IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නිවාස ආරක්ෂාවට පිරිතක්

සිරිකත කැඳවන නිවසක් තනා ගැනීම කාගේත් පැතුමකි. යමෙක් ශාස්ත්‍රානුකූලව සාදන ලද නිවසක වුවද පදිංචිකරුවන්ට නොයෙකුත් විදියේ ගෘහ දෝෂ ඇතිවිය හැකිය. මළ ප්‍රේත, ගෙවල ප්‍රේත ආදී දෝෂ මෙන්ම ඊර්ෂ්‍යාකාරයින් තරහකාරයින් විසින් කරන ලද අණවින හදි හූනියම් ආදී දෝෂද ඇතිවිය හැකිය. ඇස්වහ කටවහ හෝවහ ​ෙදා්ෂද බලපැවැත්විය හැක. එවැනි කුමන දෝෂ ඇති වුවද ඒවායේ බලය බිඳිය හැකි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගුප්ත විද්‍යාව තුළින් ලබාගත හැකිය. 
  
පුරාණ කාලයේ සිටම ස්වකීය වාසභවනය වන නිවස සොර සතුරු කරදර යක්ෂ ප්‍රේත භූත කුම්භාණ්ඩ උපද්‍රව ගොඩ පාලු හදි හූනියම් ආදියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගුප්ත විද්‍යාව තුළින් විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කර ඇත.   


සෑදීමට පටන් ගත් හෝ සාදා අවසන් කළ නිවසට කුමන ආකාරයක හෝ ඉහත සඳහන් උපද්‍රව දෝෂ ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රබල නිවාස ආරක්ෂක මන්ත්‍රයක් ලංකාදීප පාඨක භවතුන්ගේ යහපත සඳහා ඉදිරිපත් කරමු.   
මෙය බුද්ධ මන්ත්‍රයකි. එය බුද්දක ජිනපඤ්ජරය, කුද්දක ජිනපඤ්ජර පිරිත දසදිග පිරිත චූල ජිනපඤ්ජරය යන නම් වලින් මහා පිරුවානා පොතෙහි සඳහන් වෙයි. මෙම ශ්‍රේෂ්ඨ පිරිත දිනපතා උදේ සවස භාවිත කිරීමෙන් ග්‍රහ අපල රාජ භය, චෝරභය, අමනුෂ්‍ය භය දූර්භූතව සර්වාරක්ෂාව සැලසෙන බව ග්‍රන්ථාරූඪව ඇත.   


එම පිරිත මෙසේය   


දීඝාසු දස භාගේසු   
බීතා බුද්ධානු භාවතෝ   
වේරාදි අන්තරායාපී   
විනස්සන්තු අසේසතෝ   
ඒවමාදි ගුණේපේතං   
පරිත්තං තං භනා මහේ   
පදුමුත්තරෝ පුරත්ථි මාය   
අග්නිම්හි චේව සෝභිතෝ   
දක්ඛිණේ කස්සපො බුද්ධෝ   
නිර්තේච සුමංගලෝ   
පච්චිමේ ​ෙර්වතො බුද්ධෝ   
වායඛ්‍යා මේධංකරෝමුනි   
උත්තරේ පියදස්සීච   
ඊසානේ දීපංකරේ මුනි   
පඨවිං කකුසන්දෝච   
ආකාසේ ගෝතමීමෝ මුනි   
ඒවං දස දිසා ​චේව   
සබ්බේ බුද්ධා පතිට්ඨිතා   
අච්චන්තරාය සබ්බේ තේ   
සෝක රෝග භයා පිච   
විනස්සන්තු සදාතුයිහං   
සබ්බේරියා පතේසුච   
යක්ඛාදි දේවතාභිච   
රාජ චෝරාරි අග්ගිහී   
අමනුස්සේහි සබ්බේහි   
තිර්ච්ඡා න ගතේසුව   
ජාතා සබ්බේ විනස්සන්තූ   
උපද්දව අසේසතෝ   
ඒතේන සච්චවජ්ජේන   
හෝතුතෙ ජය මංගලම්   


