පිටකොටුවේ බෝධිරාජ මාවතේ (බෝගහ හන්දියේ) සිට ගෑස්පහ හන්දිය දෙසට ගමන් කරන්නකුට ගෑස්පහ හන්දිය ආසන්නයේ ඇති අපූරු ගොඩනැගිල්ලක් දැකිය හැකිය. පිටතින් බලන කල දේවස්ථානයක් ලෙසින් හැඟී ගියද ගොඩනැගිල්ලට පිවිසෙන්නකුට දැක ගත හැකි වන්නේ කෞතුකාගාරයකි. පාර තලන වාෂ්ප බලයෙන් ක්‍රියා කළ ගල්රෝල්, පැරණි ගෑස් ලාම්පු, ගාලු මුවදොර පිටිය විවෘත කරන ලද අවස්ථාවේ එහි සිටුවන ලද සමරු ඵලකය, පළමු ජංගම පුස්තකාල වෑන් රථය, යටත් විජිත යුගයේ මාර්ග සංඥා, වීදි නාමපුවරු, පැරණි බොයිලේරු ආදි පැරණි උපකරණ රැසක් මෙහි දැකගත හැකිය.
මෙම කෞතුකාගාර ගොඩනැගිල්ල වසර 140කට අධික ඉතිහාසයකට හිමිකම් කියන්නකි. වර්තමානයේ කොළඹ මහා නගර සභාව විහාර මහා දේවි උද්‍යානය අසල පිහිටා තිබුණද එය මුලින්ම ස්ථාපනය කෙරුණේ පිටකොටුවේ ගෑස් පහ හන්දිය ආසන්නයේ පිහිටි මෙම ගොඩනැගිල්ලේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර සභා ගොඩනැගිල්ල වශයෙන් එය ඉදි කෙරුණු ආකාරය පිළිබඳව ඇත්තේ අපුරු කතන්දරයකි.
ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව ඔවුන්ගෙන් නිදහස් කර ගැනීම සඳහා සිංහලයෝ 1848දී අධිරාජ්‍ය විරෝධී කැරැල්ලක් ආරම්භ කළහ. කෝල්බෲක් කොමිසම මගින්ද 1833දී ලංකාවට ස්වයං පාලන ක්‍රමයක් ලබා දිය යුතු බවට නිර්දේශ කර තිබිණි. 1848 කැරැල්ලට පසුබිම් වූ වාතාවරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බි්‍රතාන්‍යයෝ විශේෂ කමිටුවක් පත් කරන ලදහ. එම කමිටුවේ විශේෂ නිර්දේශය වූයේද ලංකාවට ස්වයං පාලන ක්‍රමයක් ලබාදිය යුතු බවය. මේ සියලු නිර්දේශයන්ගේ ප්‍රතිඵලයක් ලෙස කොළඹට නගර සභාවක් පිහිටුවීම සඳහා වන පනතක් 1850දී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනත මෙරට ව්‍යවස්ථා දායක මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කෙරුණේ 1865දීය. 1865 අංක 17 දරන පනතින් කොළඹ නගර සභාව පිහිටුවීම සඳහා අවසර ලැබිණි. එවක ආණ්ඩුකාරවරයා වූයේ ශ්‍රීමත් හර්කියුලිස් රොබින්සන්ය.
කොළඹ නගර සභාව ස්ථාපනය කිරීමට සමගාමීව 1865 නොවැම්බර් 25 වැනි දින ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගත්තේය. එම නිවේදනය මගින් කොළඹ නගරයේ සීමා මායිම් ප්‍රසිද්ධියට පත් කෙරිණි. ඒ අනුව කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය, කොළඹ කොටුව, සාන්ත බස්තියම, පිටකොටුව, සාන්ත පාවුළු, නිව් බසාර්, කොටහේන සහ මරදාන යන ප්‍රදේශ කොළඹ නගර සිමාව වශයෙන් නම් කර තිබිණි. සමස්ත ප්‍රදේශය වර්ග සැතපුම් 15කට සීමා විය.
කොළඹ නගර සභාව සඳහා ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවිය. ඒ සඳහා සුදුසු ස්ථානයක් සෙවූ නිලධාරිහු කොළඹ නගර සභා ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා සුදුසු භූමිය වශයෙන් පිටකොටුවේ කෙලින් වීදියට මුහුණ ලා තිබූ ස්ථානයක් තෝරා ගත්හ. එදා එම ස්ථානය අද මෙන් ජනාකීර්ණ ස්ථානයක් නොවූ හෙයින් නගර සභාව ඉදි කිරීම සඳහා සුදුසුම ස්ථානය ලෙස තීරණය කෙරිණි. ගොඩනැගිල්ලේ සැලසුම නිර්මාණය කිරීමේ කාර්යය පැවරුණේ ජී. බර්ටන් නමැති ගෘහ නිර්මාණ ශිල්පියකු වෙතය. ඔහු නිර්මාණය කළේ දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා වන සැලසුමකි. එය නාගරික මන්ත්‍රීවරුන්ගේ රැස්වීම් ශාලාව, මහේස්ත්‍රාත් කාමරය, පුස්තකාලය ගබඩා කාමර වැනි අංගවලින් සමන්විත විය. ගොතික් ශෛලිය අනුව සැකසූ මෙම සැලසුම සමග එඩින්බරෝ වෙළෙඳ පොළ සඳහාද ඔහු සැලසුමක් සකස් කර තිබිණි. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම පවුම් 15,400ක් විය. එහෙත් එය අධික මුදලක් වූ බැවින් රජය එම සැලසුම අත්හැර දැමීය.
