IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නොවැම්බරයේ දින 15ක් පෘථිවිය අඳුරු වෙනවා

ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි

 

‘ලබන නොවැම්බරයේ පෘථිවිය දින 15 ක් එක දිගට අඳුරේ පවතිනවා. ඒකට හේතුව සිකුරු සහ බෘහස්පති ග්‍රහයන් දෙන්නා එක එල්ලයට පැමිණීම යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි’ යනුවෙන් පුවතක් පසුගිය දා වෙබ් අඩවිවල පළ වන්න වූයේ ලොව පුරා මහත් ආන්දෝලනයක් ද ඇති කරමිණි. 

මෙම පුවත පළ කළේ ‘නිවුස්වොච්33’ නමැති වෙබ් අඩවියයි. ඉන්පසු එය උපුටා දක්වමින් තවත් වෙබ් අඩවි කීපයක් පුවත පළ කරන්න විය. එළැඹෙන නොවැම්බරයේ සිකුරු සහ බෘහස්පති ග්‍රහයින් එක එල්ලයට පිහිටීමක් සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය අඳුරේ ගිලී යනු ඇතැයි වෙබ් අඩවි වාර්තා කරන්න විය.


නොවැම්බර් 13 වැනිදා සිකුරු ග්‍රහයාත්, සෞර ග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බෘහස්පති ග්‍රහයාත් එක එල්ලයකට පැමිණෙයි. මෙය සැබෑවටම සිදුවන දුර්ලභ සංසිද්ධියක් බව සැබෑය. කොළඹ සිටින අපට ද හිරු නැගීමට පෙර අලුයම දුරේක්ෂ ආධාරයෙන් සිකුරු සහ බෘහස්පති ග්‍රහන්ගේ සිදුවන වෙනස දැකීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි.


වෙබ් අඩවිවල සඳහන් වෙන්නේ මෙම සංසිද්ධියත් සමඟ නොවැම්බර් 15 වැනිදා අලුයම 2.50 සිට නොවැම්බර් 30 වැනිදා සවස 4.45 තෙක් පෘථිවිය අඳුරේ ගිලී යන බවය. එම වෙබ් අඩවි පවසා ඇත්තේ ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනය වැරදීමකින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් පුවත පළ කළ බවය. නාසා බලධාරීන් වහා මැදිහත් වී මීට පිළිතුරු සපයා ඇත. ‘ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. පෘථිවිය දින 15 ක් අඳුරු වෙන්නේ නැහැ’ නාසා ආයතනය නිකුත් කළ නිවේදනය සඳහන් වෙයි.


අන්තර් ජාලය අද අපට නැතිවම බැරි දෙයකි. අන්තර් ජාලය යහපත් දේට පමණක් නොව අයහපතට ද යොදා ගත හැකිය. ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස අන්තර් ජාලය ඉතා වැදගත්ය. අන්තර් ජාල පුවත් සේවා ඔස්සේ විගස පුවත් එසැණින් දැන ගත හැකිය. කෙසේ නමුත් පිළිගත් පුවත් සේවා මෙන්ම ජනප්‍රියත්වය අරමුණ කොට ගනිමින් විවිධ පුද්ගලයින්, ඔවුන්ගේ අදහස් ලොවට කියා පාන පුවත් වෙබ් අඩවි ද ඇත. මෙවැනි වෙබ් අඩවි ලොවට හානියකි. ප්‍රමිතියකින් තොරව, හිතුමතේ පුවත් පළ කරන බටහිර වෙබ් අඩවිවල සඳහන් පුවත් හැඳින්වෙන්නේ ‘ෆේක් නිවුස්’ (ව්‍යාජ පුවත්) යන නමිනි. ‘පෘථිවිය දින 15 ක් අඳුරු වෙනවා’ යන්න ද එවැනි ව්‍යාජ පුවතක් බව නාසා ආයතනය පෙන්වා දුන්නේය.


2015 වසරේ දී ද මේ අයුරින්ම පෘථිවිය අඳුරු වෙනවා යැයි ව්‍යාජ පුවතක් පළ විය. ඒ ‘නිවුස්වොච්28’ නමැති ඇමෙරිකන් වෙබ් අඩවියක් ඔස්සේය. එම පුවතින් පසු එම වෙබ් අඩවිය අහෝසි කර දැමීමට බලධාරීන් කටයුතු කළ බව ද නාසා ආයතනය කියයි. 