මෙම පිරිත උදේ සවස නිවස තුළ සජ්ජායනා කිරීමෙන් ස්වකීය නිවසටද සෙතක් ශාන්තියක් උදාවෙයි. එසේම හිතූ පැතූ අදහස් ඒ අයුරින්ම ඉටුවී අභිමතාර්ථ සිද්ධිය සැලසේ. අවශ්‍ය ඕනෑම සුබ කාර්යයකදී මෙම පිරිත භාවිත කිරීම සුදුසු වෙයි.   


නව නිවාස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේදී කුඩා නිදන් මුට්ටි පහක් ගෙන ඒවා තුළට ගංගා වැලි, මුහුදු වැලි, එළ අබ, යබොර, සුදු යකඩ ආදී නිදන්වලට යොදා ගන්නා ද්‍රව්‍ය දමා මල්යහනක් තනා ඒ මත එකී මුට්ටි එක තබා ඉහත සඳහන් බුද්දක ජිනපඤ්ජර පිරිතෙන් 108 වරක් හෝ එයට වැඩි වාර ගණනක් පිරිත් කර මුල්ගල තබන සුබවේලාවට මුල්ගල සමග එක් මුට්ටියක්ද අනෙක් මුට්ටි හතර අත්තිවාරමේ හතර කොනේ තැන්පත් කරන්න.   


එසේ තැන්පත් කිරීමෙන් එම නිවසට කිසිම හදිහූනියමක් කිරීමට කිසිවෙකුට අපහසු වෙයි. තමාගේ අභිමතය පරිදි නිවස තනාගෙන පදිංචිවී සතුටින් සැපෙන් රෝගාබාධ වලින් තොරව ජීවිතය ගත කිරීමට හැකි වෙයි.   


දැනට පදිංචිව සිටින නිවසක් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් නිදන් මුට්ටි හතරක ඉහත සඳහන් නිදන් වස්තු තැන්පත් කර මල් යහනක තබා පිරිත් කරගන්න. ඒ සමගම කට්ටකුමංජල් හෝ දුම්මල කුඩු ටිකක් තබා පිරිත් කරගන්න. එම සුවඳ දුම් නිවස තුළ සෑම තැනටම අල්ලා ඉන් පසුව නිදන් වස්තු මුට්ටි හතර නිවසේ සතර කොනේ තැන්පත් කරන්න. මෙය රාත්‍රී 10 න් පසු කිරීම වඩාත් සුදුසුයි.   


නිවෙස් තුළ ඇති වන අමනුෂ්‍ය උපද්‍රවවලට රත්මල් පොකුරකට මතුරා පිරිත් කර නිවසේ යටලීය මත තැබීමත්, වැලි අබ මතුරා ගෙය ඇතුළත ඉසීමත් තැඹිලි තෙල් පිරිත් කර නිවස තුළ පහන් දැල්වීමත් ඉතා යහපත් වෙයි.   
සුදු හඳුන් රත් හඳුන්, අගිල් ගුගුල් කුම්කුමප්පු ගෝරෝචන දේවදාර, සැවැන්දන, විෂ්ණු ක්‍රාන්ති, හල්දුම්මල සාම්බ්‍රානි යනාදිය එක පමණ ගෙන කුඩුකර ඉහත සඳහන් පිරිතෙන් 216 වරක් පිරිත් කර උදේ සවස නිවසට වෙළෙඳසලට දුම් ඇල්ලීමෙන් සියලු බාධා කරදර විනදෝෂ දුරුවී දේවාරක්ෂාව ලැබේ. දිනෙන් දින දියුණුව උදාවෙයි.   