ඉන්පසු නගර සභා ගොඩනැගිල්ලේ සැලසුම නිර්මාණය කිරීම පැවරුණේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ජේ. ජී. ස්මිදර්ටය. නව ගොතික් ලක්ෂණ සහිතව ඔහු විසින් සකස් කෙරුණු සැලසුම අනුව 1870 ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. එහි ඉදිකිරීම් කටයුතු 1873දී අවසන් කෙරුණ අතර එවක ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි විසින් එම වසරේදී එය විවෘත කරනු ලැබීය.
උසාවිය පවත්වාගෙන ගියේද නගර සභා ගොඩනැගිල්ලේය. සතියේ දින පහේම උසාවිය රැස්වූ අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරයකු පත් කර තිබිණි.
වසර පනහකට අධික කාලයක් කොළඹ නගර සභාව වශයෙන් භාවිත කෙරුණේ එම ස්ථානයයි. 1910 අංක 6 දරන නගර සභා පනතින් එතෙක් පැවති කොළඹ නගර සීමාව පුළුල් කෙරිණි. කල් ගතවත්ම එම ස්ථානයේ ඉඩකඩ මඳ වීම හා පිටකොටුව ජනාකීර්ණ වීමත් සමඟ එම ප්‍රදේශයෙන් බැහැර වෙනත් ස්ථානයක කොළඹ නගර සභාව සඳහා නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුව ආයේය. වත්මන් කොළඹ මහ නගර සභාව පිහිටා ඇති ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදි කෙරුණේ ඒ අනුවය. 1928දී එතෙක් පිටකොටුවේ පවත්වාගෙන ගිය නගර සභාවේ කටයුතු විහාර මහ දේවි උද්‍යානය අසල ඉදිකෙරුණු නව ගොඩනැගිල්ලට රැගෙන යන ලදි.
1870 වැනි කාලයේ කොළඹ ප්‍රදේශයේ සමස්ත ජනගහනය 80,000ක් පමණ විය. නගර සභාව සිය ආදයම් උපදවා ගත්තේ වරිපනම්, හා බදු මගිනි. නගර සීමාවේ පැවැති සියලු නිවාස, ගොඩනැගිලි සහ පේළි නිවාසවලින් වරිපනම්ද, සතුන්ගෙන්, වාහනවලින්, වෙළෙඳසල් හා මස්මඩු ආදියෙන් බදුද, මත්පැන් හා තුවක්කු බලපත්‍ර ගාස්තු, මුද්දර ගාස්තු, පොලිසිය හා නාගරික මහේස්ත්‍රතාත් විසින් නියම කරන ලද දඩ මගින්ද ආදායම් උපයා ගැනීමට නගර සභාව කටයුතු කළේය. 1866 වසරේ නගර සභාව උපයා ගත් ආදායම ස්ටලිං පවුම් 6429ක් විය. 1872 ශ්‍රී ලංකාවට රුපියල් සත හඳුන්වා දීමෙන් පසු නගර සභාව රුපියල් 296,494ක් උපයාගත් බැව් සඳහන් වේ.
එකල නගර සභාවට පැවරී තිබූ රාජකාරි වූයේ ප්‍රසිද්ධ ස්ථාන ආලෝකවත් කිරීම, මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙ යෑම, රෝග සංක්‍රමණ වීම වැළැක්වීම, ආරෝග්‍ය ශාලා, ඉංග්‍රීසි භාෂාව උගන්වන පාසල් නඩත්තුව, ගවමඩු, වැසිකිළි, කාණු ට්‍රෑම්කාර් මාර්ග, ජල මාර්ග, පාලම්, මංමාවත් ආදිය ඉදි කිරීම සහ නඩත්තු කිරීම, මෙම කාර්යයන් සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීම, අයෝග්‍ය ව්‍යාපෘති ඉවත් කිරීම, වීදි නම් කිරීම හා නිවෙස්වලට අංක ලබා දීම, ප්‍රසිද්ධ වීදිවල හා ස්ථාවල රුක් රෝපණය කිරීම වැනි කටයුතුය. එහි ප්‍රධාන තනතුරු ලෙස ලේකම්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මහමාර්ග අධිකාරි, ගබඩා භාරකරු, නාගරික පරීක්ෂක, ලිපිකරු, කාර්යාල කාර්ය සහයක, වැනි තනතුරු පැවතියේය.
