IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දෙදහස් පන්සිය පනස් වසරකට පෙර ජීවීන් ඉන්න ග්‍රහලෝක ගැන බුදු හිමියන් කළ මහා හෙළිදරව්ව

බුද්ධ දේශනාවේ සඳහන් ලෝක විෂය ඉදිරියේ විද්‍යාඥයෝ තවමත් අඳුරේ අතපත ගාති. පිටසක්වළ ජීවීන් පිළිබඳ පමණක් නොව ජීවින්ට වාසය කළ හැකි ලෝක පිළිබඳ විද්‍යාඥයන් කොයි තරම් සොයාගැනීම් කළත් ඒ කිසිවක් බුද්ධ දේශනාවේ සඳහන් කරුණු පිළිබඳ අල්ප මාත්‍රයක් දුරටවත් පැමිණ නැන.

බුදුරජාණන් වහන්සේ ලෝක විෂය දේශනා කරද්දී වද‌ාළේම එය පෘථග්ජනයාට සොයා ගත නොහැකි, පුළුල් විෂය පථයක් වන බවයි. කෙළවරක් නැති, හිතීමෙන් පවා උම්මන්තක වන විෂය පරාසයක් ලෝක ධාතුව විෂයේ පවතී.  


බුදුදහමට අනුව ජීවින් වාසය කරන ලෝක රාශියකි. ‘පිටසක්වළ ජීවින්’ යැයි විද්‍යාවේ භාෂාවෙන් කියනු ලබන්නේ ඔවුන්ටය. සියලු දැනුමින් ආඪ්‍ය වන්නේ පෘථිවිවාසීන් යැයි කීවද පෘථිවිවාසීන්ට වඩා දැනුමැති ජීවින්ද පිටසක්වළ නැතැයි කීම උගහටය.  


මේ පිළිබඳ යම් කතිකාවක් ගොඩනැගීමට අපි සිතුවෙමු. නූතන විද්‍යාව පරයා නැඟුණු බුද්ධ දේශනාව ඇසුරින් ගොඩනැගෙන විශ්වයේ පවතිනා ලෝක කවරේද? ඒවායේ ජීවීහු වෙසෙත්ද? ඒවායේ ස්වභාවය කවරේද? හට ගත්තේ කෙසේද? විනාශය කවරාකාර වේද? ආදී කාරණා බොහොමයක් මේ හරහා අපට ඉදිරියේදී සාකච්ඡා කළ හැක.  

ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි

විශ්වය හා ලෝකය පිළිබඳ බහුවිධ දර්ශනයක් පහළව ඇතත් ඒ පිළිබඳ තත්වාකාර විග්‍රහයක් මීට වර්ෂ 2550කටත් පෙර බුදුරජාණන්වහන්සේ විසින් ඉදිරිපත් කර ඇත. එය හුදෙක් ලෝකෝත්තර සුවයෙන් ලබාගත් මානසික අධිගමය ඇසුරිනි. එය මානසික ගවේෂණය තුළින් ලබා ගත් තවමත්, කිසිවකුත් බොරු යැයි නොකී, එසේ යැයි හඳුනා නොගත් විශ්වයේ විශිෂ්ටතම පර්යේෂණයකි.  
විශ්වය පිළිබඳව බුදුරජාණන්වහන්සේ විසින් සිදු කළ ඉතා වටිනා, වැදගත් කරුණු විමර්ශනයක් අභිභු සූත්‍රයේ සඳහන් වෙයි.  


දිනක් බුදුරජාණන්වහන්සේ හමුවූ අානන්ද මහ තෙරුන් වහන්සේ,  


‘භාග්‍යවතුන් වහන්ස, අභිභු තෙරුන්ට සහස්සී ලෝක ධාතුව තෙක් ශබ්ද පැවැත්වීමට හැකියාව තිබෙයි. ඔබවහන්සේට කොපමණ දුරක් ශබ්ද ඇසීමට සැලැස්විය හැකිදැ,’යි ප්‍රශ්න නැගූහ.  


එම අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ, ‘ආනන්ද, අභිභු තෙරුන් මගේ ශ්‍රාවකයෙකි. සම්බුදුවරයෙකු පතුරන ශබ්දයේ හඬ ප්‍රමාණ කළ නොහැකි තරම්වේ. අනන්ත විශ්වයේ අසීමාන්තිකව ගමන් කරන්නේය’, ‘‘සාවකෝ සෝ ආනන්ද අප්පමෙය්‍යෝ තථාගතෝ’’ යනුවෙන් වඳාළහ. 

ආනන්ද තෙරුන් නැවත නැවතත් ප්‍රශ්න කරන ලදුව විශ්වය නිර්මාණය වී ඇති ලෝක ධාතු ප්‍රභේද තුනක් පිළිබඳව අභිභු සූත්‍රයේ කරුණු දක්වා ඇත.  


ඒ ලෝක ධාතු තුන වනාහි,  
සහස්සී චූලනිකා ලෝක ධාතුවය,  
ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතුවය  
තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවය.  

එම සූත්‍රයට අනුව,  


​‘යාවතා ආනන්ද චන්දිම සූරියා පරිමරන්ති විරෝචනා තාව සහස්සධා ලෝකධාතු’  
(අංගුත්තර නිකාය)  


එක ඉරකුත්, එක සඳකුත් වශයෙන් හිරු සඳු දෙදෙනකු ආලෝකය විහිදුවමින් පරිභ්‍රමණය වන්නේ යම්තාක් දුරක්ද එය සක්වළක් වන්නේය. එබඳු වූ සක්වළ දහසක් ‘සහස්සධා’ ලෝක ධාතුව වන බව පැහැදිලි කර ඇත. එසේ නම් නූතන විද්‍යා දැනුම තවමත් ලෝක විෂයේ ළදරු වියටද එළැඹ නැත.  


