IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පෙර භවයෙන් එන දරුවන්ගේ කෝපය

පෙර භවයේ ප්‍රබල සාක්කි

 

කුඩා දරුවන් සිඟිති වියේ සිට දැඩි ලෙස හැඬීම සාමාන්‍ය දෙයක් ලෙස පිළිගනු ලැබේ. ඇතැම්විට ඔවුන් එලෙස හඬනු ලබන්නේ දැඩි ලෙස කෝපයට පත්වීමෙනි. එවැනි හැසිරීම්වලට හේතුවක් සොයා ගත නොහැකිව අසරණ වන දෙමාපියෝද සිටිති.  
 
බහ තෝරන වියටත් ප්‍රථම සිට ඇතැම් දරුවන් කෝපයට පත්ව අතට අසුවන භාණ්ඩ පවා ඉවතට විසි කරන අවස්ථාද ඇත. එවැනි දරුවන් වැඩිවියට පත්වන තුරුත් ඔවුන් තුළ පවතින එවැනි හැසිරීම් සහ ගති සිරිත් නිසා ඒ පිළිබඳව දෙමාපියන්ගේ අවධානයද යොමු වේ. එවැනි දරුවන් මනෝ වෛද්‍ය අංශවලට යොමු කළ අවස්ථාද තිබේ.   


මනසේ ඇතිවන කෝපය පිළිබඳව සිදු කරනු ලබන මනෝ විද්‍යා පර්​ෙ‌ය්ෂණවලදී TEMPERAMENT යනුවෙන් කෝපවීම හඳුන්වනු ලැබේ. මේ යටතේ දරුවන්ගේ එවැනි කෝපවීම් සියුම් ලෙස විමර්ශණය කිරීමට මනෝ විද්‍යා අංශවලට සිදුවේ.   


පුනර්භව පරීක්ෂණවලදීද දරුවන්ගේ කෝපය තුළින් පෙර භවය අනාවරණය වූ සාධක රැසක් ඇත. එම සිදුවීම් PERSONALITY TRAITS AND TEMPERAMENT යනුවෙන් හඳුන්වනු ලැබේ. බිලිඳු වියේ සිට අධික ලෙස කෝපයට පත්වීමටත් අස්වාභාවික ලෙස කෝපයෙන් හැසිරීමටත් පුරුදු වූ දරුවන් රැසක් පෙර භවයේදී ද දැඩි ලෙස කෝපයට පත්වූවන් බැව් නිරීක්ෂණවලදී අනාවරණය වේ.   


ලොව රටවල් රැසකින් එවැනි සාධක ඉදිරිපත් වූ අතර ශ්‍රී ලංකාවේ දරුවන් කීපදෙනෙක්ම උපතින් කේන්තිකාරයන් වූ බැව් හෙළි විය. පෙරභවය අනාවරණය කළ ඇතැම් සිදුවීම්වලදී හදිසි කෝපය නිසා සිය දිවි හානිකරගත් පුද්ගලයන් පිළිබඳව ද හෙළි වේ. පෙර භවයේදී කෝපයට පත් වී මියගිය තරුණියකගේ තොරතුරු අනාවරණය කළ දැරියක එලෙසම සිය දිවි හානිකර ගැනීමේ සිදුවීමක් මීට වසර ගණනකට උඩදී හෙළි විය.   
එම දැරිය උපත ලබා තිබුණේ මීගමුව ප්‍රදේශයේය. දහසය වන වියේ සිටි එම තරුණිය මව සමග ඇති වූ කෝපයක් නිසා දිවිකදුරු නම් විස ගෙඩි වර්ගය කෑමෙන් මරුමුවට පත් වූ බැව් ඇගේ ජීවිත තොරතුරු හෙළිකරමින් කියා සිටියාය. පදිංචිව සිටි ප්‍රදේශය පිළිබඳව පැහැදිලි අනාවරණයක් නොවීම නිසා ඇගේ පෙරභව නිවස සොයා ගැනීම අපහසු විය.   


