IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


චීන්නුත් එක්ක ජාවාරම් කළ පොලිස් පරීක්ෂක

පොලිස් චෝදනාගාරයෙන්

අත්අඩංගුවට ගත් නීති විරෝධී සිගරට් තොගය   

 

 

චීන ජාතිකයන් පිරිසක් සමග එක්ව නීති විරෝධී දුම්වැටි සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් සැකසීම ඇතුළු ජාවාරම් රැසක නිරතව සිටි හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් පසුගියදා විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් දැලට දෙමටගොඩ දී කොටු විය. මෙම හිටපු ප‍්‍රධාන පොලිස් පරීක්ෂක 2007 වසරේ දී ත්‍රිකුණාමලය ප‍්‍රදේශයේ රාජකාරි කරමින් සිටියදී ක්‍රෙඩිට් කාඩ් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබූ අතර පසුව වැඩ තහනමට කර ඇත. 
  
දිනෙන් දින විවිධ අපරාධ ක්‍රියාකාරකම්වල නිරත පාතාලයන්ට වැට බඳිමින් අපරාධ සහ අපරාධකරුවන් මර්දන කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ දිනවල තැන තැන සිදුකරන මෙහෙයුම් දැලට මෙම සැකකාර ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දෙමටගොඩ ආරාමය පාරේ දී කොටුවූයේ ඔහුට සිතා ගැනීමටත් නොහැකි පරිද්දෙනි.   


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් මෙම අපරාධ මර්දන මෙහෙයුම් ආරම්භ කර තිබුණි.   


එම උපදෙස් අනුව මෙහෙයුම්වල නිරතව සිටින එක් කණ්ඩායමක් වන විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉකුත් දා දෙමටගොඩ ආරාමය පාර ප‍්‍රදේශයේ හදිසි මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරීක්ෂාවේ නිරත වෙමින් සිටියහ.   


අපරාධකරුවන් බොහොමයක් දෙමටගොඩ ආරාමය පාර නිතර නිතර භාවිත කරන බවට ලැබුණ බුද්ධි තොරතුරු මත මෙම විශේෂ මාර්ග බාධක යොදවා තිබුණි.   


එසේ ක්ෂණික මාර්ග බාධකයේ නිරත භට පිරිස් එහි ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් නැවැත්වීමට අණ කළහ.   


එම මෝටර් රථයේ ඉදිරිපස චීන ජාතික කාන්තාවක් සිටි අතර රියැදුරු අසුනේ වයස අවුරුදු 40-50 අතර වයසේ පසුවන පුද්ගලයෙක් විය.   


බැලූ බැල්මට හැඟී යන්නේ මෙම යුවළ සැමියා හා බිරිඳ වශයෙනි. භට පිරිස් මෝටර් රථය නතර කළ අවස්ථාවේ එහි සිටි පිරිමි පුද්ගලයා” ඇයි? කියා ප‍්‍රශ්න කර තිබුණි.   


“මහත්මයා අපිට කරුණාකරලා ජාතික හැඳුනුම් පත දෙන්න” යැයි නිලධාරියා ඉල්ලීමක් කළේය. ඒ අනුව සැකකරු ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කළේය. ජාතික හැඳුනුම්පත අනුව ඔහු දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බවට තහවුරු වුව ද නිලධාරීන්ගේ උකුසු ඇසට මොහුගේ යම් යම් සැක සහිත ඉරියව් නිරීක්ෂණයවී ඇත.   


“මහත්මයා අපිට මේ වාහනය පරීක්ෂා කරන්න ඕනෑ” යැයි නිලධාරීන් පැවසූ අවස්ථාවේ සැකකරු තුළින් යම් තැතිගැනීමක් හටගෙන ඇත.   


“මම පොලිසියේ සී අයි කෙනෙක්. දැන් නැහැ සර්විස් එකෙත් නැහැ අයින්වෙලා ඉන්නේ බිස්නස් එකක් කරනවා” යැයි සැකකරු නිලධාරීන් වෙත වහසිබස් දොඩා තිබුණි.   


“ආ ඇත්තද? ඒ වුණාට කමක් නැහැ. අපිට වාහනේ වෙක් කරන්න ඕනැ. ඒක කාටත් හොඳයිනේ.” නිලධාරීන් එක හඬින් එසේ කියා සිටියදී අකමැත්තෙන් වුවද සැකකරු එයට එකඟ වී ඇත.   


එම මෝටර් රථයේ පිටුපස විශාල බෑගයක් තිබී ඇත.   


