යේෂණ අතර එක්වී සිටිති.  

පෙර භවයේ නිවෙස්වලට ගොස් තමන් භාවිත කළ විවිධ ක්‍රීඩා භාණ්ඩ සහ ඇඳ, පුටු, මේස, අල්මාරි, පෙට්ටගම්, තුවක්කු, බයිසිකල්, දිනපොත් සහ මුදල් පසුම්බි ආදියද ඇතැම් දරුවන් විසින් හඳුනාගනු ලැබුවේ ඔවුන්ගේ ඥාතීන් පුදුමයට පත් කරවමිනි. ඇතැම් විට යළි උපත ලබා පෙර භවයේ නිවෙස්වලට ඔවුන් යන විට ඇතැම් භාණ්ඩවල කොටස් පවා දිරාපත් වී තිබිණි. එහෙත් එවැනි භාණ්ඩ පවා ඔවුන් විසින් හඳුනා ගනු ලැබුවේ පුදුමාකාර ලෙසටය.  


කුඩා කලදී භාවිත කළ රබර්වලින් නිෂ්පාදිත අලියකු නිවසේ සිටි බැව් හෙළි කළ එක් දැරියක් පෙරභව නිවෙසට ගොස් එය පෙන්වා දෙන විට පෙරභව මරණය සිදුවී වසර දහඅටක් පමණ ගතවී තිබිණි. මාපියන් විසින් තම මියගිය දියණිය සිහිවීම සඳහා ආරක්‍ෂා කරනු ලැබ තිබූ එම සෙල්ලම් අලියා ඇය හඳුනා ගන්නා විට අබලන් තත්ත්වයේ පැවතිණි. මගේ සෙල්ලම් අලියා කෝ?’’ යනුවෙන් එද‌ා පෙරභව නිවෙසට ගිය දැරිය මාපියන්ගෙන් ඉල්ලා සිටියාය. 

 
පෙරභවයේ සෙල්ලම් අලියා හඳුනාගත් දැරිය උපත ලබා තිබුණේ පන්නල ප්‍රදේශයේදීය. පෙර භවයේදී ඇගේ මරණය සිදුවී ඇත්තේ නාගයකු දෂ්ට කිරීම හේතුවෙනි. පෙරභව තොරතුරු අනාවරණය කළ ප්‍රියන්ති නම් එම දැරිය උපත ලැබුවේ 1977 වසරේදීය. බහතෝරන වියට පත් වූ ඇය පෙරභවය පිළිබඳව හෙළි කළ ප්‍රථම වදන වූයේ.  


‘‘මාව නයා කෑවා’’ යනුවෙනි. ඒ සමගම ඇය කකුලේ එක් පාදයක ඇගිල්ලක් පෙන්වමින් එම ස්ථානයට නයා දෂ්ඨ කළ බැව් හෙළි කළාය. පෙරභවයේ දී පාසල් ගිය බවත් තම නිවෙස ඉදිරිපිට වෙල්යායක් ඇති බවත් ඇය අනාවරණය කළාය. පෙර භවයේදී ඇයට සොහොයුරියක් සිටි බැව්ද හෙළි කළ දැරිය පෙර නිවසේ ඇඳුම් මැසීම සඳහා මැෂිමක් ඇති බවද එමගින් ඇය ඇඳුම් මැසීම සිදු කළ බවද ප්‍රකාශ කළාය.  


දිනක් ඔවුන්ගේ නිව​ෙස් පොල් අතු සෙවිලි කරමින් සිටි බවත් ඇය ඒ අසල සිටියදී නාගයෙකු දෂ්ට කළ බවත් පැවසුවාය. පෙර නිවසට යන ගමන් මාර්ගයද ඇගේ මතකයේ තිබිණි. ඒ අනුව ඇගේ පෙරභව නිවෙස සොයාගැනීමට එද‌ා එම මාපියන්ට හැකිවිය. පෙරභවයේ මාපියන් හමුවීමටත් පෙර නිවෙසට යෑමටත් ඇයට අවස්ථාව ලැබිණි. එහිදී පෙරභවයේ නැගණිය සහ මාපියන් හඳුනා ගැනීමට අමතරව ඇය භාවිත කළ සෙල්ලම් අලියා සහ මැෂිම හඳුනා ගැනීම මෙම පුනර්භව සාධකයේ ප්‍රබලතම සාක්කිය බවට පත්විය.  


