IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජන්මියාගේ ගැලවුම්කරුවා වන ආත්මකාරක ග්‍රහයා


චර කාරකත්වය අනුව ජන්ම කේන්දරයක වැඩිම අංශක ගණනක් වැලඳූ (ගමන් කළ) ග්‍රහයා ආත්මකාරක වශයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හැඳින්වේ. එම ග්‍රහයා කේන්දර හිමියාගේ ගැලවුම්කරු ලෙස ද සලකනු ලැබේ. ඉහත කී ආත්මකාරක ග්‍රහයාට උච්ච, ස්ව​ෙක්‍ෂ්‍ත්‍ර බලයක්ද හිමි වී තිබේ නම් අනෙකුත් දුර්වල ග්‍රහ පිහිටීම්වලින් සිදුවන දෝෂ වළක්වා ජන්මියා උසස් තත්ත්වයට ගෙනයාමේ වාසනා ගුණය ද පිහිටයි.  

 

කේන්දරයේ ග්‍රහ පිහිටීම් සියුම්ව පරීක්‍ෂා කිරීමේදී ආත්මකාරක ග්‍රහයා පුෂ්කර (පෝෂණීය) තත්ත්වයට පත් වී ති​ෙබ් නම්, සමාජයේ ප්‍රකට පුද්ගලයකු වීමට හැකියාව ඇත.  


රාශි තුල්‍ය නවාංශක ක්‍රමය අනුව - ආත්මකාරක නවාංශකය, රාශි කේන්දරයට ආදේශ කිරීමෙන් එහි ප්‍රතිඵල සියුම්ව දැනගත හැකිය. පැරණි දෛවඥයන් පලාපල ප්‍රකාශ කිරීමේදී මෙම න්‍යාය අනුගමනය කළ බව හෙළි වේ. ආත්මකාරක ග්‍රහයා පිහිටි නවාංශකය, රාශි කේන්දරයට අා​ෙද්ශ කළ විට, එම භාවයට සඳු- බුද- සිකුරු සුබ ග්‍රහයන් තිදෙනාගෙන් යටත් පිරිසෙයින් දෙදෙනෙකුගේ හෝ දැක්මක් තිබේ නම් ඔහු හෝ ඇය විශේෂඥ වෛද්‍යවරයකු වීමේ වාසනාව හිමිවේ. (එම ග්‍රහයන් 22 වැනි දෙර්කාරණයට හෝ 60° නවාංශකයට අයත් නොවිය යුතුය)  


ලග්නාධිපති පුෂ්කර අංශකයට අයත්ව තිබියදී ආත්මකාරක ග්‍රහයාද යෝග වී තිබේ. නම්, ජන්මියා දිළිඳු පවුලක උපත ලැබූවකු වුවද, ඔහු හෝ ඇය ඉතා කෙටි කලකින් සමාජයේ උසස් තත්ත්වයට පත් වේ.  


ආත්මකාරක ග්‍රහයා වශයෙන් රාහු ග්‍රහයා පත්ව සිටී නම් ජන්මියාට නිතර ස්ථාන මාරුවීම් සහිත රැකියාවක් හිමිවනු ඇත. එසේ නැතහොත් අවස්ථා කිහිපයකදීම වෘත්තිය කටයුතු වෙනස් කිරීමට සිදු වේ. රාහු ග්‍රහයා සුබ ග්‍රහයකුගේ නැකතට පිහිටා තිබේ නම් ඔහුගේ වෘත්තීය කටයුතුවල ගුණාත්මක තත්ත්වයක් හිමිවේ.  


01) රාශියක් තුළ ආත්මකාරක ග්‍රහයා පමණක් දක්නට ලැබේ. එම ග්‍රහයාට හිමි නෛසර්ගික බලය ප්‍රබල අන්දමින් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. එම ග්‍රහයා උච්ච/ ස්ව​ෙක්‍ෂ්ත්‍ර බලයෙන් දක්නට ලැබේ නම් සුබපලද තවත් වැඩිවේ. (එම ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතිගේ) හෝ 64° නවාංශකාධිපති ග්‍රහයාගේ නැකතක පිහිටා තිබේ නම් බලාපොරොත්තු වන සුබපල නොලැබී යයි.  


02) වෙනත් ග්‍රහයකු සමඟ ආත්මකාරක ග්‍රහයා සංයෝග වී තිබේ නම් ලැබෙන බලයද වෙනස් තත්ත්වයක් පෙන්නුම් කෙරේ.

නෛසර්ගික බලයෙන් වැඩි ග්‍රහයකු සමඟ සිටී නම් ආත්මකාරක ග්‍රහයාගේ බලය අඩුවේ. එහෙත් නෛසර්ගික බලයෙන් අඩු ග්‍රහයකු සමඟ සංයෝග වී සිටී නම්, එම ග්‍රහයාගේ බලයද ආත්මකාරක ග්‍රහයා විසින් පවරාගෙන බලවත් ගුණයක් පෙන්නුම් කෙරේ. උදා: ආත්මකාරක වශයෙන් රවි ග්‍රහයා වී (අස්ත වී) එම රාශිය තුළ (නෛසර්ගික බලයෙන් අඩු) සිකුරු ග්‍රහයාගේ ශක්තියද පවරාගැනීමට ​ඉහත කී ආත්මකාරක රවි ග්‍රහයාට හැකියාව ලැබේ. කෙසේ නමුදු එවැනි යෝගයක් පිහිටි ජන්මියාට ප්‍රබල ඥ‌ාන ශක්තියක් පිහිටයි.

  
03) ආත්මකාරක ග්‍රහයා සමඟ සඳු ග්‍රහයා යෝග වූ විට වගා කටයුතු, ගව ආදී සත්ව පාලනය යෙදීම නිසා සම්පත් ලැබේ.

 
04) ආත්මකාරක ග්‍රහයා සමඟ සිකුරු ග්‍රහයා යෝග වූ විට ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් වස්තු සම්පත් හිමිවේ.  


05) ආත්මකාරක ග්‍රහයා සමඟ ගුරු ග්‍රහයා යෝග වූ විට උසස් අධ්‍යාපනයක් ලබාගැනීමට හැකිවේ. එසේම යහපත් ආර්ථික තත්ත්වයක් හිමිකරුවකු ද වේ.  


06) ආත්මකාරක ග්‍රහයා සමඟ බුද ග්‍රහයා යෝග වී තිබේ නම් ඉතා උසස් බුද්ධිමතෙකු වේ. ලේඛකයකු හෝ කලා නිර්මාණ ශිල්පියකුද වේ.  


ආත්මකාරක ග්‍රහයා සමඟ - සෙනසුරු ග්‍රහයා යෝග වූ විට ඖෂධ නිපදවීමට හෝ දක්‍ෂ විද්‍යාඥයකු වන බවට පුරාණාචාර්යවරුන්ගේ මතයකි. 
 
ජ්‍යොතීර්වේදී   
මිල්ටන් හේවාපතිරණ.  
330/සී1/3, සර්පන්ටයින් මහල් නිවාස,  
බොරැල්ල, කොළඹ 08. 



අදහස් (0)

ජන්මියාගේ ගැලවුම්කරුවා වන ආත්මකාරක ග්‍රහයා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site