IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නළුවන් හැමෝටම වඩා ඔහු මට ලස්සනයි

ඇය රිදී තිරයේත්, පුංචි තිරයේත් කාගේත් ආදරයට පාත්‍රවූ සුරූපී රංගන ශිල්පිනියකි. ඇය තම අදහස් කළින් ප්‍රකාශ කරන්නට නොබියව ඉදිරිපත් වන්නියකි. ඒ නිසා ඇය කාගේත් කතා බහට ලක්වන චරිතයක් බවට පත්ව සිටින්නීය. රංගනයේ විවිධ පරාස ඔස්සේ තම දක්ෂතා ප්‍රකට කළ මේ සුරූපිනිය ජනතා ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූයේ ජනප්‍රියි නිළිය ලෙස 
සම්මාන කිහිපයකට පාත්‍ර වෙමිනි. විවාහ දිවියට එළැඹුණ ද ඇයගේ ජනප්‍රියත්වය එක දිගට අද දක්වා රඳවා තබා ගැනීමට ඇය සමත් 
වූවාය.   


ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි.   


පසුගියදා නිමාව දුටු “5 වැනි දෙරණ සිනමා සම්මාන 2017” උළෙලේදී ප්‍රථම වරට හඳුන්වා දුන් “සන්සිල්ක් දීප්තිමත් සම්මානයේ” පළමු සම්මානය ජනතා මනාපයෙන් ඇය දිනා ගන්නට සමත් වූවාය. 2015 වසරේ ශ්‍රී ලංකීය විවාහක රූ රැජින කිරුළ ද පැළැඳි උදාරි, ඒ නිසා ලෝක විවාහක රූ රැජින තරගාවලියට ද ඉදිරිපත්වී එක් අංශයකින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන්නාය.   


ඉතිං මෙවර “ආදරය, ප්‍රේමය සහ විවාහය” යන මාතෘකාව ඔස්සේ ඇයගේ ප්‍රේමණීය අත් දැකීම් බෙදා හදා ගන්නට ඉඩ සලසා ගත්තෙමු.  


ඉතිං උදාරි ඔයාට ප්‍රේම සිතිවිල්ලක් ආදරයක් මුලින්ම ඇතිවුණේ කොයි කාලයේද?   


අවුරුදු 15-16 දී විතර වගේ කාලයක තමයි මුලින්ම ප්‍රේම සිතිවිල්ලක් ඇති වුණේ. ඒක මම තනියෙන් හිතින් ආදරය කළ එකක්. විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණයක් ඇති වෙනවා කියන ඒ හැඟීම වෙන්නැනි ඒ දවස්වල මට ඇති වෙන්න ඇත්තේ. ඒක ආදරයටද කියලා තේරෙන්නේ නෑ. ම​ෙග් අම්මා උපාධිධාරී ගුරුවරියක්. අම්මාව බලන්න අම්මාගෙන් ඉගෙන ගත්ත ගොඩාක් ගෝලයෝ ගෙදරට එනවා.   


ඒ එන ගෝලයන්ගෙන් එක් අයෙක් අනෙක් අයට වඩා කඩවසම්. ඉතිං ඒ පෙනුමත් එක්කයි එයාගේ ගති ගුණයි එක්කයි මට ලොකු ආදරයක් ඇති වුණා.   


එයා හොඳ හැදිච්ච ළමයෙක්. එයාගේ හිතේ කිසිම හැඟීමක් මා ගැන තිබුණේ නෑ. කවදාවත් මගෙන් යාළු වෙන්න අහලවත්, මා ගැන බලාපොරොත්තු තියා ගන්නවත් ඔහු උනන්දුවක් දැක් වූයේ නෑ.   


ඒ කියන්නේ ඔයා එයාට හිතින් ආදරය කරලා තිබෙන්නේ. ඉතිං ඔයාවත් ඔහුගෙන් අහන්න ගියේ නැද්ද?   