මෙම දැරියගේ පුනර්භව සාධකය පිිළිබඳ පර්යේෂණ පැවැත්වීමේදී පෙරභවයේ මාපියන් හමුවීමටද අපට අවස්ථාව ලැබිණි. පෙර භවයේ පියසීලි නම් තරුණියකගේ ජීවිත තොරතුරු ඇය අනාවරණය කර තිබිණි. පෙරභවයේ මරණය සිදුවී ඇත්තේ නාගයෙකු දෂ්ට කිරීම නිසාය. පෙර නිවෙසේ පොල් අතු සෙවිලි කළ දිනයකදී තම දියණිය ඇගේ කකුලෙන් විසක් දැනෙන බැව් මාපියන්ට පවසා තිබිණි. ඇගේ කකුලේ පොල් ඉරටයක් ඇනෙන්නට ඇතැයි මාපියෝ සිතූහ. ඒ වන විටත් නාග විෂ ඇගේ හිස දක්වා ගමන් කර තිබිණි. ඇයට පැවසිය හැකි වූයේ ‘හිස් මුදුන දනවා’ යනුවෙන් පමණය. අවසානයේ ඇයට ප්‍රතිකාර කළද ඇය ජීවිතයෙන් සමුගත්තාය. 1962 වසරේදී ඇය මිය යන විට ද‌ාහත්වන වියේ පසුවූ බැව් අනාවරණය විය.  

 

කුලියාපිටිය ප්‍රදේශයේදී උපත ලද කමනි නම් දැරියක් ප්‍රකාශ කළේ ඇය පෙර භවයේදී දෙදරු පියකු ලෙස ජීවත්ව සිටි බවකි. දිනක් ඇය මොටර් රථයක් පදවාගෙන යද්දී අනතුරකට ලක්වූ බැව් ඇයට මතක තිබිණි.  ‘‘මම හැප්පුන කාර් එක එළවගෙන යන කොට පෙරලුණා. ඉතින් මම මැරුණා’’ යැයිද ඇය හෙළිකළාය.


පෙරභව ඥ‌ාතීන් මවිතයට පත් කරවමින් පෙර භවයේදී තම ඇඳුම් දැමූ පෙට්ටගමක් හඳුනාගත් දරුවෙක්ද පර්යේෂණ අතරට එක්විය. එම දරුවා උපත ලැබුවේ කඩුවෙල ප්‍රදේශයේදීය. ලොරි අනතුරකින් මරණයට පත් වූ බැව් හෙළි කළ තුසිත නම් එම දරුවා පෙරභවයේ නිවෙස පිහිටා තිබූ ප්‍රදේශයද නිවැරදිව හෙළි කළේය. පෙර නිවෙස පිහිටි ප්‍රදේශයට දරුවා රැගෙන ගිය විටදී නිවෙස නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට හැකිවිය. කිසිදු බියපත් වීමක් නොමැතිව නිවෙස තුළට ගිය ඔහු එහි කාමරයක් තුළ තිබූ පෙට්ටගමක් වෙත ගියේය. එය තනා තිබූ අයුරින් කුමන අයුරකින් එය විවෘත කරන්නේද යන්න කුඩා දරුවකුට අවබෝධ කර ගැනිම අසීරු විය. එහෙත් එය විවෘත කරන අයුරු නිවැරදිව හෙළි කළ දරුවා එහි තමාගේ රෙදි දැමූ බැව් අනාවරණය කළේය. ඒ හැරුණු විට ඔහු ජීවත්ව සිටි අවධියේ නිවෙසේ භාවිත කළ කුඩා අල්මාරියක්ද නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට හැකිවිය. රිය අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සිටි ස්ථානයද පැහැදිලිව පෙන්වා දීමටද එද‌ා එම දරුවාට මතක තිබිණි.  


කුලියාපිටිය ප්‍රදේශයේදී උපත ලද කමනි නම් දැරියක් ප්‍රකාශ කළේ ඇය පෙර භවයේදී දෙදරු පියකු ලෙස ජීවත්ව සිටි බවකි. දිනක් ඇය මොටර් රථයක් පදවාගෙන යද්දී අනතුරකට ලක්වූ බැව් ඇයට මතක තිබිණි.  


