IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දහසක් අවිවලින් ජනතාව පෙළුෑ අසුරයා

භාරත දේව සභාව

 

අසුර ලොව වාසය කළ දම්භෝධවට තම ලෝකය තුළ බලවතකු වීමට අවශ්‍ය විය. තම බලය වැඩි දියුණු කර ගැනීමට හැකි වුවහොත් ඔහුට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි වන නිසාය.   


“සද‌ාකාලිකව ජීවත්වීමේ බලය ලැබුණොත් මට බය නැතුව ජීවත් වෙන්න පුළුවනි.”   


දම්භෝධව තමාටම කියා ගත්තේය. ඒත් ඒ සඳහා බලවත් දෙවියකුගෙන් වරයක් ලබාගත යුතු වෙනවා.   


ඉනික්බිති දම්භෝධව ලෝකයේ වඩාත්ම බලවත් දෙවියා ලෙස සැලකූ සූර්ය දිව්‍ය රාජයාගේ පිහිට පැතුවේය. උදේ පටන් රාත්‍රිය වනතුරු ඔහු සූර්ය දෙවියාට වන්දනාමාන කරමින් භක්තිය පළ කළේය.   

 

ඒ අයුරින් දින විසි එකක් තිස්සේ සූර්ය වන්දනාවේ යෙදුණු ඉක්බිතිව දම්භෝධව වෙත සූරිය දෙවියෝ පැමිණියහ.   


“දරුවා දැන් දෑස විවර කරන්න.”   


සූරිය දෙවියෝ පැවසූහ “ඔබේ ආයාචනය මට ඇහුණා”   


“දෙවියනි, මා ඔබේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.”   


හිරු දෙවියන් පාමුල දණින් වැටුණු දම්භෝධව පැවසුවේය.   


මඳ සිනාවක් පෑ සූර්ය දෙවියා දම්​ෙභා්ධව​ෙග් හිස අතගෑවේය.   


“මා පැමිණියේ ඔබට වරයක් දීමට. අවශ්‍ය දේ පවසන්න.”   


“දෙවියනි, මට අවශ්‍ය සද‌ාකාලික බවයි.”   


දම්​ෙභා්ධව කී​ෙව් වැඳගත් දෝත ඉවත් නොකරමය. 

 
“සද‌ාකාලික බව?”   


හිරු දෙවියා මිමිනුවේය” එය කළ හැක්කක් නෙවෙයි දරුවා. ඇතිවන සියලු දේ නැතිවිය යුතුයි. කිසිවෙකුට සද‌ාකාලික විය නොහැකියි.”   


වැඳගෙන සිටි දෑත පහතට දැමූ දම්භෝධව සූර්ය දෙවියා දෙස බලා සිටියේය.   


“මම බොහොම කැපවීමෙන් ඔබට වන්දනා මාන කළේ සද‌ාකාලික වීමේ වරය ලබා ගැනීමටයි. නමුත් ඔබ කියනවා එවැනි වරයක් දිය නොහැකි බව. ඒ ඇයි? සද‌ාකාලික බව මිස වෙනත් වරයක් මට අවශ්‍ය නෑ.”   
දම්භෝධව මිමිනුවේය.   


සූරිය දෙවියා තම බැතිමතා දෙස බලා සිටියේය. ඔහුගේ ඇස් තෙත් වන හැටි දුටු විට සූරිය දෙවියන්ට දුක සිතිණි.   


සිය දෙනෙත් විසල් කරගත් සූරිය දෙවියා කුමක් කරන්න දැයි සිතාගත නොහැකිව වික්ෂිප්ත වූවේය.   


“උතුමාණනි, ඔබ මට සද‌ාකාලිකත්වයේ වරය නොදුනහොත් මට රැකවරණය පිණිස දහසක් ආයුධ දෙන්න.”   


