IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නොනගතයේ අරුත දැන අවුරුදු විඳිමු සැමදෙන

 

අලුත් අවුරුද්දක් උද‌ාවෙනවා යනු සූර්යයා මේෂ රාශියෙන් ගමන් අරඹා රාශි 12 අවසානයේ එනම් මීන රාශියේ අවසානයට ළඟාවීමට ගතවන දින 365 පැය 15 මිනිට්ටු 31 තත්පර 15 ක කාලය නිමාකොට යළි මේෂ රාශියට පිවිසෙන අවස්ථාව ලෙස හැඳින්විය හැකිය. මේෂ රාශියට පිවිසීම යනු සූර්යයාගේ මධ්‍ය ලක්ෂ‍්‍යය නැගෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබෙන මොහොතයි. ඉහත කී කාල සීමාව සූර්ය වර්ෂයක් වන අතර මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සූර්ය සංක්‍රාන්තිය ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වා ඇත.  

හිරු ඊළඟ වර්ෂය ආරම්භ කිරීමට තබන පියවරක් වශයෙන් සැලකිය හැකි මෙම රාශි මාරුව සඳහා ගතවන කාලය ‘නොනගතය’ ලෙස නම් කොට ඇත. සංක්‍රාන්ති සමය ලෙසද මෙය හැඳින්වේ. පැය 12 මිනිට්ටු 48 ක් වන මෙම කාලසීමාව වසරින් වසරට වෙනස් නොවන සෑම වසරකටම පොදු එකම කාල සීමාවකි. මීන රාශිය හා මේෂ රාශිය අතර හරි මැදට හෙවත් මධ්‍ය ලක්ෂයට පැමිණීමට හිරුට ගතවන කාලය පැය 6 මිනිට්ටු 24 කි. තවත් විදියකින් පවසන්නේ නම් මීන හා මේෂ රාශි 2 අතර ඇති දුරින් අඩක් යාමට ගතවන කාලයයි.  


මෙය නොනගතයේ පූර්වභාගය වන අතර ඉතිරි අඩ යාමට ගතවන කාලය වන පැය 6 මි. 24 නොනගතයේ අපරභාගයයි. මෙහිදී සිදුවන්නේ පූර්ව භාගය තුළදී හිරුගෙන් අඩක් මීන රාශියේ වීමත්, අනෙක් අඩ මේෂ රාශියේ වීමත් වන අතර නොනගතයේ අපර භාගය තුළදී ක්‍රමයෙන් හිරු මුළුමනින්ම මේෂ රාශි ගත වීමත්ය.  


මෙය 2018 වසරේ අවුරුදු උදාව ඇසුරින් පැහැදිලි කරගත හැකිය. මෙම වසරේ නොනගතය අප්‍රේල් මස 14 වෙනි සෙනසුරාද‌ාට එළිවෙන අළුයම 1.49 සිට එදින ප.ව 2.37 දක්වා පවත්නා බව සඳහන් වේ. මෙය පැය 12, මි.48 කි අවුරුදු උදාව සිදුවන්නේ සෙනසුරාදා පෙ.ව 8.13 ටය. එනම් ඉහත කාල සීමාවේ මධ්‍යයයි. ඒ අනුව අලුයම 1.49 සිට පෙ.ව 8.13 දක්වා නොනගතයේ පූර්ව භාගය වන අතර පෙ.ව 8.13 සිට ප.ව 2.37 දක්වා නොනගතයේ අපර භාගයයි.   


‘‘නොනගතය’’ යනු කුමක්දැයි විවිධ මත පළවී ඇත. අප කුඩා කල වැඩිහිටියන්ගෙන් අසා ඇත්තේ නැකැත් නොමැති කාලසීමාව නොනගතය ලෙසයි. ඇතැම්හු අදත් එසේ භාවිතා කරන බව දක්නට ඇත. මෙය මුළුමනින්ම වැරදි අදහසකි. නැකැත් 27 නිරන්තරයෙන් උද‌ාවෙමින් නිමාවෙමින් පවත්නා වූ ස්වභාවික ක්‍රියාවලියකි. එවැනි සෑම තත්පරයකදීම කුමන හෝ නැකතක් උද‌ාව පවතී. ඒ අනුව 2018 වසරේ අවුරුද්ද උද‌ාවන මෙම නොනගත කාලයේදී ‘‘උත්‍රපුටුප’ නැකත උද‌ා වී පවතී.  


නොනගතය ගැන කියැවෙන අනෙක් මතය වන්නේ ශුභ නැකැත් නැති වේලාව යන්නයි. මෙයද සාවද්‍ය මතයකි. නැකතක් ශුභ වීම සඳහා දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යන පංචාංගයට ශුද්ධ වී පැවතිය යුතුය. රාහු කාලයද සැලකිය යුත්තකි. මේ අනුව නැකතේ ශුභ අශුභතාව වසරින් වසරට වෙනස් විය හැකිය.  


උද‌ාහරණයක් ලෙස පසුගිය එනම් 2017 වර්ෂයේ උද‌ාව පැවැති ‘විසා’ නැකත අටවිසි මහා යෝග අතර ශුභ යෝගයක් වන ප්‍රවර්ධමා නම් යෝගය වූ අතර, මෙම 2018 වසරේ උද‌ාව පවතින උත්‍රපුටුප නැකත ධූම නම් අශුභ යෝගයකි. එමෙන්ම සෙනසුරාද‌ාට එම නැකත අව යෝගයකි.  