සහස්සී ලෝක ධාතුවෙහි අන්තර්ගත ප්‍රභේද 16ක් (සොළොසක්) දැක්වේ.  


චන්ද්‍රයන් - 1000 (දහසකි)  
සූර්යයන් - 1000 (දහසකි)  
සිනේරු පර්වත - 1000 (දහසකි)  
ජම්බුදීප - 1000  
අපර ගෝයාන - 1000  
උතුරුකුරු දිවයින් - 1000  
පූර්ව විදේහ - 1000  
සිවුමහා මුහුදු - 1000  
සිවුමහා රජවරු - 1000  
චාතුම්මහාරාජික - 1000  
තවුතිසා - 1000  
යාම - 1000  
තුසිත - 1000  
නිම්මානරති - 1000  
පරනිම්මිත වසවර්ති - 1000  
බ්‍රහ්මලෝක - 1000  


මෙහි දක්වන ලද ඉහත විශ්ව සීමාව ශ්‍රාවක විෂය සීමාවයි. එය විශ්ව පරාසය සහස්සී චූලනිකා ලෝක ධාතුවයි. විද්‍යාඥයන්ට ගවේෂණය කළ හැක්කේ මේ විශ්ව සීමාව තුළ යමක් පමණි. එයද මහා මෙරකින් අල්පයක් තරම් දෙයකි.  

ඉහත දැක්වූ හිරු-සඳු දහස බැගින් සහ අනෙක් සොළොස් අංග ඇති සහස්සී චූලනිකා ලෝක ධාතු දහසක්ද, ද්වි සහස්සී මජ්ඣිමා ලෝකධාතු එකක්ද ඇති බව බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත. එය ශ්‍රාවකයන්ගේ පථය නොවන අතර සර්වඥයන්වහන්සේලා පමණක් දකින උන්වහන්සේලාගේම විෂය භූමිය වේ.  


බෝසතුන් මවුකුසෙහි පිළිසිඳ ගන්නා විටද, මවුකුසින් බිහිවන කල්හිද, ගිහිගෙය හැරද‌ා යන විටද, බුද්ධත්වයට පත්ව දම්සක් පවත්වන විටද, ආයු සංස්කාර අත්හරින විටද, පිරිනිවන් පාන විටද මෙකී විෂය ප්‍රදේශයම කම්පා වෙයි.

 
අභිභු සූත්‍රයේ කරුණු පැහැදිලි කරමින් ද්වි සහස්සී මජ්ඣිමා ලෝක ධාතු දහසක් එක්වූ තැන ත්‍රිසහස්සී ලෝක ධාතුව නිර්මාණය වී ඇත.  
‘‘යාවතා ආනන්ද සහස්සී චූලනිකා ලෝකධාතු තාව සහස්සධා ලෝකේ අයං වුච්චතානන්ද ද්වි සහස්සි මජ්ඣිමා ලෝකධාතු යාවතා ආනන්ද ද්විසහස්සී මජ්ඣිමා ලෝකධාතු තාව සහස්සධා ලෝකෝ අයං වුච්චතානන්ද තිසහස්සී, මහ සහස්සී ලෝක ධාතු’’  
මේ සියලු කාරණා එකට කැටිව ගත් කල බුද්ධ දේශනාවට අනුව කෝටි සීයක් පමණ සූර්යයන් (හිරු) සහිත විශ්ව පථයක් අප වටා පවතී. විද්‍යාඥයන්ට සොයා යා හැකි උපරිම සීමාවේ ඇත්තේ හිරු 1000ක් හා සඳු 1000ක් ඇති විශ්ව පථය පමණකි.  


එසේ නම් කෝ්ටි 1000ක් හිරු කවද‌ා කෙසේ සොයා ගන්නද?   


සහස්සී ලෝක ධාතු විස්තරයට අනුව ජම්බු දීප දහසකි. බඹලොව දහසකි. ඒ අනුව පිටසක්වළ ජීවින්ට මේ විශ්ව පථයේ ඕනෑ තරම් සුදුසු වාසස්ථාන පවතින බව පැහැදිලි කරුණකි. එකී සුදුසු වාසභූමිවල බුදුවරුන්ටද පහළ වීමට බාධාවක් නැති බව බුද්ධ දේශනාවේ විස්තර වේ.  


ඒ අනුව බුදුවරුන් ලොව පහළ වීම පවා පෘථිවියේම සිද්ධ නොවිය හැක. පෘථිවියෙන් එහා සුදුසු කවර ලෝකයක වුව එය සිද්ධ විය හැක. පෘථිවියට සාපේක්‍ෂව ජීවින් මිනිය හැකි ප්‍රමාණයක් ලෝක ධාතුවේ විවිධ තැන්හි ජීවිත ගෙවති. ඒ ඇතැම් සක්වළ නූතන කිසිම විද්‍යා උපකරණයකට හෝ විද්‍යාඥයකුට ගෝචර නොවන්නේය. එය ගෝචර වනුයේම මානසික අධිගමයෙන් පරතෙරට ගිය සර්වඥ නමකටය.  


මඟපෙන්වීම- මාලබේ අරංගල   
ශ්‍රී ශෛලාරාමාධිපති  
විචිත්‍ර ධර්ම කථික කථිකාචාර්ය,  
ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි.  
සටහන - අසංක ආටිගල.   

 



අදහස් (0)

දෙදහස් පන්සිය පනස් වසරකට පෙර ජීවීන් ඉන්න ග්‍රහලෝක ගැන බුදු හිමියන් කළ මහා හෙළිදරව්ව

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10908 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6205 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5918 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5231 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3228 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site