සූර්ය දෙවියා කණගාටුවට පත්විය. දම්භෝධව වූ කලී තමන්ගේ හොඳම භක්තිවන්තයකු බව සූරිය දෙවියෝ දැන සිටියහ. ඔහුගේ භක්තිය කෙතරම් බලවත්ද යත්, ඔහුට සවන් නොදී සිටීමටද පුළුවන්කමක් නැත.   
එසේ වුවත් ඔහු ඉල්ලා සිටින්නේ ඉටුකිරීමට අපහසු ඉල්ලීමකි. සද‌ාකාලීකත්වය දිය නොහැකි වුවත් ඔහුට දහසක් අවි ලබාදීමට පුළුවන. එහෙත් එම වරය ඔහු ​ෙහාඳට මිස නරකට යොද‌ා නොගනු ඇතැයි සූර්ය දෙවියන්ට විශ්වාස කළ හැකිද?   


“මා ඔබට මේ වරය දුන්නොත් ඔබ එය නරක විදිහට භාවිත කරන්නට බැරි නැහැ”   


සූරිය දෙවියා පැවසීය.   


“නෑ මා නරකක් කරන්නේ නෑ” 

 
සූර්ය දෙවියා තවත් ටික වේලාවක් කල්පනා කළේය. දම්භෝධව දෙස බල බලා කල්පනා කළේය. තම භක්තිවන්තයා සිටින්නේ මරණ බියෙන් බව ඔහුගේ මුහුණු දුටු විට සූර්ය දෙවියන්ට සිතිණි.   


“හොඳයි මම ඔබට දහසක් අවි ලබා දෙනවා”   


අවසානයේ සූර්ය දෙවියා පැවසීය.   


අප්‍රමාණ සතුටට පත් දම්භෝධව සූර්ය දෙවියන්ගෙන් සමුගෙන ගියේය. එහෙත් ඒ මොහොතේ පටන්ම ඔහු කළේ මිනිසුන් පීඩාවට පත් කිරීමය. ඔවුනට අප්‍රමාණ කරදර එල්ල කිරීමය.   


දම්භෝධව කරන මේ කරදරවල නිමක් නොවීය. තවදුරටත් ඉවසීමට නොහැකි වූ මිනිස්සු දම්භෝධවට එරෙහිව සටන් කරන්නට තීරණය කළහ. කඩු පොලු අමෝරා ගෙන දම්​ෙභා්ධව වට කළත් ඒ පහරවල් එකකින්වත් දම්භෝධවට හානියක් සිදුවූයේ නැත. ඒ නිසා ඔහු වැඩි වැඩියෙන් මිනිසුන්ට හිංසා පීඩා කළේය.   

 

සූර්ය දෙවියා කණගාටුවට පත්විය. දම්භෝධව වූ කලී තමන්ගේ හොඳම භක්තිවන්තයකු බව සූරිය දෙවියෝ දැන සිටියහ. ඔහුගේ භක්තිය කෙතරම් බලවත්ද යත්, ඔහුට සවන් නොදී සිටීමටද පුළුවන්කමක් නැත.   එසේ වුවත් ඔහු ඉල්ලා සිටින්නේ ඉටුකිරීමට අපහසු ඉල්ලීමකි. සද‌ාකාලීකත්වය දිය නොහැකි වුවත් ඔහුට දහසක් අවි ලබාදීමට පුළුවන. එහෙත් එම වරය ඔහු ​ෙහාඳට මිස නරකට යොද‌ා නොගනු ඇතැයි සූර්ය දෙවියන්ට විශ්වාස කළ හැකිද?   


‘‘මා ඔබට මේ වරය දුන්නොත් ඔබ එය නරක විදිහට භාවිත කරන්නට බැරි නැහැ’’   සූරිය දෙවියා පැවසීය.   


‘නෑ මා නරකක් කරන්නේ නෑ’’   සූර්ය දෙවියා තවත් ටික වේලාවක් කල්පනා කළේය. දම්භෝධව දෙස බල බලා කල්පනා කළේය. තම භක්තිවන්තයා සිටින්නේ මරණ බියෙන් බව ඔහුගේ මුහුණ දුටු විට සූර්ය දෙවියන්ට සිතිණි.


දහසක් අවි දරාගෙන සිටි බැවින් දම්භෝධවට මිනිසුන් කීවේ සහස්‍රකවච කියාය.   


“මේ සහස්‍රකවචගෙන් බේරෙන්න අපි මොකක්ද කරන්නෙ?”   


මිනිස්සු එකිනෙකාගෙන් ප්‍රශ්න කරගත්හ.   