‘‘මම හැප්පුන කාර් එක එළවගෙන යන කොට පෙරලුණා. ඉතින් මම මැරුණා’’ යැයිද ඇය හෙළිකළාය. පෙරභවයේදී පල්ලියට ගිය බවත් ඇය අනාවරණය කළාය. මෙම දැරිය තුළ තිබූ තවත් විශේෂත්වයක් වූයේ ඇගේ බාල මල්ලීට දුව යනුවෙන් ඇමතීමය. එමගින් ඇය විසින් අනාවරණය කරනු ලැබුවේ පෙර භවයේදී ඇයට දියණියක් සිටි බවකි. මෙම තොරතුරු අනුව සිය දියණියගේ පෙර භව තොරතුරු විමර්ශනය කිරීමට මාපියෝ උනන්දු වූහ. දියණිය අනාවරණය කළේ මීගමුවට නුදුරුව පදිංචිව සිටි බවකි. මෙම තොරතුරු සොයා බැලීමට දැරියගේ ඥ‌ාතිවරයෙක් ඉදිරිපත් විය.  


දැරිය හෙළි කළ පෙර භවයට සමාන තොරතුරු ඔහු විසින් විමර්ශනයට ලක් කැරිණි. එම තොරතුරු අනාවරණය වීමෙන් පසු පෙරභව ඥ‌ාතීහු ඇගේ නිවෙසට පැමිණියහ. කිසිදු දැනුම් දීමකින් තොරව පැමිණි පෙරභව ඥ‌ාතීන් නිවැරදිව හඳුනා ගැනීමට එද‌ා ඇයට හැකියාව ලැබිණ. පෙර ඥ‌ාතීන් හඳුනා ගැනීමෙන් පසු මියගිය පෙරභවයේ තැනැත්තා මුදල් දැමීමට භාවිත කළ කුඩා ලී පෙට්ටියක් දුටු දැරිය එය ඉතා පැහැදිළිව හඳුනා ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි.  


නිවෙසේ තිබූ භාණ්ඩ රැසක් පැහැදිළිව හඳුනාගැනීමට හැකි වූ තවත් දරුවෙක් උපත ලැබුවේ මොරටුවේදීය. තම පෙර භවය පිළිබඳ නිවැරදි තොරතුරු රැසක් හෙළි කිරීමට එද‌ා එම දරුවාට හැකිවිය. දිගු කලක් රෝගීව සිට මියගිය බැව් අණාවරණය කළ එම දරුවා හඳුනාගත් භාණ්ඩ අතර පෙර නිවෙසේ තිබූ අල්මාරියක් සහ ඇඳක්ද විය. දිගු කලක් තිස්සේ පෙර නිවෙසේ තිබූ වියන් ඇඳ සොයාගිය ඔහු එම ඇඳ තමා පෙර භවයේ සිටියදී නිවෙසේ තිබූ බැව් හෙළි කළේ පෙර භව ඥ‌ාතීන් පුදුමයට පත් කරවමිනි.   


ළිඳේ වැටීමක් නිසා මරණයට පත් වූ බැව් හෙළි කළ දරුවෙක්ද පෙර නිවෙසේදී ඔහුට කුඩා බයිසිකලයක් තම පියා ගෙනදුන් බැව් කියා සිටියේය. දොම්පේ ප්‍රදේශයේදී උපත ලද සම්පත් නම් එම දරුවා මරණයට පත්ව තිබුණේ ඉතා කුඩා අවධියේදීය. එහෙත් පෙර භව මතක සටහන් ඔහු තුළින් අනාවරණය වූයේ අතිශය පුදුමාකාර ලෙසටය. පියා සතුව තිබූ බයිසිකලයක් පිළිබඳවත් ඔහුට ඉතා හොඳින් මතක තිබිණි. එම බයිසිකලයේ ඔහුව රැගෙන යෑම සඳහා පියා වෙනමම අසුනක් සවිකර තිබූ බැව්ද ඔහු හෙළි කළේය.  


ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී පෙර භවයේ නිවෙසට ඔහු රැගෙන යාමට අවස්ථාව ලැබිණි. පෙර භව නිවෙසට ගිය දරුවා තම පියාගේ බයිසිකලය ගැන විමසා සිටියේය. එහෙත් ඒ වන විට එහි දරුවා රැගෙන යාමට සවි කර තිබූ අසුන පියා ගලවා දමා තිබිණි. අනතුරුව ඔහු විසින් විමසන ලද්දේ ඔහුගේ කුඩා බයිසිකලය පිළිබඳවය. සම්පත් දරුවා මරණයට පත්වීමෙන් පසු ඔහු සිහිවීම පිණිස ඔහුගේ කුඩා බසියිකලය මාපියන් ආරක්‍ෂා සහිතව තබා තිබිණි. එය දුටු සැණින් ‘‘මේ මගේ බයිසිකලය’’ යනුවෙන් හඳුනාගත් දරුවා එය මහත් ප්‍රීතියෙන් ඔහු ඉල්ලා සිටියේය. මෙම පුනර්භව සාධකයේ තිබූ තවත් විශේෂත්වයක් වූයේ එද‌ා පෙර භවය හෙළි කළ දරුවා තරුණවියට පත්වීමෙන් පසුවත් එම බයිසිකලය ඔහු දැඩි ආසාවෙන් ආරක්ෂා කිරීමය. මීට වසර කීපයකට උඩදී අප ඔහු හමුවන විටත් එම බයිසිකලය ආරක්‍ෂා කරනු දැක ගත හැකි විය. සම්පත්ගේ මෙම පුනර්භව සාධකය ඇ​ෙමරිකාව සහ ජර්මනියේ මනෝ විද්‍ය‌ාඥයන් දෙදෙනකු විසින්ම අධ්‍යයනය කරනු ලැබීමෙන් පසු ඔවුන්ගේ පර්යේෂණ ග්‍රන්ථවලට ඇතුළත් කර තිබේ.  


