IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ගංවතුරෙන් බැට කන කැලණි ගඟේ පිටාර තැන්න

කැලණි ගඟේ උපත සොයා ගඟ දිගේ ගිය ගමනක්-2

 

අතීතයේ තොටළඟ පාරු පාලම

අතීතයේ සෙබෙස්තියන් ඇළ

 

 

පසුගිය සතියේ කැලණි ගඟේ අවසානය වන මෝය කට අවට සැරි සැරූ අප පසුව ගඟට සමාන්තරව ප්‍රධාන මාර්ග ඔස්සේ උඩු ගං බලා යාමට පටන් ගත්තේ නිසි සැලසුමකටය. කැලණි නදියේ අවසන් කිලෝ මීටර කිහිපයෙන් බහුලව වැඩ ගන්නා කොළොංතොට සේම විවිධ ආක්‍රමණික කාලයන් තුළ කොළොංතොටට ළඟා වීමට දැරූ උත්සාහයන් හේතු කොට ගෙන කැලණි නදිය හා බැඳි අතීත කථා බොහෝමයක් බස්නාහිර පළාත තුළ ගැබ්ව ඇත. ෆර්ගියුසන් පාර දිගේ ඉදිරියට යන අප මීළඟට නැවතුණේ හේනමුල්ල කුණු ඇළ කැලණි ගඟට එකතු වන ස්ථානයේය. 


හේනමුල්ලේ විශාල නිවාස සංකීර්ණයක් සේම බොහෝ ජනතාව ජීවත් වන ප්‍රදේශයක් හේනමුල්ල මාවත අසල පිහිටි ඇළ බෙහෙවින් අපවිත්‍ර වී අපද්‍රව්‍ය පිරී තිබුණු අතර එම අපද්‍රව්‍ය ජලය කැලණි ගඟට එකතු වන්නේ අඩි 10 ක් පමණ පළලැති ​ෆර්ගියුසන් පාර යටිනි. මේ අසලම කැලණි නදී විහාරය පිහිටා තිබෙන අතර කැලණි නදිය මනාවට දර්ශනය වන මෙම විහාරස්ථානය ඉතා උචිත නාමයක් භාවිත කිරීම පැසසිය යුතු කරුණකි. 


මෙම ස්ථානය අසල මාර්ගය ගඟට යාබදව පවතින බැවින් කොන්ක්‍රීට් තාප්පයක් මගින් ගඟ හා මාර්ගය වෙන් කළ ස්ථාන කිහිපයකි. මෙම ඉසව්වේ ගඟ ඉතා පළල් වන අතර එහි ගැඹුර ද වැඩිය. විටින් විට සංචාරකයින් රැගත් බෝට්ටු සවාරි මෙම ප්‍රදේශයේ යන වන අපට පෙනුණ අතර ඉන් පසු අප ළඟා වූයේ ගාලුමුව දොර උද්‍යානය වෙතය. එය විශාල තට්ටු නිවාස සංකීර්ණයකි. කැලණි ගඟ දර්ශනය වන මානයේ පිහිටි මෙම සුවිසල් ගොඩනැගිලිවල බොහෝ පවුල් ජීවත් වන අතර එම නිවාස සංකීර්ණ ඉතා අලංකාර ලෙස තොටළඟ ජපන් මිත්‍රත්ව පාලම මතට මනාව දර්ශනය වේ. පසුව අප ළඟා වූයේ තොටළඟ පාලම අසලටය. එම පාලම නිම වා බොහෝ කාලයකි. තොටළඟ යනු වචනයේ අර්ථයෙන්ම තොටුපොළක් පිහිටි ප්‍රදේශයකි. අතීතයේ ගඟ හරහා ගියේ පාරු මගිනි. බ්‍රිතාන්‍යයන් පාරු බොහෝමයක් එක පෙළට ගඟ හරහා තබා ඒ මතින් ලී දමා පාලමක් ලෙස සකස් කොට අශ්වයින් මගින් ගඟ තරණය කළ බවට කතිකාවක් ඇති අතර වෙළෙඳාම හේතු කොට ගෙන අතීතයේ කැලණි නදිය තරණය කරමින් තොට ළඟ හරහා කොළොංතොට පැමිණි බව නොරහසකි. තොටළඟ යටින් යන්නේ ෆර්ගියුසන් මාර්ගය වන අතර ඊට යාබදව පිහිටියේ ලූකස් මාර්ගයය. පාලම නම් අතිශය දැවැන්ත කොන්ක්‍රීට් පාදම් යොදා කණු යොදා කස් කළ නිර්මාණයකි. 