අපි බලගතු දෙවියකුගෙන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමු. ඒ හැර වෙන විකල්පයක් නැහැ. මොකද සහස්‍රකවච සතුව තිබෙන බලයට අපට කිසිසේත්ම අභියෝග කරන්නට බැහැ.   


“ඔව් එසේ නම් අපි බලවත් දෙවියකුගේ පිහිට පතමු.”


අවසානයේදී, ඒ සඳහා ඉදිරිපත් වූයේ මූර්තිය. දාක්ෂ රජුගේ දියණියක වූ ඇය ධර්මගේ බිරිඳ වූවාය. ධර්ම යනු බ්‍රහ්මගේ එක් පුත්‍රයෙකි.   


මූර්ති, විෂ්ණු දෙවියන් වෙනුවෙන් යාච්ඤා කරන්නට පටන්ගත්තාය. ඒ අයුරින් නිතර නිතරම විෂ්ණුගෙන් යම් ඉල්ලීමක් කළ විට එසේ යාච්ඤා කරන පුද්ගලයා වෙත පැමිණ පිහිටවීම විෂ්ණු දෙවියාගේ ද පුරුද්දකි.   
ඒ අනුව එක් දිනෙක විෂ්ණු දෙවියන් මූර්ති ඉදිරියේ පෙනී සිටියේය.   


“මූර්ති ඔබේ යාච්ඤාව මට දැනුණා. මම ඔබ වෙත පැමිණියේ ඒ නිසයි”   


මූර්ති ඉදිරියේ පෙනී සිටි විෂ්ණු පැවසුවේය.   


ඔබට අවශ්‍ය සහස්‍රකවචගෙන් ආරක්ෂාව ලබාගැනීමයි. නොඑසේ නම් ඔහු මරා දැමීමයි. ඒ සඳහා මා ඉදිරියේදී කටයුතු කරන්නම්”   


විෂ්ණු දෙවියා පොරොන්දුවක් දුන්නේය.   


මූර්ති පසුවූයේ ප්‍රීතියෙනි. ටික කලකට පසුව ඇය එක් දරුවකු නොව දරු දෙදෙනෙකුම ප්‍රසූත කළාය. එකී නිවුන් පුතුන් දෙදෙනා නාරායන සහ නර නම් විය.   


නාරායන සහ නර දෙදෙනා හැදුණේ වැඩුණේ වනගත ආශ්‍රමයකය. ඔවුහු ශිවට යාච්ඤා කිරීමෙන් සතුටක් ලැබූහ. ඒ සඳහා ඔවුන්ගේ මව වූ මූර්තිද දරුවන් පෙළඹවූවාය. එපමණක් නොව තම දරුවන්ට සටන් කලාව ප්‍රගුණ කරවන්නටද මූර්ති අමතක නොකළාය.   


කලකට පසු සහස්‍රකවච බද්රිනාත් වනාන්තරයට පහරදීමට පටන් ගත්තේය. නර සහ නාරායන නැවතී සිටි ආශ්‍රමය පිහිටා තිබුණේ බද්රිනාත් වනාන්තරය තුළය. මේ මොහොතේ ඔවුන් දෙදෙනාටද අනෙක් අය සමග සහස්‍රකවචට එරෙහිව සටන් වදින්නට සිදුවිය.   


නර, සහස්‍රකවච වෙත ගියේ කෝපයෙනි.   


“සහස්‍රකවච මට සිදුවෙනවා ඔබට එරෙහිව සටන් වදින්නට”   


නර කීවේය.   


සහස්‍රකවච මොහොතකට නර දෙස බලා සිටියේය.   


“ඔබ පිරිපුන් මනුෂ්‍යයෙක්. ඔබ ඇත්තටම හිතනවද ඔබට මා පැරදවිය හැකියි කියා ඔබ දන්නවද කොහොමද මගෙන් ආරක්ෂා වෙන්නේ කියා ඔබ දන්නවද මේ සහස්‍රකවච ගැන සියලුම දේ?”   


නර සංසුන්ව සිනාසුණේය.   


