IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්තා

ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ කීර්තිමත් චරිතයකි. ස්වභාවවේදියෙකි. කෘතහස්ථ රූපවාහිනී නිවේදකයෙකි. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. ඔහු අපට කියා දෙන දේවල් බොහෝමය. ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘බ්ලූ ප්ලැනට්’ වාර්තා වැඩසටහන් පෙළට පාදක වන්නේ මහා සාගරයයි. ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවේ දෙවැනි වැඩසටහන් පෙළ, නරඹන්නන් විස්මයටත් අමන්දානන්දයටත් පත් කරමින් විකාශනය වූයේ බී.බී.සී. නාළිකාව ඔස්සේය. මීට පෙර නිර්මාණය වුණු බ්ලූ ප්ලැනට් පළමු වැඩසටහන මෙන් නොව, බ්ලූ ප්ලැනට් දෙවැනි වැඩසටහන නිර්මාණය සඳහා, නිර්මාණකරුවන් අති නවීන තාක්ෂණය භාවිතයට ගෙන ඇත. අති නවීන කැමරා උපකරණ, ඩ්‍රෝන යානා සහ සබ්මැරීන යොදා ගෙන ඇත. ‘බ්ලූ ප්ලැනට් 2’ නිර්මාණය සඳහා බී.බී.සී. නිර්මාණකරුවන්ට වසර හතරකට වඩා වැඩි කාලයක් ගත වුණු අතර, සියලු දසුන් ‘එච්.ඩී’ තාක්ෂණයෙන් පටිගත කර ඇත. 

මුහුදු මකරා 


‘මකරා’ යනු සුරංගනා කතාවල නිරන්තරයෙන් අසන්න ලැබෙන අපූරු මෙන්ම මනඃකල්පිත සතෙකි. උරගයකුට සමාන සිරුරක් ඇති මකරා ගිනි පිඹියි. ඇතැම් මකරු පියාඹති. චිත්‍රපටවල, රූපවාහිනී ටෙලි කතාමාලාවල මකරුන් දකින්න ලැබේ. සැබෑ ජීවිතයේ, ‘මකරා’ යන වදන භාවිතා කර හඳුන්වා දෙන සතුන් අතලොස්සකි. එයින් එකකු කොමෝඩෝ මකරාය. කොමෝඩෝ දූපත් කේන්ද්‍රකොට ගනිමින් වාසය කරන යෝධ කබරගොයා මේ නමින් හැඳින්වෙයි. කොමෝඩෝ මකරා විලෝපිකයෙකි. සාගරය කේන්ද්‍රකොට ගනිමින් තවත් මකරෙක් ජීවත් වෙයි. මේ මකරා හැඳින්වෙන්නේ, මුහුදු මකරා යනුවෙනි. ප්‍රමාණයෙන් කුඩා, මුහුදු අශ්වයන්ට නෑකම් කියන මේ සත්වයා මුහුදු මකරා යන නමින් හැඳින්වෙන්නේ උගේ අසාමාන්‍ය පෙනුම හේතුවෙනි. මෙම සතාගේ පෙනුම සුරංගනා කතාවල දකින්න ලැබෙන මකරකුට සමානය. මූදු මකරා කුලෑටි, අහිංසක සත්වයෙකි. සාගර ජීවීන් බොහොමයක් සේම, මූදු මකරා පිරිමි සතුන් ද ඔවුන්ගේ ජීවිතය කැප කරන්නේ දරුවන් වෙනුවෙනි. මුහුදු අශ්වයන් සේම, මුහුදු මකරු ද බිත්තර බඩේ දරා ගෙන සිටිති. අම්මාගේ වැඩේ කරන්නේ තාත්තාය. 

 

