IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පෙර නෑයින් සෙවූ දැරියෝ දෙදෙනෙක්

​පෙරභවයේ ප්‍රබල සාක්කි

වර්ජීනියා විශ්වවිද්‍යාලය මගින් සිදු කරන පුනර්භව පර්​ෙය්ෂණ අංශයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර දැන් වසර හතලිහක් පමණ ගතවී ඇත. ශ්‍රී ලංකාවේ පුනර්භව සාධක තුන්සිය පනහක් පමණ එම පර්යේෂණ අංශයේ ලේඛණගතවී තිබේ. ඒ අතරින් ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළි කළ දරුවන්ගේ නොවිසඳුණු පුනර්භව සිදුවීම් දෙසීයක් පමණ දක්නට ඇත.
 
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඇතැම් දරුවන් අනාවරණය කළ ඔවුන්ගේ පෙරභව ජීවිත පිළිබඳව වැදගත් කරුණු රැසක් ඇත. ඇතැම් දරුවන් විසින් පෙර භවයේ පුද්ගල නම් සහ පෙර සිටි ගම් ප්‍රදේශ ද පැහැදිලිව හෙළි කර තිබේ. ​ෙපර භවයේ ජීවිතය අවසන් වූ අන්දම (CAUSE OF DEATH) මරණය සිදුවූ ආකාරය ද හෙළි කළ සිදුවීම් රැසක් ඇත. එහෙත් මේ දක්වා ඔවුන්ගේ පවුල් හෝ ඥාති හිතමිතුරන් සෙවීම අපහසු වූ අවස්ථා තිබේ.  


ඉතා පැහැදිලිව පෙරභව ජීවිත තොරතුරු හෙළි කළ ඇතැම් දරුවන්ට තවමත් ඔවුන්ගේ පෙරභව ජීවිතය මතකයේ තිබේ. ඇතැමුන් වැඩිවියට පත්වී සිටියද ඔවුන් කුඩා කලදී කළ ප්‍රකාශ ලිඛිත සටහන් ලෙස පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් කර ඇත. එවැනි දරුවන්ගේ ප්‍රකාශ අනුව පෙර භවයට සම්බන්ධ පවුල් හෝ කිසියම් ඥාති හිතමිතුරන් සොයාගත හැකි නම් ඒ පිළිබඳ පර්​ෙ‌ය්ෂණ පැවැත්වීමට තවමත් අවස්ථාව තිබේ.  


සිය පෙරභවය පිළිබඳව ඉතා පැහැදිලිව අනාවරණය කළ දැරියක් 2003 වසරේදී අවිස්සාවේල්ලේදී උපත ලැබීය. ඇය අනාවරණය කළේ මීට පෙර ජීවත්ව සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ බවය. එහිදී වෙඩි වැදීමකින් මරණය සිදුවී ඇති බැව් ඇගේ මතකයේ තිබිණි. වෙඩි වැදීම සිදුවීමෙන් පසු මළ සිරුරු දක්නට ලැබුණ අන්දම ඇය විසින් චිත්‍රයක් මගින්ද පෙන්වා දුන්නේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.  


ඇ​ෙග් පෙර භවය හෙළි කිරීම ආරම්භ වූයේ පුදුම සිදුවීමක් මගිනි. දිනක් ඇගේ පියා ‘චූටි දුවේ’ යනුවෙන් දියණිය ඇමතුවේය. එය ශ්‍රවණය වූ දැරිය ‘එපා මට චූටි දුව කියන්න’ මට ‘නිසා’ කියන්න යනුවෙන් පැවසුවාය. දියණියගේ මෙම ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු නොකළ පියා නැවතත් දිනක් ඒ අයුරින්ම දියණිය ඇමතුවේය. එදිනද ඇගේ පිළිතුර වූයේ ඇයට ‘නිසා’ යනුවෙන් අමතන ලෙසය.  