“මා සමඟ සටන් කර ඔබට දිනන්නට හැකි බවට පුරසාරම් කීමට ඔබට පුළුවන්”   


සහස්‍රකවච නර දෙස බලා සිටියේ නිවුණු දෙනෙතිනි. ඇත්තෙන්ම ඔහු එම මොහොතේ සිටියේ සංසුන්වය.   


මට පහසුවෙන්ම ඔබ මරාදමන්නට පුළුවන්. ආයුධ දහසක රැකවරණය මෙන්ම අවුරුදු දහසක් ජීවත්වීමට මට වරයක් ලැබී තිබෙන බව ඔබ දන්නෙ නැද්ද?”   


මගෙ සහෝදරයා නාරායන විසින් මටත් වරයක් දී තිබෙනවා. ඒ නිසා මට පුළුවනි ඔබ සමග සටන් කරන්නට”   


එවිට නර පැවසුවේය.   


සහස්‍රකවච හඬ නඟා සිනාසෙන්නට විය. ඔහුගේ සිනාවෙහි වූයේ නර කෙරෙහි සමච්චලයකි. 

 
“ඇත්තට... එහෙත් ඔබේ සහෝදරයාගේ භක්තිය ඔබට පිහිටක් වේය කියා හිතන්න එපා. එයින් ඔබට කිසිම ආරක්ෂාවක් නැහැ. ඔහුත් ඔබත් යනු දෙදෙනෙක්”   


සරදම් සිනාවකින් මුව සරසාගත් නර ඔහු සතු අවිය එලියට ගත්තේය. සහස්‍රකවච ද නිහඬව සිටියේ නැත. ඔහුද තම අවි අතරින් එකක් එළියට ගෙන සටනට පාරම් බෑවේය.   


මොහොතකින් සටන ඇරඹිණි. සහස්‍රකවච කෙසේ හිතුවත් නර සතුව පැවැති බලයද අසීමිත විය. නාරායන කෙරෙහි වූ භක්තිය විසින් ඔහු ශක්තිමත් කරවනු ලැබීය.   


නාරයන භක්තිය හේතුවෙන් නර සතුව විසල් බලයක් ඇතිබව, සටන ඇරඹුණු මුල් අවස්ථාවේදීම සහස්‍රකවච වටහාගත්තේය. ඒ ඔහු සතු අවි දහස අතරින් පළමුවැන්න එළියට ගත් ඇසිල්ලකින් විනාශ කර දමන්නට නර සමත් වූ නිසාය.   


“නාරායන සහ නර කියන්නෙ දෙන්නෙක් වුණාට ඒ දෙන්නගෙම අාත්මය එකයි.”   


සහස්‍රකවච තමන්ටම කියා ගත්තේය.   


එහෙත් සහස්‍රකවච කණගාටුවට පත්වූයේ නැත. විනාශවූයේ ඔහු සතු එකම එක අවියක් පමණි. හැබැයි ඔහු සතු අවිය විනාශ වෙද්දීම නරද බිම ඇද වැටිණි.   


තම දෙනෙත් ඉදිරිපිටදීම නර මැරී වැටුණේ කෙසේ දැයි සහස්‍රකවචට සිතාගත නොහැකි විය. කෙසේ වුව තමන්ට අභියෝග කළ සතුරා තමා ඉදිරියේ මියගොස් සිටීම ඔහුට සතුටක් ගෙනාවේය.   


ඊළඟට කුමක් සිදුවේ දැයි සහස්‍රකවචට සිතාගත නොහැකි විය.   


නර තමා වෙතට දිව එන අයුරු එක්වරම ඔහුට දැකගත හැකි විය.   


මෙය නම් පුදුමයකි!


මොහොතකට කලින් මියගිය නර දැන් තමා ඉදිරියට දිව එන්නේ කෙසේද? සහස්‍රකවච දෙනෙත පිසගෙන නර දෙස බලාසිටියේය. මෙය විය නොහැක්කකි. එහෙත් සිදුවන්නේ විය නොහැකි දේමය.   


නර දිව එන්නේ තමන් ඉදිරියට නොවන බව සහස්‍රකවච මොහොතකින් තේරුම් ගත්තේය. දිව ආ නර මියගිය නර අභියස පහත් වූවේය.   


“නාරායන්’   


සහස්‍රකවච ඊළඟ මොහොතේ මිමිනුවේය.   


