IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පිටසක්වළ ජීවය සොයන කෘත්‍රිම බුද්ධි ‘රොබර්ට්’

පිටසක්වළ ජීවය සම්බන්ධයෙන් අපට පළමුවෙන්ම හෝඩුවාවක් සොයා දීමට හැකි වනු ඇත්තේ කෘත්‍රිම බුද්ධි මෘදුකාංගයකි. විශ්වයේ ඈත ග‍්‍රහමණ්ඩලවලින් නිකුත් කෙරෙන සංඥ‌ා, ආලෝක ධාරා පිළිබඳ දත්ත රැස්කර ගනිමින්, පිටසක්වළ ජීවය ඇත්දැයි සෙවීම මෙම මෘදුකාංගයේ අරමුණ වෙයි. විද්‍යාඥයන් මෙය ‘රොබර්ට්’ යනුවෙන් නම් කර ඇත්තේ, ‘රොබෝ බාහීර ග‍්‍රහයන් හඳුනා ගන්නා’ යන අර්ථය ඇතිවය. 

මෙම ‘රොබර්ට්’ මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ, අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති ග‍්‍රහමණ්ඩල ගැන වසර ගණනාවක් තිස්සේ තාරකා විද්‍යාඥයන් විසින් ලබාගත් තොරතුරු සහ දත්තද ඇතුළත් කරමිනි. ‘රොබර්ට්’ වෙත ලැබෙන දත්ත එම දත්ත සහ තොරතුරු සමඟ සංසන්දනය කෙරේ. ‘රොබර්ට්’ පිටසක්වළ ජීවය ඇතැයි සොයනු ඇත්තේ ඒ අනුවය. 


‘රොබර්ට්’ මෘදුකාංගය යොද‌ා ගනිමින් පිටසක්වළ ජීවය තිබෙනවා දැයි සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත. මෙම ගවේෂණය මීට පෙර, පිටසක්වළ ජීවය තිබෙනවා දැයි සෙවීමට ආරම්භ කළ ගවේෂණ මෙන් නොවේ. මීට පෙර, පිටසක්වළ ජීවය ඇතිදැයි සොයන ‘සෙටී’ මෙහෙයුමේදී මෙන්, විශ්වයෙන් පැමිණෙන පිටසක්වළ ගුවන් විදුලි සංඥ‌ාවලට කන්දීමක් මෙහිදී සිදු නොවෙයි. පෘථිවියේ තිබෙන රේඩියෝ දුරේක්ෂ නැති නම් ගුවන් විදුලි දුරේක්ෂ, පෘථිවියට සමාන යැයි හඳුනා ගන්නා ග‍්‍රහලෝකවලට එල්ල කර ඒවායින් ලබා ගන්නා ගුවන් විදුලි සංඥ‌ාද යොද‌ා ගනිමින් ‘රොබර්ට්’ මෘදුකාංගය ක්‍රියාත්මක වන බව එය නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමියකු වුණු ආචාර්ය ඉන්ඩෝ වෝල්ඩ්මාන් පවසයි. 

 


මේ වන විට පෘථිවිය හා සමානකම් ඇති බවට හඳුනාගත් විශ්වයේ ඇති ආගන්තුක ග‍්‍රහලෝක 86ක් පරීක්ෂාවට ලක් කෙරේ. මෙම ග‍්‍රහලෝකවලින් ගුවන් විදුලි තරංග නිකුත් කෙරෙනවා නම් ඒවා පෘථිවියේ ඇති ගුවන් විදුලි දුරේක්ෂවලින් හසුකර ගැනීමට හැකි වේවි, එසේ වුවහොත්, එම ග‍්‍රහලෝක අසූ හයෙන් එකක දියුණු පිටසක්වළ ජීවීන්ගේ ශිෂ්ටාචාරයක් තිබෙන බව තහවුරු වෙයි. 


විද්‍යාඥයන් පරීක්ෂා කරන්නේ ආගන්තුක ග‍්‍රහලෝක 86ක් වුවත්, පෘථිවිය හා සමාන යැයි සැලකෙන ග‍්‍රහලෝක 1,235ක් මේ වන විට සොයා ගෙන තිබෙනවා යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ ග‍්‍රහලෝක හමුවී ඇත්තේ, නාසා ආයතනයේ ‘කෙප්ලර්’ දුරේක්ෂයේ සහාය ඇතිවය. නාසා විද්‍යාඥයන් කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රැඳෙව්වේ පෘථිවිය හා සමාන ග‍්‍රහලෝක සෙවීමේ අරමුණ ඇතිවය. කෙප්ලර් සොයාගත් ග‍්‍රහලෝක අතරින් තෝරාගත් ග‍්‍රහලෝක 86 ගැන ඇමෙරිකාවේ කැලිෆෝනියා බාක්ලී සරසවියේ භෞතික විද්‍යාඥ ඩෑන් වර්ටිමර් මෙසේ පැහැදිලි කරයි. “ගවේෂණය සඳහා අප තෝරාගත්තේ ජීවය පැවැතීමට සුදුසු ආකාරයේ උෂ්ණත්වයක්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 0 සිට 100 අතර (ෆැරන්හයිට් අංශක 32 සිට 212 ක්) උෂ්ණත්වයක් පවතින ග‍්‍රහලෝක පමණයි.” 

 

 

 


ලුසිත ජයමාන්න 



අදහස් (0)

පිටසක්වළ ජීවය සොයන කෘත්‍රිම බුද්ධි ‘රොබර්ට්’

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10916 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5926 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site