‘සිකුරු සහ බෘහස්පති එක එල්ලයට පිහිටනවා. ඒක සහතිකයි. ඒ සමඟ හිරු වැසී ගොස් පෘථිවිය අඳුරු වන බවට අදහස් පළ වී තිබෙනවා. ඒ විතරක් නොවේ හයිඩ්‍රජන් වායුව මුල්කොට ගනිමින් මහා පිපිරීමක් සිදුවන බව ද ඇතැමුන් කියනවා. ඇත්තටම එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. ඒක මහ විකාර අදහසක්. එහෙම සිදුවීමක් සම්බන්ධයෙන් කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ.’ යැයි නාසා ප්‍රධානී චාල්ස් බෝඞ්න් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.


පෘථිවිය හදිසියේ අඳුරු වුවහොත්, උණුසුම නැතිවීමෙන් දැඩි සීතලක් දැනේවි. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වී ගස්වැල් මියයෑමට පටන් ගනීවි. අපට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවේවි. සතියකට හෝ හිරුඑළිය පෘථිවියට නොවැටුණොත්, පෘථිවියට පමණක් නොව සෙසු ග්‍රහයන්ට එල්ල වන ගුරුත්ව බලපෑම් වචනයෙන් විස්තර කිරීමට නොහැකි වනු ඇත. ගුරුත්වාකර්ෂණ බලය නොමැති වුවහොත් අපේ පෘථිවිය විශ්වයේ පාවෙමින් යනු ඇත.


කෙසේ නමුත් මේ කිසිම දෙයක් සිදු නොවන නිසා ඒ ගැන අනියත බියක් ඇති කර ගත යුතු වන්නේ නැත. පෘථිවිය අඳුරේ ගිලී යන්නේ නම්, ඒ සූර්ය ග්‍රහණයක් සිදුවන විට මිනිත්තු කීපයක් පමණක් යැයි නාසා බලධාරීහු වැඩිදුරටත් සහතික වෙති. එහෙයින්, නොවැම්බරයේ පෘථිවිය අඳුරු වීමක් සිදු නොවනු ඇතැයි නාසා කියයි.


එළැඹෙන නොවැම්බරයේ ලෝකය අඳුරුවීම කෙසේ වෙතත්, ලෝකය විනාශවීමක් ගැන බියක් නිර්මාණය වී තිබුණි. ඒ, දැඩි ක්‍රිස්තියානි භක්තිකයකු මෙන්ම අංක විද්‍යාඥවරයකු ද වන ඬේවිඞ් මේඞ් කළ අනාවැකියක් අනුවය. ඬේවිඞ් මේඞ්ගේ එම අනාවැකියෙහි සඳහන් වූයේ අප සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරට අයත් නොවන, තාරකා විද්‍යාඥයන්ට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වුණු ‘ප්ලැනට් එක්ස්’ නමැති ග්‍රහලොව පෘථිවිය දෙසට පැමිණ පෘථිවියේ හැපෙනු ඇති බවය. 


ලෝක විනාශය සිදුවෙනවා යැයි පැවැසුණේ ඒ අනුවය. ‘ප්ලැනට් එක්ස්’ ග්‍රහයා ‘නිබුරු’ යන නමින් ද හැඳින්වෙයි. කෙසේ නමුත් ඩේවිඩ් මේඞ් සිදු කළ ගණනය කිරීම් වැරදි බව තහවුරු වී ඇත. ඊට හේතුව, ඔහු නිබුරු පෘථිවියේ ගැටෙනවා යැයි පැවැසූ දිනය වූයේ සැප්තැම්බර් 20 වැනිදා සිට 23 වැනිදා අතර වීම නිසාය. මේඩ් සිය අනාවැකිය පළ කළේ බයිබලයේ සඳහන් තොරතුරු සහ ඊජිප්තුවේ ගීසා හි ඇති පිරමීඩ අනුවය. මේඞ් පවසා තිබුණේ ඉපැරැණි පුදුම හතට පවා අයත් ඊජිප්තු පිරමිඩ ඉදිකර ඇත්තේ එක් නිශ්චිත දින කිහිපයක් ඉලක්ක කර ගෙන බවය. එම දිනය වූයේ 2017 සැප්තැම්බර් 20 සහ 23 අතර කාලයයි.

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
නාසා තොරතුරු ඇසුරිනි

 
 



අදහස් (0)

නොවැම්බරයේ දින 15ක් පෘථිවිය අඳුරු වෙනවා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site