දියණියගේ මෙම ප්‍රකාශය පිළිබඳව දෙමාපියෝ අවධානය යොමු කළහ. දිනක් ඇය ඇමතූ මව   


‘නිසා’ කියන්නේ ඇයි දැයි අැගෙන් විමසීමක් කළාය. ක්ෂණිකව පිළිතුරු දුන් දැරිය ඇගේ ​ෙපරභව තොරතුරු හෙළි කිරීම අරඹමින් ‘මට එහෙදි කතා කළේ එහෙම තමයි’ යනුවෙන් පැවසුවාය. අනතුරුව ඇය පෙරභව මතක සටහන් තව තවත් හෙළි කළාය. පෙර භවයේදී ඔවුන්ට කඩයක් තිබූ බවත් එහි බාලචන්ද්‍ර නම් අයෙකු සිටි බවත් කීවාය.  


අපේ කඩේ හිටපු බාලචන්ද්‍රන් එළවළු, පළතුරු විකුණනවා. ඇඹිලිපිටියේ සිටිද්දී මම ලොකුයි. මට දරුවො හිටියා’ යැයි පැවසූ ඇය සීතා යනුවෙන් හැඳින්වූ නැගණියක් සිටි බවද හෙළි කළාය. ඔවුන්ට බස් රථයක් තිබූ බවත් එය නතර කරනු ලැබුවේ කරුණාවතී නම් කාන්තාවකගේ නිවසේ බවත් පැහැදිලිව ප්‍රකාශ කළාය. එම කාන්තාවට අමතන ලද්දේ ‘ඇන්ටි’ යනුවෙන් බවද අැය හෙළි කළාය.  

 


ඇගේ එක් දියණියක් පාසල් යැවීම සඳහා වෑන් රථයක් තිබූ බැව් පැවසූ දැරිය ඒ සඳහා මුදල් ගෙවීමට බැංකුවට ගොස් මුදල් ගෙන එන බැව්ද හෙළි කළාය.  


මෙම දැරිය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී දියණිය හෙළි කළ පෙරභව තොරතුරු ඇගේ මව විසින් අනාවරණය කළේ මෙසේය.  


දුව ඉතා හොඳ මතකයකින් පෙරභවයේ නම් කීපයකුත් කිව්වා. ගෙදර ළඟ දොස්තර කෙ​ෙනක් සිටි බවත් එයාගේ නම ගුණසේකර බවත් කිව්වා’ යයි මව පැවසුවාය.  


‘එහෙදි මට දිග කොණ්ඩයක් තිබුණා’ යයිද වරක් ඇය පවසා තිබේ. ඇගේ තොරතුරු අනුව ඇය විවාහක කාන්තාවක් ලෙස ජීවත්ව සිට ඇත. දිනක් ඔවුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ බැව් හෙළි කළ මෙම දැරිය පෙරභවය හෙළි කිරීමට ප්‍රථම ඇගේ පාදයක වේදනාවක් පිළිබඳව නිතර හෙළි කර තිබේ. ඇවිදීමට පවා අපහසු තත්ත්වයක් ගැන ඇය අනාවරණය කර ඇත්තේ වයස අවුරුදු දෙකේ පමණ සිටය. අනතුරුව ඇය පවසා ඇත්තේ එම පාදයේ දක්නට තිබූ උපන් ලපයක් ඇති ස්ථානයට වෙඩි පහරක් එල්ල වූ බවයි.  


ඇයට වෙඩි පහර එල්ලවූ බැව් පවසන ස්ථානයේ උපතින් පිහිටා තිබූ කැළල මේ වන විටත් පැහැදිලිව දක්නට ලැබේ. වෙඩි ප්‍රහාරය පිළිබඳව තොරතුරු හෙළිකර ඇති දැරියට එම වෙඩි ප්‍රහාරයෙන් සැමියාටද වෙඩි වැදී ඔහු එම ස්ථාන​ෙය්දීම මරණයට පත්වූ බැව්ද මතකයේ තිබේ. ඇය රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත. සැමියාට වෙඩි වැදුන විගස ඔහුගේ සිරුරෙන් රුධිරය ගලායනු දුටු බවද ඇයට මතකය.  