නර සහ නාරායන යනු නිවුන් සොහොයුරයන්ය. එබැවින් ඔවුන් දෙදෙනාගේම පෙනුම එක සමාන විය යුතුය. එසේ නම් මේ නර අභියසට දිව ආවේ නාරායන බවට දැන් ඔහුට සැකයක් නැත.   


“නාරායන ඔබේ සහෝදරයා මියගියා”   


සහස්‍රකවච  පැවසුවේය. “මා සතු එක් අවියක් පුපුරුවා හරින විටමයි ඔහු මිය ගියේ”   


නාරායන නිහඬවම සිනා පෑවේය. ඊළඟ මොහොතේ නරගේ දෑසට පහත් වූ ඔහු කිසියම් මන්ත්‍රයක් ජප කළේය.   


සහස්‍රකවච නැවත වතාවක් විමතියට පත් කරමින් මියගිය නර නැගී සිටියේය.   


මියගියවුන් මරණයෙන් නැගිටවිය හැකි මහා බලගතු මන්ත්‍රය නාරායන සතුව ඇති”   


සහස්‍රකවච  තමන්ටම කියාගත්තේය.   


ඊළඟට නර සහ නාරායන දෙදෙනාම එක්ව සහස්‍රකවච හා සටනට පිවිසියේය. මොහොතකින් ඔහු සතුව තිබූ ඉතිරි අායුධ නවසිය අනූනවයද පුපුරා ගියේය.   


දහසක් ආයුධවලින් අමන්දානන්දයට පත්ව සිටි සහස්‍රකවචට බියක් දැනිණි. නර සහ නාරයන එක්ව තමන් මරා දමනු ඇතැයි යන බිය දැනුණු විගසම සහස්‍රකවච ක​ෙළ් ආපසු හැරී දුවන්නට පටන් ගැනීමය.   


“මට ඇති එකම පිහිට සූරිය දෙවියන් පමණයි.”   


සහස්‍රකවච  තමන්ටම කියාගත්​ෙත්ය.   


ඔහු හැකි උපරිම වේගයෙන් සූරිය දෙවියන් වෙත ගොස් දණ බිම ඇණගත්තේය   


“උතුමාණනි, කරුණාකර මා රැකගන්න”   


පලාගිය සහස්‍රකවච පසුපස ලුහුබැඳ ගිය නර සහ නාරායන සූර්ය දෙවියන් අභියසට ගියහ.   


“අර තිරිසනා අපට අවශ්‍යයි”   


නාරායන කෝපයෙන් පැවසුවේය “ඔහු මිනිසුන්ට බොහෝ සේ පීඩා කරන්නෙක් ඇත්තටම ඔහු තිරිසනෙක්.”   


සූරිය දෙවියා හිස සෙමෙන් සැලුවේය.   


“උතුමාණනි, ඔහු මගේ භක්තිවන්තයෙක්. ඔහු සැම විටම මට වන්දනාමාන කරන්නෙක්   


ඔහු දැන් මා වෙත පැමිණ සිටින්නේ මගෙන් උදව්වක් පතාගෙනයි. ඒ නිසා ඔහු පාවා දීම මට කළ නොහැකි දෙයක්”   


නර කෝපයෙන් යුතුව තම දෙනෙත කුඩා කර ගත්තේය.   


“ඔබ මගේ නාරායනට එරෙහිව යන්නද හදන්නේ ඔහු ඔබෙන් කළ ඉල්ලීම ඔබ ප්‍රතික්ෂේප කළා. එසේනම් මා ඔබට ශාප කරනවා”   


සූරිය දෙවියා හිස සැලුවා මිස කිසිත් කීවේ නැත. 

 
“මේ මොහොතේ මට කිසිසේත්ම ඔහු ඔබ අතට පත් කළ නොහැකියි”   


සූරිය දෙවියා පැවසුවේය.   


සූරිය දෙවියාගේ ඒ තීරණයෙන් සහස්‍රකවච යාම්තමට පණ බේරාගත්තේය.   

 

 

 


ශාන්ත කුමාර විතාන   



අදහස් (0)

දහසක් අවිවලින් ජනතාව පෙළුෑ අසුරයා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site