ලොව ජනප්‍රියම ක්‍රීඩාව කුමක්දැයි ඇසුවොත් එයට ලැබෙන පිළිතුර පාපන්දු යන්නය. වර්තමානයේ ලොව පුරා උන්මාදයක් බවට පත්ව ඇති පාපන්දු, යුරෝපා සහ ලතින් ඇමෙරිකානු රටවල දහමක් බඳුය.
ප්‍රධානපෙළේ පාපන්දු තරගයක් පැවැත්වෙන විට සජිවීව හා රූපවාහිනියෙන් එය නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාව බිලියන 2.2ක් බැව් පැවසේ. පිරිමින්ගේ පාපන්දු තරග මෙන්ම කාන්තා පාපන්දු තරග සඳහා ද ඇත්තේ සුවිශාල ජනප්‍රියත්වයකි. කාන්තා පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය ක්‍රී.ව. 1895 වැනි කාලය දක්වා දිවයන්නකි. පළමු ජාත්‍යන්තර කාන්තා පාපන්දු තරගය පැවැත්වූයේ 1920දීය. පාපන්දු ක්‍රීඩාව කාන්තාවන්ට නුසුදුසු ක්‍රීඩාවක් ලෙසින් සලකා 1921දී තහනම් කෙරුණු අතර යළි එයට අවසර හිමිවූයේ 1969දීය.
වර්තමානයේ කාන්තා පාපන්දු තරග ද පිරිමින්ගේ පාපන්දු තරග මෙන්ම බෙහෙවින් ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව ඇති අතර පාපන්දු ලොවේ හිණිපෙත්තට පැමිණි ක්‍රීඩිකාවෝ රැසක් සිටිති. එවැනි ක්‍රීඩිකාවන් අතර වත්මනෙහි ජනප්‍රියත්වයට පත්ව සිටින්නී ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩිකා කාලි ලොයිඩ්ය. 2015 ෆිෆා ලෝක පාපන්දු ශූරතාවලියේ හොඳම ක්‍රීඩිකාව බවට පත් වූයේ ඇයයි.
ස්ටීවන් ලොයිඩ් සහ පැමෙලා ලොයිඩ්ගේ දියණියක ලෙස 1982 ජූලි 16 වැනි දින උපත ලද කාලි ඈන් ලොයිඩ් පාපන්දු ක්‍රීඩාවට යොමු වූයේ 5 හැවිරිදි වියේ සිටය. ඩෙල්රන් උසස් පාසලේ අධ්‍යාපනය ලබන අවධියේ සිට දීප්තිමත් ක්‍රීඩිකාවක ලෙසින් කැපී පෙනුණු කාලි හොඳම උසස් පාසල් ක්‍රීඩිකාව වශයෙන් දෙවරක් සම්මානයට පාත්‍ර වූවාය. පාසල් කණ්ඩායමට අමතරව මිඩ්ෆෝඩ් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩා සමාජය ද නියෝජනය කළ ඇය ජාතික ශූරතාව නොකඩවා වසර කිහිපයක් තම ක්‍රීඩා සමාජයට දිනාගැනීමට සහය වූවාය.
පාසල් අධ්‍යාපනයෙන් පසු රුට්ලර්ස් විශ්වවිද්‍යාලට ඇතුළත් වූ ඇය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරන ලද ක්‍රීඩිකාව වශයෙන් කීර්තියට පත් වූවාය. එමෙන්ම තම කණ්ඩායම නොකඩවා වසර 4ක් විශිෂ්ටතම කණ්ඩායම බවට පත් කළ පළමු ක්‍රීඩිකාව වශයෙන් ද ඇය විශ්වවිද්‍යාල ක්‍රීඩා ඉතිහාසයට එක් වූවාය. ඇමෙරිකානු පාපන්දු විනිශ්චයකරුවන්ගේ සම්මේලනය මගින් වසරේ හොඳම ක්‍රීඩිකාව ලෙස තුන් වරක් නම් කරනු ලැබුවේ ද ඇයගේ අසාමාන්‍ය දක්ෂතා හේතුවෙනි.
ඇමෙරිකානු කනිෂ්ඨ කාන්තා පාපන්දු කණ්ඩාමේ සාමාජිකාවක වූ කාලි 2002 සිට 2005 දක්වා නොකඩා සිව්වරක් නොඩික් කුසලානය තම කණ්ඩායමට දිනා දීමට සහය වූවාය. ඇයට ජේම්ස් ගලනිස් නමැති පාපන්දු පුහුණුකරු හමුවූයේ මේ අතරය. කාලි ලෝක පාපන්දු ශූරියක බවට පත්කිරීමේ අඩිතාලම දමනු ලැබුවේ ඔහු විසිනි. 2005දී ඇයට ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලැබිණි. ඇය සහභාගී වූ පළමු ජාත්‍යන්තර තරගය පැවතියේ යුක්රේනය සමඟය. 2007දී ඇයට ෆිෆා (ලෝක පාපන්දු සම්මේලන) ලෝක ශූරතාවලිය නියෝජනය කිරීමට මඟ පෑදිණි.