මෙම පිරිත ගුප්ත විද්‍යා කටයුතු සඳහා යොදා ගැනීමේදී මස් මාංශ අනුභවයෙන් හා මත් වතුරින් කිළිකුණුවලින් වැළකී කටයුතු කිරීම අවශ්‍යයි. මල් යහන සාදන නිවසට කහ දියර ඉස පිරිසිදු කර තමාද නා පිරිසිදුව පිරුවටයක් හැඳ මල් යහනාව මුදුනට වියනක් බැඳ ඉතා පිරිසුදුවට කළ යුතුය. එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිවෙයි.   


නිවාස ආරක්ෂාවට අමතරව තවත් නොයෙකුත් සුබ කටයුතුවලට මෙන්ම අසුබ කටයුතු සඳහාද මෙම පිරිත භාවිතා කළ හැකි බව ගුරු පොතේ සඳහන් වෙයි.   


මනුෂ්‍යයාගේ යහපත සඳහා මෙම පිරිතෙන් කළ හැකි ගුරුකම් කිහිපයක් මෙසේ දැක්විය හැක.   


ගොවිපොළ ආරක්ෂාවට   


ගොවිපොළ වටේට ඇදීමට ප්‍රමාණවත් වැල් ගෙන මෙයින් මතුරා වටේට අදින්න.   


ගොවිපොළ සතුන්ගෙන් ආරක්ෂාවට   


තල්පත්වල ගාථා ලියා 108 වර මතුරා කුඹුර, ගොවිපොළේ සතර කොනේ එල්ලන්න.

   
රෝග බෝ නොවීමට   


පෙරුම්කායම් ගුලි 108 වර මතුරා රෙදිපාන්කඩවල බහා අතේ බඳින්න.   


සර්ව ආරක්ෂාවට සර්ව වශියට   


මෙම ගාථා තඹ පත්‍රයක යන්ත්‍රයක් මෙන් ලියා මල් යහනේ තබා ගාථා වලින් 1000 වර මතුරා කර පළඳින්න.   


ප්‍රභූ ප්‍රසාදය ලැබීමට   


රන් තැඹිලි තෙල් අබ තෙල් සඳුන් තෙල් මෙම පිරිතෙන් මතුරා තිලක තබාගෙන යන්න.   


අමනුෂ්‍ය බැල්මට   


මෙම පිරිතෙන් තැඹිලි තෙල් මතුරා නිවසේ පහන් දල්වන්න.   


සීනෙන් භයවීමට   


නූල් හත් පොටක් මෙම ගාථා වලින් 108 වර මතුරා ගෙල බඳින්න 

 
ඇස්වහ කටවහ දෝෂවලට   


වතුර මැතිරීමටත්, තෙල් මැතිරීමටත් මෙම පිරිත ඉතා යෝග්‍යයි.   


විවිධ රෝග සමනය සඳහාත්, රෝගීන් සඳහාත් ප්‍රතිකාරවලදී බුද්දක ජිනපඤ්ජර පිරිතෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකිය. 

 
අසාධ්‍ය ​රෝගවලට ප්‍රතිකාර කිරීමේදී බෙහෙත් වලට මතුරා දෙන්න. බඩේ, පපුවේ දැවිල්ලට සුදු හඳුන් ගලගා තැඹිලි ගෙඩියට දමා වතුර බීමට දෙන්න. බඩේ කැක්කුමට ඉඟුරු යුෂට මතුරා දෙන්න. වමනයට දෙහි යුෂට මතුරා දෙන්න. කටු හිර වුනාම දෙහි මතුරා දෙන්න. ඇදුම රෝගීන්ට රෝගය උත්සන්නවූ විට තලතෙලට 21 වර මතුරා පපුවේ ආලේප කරන්න.   


ග්‍රහනි මාන්දම් රෝගීන්ට මෙම ගාථා තඹ තහඩුවක ලියා 108 වර මතුරා බැඳීම යහපත් වේ. හීනෙන් මස් මාංශ අනුභව කරන අයට පැන් මතුරා බීමට දීමත් නූල් මතුරා බැඳීමත් සුදුසුය.   