ඔව්. මම විතරක් හිතින් ආදරය කළ ලව් එකක් ඒක. එයා විවාහවෙලා හොඳ දරු මල්ලන් හදාගෙන පවුල් ජීවිතය ගෙනියන කෙනෙක්. එයා මම හිතන්නේ දැන් ජීවතුන් අතර නැද්ද කො​ෙහද? හදිසි අනතුරක් වෙලා මිය ගිය බවයි මට දැන ගන්න ලැබුණේ. විරුද්ධ පාර්ශ්වයන්ට දැනෙන ලිංගික ආකර්ෂණය, ප්‍රේමනීය බැඳීම මුලින්ම මගේ සිතේ ඇති වුණේ එයාගෙන් තමයි. ඒක මම හිතින් විතරක් විඳපු දෙයක්.   


මට එයාට ආදරේ කියලා කියන්න තරම් වුවමනාවක් තිබුණේ නෑ. මට ආසා වුණේ නිතරම එයාව දැක ගන්නයි. එයා අපේ ගෙදර එනවාට මම හරි කැමතියි. ඒ ආසාව අාදරයක් ද කියලා මට එතකොටත් වැටහුණේ නෑ. 

 
එතකොට මුලින්ම ඔයාගේ ප්‍රේම සබඳතාවක් ඇති වුණේ කොයි කාලයේද? 

 
වයස අවුරුදු පහළොවේ අග භාගයේදී විතර. එයා මගෙන් යාළු වෙන්න ඇහුවා. මම හා කිව්වා. ඒ කාලයේ මවුපියන් ඒ පිළිබඳව දැඩි ලෙස හොයන්න ගත්තා. අම්මලා තාත්තලාගේ කැමැත්තක් තිබුණේ නෑ. මොකද අවුරුදු 15-16 කියන්නේ විවාහ වෙන්න පුළුවන් කාලයක් නොවෙයිනේ. එයා අවංක කෙනෙක් කියලා සිතුණු නිසයි මට ඔහු ගැන කැමැත්තක් ඇති වුණේ. 


ඔහු කෙළින්ම ඇවිත් අපේ මවුපියන්ගෙන් ඇසුවා. ඔහුගේ ඒ කෙළින් තීරණය හින්දා මට ඔහු ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. ඒක තමයි මගේ පළමු ප්‍රේ‍ම සම්බන්ධතාවය.   


ඒ කාලයේ දෙන්නා තෑගි බෝග එහෙමත් හුවමාරු කර ගන්න ඇති නේද?   


ඔව් ඒක සාමාන්‍යයෙන් ඕනෑම දෙන්නෙක් යාළු වුණාම සිද්ධ වෙන දෙයක්නේ. ඉතිං එයා ලංකාවේ ජීවත් වූ කෙනෙක් ​ෙනවෙයි. පිට රට හිටියේ. අවුරුදු 5 ක ප්‍රේම සම්බන්ධයක් අපි දෙන්නා අතර තිබුණා. එයා ඇමෙරිකාවේ හිටියේ. එයා එන හැම වෙලාවෙම මට තැගි බෝග ගේනවා. මාත් ඉතිං තෑගි බෝග දෙනවා. මල් කළඹ දෙනවා ඒක සුන්දර කාලයක්.   


ඔයා රංගනයට එනතුරු තිබුණේ ඒ ප්‍රේම සම්බන්ධය නේද?   


ඔව් රංගනයට එනතුරු ඒ ප්‍රේ‍ම සබඳතාව තමයි තිබුණේ. 

 
ඔයා රඟපෑමට ආවට පස්සේ අධ්‍යක්ෂවරුන්ගෙන් නළුවන්ගෙන් ආදර යෝජනා එහෙම ආවාද? ඒ අතර අයුතු යෝජනාත් එන්න ඇති නේද?   