වසර කීපයක් ගත විය. එම දැරිය සමග ඔවුන් පදිංචි ප්‍රදේශයෙන් ඉවත්ව ගිය දෙමාපියෝ ගාල්ල ප්‍රදේශයේ පදිංචියට ගියහ. නිතර නිතර කෝපවන තත්ත්වය එම දැරිය තුළත් දක්නට ලැබිණ. අනතුරුව ඇය පෙර භවයේ සිය දිවි නසා ගත් වයසේදීම යළිත් සිය දිවි නසා ගත්තාය. එවර ඇය සිය දිවි නසා ගැනීමට භාවිතා කර තිබුණේ කෘමි නාශක වර්ගයකි. උපතින්ම තිබූ කෝපවීමේ ගති සිරිත් ඇය තුළින් දක්නට ලැබුණු බැව් මෙම දැරිය පිළිබඳව සිදුකළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී අනාවරණය විය.   


පෙර භවයේ සිට තිබූ කෝපවීමක් හෙළි වූ පුනර්භව සාධකයක් තායිලන්ත​ෙයන්ද මීට වසර ගණනකට උඩදී අනාවරණය විය. 1962 පෙබරවාරි මාසයේදී උපත ලබා සිටි එම දරුවා පිළිබඳව තායිලන්තයේ PIM THAI පුවත්පත මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. මාස කීපයක ළදරුවෙකු වූ එම දරුවා නිතර නිතර තිගැස්සී අවදිවීම සිරිත විය. ඔහු කිසියම් බියපත් වීමක් සිදුවන්නේ යයි දෙමාපියෝ සිතූහ. තම පුත්‍රයාගේ බියපත්වීම සැමියා සමගද හෙළි කළ මව දරුවා පිළිබඳව දැඩි අවධානයෙන් සිටියාය. කුඩා දරුවන් තුළින් දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමක් විය හැකියැයි පියාගේ අදහස විය.   


දරුවාට වසර එක හමාරක් පමණ වන විට ඔහු දෙපයින් නැගිට ඇවිදීමට හුරුව සිටියේය. මිදුලේ තිබූ කෝටු කැබැල්ලක් අහුලාගත් දරුවා එය රැගෙන කණුවක් වෙත යනු මව දුටුවාය. ඒ සමගම මොනවාදෝ කියමින් කෝටුවෙන් කණුවට පහර දුන්නේය.   


දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳව මවට කිසිවක් සිතාගත නොහැකි විය. කෙසේ වෙතත් දරුවා නිතර නිතර කෝපවන්නෙක් බැව් මවට දක්නට ලැබිණ. තවත් මාස කීපයක් ගතවිණ. ඔහුට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණි.   


මිදුලේ සිටි දරුවා සිරිත් පරිදි කෝටුවක් අතට ගත්තේය. කණුවක් වෙත ගිය ඔහු එම කෝටුවෙන් කණුවට පහර දෙමින් යමක් ප්‍රකාශ කරන බැව් ඔහුගේ සොහොයුරියන්ට අැසුණි. වහා ඒ අසලට ගිය සොහොයුරිය තම මල්ලී ප්‍රකාශ කරන්නේ කුමක්දැයි ශ්‍රවණය කළාය.   


“මම උඹව මරණවා” යයි ඔහු ප්‍රකාශ කරන බැව් අසන්නට ලැබිණි. සොහොයුරිය සහ දෙමාපියෝ එතැන් සිට මෙම දරුවාගේ ප්‍රකාශ පිළිබඳ දැඩි අවධානයක් යොමුකර සිටියහ. ඔහු පෙරභවය හෙළි කරන බැව් අනාවරණය විය. තවත් වරෙක ඔහු තුළින් දක්නට ලැබුණු හැසිරීම් රටාවක්ද අතිශය පුදුම උපදවනසුලු විය.   

 