නමුත් මෙහිදී තවත් වැදගත් කරුණක් සැලකිය යුතුව තිබේ. රාශි චක්‍රය තුළ හිරු ගමනේ එක් වරක් අවසන්ව නැවත ආරම්භ කරන මීන රාශියේ අග කොටස හා මේෂ රාශියේ මුල කොටස අතර සාක්ෂි සන්ධිය නමින් හඳුන්වන ගණ්ඩාන්ත දෝෂයක් පවතින බැවින් ශුභ කටයුතු සිදු නොවන බවයි. එසේ වුවද අවුරුදු නැකැත් පත්‍ර දෙස බැලීමේදී ඇතැම් අවස්ථාවල මෙම කාලසීමාවටද ඒවා ඇතුළත් ඇති බැව් පෙනේ.  


නොනගතය යන්නෙහි නිවැරදි අරුත කුමක්දැයි පැරණි සෙල්ලිපි අැසුරින් අපට වටහා ගත හැකිය ‘අගත අනගත මතුදිශ ශ්‍යශ දිනෙ’’ යන පාඨය සඳහන් සෙල්ලිපි රැසක් ශ්‍රී ලංකාව පුරා දැකගත හැකිය. පෙර රජ දරුවන් මහා සංඝයා වහන්සේලා උදෙසා ආරාමයක් හෝ ගල්ලෙනක් සකස් කිරීමෙන් පසු එම ස්ථානයෙහි තැන්පත් කරන ලද එම සෙල්ලිපියෙන් කියැවෙන්නේ චතුදිශ (සතර දෙසින්) අගත (පැමිණි) අනගත (නොපැමිණි) ශ්‍යශ (සංඝයා වහන්සේට) දිනෙ (පූජා කරමි) යන්නයි. මේ අනුව නොනගතය යනු නො+අගත+අනගත යන පද ඇසුරින් නිර්මාණය වූ වචනයක් බවත් එහි තේරුම වන්නේ ‘‘පැමිණියේත් නැති නොපැමිණියේත් නැති’’ යන්න බවත් පැහැදිලි වේ.  


මේ අයුරින් පැමිණියේත් නැති නොපැමිණියේත් නැති තැනැත්තා කවුරුන්දැයි ඉහත තොරතුරු මගින් පැහැදිලි වන්නට ඇත. අවුරුද්ද යනු සූර්ය මංගල්‍යයක් වන්නේද ඒ අනුවය.  


නොනගතයේ පූර්ව භාගය ‘පුණ්‍ය කාලය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වේ. නොනගතය ආරම්භ වීමට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැරිය යුතු බැවින් මෙවර අප්‍රේල් 14 වන සෙනසුරාද‌ාට එළිවෙන අලුයම 1.49 ට පෙර සියලුම වැඩ අත්හැරීමෙන් පසු සෙනසුරාද‌ා පෙ.ව 8.13 දක්වා පුණ්‍ය ක්‍රියාවන්හි යෙදිය යුතු බව ජ්‍යෙතිෂ උපදේශයයි.  


මෙම කාලසීමාව තුළ වෙහෙර විහාර, කෝවිල් වැනි පූජනීය ස්ථානවලට ගොස් සිදුකරනු ලබන ආගමික කටයුතුවලට අමතරව වෙනදා සාමාන්‍ය ආකාරයට සිදු නොවන පරිදි බුලත් හුරුලු පිරිනමා. තෙල් ගා කරන මව්පිය නමස්කාරය, වැඩිහිටියන් ගුරුවරුන් පිදීම. අසරණයින්ට පිහිට වීම, සෑම ආකාරයකින්ම කරුණාව, මෛත්‍රිය පෙරදැරිව ක්‍රියා කිරීම ආදිය ද සිදු කරනු ලැබේ.  


ආගමික වතාවන්වලින් පසුව ඇත්තේ නව වසරට මුහුණ දීමේ ක්‍රියාවලිය පටන් ගන්නා නොගතයේ අපර භාගයයි. මෙම වසරට එම කාල සීමාව යෙදී ඇත්තේ අප්‍රේල් 14 වන සෙනසුරාදා පෙ.ව 8.13 සිට ප.ව 2.37 දක්වා වන බැවින් එම කාලය තුළදී පංචාංග ලිත්වල දක්වා ඇති ආකාරයට යෙදෙන ශුභ නැකැත්වලට අනුව ළිපගිනි මෙළවීම, ආහාර පිසීම, වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන කටයුතු සිදුකොට නව වසරට ප්‍රබෝධමත්ව මුහුණ දීම අප සැමගේ සිරිත වී ඇත.  


පසුගිය වසරේදී මෙම නැකැත් වේලාවන් සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත් වී විද්වත් සංවාද වෙනුවට විවාද ඇති වී එපමණකින්ද නොනැවතී ආවේගශීලීව හැසිරීම් පවා අපට දැකගත හැකි විය. අවුරුද්ද යනු පොදු උත්සවයකි. එදිනටවත් සම්මත වූ වේලාවක් තුළ රට පුරා විසිරී සිටින ජනතාවට එකම මොහොතක සිය අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්නට ඉඩ හරිනවා විනා තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉදිරිපත් කොට ඔවුන්ගේ මනස අවුල් කිරීම නොකළ යුත්තක් බව පෙන්වා දෙනු කැමැත්තෙමි.  


නොනගතය තුළදී ඉහත කී ආකාරයෙන් ක්‍රියා කොට නව වසර සමරන ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා.  

 

 

 


පාරම්පරික ජ්‍යොතිෂවේදී  
එච්.එම්.ටී.බී. හේරත් (බී.ඒ)   
109, පැරකුම් මාවත, උයන්දන, කුරුණෑගල  
0772651915  



අදහස් (0)

නොනගතයේ අරුත දැන අවුරුදු විඳිමු සැමදෙන

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6209 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3234 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site