කොළඹ නගර සභාව සඳහා මැතිවරණයකින් මන්ත්‍රීවරුන් නව දෙනකුද, ආණ්ඩුකාරවරයා විසින් මන්ත්‍රීවරුන් 5 දෙනකුද පත් කරනු ලැබීය. ඒ අනුව ප්‍රථම වරට නගර සභාවට පත් වූ මන්ත්‍රීවරු 9 දෙනා වූයේ කොල්ලුපිටිය ප්‍රදේශය සඳහා සී. ඇල්. ෆර්ඩිනැන්ඞ්ස්, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය සඳහා වෛද්‍ය එෆ්. ඩී. විල්ස්ෆෝඞ්, කොටුව ප්‍රදේශය සඳහා ජේ. ඩබ්ලිව්. වෙග්, සන්ත බස්තියම සඳහා එෆ්. ජේ ද සේරම්, පිටකොටුව සඳහා වෛද්‍ය ජේ. ඩබ්ලිව්. වැන් ගේසල්, සාන්ත පෝල් ප්‍රදේශය සඳහා එස්. තම්බයියා, කොටහේන ප්‍රදේශය සඳහා සී. ඒ. ලෝරන්ස්, නිව් බසාර් සඳහා ජේ. ඩී. අල්විස් හා මරදාන සඳහා එෆ්. සී ලූස් යන මහත්වරුන්ය.
ආණ්ඩුකාරවරයා විසින් පත් කෙරුණු නාගරික මන්ත්‍රීවරුන් පස් දෙනා වූයේ සී. පී. ලෙයාර්ඞ්ස් (රජයේ ඒජන්ත) වෛද්‍ය ඩබ්ලිව් පී. චාල්ස් (ප්‍රධාන වෛද්‍ය නිලධාරි), එච්. එම් එවර්ට් (මහා මාර්ග කොමසාරිස්), ටී. බර්වික් (නියොජ්‍ය රජයේ නීතීඥ) සහ ජේ. ජේ. ග්‍රින්ලින්ටන් (සහයක මැනුම්පති) මහත්වරුය. මෙම මන්ත්‍රීවරුන් ප්‍රථම වරට මෙම නගර සභා ගොඩනැගිල්ලේ රැස්වී ඇත්තේ 1866 ජනවාරි 16 වැනිදාය. එහිදී නිතරගයෙන් සභාපතිවරයා ලෙස පත්වූයේ සී. පී. ලෙයාර්ඞ්ස් මහතාය.
නගර සභාවේ සභාපතිවරයා පසුව නගරාධිපති වශයෙන් හැඳින්විනි. ප්‍රථම සභාපතිවරයා වූ චාල්ස් පීටර් ලෙයාර්ඞ් 1866 සිට 1877 දක්වා එම තනතුරේ කටයුතු කළේය. ඔහු එවක රජයේ ඒජන්තවරයාද විය. එකල නගරාධිපති තනතුර හැඳින්වූ නිල නාමය වූයේ ‘අති ගෞරවනීය කොළඹ නගරාධිපති’ යනුවෙනි.
ආනෝල්ඞ් රයිට් විසින් සම්පාදනය කළ ‘ටුවෙන්ටියත් සෙන්චරි ඉම්ප්‍රෙෂන්ස් ඔෆ් සිලෝන්’ ග්‍රන්ථයට අනුව නගර සභාවට තෝරා පත් කර ගනු ලබන සභිකයන්ගේ සුදුසුකම් වූයේ ඔවුන් වයස අවුරුදු 26 සම්පූර්ණ කළ පුරුෂයන් වීම, ඉංග්‍රීසි බස දැන සිටීම, මහ නගර සභා කලාපය තුළ පදිංචිව සිටීම සහ රුපියල් 5000 නොඅඩු වටිනාකමක් සහිත දේපොළකට හිමිකම් කීම හෝ වාර්ෂික කුලිය රුපියල් 500කට නොඅඩු නිවසක පදිංචි වී සිටීම යන කරුණුය. රජයේ සේවකයකුට හෝ මහ නගර සභාවේ සභාපතිවරයා හැර එහි වෙනත් කිසිදු සේවකයකුට හෝ නගර සභාවේ සාමාජිකත්වය දැරීමට නොහැකි විය.
ඡන්දදායකයකු වීමට අවශ්‍ය සුදුකම් වූයේ මාසික කුලිය රුපියල් 15කට නොඅඩු නිවෙසක පදිංචිව සිටීම හෝ රුපියල් 180කට නොඅඩු වටිනාකමකින් යුතු දේපොළකට හෝ හිමිකම් කීමය. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලත් හෝ බි්‍රතාන්‍ය යටත් විජිතයක හෝ ඉන්දියානු උපාධිධාරීන්ට ඔවුන්ගේ උගත්කම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම ලැබිණි.
1928දී නගර සභාව විහාර මහා දේවි උද්‍යානය අසලට රැගෙන යෑමෙන් පසු පැරණි ගොඩනැගිල්ල වෙළෙඳපලක් බවට පත් විය. එය ප්‍රතිසංස්කරණය කොට කෞතුකාගාරයක් බවට පත් කිරීමට මුල් වූයේ ආර්. ප්‍රේමදාස මහතාය ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෑස්පහ හන්දියේ ඉදිවූ කොළඹ නගර සභාව