නිලධාරීන් එම බෑගය පරීක්ෂා කිරීමේදී එහි වියළි මුහුදු කූඩැල්ලන් අඩංගු පාර්සලයක් තිබී ඇත. තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඒ තුළ සිගරට් බණ්ඩල් 27ක් තිබී ඇත.   


මේවා චීනයේ නිෂ්පාදිත දුම්වැටිය. නිලධාරීන් මේ පිළිබඳව සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී අපිට කොල්ලුපිටියේ චීන අවහන් හලක් තියනවා ඒකට මේවා අරගෙන යනවා” යැයි සැකකරු ප‍්‍රකාශ කර තිබුණි.   


සැකකරු ඔහු සමග සිටි චීන කාන්තාව හඳුන්වා දෙමින්,” මේ මගේ යාළුවෙක්. දැන් අවුරුදු 10 ක් විතර ලංකාවේ ඉන්නවා. කොල්ලුපිටියේ චීන හෝටලයක වැඩ කරනවා” යැයි ප‍්‍රකාශ කර ඇත.   


මෙම සිගරට් නීති විරෝධී ඒවා බවට දැනගත් භට පිරිස් මෙම සැකකරු නීති විරෝධී ජාවාරම්වල නිරත පුද්ගලයකු බවට සැකකර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට සූදානම් වූහ.   

 

ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සහ ක්‍රෙඩිට් කාඩ්වලට දත්ත කැවීම සඳහා භාවිත කරන එන් කෝඩරය ඇතුළු උපකරණ  

 

 

එය වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ සැකකරු” ඇයි මම ගැන සැකකරන්නේ? මම පොලිසියෙන් අයින්වෙලා, බිස්නස් එකක් කරගෙන යනවා” යැයි නැවතත් ප‍්‍රකාශ කළේය.   


“කමක් නැහැ. අපිට තමුන්ගේ ගේ පරීක්ෂා කරන්න ඕනැ. අපි යමු.” නිලධාරීහු කීහ. ඒ අනුව භට පිරිස් සැකකරු චීන කාන්තාව ද කැටුව ඔහුගේ ආරාමය පාරේ නිවසට ගියහ.   


එය සුවිසල් නිවසක් වූ අතර වයෝවෘද්ධ කාන්තාවක් දොර විවෘත කළාය. ඇය සියල්ලන් දැක කුතුහලයෙන් යුතුව බලා සිටියාය.   


“අපිට මේ ගේ සර්ච් කරන්න ඕනැ. ගේ සර්ච් කරන්න.” විශේෂ කාර්ය බළකා කණ්ඩායමේ ප‍්‍රධානියාගෙන් සෙසු අයට නියෝගය ලැබුණි.   


නිවසේ සාලය සහ කාමර පරීක්ෂා කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ අතර එක් කාමරය දොර වසා දමා තිබෙන අයුරු නිලධාරීන්ගේ ඇස්වලට හසුවිය.   


“ඇයි මේ කාමරය වහලා?” “ඒක ගොඩක් කාලයක් තිස්සේ වහලා තියෙන්නේ යතුරු නැති වෙලා.” යැයි නිවසේ සිටි වයෝවෘද්ධ කාන්තාව තැතිගත් ස්වභාවයෙන් පවසා ඇත. එය නිලධාරීන්ගේ සැකයට තවත් බඳුන් වී තිබුණි.   


පසුව නිලධාරීහු මෙම කාමරයේ කිසියම් සැකකටයුතු දෙයක් ඇති බවට සැකකර එහි දොර වෙර යොදා විවෘත කළෝය.   


සියලු දෙනා පුදුම වන පරිදි වසා තිබූ කාමරයේ ඇඳ මත තවත් චීන ජාතික යුවළක් හිඳගෙන සිට ඇත.   


ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී එම යුවළ එදින අලුයම චීනයේ සිට පැමිණි ඇති බවට ඔවුන්ගේ ගමන් බලපත‍්‍ර පරීක්ෂා කිරීමේ දී හෙළිවී ඇත.   


ඔවුන් අතර කාන්තාව 21 වියේ පසු වූ අතර තරුණයා වයස අවුරුදු 18 ක පුද්ගලයෙකි.   


එම කාමරයේ තිබී ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කිහිපයක්් තිබී ඇති අතර ඒ ගමන් මලුවල තිබී ඇත්තේ ද නීති විරෝධී සිගරට් තොගය.   


එහි නීති විරෝධී සිගරට් බණ්ඩල් 170 ක් තිබී ඇති අතර වටිනාකම ලක්ෂ 25 ට ආසන්න වේ.   