මෙම ගාථා වලින් සඳුන් කෑලි මතුරා අත බැඳගැනීමෙන් බෝවන රෝග වැළඳීමෙන් වැළකිය හැකිය. කොහොඹ අත්තකට මතුරා නිවසේ ප්‍රධාන දොරකඩ වහලේ තැබීමෙන්ද නිවැසියන්ට බෝවන රෝගවලින් වැලකිය හැකිය.   


නපුරු සිහින පෙනෙන තරුණ තරුණියන්ටද මෙම පිරිතෙන් ප්‍රයෝජන ගත හැක. ඒ නූල් මතුරා බැඳීමෙන් හෝ තල්පතක ගාථා ලියා 108 වර මතුරා කර පැළඳ ගැනීමෙනි.   


සර්ප විෂ බැස්සීම සඳහාද මෙය අනගි පිරිතකි. සර්ප විෂෙන් මුර්ජාවූ අයට ඇඟේ තලතෙල් හා කුප්පමේනිය ගසක් ගෙන ඇඟේ ගා පිරිතෙන් මැතිරීමෙන් සුවය ලබාගත හැක. විෂ බැස්සවීම සඳහා මුගුණුවැන්න කොටා යුෂ ගෙන තලතෙල් බින්දු තුනක් දමා මතුරා නස්‍ය කිරීමද සුදුසුය. නරක සතුන් නිවසට පැමිණේ නම් මෙයින් තෙල් මතුරා මිදුලේ පහන් දැල්වීමෙන් සතුන් පැමිණීම වළකී.   


වශී කර්ම සඳහාද මෙම පිරිත ප්‍රයෝජනයට ගත හැක. රාජ සභාවට යන විට නෙළුම් පොහොට්ටුවකට අලුයම මෙයින් මතුරා කඩාගෙනවිත් ගමන පිටත්වන වේලාවට 7 වරක් මතුරා ඉර උදාවන වේලාවට පිටත්ව යාමෙන් ජය අත්වෙයි.   


සඳුන් කුඩු මතුරා මුහුණට දුම් අල්ලාගෙන පිටත්වීමෙන්ද තලතෙල් සඳුන් තෙල් තැඹිලි තෙල් මෙම ගාථා වලින් පිරිත් කර හිස ගාගෙන යාමෙන්ද ජයග්‍රහණ අත්පත් කරගත හැක.   


බුද්දක ජිනපඤ්ජරය සත්‍යවූ බුද්ධ පිරිතකි. මෙයින් කටයුතු කිරීමේදී ශීලාදී ගුණයෙහි පිහිටීමෙන් ක්ෂණිකව සාර්ථක උසස් ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.   

 

 

 


ගම්පහ - අබේසේන හේරත්   



අදහස් (3)

නිවාස ආරක්ෂාවට පිරිතක්

කළුතරගෙ පුෂ්පා ගුණපාලි Wednesday, 05 January 2022 10:50 PM

ඇත්තෙන්ම හරිම වැදගත් .මම ගොඩක් ස්තුතියි වන්තවෙනවා. මට දැනගන්නට අවශ්‍යයි .මම අළුතෙන් ගෙයක් හදලා තියෙන්නේ ඒක ආරක්ෂාවක් කරගන්න .මෙ පිරිත් මටත් හරි ගස්සලා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං ඒකට යම් මුදලක් අයකරනවා නම් ඒක දෙන්න පුළුවන්. මට උදව් කරන්න පුළුවන් ද .මට ඇවිත් ගන්න පුළුවන් .

:       0       0

පුෂ්පා කළුතරගෙ Wednesday, 05 January 2022 10:59 PM

හරිම වටිනා දෙයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ලංකාදීප පත්තරේන්. මටත් ගේ ආරක්ෂා කරගන්න ඔනේ.⁣ මට උදව්ව කරන්න. ඔබතුමාට ගොඩක් පිං.

:       0       0

පුෂ්පා කළුතරගෙ Wednesday, 05 January 2022 11:04 PM

ඇත්තෙන්ම ⁣ගොඩක් වටිනවා .⁣හරිම වැදගත් ස්තුතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5240 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site