නෑ. එහෙම ආවේ නෑ. රඟපෑමට එද්දී ඒ ප්‍රේම සබඳතාව තිබුණේ නෑ. ඇත්තටම මම උදයකාන්ත මහත්මයාගේ චිත්‍රපටයේ රූප ගත කිරීම් අතරතුර තමයි අපේ දැන් තිබෙන ප්‍රේම සම්බන්ධය පටන් ගත්තේ. මම රංගන ශිල්පිනියක් ලෙස ජනතාව දැන ගනිද්දී විවාහ වෙලත් ඉවරයි. කිසිම අයුතු යෝජනාවක් ඇවිල්ලා නෑ. විවාහ යෝජනාත් කාගෙන්වත් ආවේ නෑ. මේ වන විටත් කිසිම නළුවෙක්ගෙන් අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකවරයෙක්ගෙන් හෝ අයුතු යෝජනා ඇවිල්ලා නෑ.   


ඔයා අවුරුදු 20 දී විවාහ දිවියට පත් වෙනවා. ඇයි එතරම් ඉක්මනට විවාහ වෙන්න අදහස් කළේ.   


අවුරුදු 18 න් පස්සේ විවාහ වීමට සුදුසුයිනේ. අවුරුදු 20 දී තීරණය කළේ. මගේ දයාබර සැමියා මට වඩා අවුරුදු 6 ක් වැඩිමල්. ඔහු එක්ක මම යාළු වෙද්දී වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔහු වෛද්‍ය විද්‍යාලයෙන් පිටවනවාත් එක්කම සිංගප්පූරුවේ රැකියාව ලැබුණා. හැබැයි අපි දෙන්න එතකොට හොඳටම ප්‍රේමයෙන් බැඳිලා හිටියේ. ම​ෙග් අම්මායි තාත්තයි බය වුණා. මම බඳින්නේ නැතිව ඔහුව බලන්න සිංගප්පූරුවට යයි කියලා.  


ඒ හින්දා යන්න කලින් වෙඩින් එක ගන්න කිව්වා. අපි ඉක්මනට වෙඩින් එක ප්ලෑන් කරලා ලස්සනට ගත්තා. එයාගේ උපාධි ප්‍රදානෝත්සවය ගත්තත් හරි අපේ විවාහයත් සිදු වුණා. 

 
ඔහු ඔයාට හමු වෙන්නේ රඟපෑමට ආවට පස්සේ. මෙතරම් නළුවෝ ඉන්දැද්දී ඔයාට ඔහු ගැන ආකර්ෂණයක් ඇති වුණේ කොහොමද?   
රඟපාද්දීත් මම එයා එක්ක යාළුයි. එයා මට හමු වෙන්නේ මගේ පළමු මියුසික් වීඩියෝ ඒකේ රූගත කිරීම් සිදු කරන අතරතුරේදී ඔහු සංගීතය පැත්තෙන් ඒ ගීතයට සැක්ස​ෙෆා්න් වාදනයෙන් දායක වෙලා තිබෙනවා. ඉතිං ඒ රූගත කිරීම්වලදී ඔහු මිත්‍රයෙක් විදියට මට හමු වෙන්නේ. එය තමයි ප්‍රේමයක් දක්වා දුර දිග යන්නේ. ඒ වන විට මගේ හදවත ඔහු දිනාගෙන ඉවරයි. නළුවන්ට හෝ කිසිම පිරිමියෙක්ට මේ හින්දා මගේ හදවතේ ඉඩක් තිබුණේ නෑ. නළුවන් හැමෝටම වඩා ඔහු මට ලස්සනයි.   


තරුණ වයසේදීම විවාහ වුණාට පස්සේ අනෙක් අයගේ ඇල්ම බැල්ම එහෙම වැටුණාද?   


නැ. මට එහෙම ආදර යෝජනාවල් ඇවිල්ලා නෑ. මම හරි ආරක්ෂිතයි. මාත් එක්ක ඕනෑ කෙනෙක් කතා කළාම වැටහෙයි. මම හරි කෙළින් කතා කරන කෙනෙක්. එහෙම කතා කරන නිසා, කෙළින් කතා කරන ශක්තිමත් ගැහැනියක් නිසා අනිසි යෝජනා මේ වනතුරු ඇවිත් නෑ. එහෙම එන තැනට මම ඉඩ තියලා නෑ. 