ගැබ්බර තාත්තා 


ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් සාගරයේ කෙල්ප් ඇල්ගී පිරුණු හරිත වනාන්තර නිවහන කරගත් මුහුදු මකර තාත්තලාට ඇත්තේ එක් පැහැදිලි මෙන්ම උදාර අරමුණකි. ඒ, තම වර්ගයාගේ අනාගතය සුරැකීමය. බැලූ බැල්මට මුහුදු පැළෑටියක් වැනි එක් මුහුදු මකර තාත්තා කෙනකු සෙමින් සෙමින් මුහුදු පැලෑටි සහ කෙල්ප් ඇල්ගී අතරින් ඉදිරියට ඇදෙයි. මේ මුහුදු මකර තාත්තා ද අනෙක් මකර තාත්තලා මෙනි. ලොව වටිනාම දේ ඔහු ඔහුගේ සිරුරේ කුසට පහළින් සිරුරට අලවා ගෙන එසේත් නැතිනම් දවටාගෙන සිටී. මේ පිරිමි මකරා ‘ගැබිනියක’ වැනි යැයි කීවොත් නිවැරදිය. ගැහැනු සත්වයා සමඟ එක් වීමෙන් පසු, ගැහැනු සතාගේ බිත්තර සියල්ල පිරිමි සතා ඔහුගේ යටි බඩ දිගට දවටා ගෙන සිටී. කුඩා බිත්තර පොකුර තද රතු පැහැතිය. මකර තාත්තා මේ බිත්තර දිවි හිමියෙන් රැක ගැනීමට පසුබට නොවෙයි. පිරිමි මකරා ඝනව වැඩුණු මුහුදු ශාක පිරි හරිත සාගරයෙන් සෙමින් සෙමින් පිටවී යමින් සිටී. මකර තාත්තා මේ යන්නේ, මුහුදු ශාක අඩු ආරක්ෂාව අඩු විවෘත සාගරයටය. එවැනි විවෘත සාගරයක මූදු මකරුන්ට සැඟවී ජීවත් වීම අසීරුය. අවට විලෝපිකයෝ බොහෝ දෙනෙකි. මඩුවෝ, මෝරු, මුහුදු සිංහයෝ, මුහුදු මකරුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරති. මකර තාත්තා ජීවිත පරදුවට තබා ආරක්ෂාව අඩු විවෘත සාගරයට ඇදෙන්නේ සුවිශේෂී හේතුවක් නිසාය.


 
පැටවුන් එළියට 


ඒ හේතුව නම්, ඇසට පෙනෙන නොපෙනන තරමට පුංචි කූනිස්සන් රොත්තකි. මෙම කූනිස්සන් ‘මයිසීඩ්ස්’ යනුවෙන් හැඳින්වෙයි. මයිසීඩ්ස් කූනිස්සන් මූදු මකරුන්ගේ ප්‍රියතම ආහාරයයි. කූනිස්සන් සොයා දිගු ගමනක යෙදෙන මකර තාත්තා අවසානයේ දී උන් සොයා පැමිණෙයි. මකර තාත්තා සෙමින් සෙමින් එක් දෙන්නා බැගින් කූනිස්සන් ආහාරයට ගනී. අහල පහළ ජීවත් වන වෙනත් මූදු මකරු පවා මෙතැනට එක් රොක් වෙති. පැටවුන්ට පෝෂණය ලැබෙන්නේ මෙම කූනිස්සන්ගෙනි. අවට කොතරම් අනතුරු තිබුණ ද කූනිස්සන් ආහාරයට ගැනීම කළ යුතුමය. නියමිත දින ගණන සම්පූර්ණ වීමෙන් පසු බිත්තර පුපුරා පැටවුන් එළියට එයි. එහෙත්, කාලයත් සමඟ මූදු මකර තාත්තාගේ සිරුර පුරා, බිත්තර පොකුර වසා ගෙන ඇල්ගේ සහ පෙඳ පාසි වැඩී ඇත. බිත්තර පුපුරාගෙන ඒවායින් පිටතට පැමිණීම, පුංචි මකර පැටවුන්ට අසීරුය. කෙසේ වුවත්, බිත්තර පලාගෙන පැටවුන් එකා දෙන්නා ඇල්ගී අතරින් මතුවෙයි. පැටවුන් සාර්ථකව උපත ලබා ඇත. පැටවුන් ‘ප්‍රසූත’ කිරීමෙන් පසු, මූදු මකර තාත්තා යළි ඇල්ගේ කෙල්ප් වනාන්තර බලා ගමන් ආරම්භ කරයි. පුංචි මකර පැටවුන් එසේ කරන්නේ නැත. පැටවුන් තව ටිකක් වැඩෙන තුරු විවෘත සාගරයට යාබද මුහුදු ශාක සහ මුහුදු තණකොළවලින් පිරුණු කලාපයේ ජීවත් වෙයි. කූනිස්සන් ආහාරයට ගනිමින්, සතුරන්ගෙන් බේරී පැටවු හොඳින් හැදී වැඩෙති.

 

 



අදහස් (0)

පැටවුන් වෙනුවෙන් දිවි පරදුවට තබන මකර තාත්තා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site