පෙර භවයේ සිට තිබූ කෝපවීමක් හෙළි වූ පුනර්භව සාධකයක් තායිලන්ත​ෙයන්ද මීට වසර ගණනකට උඩදී අනාවරණය විය. 1962 පෙබරවාරි මාසයේදී උපත ලබා සිටි එම දරුවා පිළිබඳව තායිලන්තයේ PIM THAI පුවත්පත මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. මාස කීපයක ළදරුවෙකු වූ එම දරුවා නිතර නිතර තිගැස්සී අවදිවීම සිරිත විය. ඔහු කිසියම් බියපත් වීමක් සිදුවන්නේ යයි දෙමාපියෝ සිතූහ. තම පුත්‍රයාගේ බියපත්වීම සැමියා සමගද හෙළි කළ මව දරුවා පිළිබඳව දැඩි අවධානයෙන් සිටියාය. කුඩා දරුවන් තුළින් දක්නට ලැබෙන සාමාන්‍ය සිදුවීමක් විය හැකියැයි පියාගේ අදහස විය.  දරුවාට වසර එක හමාරක් පමණ වන විට ඔහු දෙපයින් නැගිට ඇවිදීමට හුරුව සිටියේය. මිදුලේ තිබූ කෝටු කැබැල්ලක් අහුලාගත් දරුවා එය රැගෙන කණුවක් වෙත යනු මව දුටුවාය. ඒ සමගම මොනවාදෝ කියමින් කෝටුවෙන් කණුවට පහර දුන්නේය.  දරුවාගේ හැසිරීම් රටාව පිළිබඳව මවට කිසිවක් සිතාගත නොහැකි විය. කෙසේ වෙතත් දරුවා නිතර නිතර කෝපවන්නෙක් බැව් මවට දක්නට ලැබිණ. තවත් මාස කීපයක් ගතවිණි. ඔහුට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබිණි.


දිනක් පිහියක් අතට ගත් දරුවා එය මුවහත් තබන ආකාරය නිරූපණය කළේය. පිහිය මගින් ඔහු තුවාල කර ගනු ඇතැයි සිතූ සොහොයුරිය මොකද කරන්නේ ? යැයි ප්‍රශ්න කර එය උදුරා ගැනීමට උත්සාහ කළාය. ක්ෂණිකව පිළිතුරු දුන් දරුවා “මට කෙනෙක්ව මරන්න තියෙනවා” යැයි පැවසීය. අනතුරුව ඔහුගේ පෙරභව මිනීමරුවන්ගේ නම්ද ඔහු හෙළි කළේය. 

 
පෙර භවයේ ජීවිතය විනාශ කළ පුද්ගලයින් කෙරෙහි පැවති දැඩි කෝපය එම දරුවා වැඩිවියට පත්වනතුරුත් ඔහු තුළින් දක්නට ලැබුණ බැව් ඒ පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී අනාවරණය විය. 1965 මාර්තු මාසයේ THAI RAT නම් පුවත්පතද එම දරුවාගේ කතා පුවත ප්‍රසිද්ධියට පත්කළේය.   


පෙර භවයේ සිදුවීම ඉතා හොඳින් මතක තිබූ ඔහු “මාව මරල මගේ ඔරලෝසුවයි මාලෙයි ගලවගෙන ගියා” යයිද වරෙක කීවේය.   


දිනක් ආගමික සිද්ධස්ථානයක් වෙත යාමට මිතුරෙක් පැමිණ කතා කළ බවත් ඔහු සමග යන විටදී එහි සිටි අයෙක් ඔහුට පොල්ලකින් ගසා මරණය සිදුකළ බැව්ද මෙම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. අනතුරුව පිහියකින්ද ඇනීමෙන් පසු තමා මරණයට පත්වූ බැව්ද ඔහු ප්‍රකාශ කළේය. දරුවා හෙළි කරන තොරතුරු සොයා යෑමට පියා උනන්දු විය. ඒ අනුව ඔහු ප්‍රකාශ කළ ගම් ප්‍රදේශය සොයා දරුවා ද සමග ගිය පියාට පෙරභව නිවස සොයාගත හැකි විය.  


පෙරභව නිවස සොයා ගැනීමෙන් පසු එම දරුවාගේ පෙරභවයේ තැනැත්තාගේ මරණ සිදුව තිබූ අයුරු නිවැරදිව අනාවරණය කර ගැනීමට හැකි විය. එම මිනීමැරුම් සිදුකර තිබූ පුද්ගලයන් සහ සිදුවූ ස්ථානය ද එදා එම දරුවා විසින් හඳුනා ගනු ලැබීය. ඒ සමගම ඔහු ඇසුරු කළ තරුණියක ද නිවැරදිව හඳුනා ගැනීමටද එදා එම දරුවාට හැකි විය.   


පෙර භවය හෙළි කළ දරුවා ප්‍රකාශ කළ පරිදි මිතුරෙකු සමග යනවිට වෙනත් පුද්ගලයෙකු විසින් ඔහු ඝාතනය කර තිබුණේ මහා මාර්ගයේ පාළු ප්‍රදේශයකදීය. අනතුරුව මිතුරා පලායාමෙන් පසු මිනීමරුවෝ ඔහුගේ ඔරලෝසුව සහ පැලඳි රන්මාලයද ගෙන ගොස් තිබිණි. චමිරත් නම් එම තරුණයා ඝාතනය කර තිබුණේ 1954 අප්‍රේල් මාසයේ දී ය.   