 
 

 

ඔයා නිතරම කොටට ඇඳුම් ඇඳින්න කැමැති කෙනෙක්. ඇඟ පෙනෙන්න ඇඳුම් අඳිනවා. ඒක ඔයා ආසාවට කරන දෙයක්ද? නැත්නම් අනෙක් අයට ලස්සන පෙන්වන්න කරන දෙයක්ද?   


ඒක මගේ සාමාන්‍ය හැටි. මම පොඩි කාලයේ ඉඳලම අඳින විදිහ තමයි. මම කොටට විතරක් නොවෙයි දිගටත් අඳිනවා. මගේ ඇඳුම් දැකලා කවුරුවත් මට මුකුත් කියලා නෑ. මූණට කියන්නේ නෑ. ගියාට පස්සේ කියනවාද දන්නේ නෑ. නරකයි කියලා දිගින් දිගටම කවුරු හරි කියනවා නම් හෝ මම අඳින විදිහේ වැරැද්දක් තිබෙනවා නම් හෝ එය වෙනස් කර ගන්න මම පෙළඹෙනවා. අද වෙනතුරු මම අඳින විදිහ ගැන කිසිම කෙනෙක් වැරැද්දක් කියලා නෑ. මගේ ජීවිත​ය ගැන සැමියා, දරුවා හා අම්මා තාත්තා හරි සතුටින් ඉන්නේ. ඔවුන් කිසිම දවසක මට ඇඳුම්වල වැරැද්දක් කියලා නෑ.   


ඔයාගේ මේ දේවල් නිසා ගොසිප් පුවත් ලෙස අන්තර් ජාලයේ මඩ ප්‍රහාර එල්ල වුණා නේද?   


ම​ගේ ඇඳුම් සම්බන්ධ​ෙයන් නම් ගොසිප් ගිහින් තිබුණේ නෑ. මම ගොසිප් බලන්නේ නෑ. ඒවා බලන්නේ වැඩ නැති මිනිස්සු. ඒ හින්දා මා ගැන යන දේවල් මම දන්නේ නෑ.   


ඔබ ලාංකීය විවාහක රූ රැජිනක් විදිහට ලෝක රූ රැජින තරගයටත් ගිය කෙනෙක්. කොහොමද එයට ලැබුණු ප්‍රතිචාර ? 

 
ගොඩක් සතුටුයි. මම ලෝක විවාහක රූ රැජින තරගයට ගියේ කිරුළ දිනා ගන්නවාමයි කියන අදහසින් නොවෙයි. අපේ රටේ අනන්‍යතාවය ලෝකෙට ගෙනියන්නයි. මට අවශ්‍ය වුණේ. තමාගේ රට පිළිබඳව විනාඩි තුන හමාරක වීඩියෝ එකක් කරන්න කිව්වා. මුළු ලෝකෙන්ම අංක එක බවට පත්වෙලා තිබෙන්නේ මම කළ අපේ රටේ අනන්‍යතාවය පිළිබිඹු වන වීඩියෝවයි. ඒක වාර්තාවක්. මේ වනතුරු පැවැත් වු ලෝක විවාහක රූ රැජින තරග මාලාව පුරා වැඩිම මනාප හිමි කර ගත්තේ මගේ වීඩියෝවයි. අදටත් ඒ වාර්තාව තිබෙනවා. මම 2015 දී ගියේ. අදටත් ඒ වීඩියෝව ඉදිරියෙන් තිබෙනවා. මගේ වෑයම සාර්ථකයි. හරිම සතුටුයි. එයින් මට මගේ රටේ අනන්‍යතාව ලෝකෙටම ගෙනි යන්න පුළුවන් වුණා.   