සැකකටයුතු ක්‍රියාදාමයන් රැසක් සිදුවී තිබියදී නිවස දැඩිලෙස සෝදිසියට ලක් කළ නිලධාරීන් එහි සාලයේ සූක්ෂම ලෙස සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද සොයාගෙන තිබුණි.   


තවද නිවසේ තවත් කාමරයක තිබූ අල්මාරියක් පරීක්ෂා කිරීමේ දී එහි විවිධ වර්ගයේ ක්‍රෙඩිට් පත් සහ දත්ත කවා සකස් කිරීමට සූදානමින් තිබූ 400 ට වැඩි ක්‍රෙඩිට් කාඩ් ප‍්‍රමාණයක් තිබී ඇති අතර ඉන් 40ක් විවිධ බැංකුවලට අයත් ඒවා විය.   


ක්‍රෙඩිට් කාඩ්පත්වලට අමතරව ක්‍රෙඩිට් කාඩ්පත්වලට දත්ත කැවීම, ක්‍රෙඩිට්කාඩ් පත්වල දත්ත කියවීමට භාවිත කරන එන්කෝඩර් යන්ත‍්‍රයක් ද තිබී ඇත.   


මේ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී සැකකරු ප‍්‍රකාශ කර ඇත්තේ “2007 වසරේ මම දමිළ ජාතිකයින් පිරිසක් සමග මෙම ක්‍රෙඩිට් කාඩ් ජාවාරම සිදුකළා දැන් කරන්නේ නැහැ මේ සම්බන්ධයෙන් මට නඩුවක් තියනවා. ඒ පරණ ක්‍රෙඩිට් කාඩ් තමයි මේ” යනුවෙනි.   


සැකකරු ප‍්‍රකාශ කරන අයුරින් මීට වසර 10 ට පෙර ඔහු එම ජාවාරම සිදුකළේ නම් තවමත් මෙම කාඩ්පත් හා උපකරණ මේ අයුරින්ම ළඟ තබාගෙන සිටින්නේ ඇයිද යන්න නිලධාරීන්ට ඇතිවූ ගැටලුවක් විය.

   
සැකකරු වසර 10 පෙර මෙම ජාවාරම සිදුකළ බවට ප‍්‍රකාශ කළ ද මෙම කාඩ්පත් පරීක්ෂා කිරීමේදී ඒවා වසර 10 පැරණි ඒවා බවට දක්නට ලැබී නැත. නිලධාරීන්ට මේ පිළිබඳ සැකය තවදුරටත් වර්ධනවී තිබුණි.   


එම නිවසේ රථ ගාලෙන් සුඛෝපභෝගී ජිප් රථයක් හමුවී ඇති අතර එහි ලියකියවිලි පරීක්ෂා කිරීමේ එංජි අංක, චැසි අංක සියල්ල එකිනෙකට වෙනස් අතර ඒ අනුව මෙය කොටස් එක්ලස් කර සකස් කර සැකසූ වාහනයක් බවට ද තොරතුරු හෙළි කර ගැනීමට නිලධාරීන්ට හැකිවිය.   


අත්අඩංගුවට පත් මෙම සැකකරු ජවාරම් රැසක නිරත​ෙවන පුද්ගලයකු වෙන අතර ක්‍රෙඩිට් කාඩ් ජාවාරම, මුහුදු කූඩැල්ලන් ජාවාරම, සහ නීති විරෝධී සිගරට් ජාවාරම ඉන් කිහිපයකි.   


සැකකරු සමඟ චීන කතුන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔවුන් සතුව තිබූ සියලු නීති විරෝධී භාණ්ඩ ද සිය භාරයට ගෙන තිබුණි.   


පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් හා භාණ්ඩ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.   


අපරාධ මර්දන විශේෂ කාර්ය බළකාය විසින් එළා තිබූ දැලට අහම්බෙන් පැටලුණු මෙම සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සූක්ෂම ඇසට හසු නොවුණේනම් මොහු තවදුරටත් යහතින් මෙම ජාවාරම්වල නිරතවීමට ඉඩ තිබුණි.   


නිලධාරීන්ගේ මනා දැනුම හා දක්ෂතාව නිසා ඔහුගේ ජාවාරම් මෙලෙස හෙළිකර ගැනීමට හැකිවිණි.   

 

 

 


සටහන සහ ඡායාරූප
ඉන්දිකා රාමනායක



අදහස් (0)

චීන්නුත් එක්ක ජාවාරම් කළ පොලිස් පරීක්ෂක

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site