 

ඇයට වෙඩි පහර එල්ලවූ බැව් පවසන ස්ථානයේ උපතින් පිහිටා තිබූ කැළල මේ වන විටත් පැහැදිලිව දක්නට ලැබේ. වෙඩි ප්‍රහාරය පිළිබඳව තොරතුරු හෙළිකර ඇති දැරියට එම වෙඩි ප්‍රහාරයෙන් සැමියාටද වෙඩි වැදී ඔහු එම ස්ථාන​ෙය්දීම මරණයට පත්වූ බැව්ද මතකයේ තිබේ. ඇය රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත. සැමියාට වෙඩි වැදුන විගස ඔහුගේ සිරුරෙන් රුධිරය ගලායනු දුටු බවද ඇයට මතකය.  


මෙම දැරිය චෙක්පත් මඟින් මුදල් ගෙවීම සඳහා නිතර බැංකුවකට ගිය බැව් ඇය ප්‍රකාශ කර ඇත්තේ චෙක් පතක් දැකීමට හෝ නොලැබුණ වසයේ සිටියදීය. ඇය පවසා අැත්තේ ඇඹිලිපිටියේ බැංකුවක් වෙත ගිය බවයි.  


පෙරභවය හෙළි කිරී​ෙමන් පසු ඇගේ තොරතුරු විමර්ශනය කිරීමේ අදහසින් ඇයව ඇඹිලිපිටියට කැඳවාගෙන යෑමට මව උනන්දු වී ඇත. එහිදී එක් බැංකුවකට ගිය ඇයට එහිදී බැංකු කීපයක චෙක්පත් ​ෙපන්වාදී තිබේ. පෙරභවයේ ඇය භාවිතා කළ බැංකුවේ චෙක්පතක් ලෙස ඇය විසින් හඳුනා ගනු ලබුවේ ලංකා බැංකුවේ චෙක්පතක් බැව් මව අප සමඟ අනාවරණය කළාය.  


මෙම දැරිය චෙක්පත් මඟින් මුදල් ගෙවීම සඳහා නිතර බැංකුවකට ගිය බැව් ඇය ප්‍රකාශ කර ඇත්තේ චෙක් පතක් දැකීමට හෝ නොලැබුණ වසයේ සිටියදීය. ඇය පවසා අැත්තේ ඇඹිලිපිටියේ බැංකුවක් වෙත ගිය බවයි.  
පෙරභවය හෙළි කිරී​ෙමන් පසු ඇගේ තොරතුරු විමර්ශනය කිරීමේ අදහසින් ඇයව ඇඹිලිපිටියට කැඳවාගෙන යෑමට මව උනන්දු වී ඇත. එහිදී එක් බැංකුවකට ගිය ඇයට එහිදී බැංකු කීපයක චෙක්පත් ​ෙපන්වාදී තිබේ. පෙරභවයේ ඇය භාවිතා කළ බැංකුවේ චෙක්පතක් ලෙස ඇය විසින් හඳුනා ගනු ලැබුවේ ලංකා බැංකුවේ චෙක්පතක් බැව් මව අප සමඟ අනාවරණය කළාය.  


දැනට ප්‍රධාන පෙළේ පාසලක දහවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මෙම දැරියට ​ෙපරභවයේ ඇතැම් සිදුවීම් තවමත් මතකය.  


‘ඉස්සර හිටපු හැටි තවම ඔයාට මතක මොනවාදැයි’ ඇයගෙන් විමසූ විට මැරුණ හැටි නම් යන්තමින් මට මතක තියෙනවා.   


වෙඩි වැදිලා ඉස්පිරිතාලෙ අරන් ගියා මතකයි. මගේ කකුලට වෙඩි වැඳුන තැන කැළල තවමත් තියෙනවා යයි ඇය පැවසුවාය.  


පෙර භවයේ පුද්ගල නම් පිළිබඳව ඇගේ මතකයේ ති​බේ දැයි විමසූවිට ඇය පැවසුවේ සැමියා හැඳින්වූයේ නිසාන්ත යනුවෙන් බවත්, බාලචන්ද්‍ර නම් අ​ෙයක් පිළිබඳව ද ඇගේ මතකයේ තිබේ.  


මෙම දැරිය පෙර භවය පිළිබඳව කළ ප්‍රකාශ ඇගේ මව විසින් ලිඛිතව සටහන් කර ඇත. එම සටහන ඒ අයුරින්ම මෙසේය.  