ඔය වගේ ලෝක විවාහක රූ රැජින තරගවලදී අනවශ්‍ය විදියට ශරීරිය පෙන්වන්න ඕනෑ බවත්, ලිංගික අල්ලස් දෙන්න ඕනෑ කියලත් මතයක් පැතිරිලා තිබෙනවා. ඔයාටත් එවැනි බලපෑම් ආවාද?   


 එහෙම එකක් නෑ. රූ රැජින තරගය කියන්​ෙන් තමාගේ ශරීරිය විකිණීමක් නොවෙයි. ඒ අය කිසිම බලපෑමක් කරන්නේ නෑ. ඒක මම හොඳටම කියනවා. ඕනෑම කෙනෙක්ට මම බය නැතිව මේ දේවල් කියන්නේ. ඒ අය කියනවා බිකිනිය අඳින එකට තමන් අකැමැති නම් අඳින්න එපා කියලා. බිකිනිය ඇඳලා, එයින් දිගටම ඉන්න අකැමැතියි නම්, ඊට උඩින් තව ඇඳුමක් දාන්නත් පුළුවන්. එහෙත් අකැමැති නම් තමන් කැමති ඇඳුම් ඇඳලා පෙනී ඉන්න පුළුවන්. කිසිම කෙනෙක් කිසිම ආකාරයක බලපෑමක් කරන්නේ නෑ. ඇඟට අතවත් තියන්න එන්නේ නෑ. හරිම ආරක්ෂිතයි.   


කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන ඔවුන් පූර්ණ වගකීම දරනවා. ලංකාවෙන් ලෝක රූ රැජින තරගයකට ගිය කෙනෙක් හැටියටයි මේ දේවල් මා කියන්නේ. මම තනියෙන් ගිහින් හිටියේ අවසාන භාගයේදී තමයි සැමියා ආවේ. තනියෙන් හිටි කාලයෙත් ඔවුන් ආදරයෙන් හොඳට බලා ගන්නවා. ඒ අය තමන්ගේ සීමාව හොඳට හඳුනනවා.   


විවාහය ගැන දැන් ඔයාට මොකද හිතෙන්නේ ?   


ගොඩාක් සතුටුයි. මගේ ජීවිතයට සෞභාග්‍යය සතුට ගෙනාවේ විවාහයයි. මොකද හැමෝම අහනවා වේලාසනින් විවාහ වුණාම ඔයාට ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩු වුණා නේද කියලා. ඇත්තෙන්ම නෑ. විවාහය රංගන ජිවිතයට බාධාවක් වුණා නම්, අද මම ජනප්‍රිය නිළිය ලෙස ඒක පිට එක කිරුළු පළඳින්නේ නෑ. ඊයේ පෙරේදාත් මම දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජනතාවගේ මනාපයෙන් දීප්තිමත් තරුවක් වුණා. ඒ හින්දා විවාහය රංගන ජිවිතයට බාධාවක් නොවෙයි කියලා මම ඔප්පු කරලා පෙන්නුවා. ජනප්‍රියත්වයටත් එය බාධාවක් ​ෙනාවෙයි කියලා පෙන්වලා ඉවරයි. ඒක මට ආශීර්වාදයක් වුණා.   


ඔයා කැමති සිහින කුමාරයෙක් ඉන්නවාද රංගන ජීවිතේ?   


එහෙම විශේෂ කෙනෙක් කියන්න අමාරුයි. මම ගොඩක් ගරු කරනවා විජය කුමාරණතුංග මහත්මයාට. මම ඇත්තටම ලංකාවෙන් ඔබ්බට ගිහින් හිතලා නෑ. මම ගොඩක් ආදරෙයි විජය මහත්මයාට. එයා අපේ රංගන ක්ෂේත්‍රය ඉදිරියට ගෙන ගිය හොඳ මිනිස්කම් පිරි කලාකරුවෙක්. ඒ නිසා මට ඇත්තේ ලොකු ගෞරවයක්. 

 
ලිංගිකත්වය හා “ලිවිං ටු ගෙදර්” සංකල්පය ගැන ඔයා දරන්නේ කොයි වගේ මතයක් ද? 