දිනකට දහ දහස් ගණනින් වාහන සහ කන්ටේනර් රථ එහා මෙහා යන තොටළඟ පාලම දැවැන්ත බවේ සංකේතයකි. තොට ළඟින් සමු ගත් අප මීළඟට පිවිසුණේ ෆර්ගියුසන් පාරේ අවසානයත් සමග පටන් ගන්නා නාගලන් වීදියටයි. නාගලගම්වීදිය යනු එළවළු, පළතුරු පදික වෙළෙඳුන්ගෙන් පිරි ඉසව්වකි. අබලන් මාර්ගයක් පවතින බැවින් උදෑසන සහ සක්‍රීය වේලාවන් තුළ මෙම ඉසව්වෙන් එහා මෙහා යාම තරමක් අසීරුය. වීදියේ ආරම්භය කිට්ටුවට වම් පස විහාරස්ථානයක් ඇති අතර එහි කොළඹ නගරයේ ප්‍රධාන ජල මාපකය ස්ථාන ගතව ඇත. පංසල් භූමියෙන් කෙළවර ගඟ ආසන්නයේ ඇති මෙම ජල මාපකය ස්ථම්භ 2 කි. අඩි ප්‍රමාණය අනුව උස දක්වා ඇති අතර ඒ අසලම ගඟේ සවි කරන ලද කුඩා මාපයක් ද ඇත. 


නාගලගම්වීදිය වෙසෙන පැරණි වැසියෙකු අපට හමු වූ අතර ඔහු පවසන පරිදි 1980 දශකයේ පැමිණි ගංවතුරින් නාගලගම්වීදිය. ලුකස් පාර අතර සමස්ත ප්‍රදේශයට ජලයෙන් යට වී ඇත. ඉන් පසු තවමත් එවැනි බරපතළ ගංවතුරක් පැමිණ නැති වග ඔහු පැවසීය. තවද මීට වසර කීපයකට පෙර අතිශය ජරාජීර්ණ වූ තහඩු වෙළෙඳ සංකිර්ණය වෙනුවට වර්තමානයේ නවීන ගොඩනැගිල්ලක් තිබීම අගනා බව ඔහු පැවසීය. 


නාගලගම්වීදිය තොටළඟ ආශ්‍රිතව ඇති ප්‍රධාන ඉසව්වක් වන අතර මෙහි සිටිනා වෙළෙඳ ප්‍රජාව බහුල වීම හේතුවෙන් ඔවුන් වාර්ෂිකව ඔවුන්ගේ විවිධ සමිති හරහා පුණ්‍යෝත්සවය කටයුතු ඉටු කරයි. වාර්ෂිකව වෙසක් තොරණ ඉන් ප්‍රධාන වේ. නාගලගම්වීදිය තවත් පසෙකින් වැදගත් වන්නේ කැලණි ගඟට එකතු වන තවත් ප්‍රධාන ඇළ මාර්ගයක් වන සෙබස්තියන් ඇළ නිසාවෙනි. 

 

තොටළඟ පාළම

තොටළඟ පාළම මත

 