2008 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී කාලි ඇමෙරිකානු පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණාය. එහිදී ඇය වැඩි ගෝල සංඛ්‍යාවක් ලබා ගනිමින් ජපානය හා බ්‍රසීලය පරාජයකොට ඇමෙරිකාවට ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. එම වසරේ හොඳම ඇමෙරිකානු කාන්තා පාපන්දු ක්‍රීඩිකාව ලෙසින් කිරුළ පැළඳුවාය.
2009 චිකාගෝ රෙඩ් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරමින් කාන්තා වෘත්තීය පාපන්දු ලීග තරගාවලියට සහභාගී වූවාය. එම තරගාවලියේ ද සුවිශේෂී දස්කම් පෙන්වූ ඇය 2011දී තම දෙවැනි ෆිෆා ලෝක ශූරතාවලිය නියෝජනය කළාය. එහෙත් ජපානයට පරාජය වීම නිසා ලෝක ශූරතාව හිමි කර ගැනීමේ සිහිනය බොඳවී ගියේය.
2012 ඔලිම්පික් ශූරතාවලිය ආරම්භ වීමට නියමිතව තිබියදී ඇය ක්‍රීඩා කළ ස්ථානය වෙනුවට වෙනත් ස්ථානයකට පත් කළ ද ඇයගේ ස්ථානයට පත් කෙරුණු ක්‍රීඩිකාව අනතුරකට බඳුන්වීම හේතුවෙන් යළි ඇයගේ ස්ථානය හිමි විය. ඇමෙරිකානු කණ්ඩායම රැස් කළ ගෝල දෙකම ලබා ගැනීමට ඇයට හැකි වූ අතර ජපානය පරදවා රන් පදක්කම තම කණ්ඩායමට හිමි කර දීමට කාලි සමත් වූවාය. එම තරගාවලියේදී ඇය සහභාගි වූ තරගවලදී ගෝල 4ක් රැස් කිරීමට සමත් වූවාය. ඔලිම්පික් තරගාවලි දෙකක අවසන් තරගයේදී ජයග්‍රාහී අවසාන ගෝලය දෙවරක් ලබා ගත් එකම පාපන්දු ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වන්නේ ඇයයි. 2008දී රන් පදක්කම සඳහා බ්‍රසීලය සමඟ පැවැති තරගයේදී ද 2012 ජපානය සමඟ පැවැති අවසන් තරගයේදී ද ජයග්රාහි ගෝලය වාර්තා කළ ක්‍රීඩිකාව ලෙසින් ඇය වාර්තාවලට එක් වූවාය.
2013දී වෙස්ටන් නිව්යෝක් පාපන්දු කණ්ඩායමට එක්වූ ඇය එම වසරේ ගෝල 10ක් ලබා ගත් අතර වසරේ වැඩිම ගෝල ලබා ගත් තුන් වැනි ක්‍රීඩිකාව බවට පත් වූවාය. එම වසරේ නවසීලන්තය සමඟ පැවැති පාපන්දු තරගයකදී තම අන්තර්ජාතික ක්‍රීඩා දිවියේ 46 වැනි ගෝලය වාර්තා කරමින් කාලි තම කණ්ඩායමේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩිකාව බවට පත් වූවාය.
2015 කැනඩාවේ පැවැති ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය නියෝජනය කළ ඇමෙරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ කාලි විසිනි. එම තරගාවලියේදී ගෝල හයක් වාර්තා කරන්නට ඇය සමත් වූ අතර එම ගෝල කාන්තා ලෝක පාපන්දු තරගාවලියක එල්ල කෙරුණු විශිෂ්ටතම ගෝල ලෙසට වාර්තා අතරට එක් කළාය. ඇමෙරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමට 1999න් පසු ලෝක ශූරතාවට හිමිකම් කියන්නට හැකි වූයේ ඇගේ දස්කම් හේතුවෙනි. එම තරගාවලියේ දක්ෂම ක්‍රීඩිකාවට පිදෙන ‘රන් පන්දුව’ සම්මානය හිමි කර ගැනීමට ඇයට හැකි විය. වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩිකාවට හිමි ‘රන් සපත්තුව‘ සම්මානය සීලියා සැසික් දිනා ගන්නා ලද අතර ‘රිදී සපත්තුව’ කාලිට හිමි විය.
ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන කාලි ලොයිඩ් 2006 සිට 2016 වනතෙක් ඇමෙරිකානු ජාතික කණ්ඩායමේ සාමාජිකාවක වශයෙන් තරග 200කට අධික සංඛ්‍යාවකට සහභාගී වී ඇති අතර ගෝල 90කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කර තිබේ. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියක පිටපිට ගෝල තුනක් වාර්තා කළ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙසින් ඇය වාර්තා පොත් අතරට එක් වූ අතර 2015 පැවැති ලෝක කුසලාන තරගාවලියේදී වේගවත්ම ගෝල 4ක් ලබාගත් ක්‍රීඩිකාව බවට ද ඇය වාර්තාවක් තැබුවාය. ලෝක පාපන්දු සම්මේලනය මගින් වසරේ හොඳම ගෝලය සඳහා පිදෙන පුස්කා සම්මානය දිනා ගනු ලැබුවේ ද ඇය විසිනි.
රුට්ගර් විශ්වවිද්‍යාලයෙන් ව්‍යායාම විද්‍යාව හා ක්‍රීඩා පිළිබඳ උපාධියක් හිමිකරගෙන සිටින 35 හැවිරිදි කාලි අඩි 5 අඟල් අටක් උසැති ක්‍රීඩිකාවකි. ඇය පාපන්දු ක්‍රීඩාවට අමතරව පැසිපන්දු, සොෆ්ට්බෝල්, පිහිනුම් සහ ගොල්ෆ් ක්‍රීඩාවට ඇලුම් කරන්නීය.
2017 දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විසින් කාලි ඇමෙරිකානු ශාරීරික යෝග්‍යතා, ක්‍රීඩා සහ පෝෂණ කවුන්සිලයේ සම සභාපති ධුරයට පත් කිරීමට පියවර ගත්තේය. චිකාගෝ රෙඩ් ස්ටාර්ස්, ස්කයි බ්ලූ, ඇට්ලන්ටා බීට්, වෙස්ටන් නිව්යෝක් ෆ්ලෑෂ් වැනි ක්‍රීඩා සමාජවල සාමාජිකාවක වූ කාලි වර්තමානයේ හුස්ටන් ඩෑෂ් පාපන්දු සංගමයට ක්‍රීඩා කරන අතර මෙඩ්ෆෝර්ඩ් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩා සංගමයේ පුහුණුකාරිණියක වශයෙන් කටයුතු කරන්නීය. ඇයගේ අංකය අංක 10යි.
කාලිගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 5ක් වන අතර වාර්ෂික වැටුප ඩොලර් 70,000කි. නයික්, ලයිෆ් වේ, එන්.ජේ.එම්. ඉන්ෂුවරන්ස්, වීසා වැනි සමාගම් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ සිටින ඇය ඉන් විශාල මුදලක් වාර්ෂිකව උපයන්නීය. පරාර්ථකාමී චරිතයක් ලෙස හැඳින්වෙන ඇය විවිධ මානුෂීය කටයුතු උදෙසා නිර්ලෝභීව සහය දක්වන්නියකි. පාපන්දු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන්ට ද සමාන වාර්ෂික වැටුපක් ලබා දෙන ලෙසට සටන් කළ ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ සිටි ඇය ක්‍රීඩිකාවන් අවතක්සේරු කිරීමට එරෙහිව පෙරට පැමිණි ක්‍රීඩිකාවකි. ලෝක කුසලානය සඳහා සහභාගී වන පාපන්දු ක්රීඩකයකුට එක් තරගයක් සඳහා ඩොලර් 69,000ක් හිමි වුවද ක්‍රීඩිකාවකට හිමිවනුයේ ඩොලර් 15,000ක් පමණි. සාමාන්‍යයෙන් ක්‍රීඩකයකුගේ වාර්ෂික වැටුප ඩොලර් 406,000ක් වන අතර ක්‍රීඩිකාවකට හිමිවනුයේ ඩොලර් 72,000ක් පමණි. මෙම අසාධාරණයට එරෙහිව ඇය දිගටම හඬනගන්නීය.
කාලි ලොයිඩ් සිය සැමියා සමඟ නිව් ජර්සි ප්‍රාන්තයේ මවුන්ට් ලොරල්හි වාසය කරන්නීය. ඇයගේ සැමියා වන බ්‍රයන් හොලින්ස් වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෙකි. පාසල් වියේ සිට පෙම්වතුන් වූ කාලි සහ බ්‍රයන් විවාහ වූයේ 2016 දීය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාපන්දු ගහන ලස්සන කෙල්ල කාලි ලොයිඩ්