 
ලිංගිකත්වය කියන්නේ ආදරය කිරීමේ එක් කොටසක් පමණයි. ආදරය නොවෙයි ලිංගිකත්වය කියන්නේ. ලිංගිකත්වය අත්‍යවශ්‍ය නෑ. “ලිවිං ටු ගෙදර්” යාළුවෝ වගේ ඉන්නත් පුළුවන්. ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන තිබෙනවා. අපි වගේ ආසියාතික රටවල්. එයත් ලංකාව, ඉන්දියාව වගේ රටවල තමයි ලොකුවට බලපා තිබනේනේ. ඒක සාමාන්‍ය දෙයක් වෙනත් රටවල. පුද්ගලිකව මම ගත්තාම “ලිවිං ටු ගෙදර්” සංකල්පය අපට තවම සුදුසු නෑ කියන තැන තමයි ඉන්නේ. අපේ සංස්කෘතිය තවම එයට වැඩි දියුණුවෙලා නෑ.   


ඇත්තටම කිසිම කෙනෙක් ඔයාගේ ආදරය ඉල්ලා හෝ සම්බන්ධයක් ඇතිකර ගන්න ආවේ නැද්ද? 

 
එහෙම නෑ. එහෙම කතා කරන්න මම ගොඩාක් අය ආශ්‍රය කරන්න ඕනෑ නේද? මගේ හොඳම යාළුවන් මගේ අම්මා, තාත්තා, සැමියා හා දියණිය පමණයි. අනෙක් සියලු දෙනා මම අතේ දුරින් තියාගෙන ඉන්නේ. බාහිර අය එක්ක සබඳතා නැති නිසා ප්‍රශ්න එන්නේ නෑ. සමස්තයක් විදියට ගත්තාම ගැහැනියක් පිරිමියෙක් කෙරෙහිත් පිරිමියෙක් ගැහැනියක් කෙරෙහිත් ආකර්ෂණය වෙන එක සාමාන්‍ය දෙයක්. මම ලස්සන හින්දා එවැනි දේවල් ඇති වෙන්න පුළුවන්.   


සැමියා පිට රට ඉන්න හින්දා එවැනි යෝජනා එන්න පුළුවන් අවස්ථා තිබෙනවා. ඒ එන තැනට මම පත්වෙලා නෑ. එහෙම යෝජනාවක් කරන්න පිරිමියෙක්ට “ගට්ස්” තිබෙන්න ඕනෑ. එහෙම චාන්ස් ගන්න පුළුවන් විදිහේ හැඟීමක් එන්න මම ඉඩ තියලා නෑ. ඕනෑම කෙනෙක් එක්ක “මචං” ලෙවල් එකෙන් කතා කළාම අහන්න හිතෙන්නේ නැහැනේ. 

 
ඒකත් අර හැට හතර මායමෙන් එකක් වෙන්න ඇති නේද? 

 
වෙන්න පුළුවන්. මම හිතන්නේ. එහෙම නැතුවත් බැහැ නේද?  

 


උදාරි ජීවිතය පිළිබඳව බොහෝ දේ දැන කියාගෙන ඇති බව කතා බහේදී මට වැටහුණි. ඒ නිසා ඇය තම පවුල් ජීවිතය අංක එක ලෙස තබාගෙන සිටින්නීය. ඇත්තෙන්ම වත්මන් නිළියන්ට ඇයගෙන් ලබාගත හැකි ආදර්ශ බොහෝ බව කිව යුතුය. ඉතිං උදාරි ඔයාගේ හෙට දවස තවත් වාසනාවන්ත වනු ඇතැයි යන්න මේ කතාබහේදී මට නම් පැහැදිලි වුණි.   

 

 

 

 

 

 

 

 


සටහන් කළේ   
සමන්ත යහම්පත්  

 
 
 
 
 
 



අදහස් (0)

නළුවන් හැමෝටම වඩා ඔහු මට ලස්සනයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6209 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3236 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site