● පෙරභවයේදී ඔවුන්ට කඩයක් තිබී ඇත  
● එය භාරව සිට ඇත්තේ බාලචන්ද්‍රන් නම් අයෙකි.  
● නිවෙස අසල වෛද්‍යවරයෙක් සිට ඇත.  
● එම වෛද්‍යවරයා හඳුන්වා ඇත්තේ ගුණසේකර යනුවෙනි.  
● ලාල් සහ රාජා යන නම් දෙකක්ද ඇයට මතක තිබිණි.   
● නිවස අසල කිසියම් ජලාශයක් ඇත  
● ඒ මතින් යාමට පොල්කොටන් දමා තිබිණි.  
● වෙඩි වැදීම සිදුවී​ෙමන් සැමියා එම ස්ථානයේදීම මිය​ ගොස් ඇත.  
● ඇගේ මරණය සිදුවී ඇත්තේ රෝහල්ගත කිරීමෙන් පසුවය.  
● දියණියන් කීප දෙනෙක් සිටි මවකි.  
● දියණියගේ පාසල් ගාස්තු ​ෙගවීමට මුදල් ගෙන ඇත්තේ බැංකුවට ගොසිනි.  
● සීතා නම් මවගේ නැගණියක් නිවසේ සිට අැත.  
● ඔවුන්ගේ මෝටර් රථ පැදවීමට රාජා නම් අයෙක් ද පැමිණ අැත.   


වෙඩි වැදීමෙන් පසුව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ බැව්ද ඇගේ මතකයේ තිබේ. අැය පවසන පරිදි පෙර භවයේ මව මිය ගොස්ය. මරණින් පසු ඇගේ ගමන් මඟ පිළිබඳව මෙම දැරිය අනාවරණය කර තිබේ.  
අනතුර සිදුවී මරණයට පසු දැන් උපත ලැබූ ප්‍රදේශයට එන අතර විහාරස්ථාන කීපයක නතරව සිටි බවද ඇය හෙළි කරයි. ඒ ගමන් මගේදී මිය ගිය මව සහ සැමියාව දුටු බවත් ඔවුන් ගමන් ගත් මඟ නොගොස් තනිවම පැමිණි බවත් මෙම දැරිය මව සමඟ හෙළි කර තිබේ.  


පුනර්භව පර්​ෙ‌ය්ෂණවල දී මරණින් පසු යළි ඉපදීම දක්වා සිදුවීම් හෙළි කිරීම දුර්ලභය. එවැනි දුර්ලභ තොරතුරු හෙළි කරන දැරියක් ලෙස ඇගේ පුනර්භව සාධකය පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී ඇත.   


මෙම දැරිය හෙළි කර ඇති තොරතුරුවලට සමාන කිසියම් පවුලක් හෝ පුද්ගලයන් සොයාගත හැකි වුවහොත් මෙම දැරියගේ ප්‍රකාශ පිළිබඳව පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට අවස්ථාව තිබේ.  

 

 

පෙර භවයේ නෑදෑයන් සොයමින් තොරතුරු අනාවරණය කළ තවත් දැරියක් උපත ලබා ඇත්තේ කැලණිය ප්‍රදේශයේදීය. 2004 වසරේදී උපන් ඇයද පෙර භවය හෙළි කරනු ලැබුවේ වයස අවුරුදු තුනේ පමණ සිටය. ඇගේ පෙරභව තොරතුරු අතරින් ඉතා පැහැදිලිව හෙළි කළ නම් කීපයක් ඇත. සුනිල් බාප්පා සහ සාගර පුංචි යනුවෙන් හැඳින් වූ ඥාතීන් දෙදෙනකු පිළිබඳව ඇගේ මතකයේ තිබිණි. ඇය පැවසූ පරිදි පෙර භවයේදී පාසල් ශිෂ්‍යාවකි.  


‘රොෂාන් මාමා’ යනුවෙන්ද ප්‍රකාශ කළ දැරිය ඒ වන විට ඔවුන් පදිංචිව සිටියේ දෙමහල් නිවසක බැව්ද අනාවරණය කළාය. මෙම දැරිය හෙළි කළ පෙරභව තොරතුරු විමර්ශනය කිරීමේදී දැරියගේ මවට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් ලිඛිතව සටහන් වී ඇත්තේ මෙසේය.  