මේ හා සමානව පෙරභවයේ භාණ්ඩ කීපයක් හඳුනාගත් සිදුවීම් කීපයක් මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ අතරද දක්නට ලැබේ. ඉන්දියාවේ දරුවකු විසින් අනාවරණය කෙරුණු පුනර්භව සිදුවීමකදී පෙර භවයේ ඇඳට දැමූ ඇතිරිල්ලක් හඳුනාගැනීමද ප්‍රබල සාක්කියක් බවට පත්විය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ දී 1965 දී උපත ලද ප්‍රාතිමා නම් දැරියක් ප්‍රකාශ කළේ ඇගේ උපත සිදුවීමට වසර ගණනකට උඩදී මියගිය ගොඩ්වාරි නම් අයෙකුගේ පෙර භව ජීවිතයකි.  


පෙර භවයේ පුද්ගලයන් රැසක් හඳුනා ගැනීමෙන් පසු ඇය පෙර භවයේදී ඇඳට දමා තිබුණේ ‘‘ඇම් බ්‍රොයිඩර්’’ කරන ලද ඇඳ අතිරිල්ලක් බව ප්‍රකාශ කළාය. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී එම දැරිය විසින් ඇගේ පෙර භව ඇඳ ඇතිරිල්ල නිවැරදිව හඳුනා ගනු ලැබීය. මහාචාර්ය ස්ටීවන්සන්ගේ ග්‍රන්ථයක එය සඳහන් කර ඇත්තේ (RECOGNITION OF SOME EMBROIDERED BED COVERINGS THAT HAD BELONGED TO GODWARI) යනුවෙනි.  


මහාචාර්ය ස්ටීවන්සන්ගේ තවත් පුනර්භව පර්යේෂණයක සඳහන් වී ඇති සිදුවීමක්ද අතිශය පුදුම උපදවන සුලුය. බුරුමයේ රැන්ගුන්හිදී උපත ලද සින්ට් නම් දැරියක් ප්‍රකාශ කළේ පෙර භවයේ වයස අවුරුදු හැටදෙකේදී මරණය පත් වූ මාමේ නම් කාන්තාවගේ ජීවිත තොරතුරුය. පෙර භවය හෙළි කළ දැරිය විසින් පෙර ඇසුරු කළ පුද්ගලයන් කීප දෙනකු හඳුනා ගනු ලැබීමෙන් පසු ඇය භාවිත කළ පොරෝන රෙද්දක් හඳුනාගැනීම අතිවිශේෂ සිදුවීමක් විය. එකම පවුලේ පුනර්භවයක් වූ එම සිදුවීම සඳහන් කර ඇත්තේ මෙසේය. (RECOGNITION OF BLANKET) - A SERVANT HAD SPREAD AND OLD BLANKET ON THE FLOOR IN ORDER TO PIST ON IT SOME CLOTHES THAT SHE WAS IRONING WHEN 'SINT' SAW IT, SHE SAID THIS IS MY BLANKET යනුවෙනි. පෙරභවයේ ඇය භාවිතා කළ පොරෝණ රෙද්දක් දැකීමෙන් එය නිවැරදිව හඳුනාගත් දැරිය එය තමාගේ බැව් අනාවරණය කරනු ලැබුවාය. මේ අයුරින් පෙර භවයේ නිසල භාණ්ඩ හඳුනා ගැනීමද පුනර්භව සාධකවලට ප්‍රබල සාක්කි ලෙස පිළිගනු ලැබේ.     

 

 

 

 

 

 

 

 

 

 

තිස්ස ජයවර්ධන



අදහස් (0)

පෙරභවයේ නිවෙසට ගොස් භාණ්ඩ සෙවූ දරුවෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site