උපතින්ම කේන්තිකාරයකු වූ ශ්‍රී ලංකාවේ දරුවෙක්ද ගාල්ල ප්‍රදේශයේදී උපත ලැබීය. කුඩා කල සිටම ඔහුගේ සිරුරේ දක්නට ලැබුණු උපන් ලපයකට කඩදාසි කැබලි අලවන අයුරු මවට දක්නට ලැබිණි. ඒ පිළිබඳව මව ඔහුගෙන් විමසූ විට කියා සිටියේ වෙඩි වැදුණු තුවාලයට බෙහෙත් දමන බවය. අනතුරුව ඔහු තුළින් තිබුණු අස්වාභාවික කෝපයක්ද මවට දක්නට ලැබිණි. ඔහුට ආහාර සඳහා කිරි සාදාදීම ප්‍රමාද වූ විට දැඩි කෝපයෙන් මවට බැන වැදීමට ද එම දරුවා පුරුදුව සිටියේය. උපන් ලපය පෙන්වන විටදී ඔහු දැඩි ලෙස කෝපවීමද සිරිතය. කුඩා කල සිට ඇතැම් විට පරුෂ වචන පවා දරුවා ප්‍රකාශ කළේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.   


තම දරුවා එම වදන් ඉගෙන ගත්තේ කෙසේද යන්න දෙමාපියන්ට මහත් ගැටලුවක් විය. ඔහු ජීවත්ව සිටි පරිසරය මගින් හෝ නිවසේ අයෙකුගෙන් හෝ කිසිදිනෙක ඒ වනවිට ශ්‍රවණයවීමක් හෝ සිදු වී නොතිබිණි. දරුවාගේ හැසිරීම් රටාව අතරින් ඔහු පෙර භව තොරතුරු අනාවරණය කළේය. පෙර භවයේදී හමුදා සේවයේ යෙදී සිටියදී වෙඩි වැදීමකට ලක්ව මියගිය බැව් ඔහු ප්‍රකාශ කළේය. කුඩා කල සිට ඔහු දැඩි කෝපයෙන් හැසිරීම නිසා කිසියම් ආගන්තුකයකු නිවසට පැමිණි අවස්ථාවලදී මව සහ පියා මාරුවෙන් මාරුවට ඔහු නිවසින් ඉවතට ගෙන යාමටද දෙමාපියන්ට සිදුවී තිබිණි.   


පෙර භවයේදී ඔහු ගත කළ ජීවිතය අතිශය දුෂ්කර හිරිහැරකාරී වීම නිසා පෙරභවයේදී ඔහු දැඩි කෝපයෙන් සිටි බැව් එම දරුවා මගින් අනාවරණය වීය.   


මේ අයුරින්ම හමුදා සේවයේ යෙදී සිටියදී වෙඩි වැදීමක් නිසා මරුමුවට පත්වූ හමුදා භටයෙකුගේ ජීවිත තොරතුරු හෙළි කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබීය.   


දෙවැනි ලෝක යුද්ධ සමයේ හමුදා භටයෙකු ලෙස ගිය බැව් හෙළි කළ මත්ග් නම් එම දරුවා යුද්ධ සමයේදී ඔහුට සිදු කළ දරුණු තුවාල පිළිබඳව අනාවරණය කළේය. මේ නිසා ඔහු දැඩි කෝපයකින් යුතුව යුද සේවයේ යෙදී සිටි බවත් වරක් ගසක් මුල බෝම්බ අටවා එහි නැග සිටියදී සතුරන්ට හසු වූ බවත් කීය. එම බෝම්බ පත්තු කළ නමුත් ඒවා ක්‍රියාත්මක නොවීමෙන් ඔහු සතුරන් අතට පත් වූ බවද එම දරුවාට මතක තිබිණ. ජපන් හමුදාව බුරුමයේදී එල්ල කළ ප්‍රහාර පිළිබඳව ඔහු අනාවරණය කළේ දැඩි කෝපයෙන් වීමද විශේෂත්වයක් විය.   