ප්‍රශ්නය - ඔබේ දියණිය ප්‍රථමයෙන්ම ප්‍රකාශ කළ පෙරභවයට සම්බන්ධ වදන කුමක්ද?  
පිළිතුර - අත්තම්මා  
ප්‍රශ්නය - එය ප්‍රකාශ කරන විට වයස කීයද?  
පිළිතුර - වයස අවුරුදු දෙකක් විතර ඇති.  
ප්‍රශ්නය - ‘අත්තම්මා’ යන වදන ඊට පෙර ඇයට ඇසෙන්න ​නොලැබුණු වදනක්ද?  
පිළිතුර - ඔව්. ඒ වදන කවදාවත් දුවට ඇහිල තිබුණේ නෑ.   
ප්‍රශ්නය - දියණිය ප්‍රකාශ කළ වෙනත් දේ මොනවාද?  
සුනිල් බාප්පා, සහ සාගර පුංචි යයි කීවා  
ප්‍රශ්නය - එ් අය ගැන දියණිය කීවේ කෙසේද?  
පිළිතුර - ඒ අයත් නිවසේ සිටි බැව් කීවා.  
ප්‍රශ්නය - වෙනත් නම් කිසිවක් කීවාද?  
පිළිතුර - මධුෂිකා යන නමක් කීවා  
ප්‍රශ්නය - තවත් තොරතුරු කිසිවක් ප්‍රකාශ කළාද?  
පිළිතුර - රතුපාට කාරයක් ගැනත් කඩයක් ගැනත් කීවා.  
ප්‍රශ්නය - දෙමාපියන් ගැන කීවාද?  
පිළිතුර - නෑ දෙමාපියන් ගැන කිසිවක් කීවේ නෑ.  
ප්‍රශ්නය - ඒ ගැන ඔබ විමසීමක් කළේ නැද්ද?  
පිළිතුර - විමසීමක් කළා. ඒත් එයට පිළිතුරු දුන්නේ නෑ.   
ප්‍රශ්නය - පෙර ජීවිතය අවසන් වූ අන්දම ප්‍රකාශ කළේ කෙසේද?  
පිළිතුර - ඒ ගැන කිසිවක් කීවේ නෑ.  
ප්‍රශ්නය - ඒ ගැන ඔබ විමසුවාද?  
පිළිතුර - ඔව්. කාරයකින් පැමිණි බවක් කීවා.  


යයි මව අප සමඟ හෙළි කළාය.   


මෙම දැරියගේ පෙරභව ජීවිත තොරතුරුද තවමත් පර්යේෂණ මට්ටමේ පවතී. ඇය හෙළි කළ තොරතුරු අනුව කැලණිය ප්‍රදේශ​ෙය් පාසල් ශිෂ්‍යාවක ලෙස ඇය ජීවත්ව සිට ඇත. මරණය සිදුවූ අන්දම පිළිබඳව ඇගෙන් අනාවරණය නොවිණි. එහෙත් ​ෙමහි සඳහන් පුද්ගල නම්වලට සහ අනෙකුත් කරුණුවලට සමාන කිසියම් පවුලක් හෝ පුද්ගලයන් හෝ හමුවන්නේ නම් ඇගේ තොරතුරු විමර්ශනය කිරීමට හැකියාව තිබේ.   


සුනිල් බාප්පා සහ සාගර පුංචි අපේ ගෙදර හිටියා.  


අපි හිටියේ තට්ටු දෙකේ ගෙදරක  
රොෂාන් මාමත් හිටියා  
අපට රතුපාට කාරයක් තිබුණා  
අත්තම්මත් මධුෂිකත් හිටියා  
ඇඹිලිපිටියේදී කඩයක් තිබුණා  
කඩේ හිටියේ බාලචන්ද්‍රන්  
මට එහෙදි දරුවො හිටියා  
සීතා මගේ නංගි  
දොස්තර ගුණ​ෙස්කර ගේ ළඟ හිටියා  
කරුණාවතී ගෙදර හිටියා  
මහත්තයටයි මටයි වෙඩි වැදුණා.   

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

පෙර නෑයින් සෙවූ දැරියෝ දෙදෙනෙක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site