මෙම දරුවා පිළිබඳව සිදු කළ පුනර්භව පරීක්ෂණයේදී කුඩා කල ඔහු තුළ තිබූ හැසිරීම් රටාව පිළිබඳවද සියුම් විග්‍රයක යෙදීමට පර්​ෙ‌ය්ෂකයෝ උනන්දුවූහ. එයට හේතුවූයේ ඔහු ඉතා කුඩා කල සිට දැඩි ලෙස කෝපවීමය.   
පවුලේ බාල සොහොයුරාට ඔහු බොහෝ විට අතින් පයින් පහරදීම පවා දෙමාපියන් පුදුමයට පත් කෙරිණි. උපතින්ම ඔහු තුළින් දක්නට ලැබුණු චර්යාවන් අතිශය පුදුම උපදවන සුලු විය. ඔහු දකින කුඩා කෘමි සතුන් පවා වහා මරා දැමීමට ඔහු පුරුදුව සිටියේය. ගෙම්බන් සහ මත්ස්‍යයන් වැනි සතුන් මැරීම ඔහු විසින් සිදු කළේ දැඩි ලෙස කෝපවීමෙනි. පසුව ඔහු විසින් ඒ පිළිබඳව කළ ප්‍රකාශ මගින් කියැවුණේ පෙර භවයේදී ඔහුට සිදුවූ කෘෘර වද හිංසා නිසා තම සිත තුළ පැවති කෝපයක් පවතින බැව්ය.   


බුරුමයේ පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු යූ වින්ග් මත්ග් සහ මහාචාර්ය ස්ටීවන්සන් මෙම දරුවා පිළිබඳ පූර්ණ පරීක්ෂණක් සිදුකළහ. අනතුරුව දරුවාගේ හැසිරීම් රටා ඇතුළත් ග්‍රන්ථයකට ද එය ඇතුළත් කර තිබේ. දරුවා කුඩා කල කෝපයෙන් යුතුව ක්‍රියා කළ ආකාරය. BEHAVIOR RELATED TO THE PREVIOUS LIFE යටතේ ඇතුළත් කර ඇත්තේ මෙසේය.  


HE HAD QUICK TEMPER AND WHEN ANGERED HE WOULD SLAP AND KICK HIS YOUNGER BROTHER. HE LIKE TO HUNT AND KILL SMALL ANIMALS SUCH AS INSECTS, FROGS, FISH AND BIRDS. HE TOLD THAT IF HE CAUGHT A FROG HE WOULD TAKE IT LEGS OFF ONE BY ONE WHILE IT WAS LIVING   


පෙර භවයේ ඥාතිවරයෙකු සමග තිබූ අමනාපයක් නිසා ඔහු සමග කෝපයෙන් සිටි ශ්‍රී ලංකාවේ දැරියක්ද පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට එක්ව ඇත. ඇල්පිටිය ප්‍රදේශයේදී මීට වසර ගණනකට උඩදී උපත ලද ඇය ප්‍රකාශ කළේ ළිඳේ වැටීමක් නිසා මරණයට පත්වූ බවය. දෙමාපියන් පිළිබඳ සහ ජීවත්ව සිටි පුරුෂයා පිළිබඳ පැහැදිලිව අනාවරණය කළ ඇය පෙරභවයේ ඥාතීන් කීප දෙනෙකුද නිවැරැදිව හඳුනාගත්තාය. ඇය බැලීමට පැමිණි පෙරභව ඳාාතිවරයකු දුටු සැණින් ‘උඹ මොකටද මාව බලන්න ආවේ’ යැයි දැරිය එදා එම ඥාතිවරයාව කෝපයෙන් ඇමතීය.   


ඒ පිළිබඳ සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී හෙළි වූයේ එම ඥාතිවරයා සමග එම දැරිය පෙර භවයේ සිට පැවති කෝපය යළි සිහිවීම නිසා එසේ ක්‍රියාකළ බවකි. පෙර භවයේ ජීවත්ව සිටියදි එම ඥාතිවරයා නිවසට ඒමත් ඇය නුරුස්සන තත්ත්වයක් තිබූ බැව් ඒ පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී පෙර භව දෙමාපියෝ පැවැසූහ.   

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

පෙර භවයෙන් එන දරුවන්ගේ කෝපය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6205 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3228 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site