බේරේ වැවෙන් යා වෙන ඇළ මාර්ග ඔස්සේ කොටුව පාවෙන වෙළෙඳසල් පිහිටි ඇළට එකතුවන ජලය සෙබස්තියන් ඇළ මාර්ගයට සමාන්තරව කෙත්තාරාමය, ග්‍රෑන්ඩ් පාස් හරහා දෙමටගොඩ ඇළ ද එකතු කර ගනිමින් නාගලගම්වීදියෙන් කැලණි ගඟට වැටෙන සෙබස්තියන් ඇළ කොළඹ නගරයෙන් ප්‍රධානතම අප ජලය හා දූෂිත සාන්ද්‍රික ජලය කැලණි ගඟට රැගෙන යයි. සෙබස්තියන් ඇළ මතින් නාගලගම් වීදියේ සිට දිවෙන මාර්ගය සේදවත්ත, අඹතලේ මාර්ගයයි. මෙම මාර්ගය සේදවත්ත, වැල්ලම්පිටිය, කොහිලවත්ත, කැලණිමුල්ල, මුල්ලේරියාව හරහා අඹතලේ ජල පොම්පාගාරය අසලින් කොළඹ අවිස්සාවේල්ල පහළ මාර්ගයට (Low Level Road) සම්බන්ධ වේ. ගමන ඉදිරියට ගිය අප මීළඟට නැවතුණේ නව කැලණි පාලම යටින්ය. මෙයද තොටළඟ මෙන් දිනකට දස මාසයකට අධික රථ වාහන සංඛ්‍යාවක් දරා ගනියි. මෙම පාලමින් සෘජුවම බේස් ලයින් මාර්ගය හා සම්බන්ධ වන බැවින් දවසේ බොහෝ අවස්ථාවල පාලම නිතැතින්ම තදබදයෙන් පවතියි. මෙතැනම මීට යාබදව නව කැලණි පාලමක් ගොඩ නගමින් පවතින අතර එය එල්ලෙන පාලමක් මෙන් පවතියි. රුවන්වැල්ලේ සිට කිතුල්ගල හරහා ඉහළට යන විට කැලණි ගඟ මතින් බහුලව ඇත්තේ එල්ලෙන කම්බි පාලම්ය. එවැනි ආකාරයට තැනන මෙම එල්ලෙන පාලම රුපියල් කෝටි ගණනක දැවැන්ත ජාතික ව්‍යාපෘතියකි. මෙම නව පාලම කලින් මාර්ග තදබදයට පිළියම් අපේක්ෂා කරන අතර මෙම නව පාලම හේතුවෙන් ඔරුගොඩවත්ත දක්වා පිහිටි දුගී පැල්පත් නිවාස ඉවත් කර ඔවුන්ට නව දෙමහල් නිවාස ලබා දීමට කටයුතු කර තිබේ. 


මෙම පාලම මතට තොටළඟට පාලම පවා පෙනෙන අතර කැලණි ගඟේ මීටර් කිහිපයක් අතර පාලම් ත්‍රිත්වයක් සහ ද්විත්ව දුම්රිය මාර්ගයක් පිහිටි එකම ස්ථානය මෙය වේ. 
කැලණි පාලම යටින් අප පිවිසියේ සේදවත්තටයි. සේදවත්ත අඹතලේ මාර්ගය කැලණි ගඟ අසලින් පිහිටි මාර්ගයකි. මාර්ගයේ සිට ගඟට අඩි 10 ක පමණ බැස්මක් තිබුණ ද පසුගිය වසරවල මෙන් ගංවතුර තත්ත්වයන්හි දී කොළඹ ආශ්‍රීතව ගංවතුරෙන් යට වන ප්‍රධානම ප්‍රදේශය මෙම ප්‍රදේශයයි. මීට හේතුව වන්නේ හල්මුල්ල ප්‍රදේශයේ දී කැලණි ගඟ දැවැන්ත වැලමිට වංගු දෙකක් දරන හෙයිනි. 


ඉහළ සිට ගලා ගෙන එන දැවැන්ත ජල කඳ සේද වත්ත හල්මුල්ල ආශ්‍රිතව පවතින වැළමිට වංගුවෙන් වංගු ගැසී ගලාගෙන යාමට වඩා බලයකින් ජලය පැමිණෙන හේතුවෙන් එම ජලය සෘජුවම පිටාර ගලමින් සේදවත්ත හරහා යමින් නැවත අනෙක් පසින් කැලණි ගඟට එකතු වේ. මෙම ප්‍රදේශයේ පවතින භූමි මට්ටමට වඩා උතුරා යන තරම් සිවුසල් ජල කඳක් කැලණි නදියෙන් නිකුත් වන්නේ මෙම ඉසව්ව ගඟේ පිටාර තැන්න ද වන හෙයිනි. 


ගඟක පිටාර තැන්න යනු සාමාන්‍යයෙන් සශ්‍රීක ප්‍රදේශයකි. විවිධ ඩෙල්ටාවන් පිහිටා ඇති හෙයින් ගඟක් අනිවාර්යයෙන් මුහුදට සමීප වත්ම පිටාර මට්ටමට පැමිණෙයි. මහවැලි ගඟේ පිටාර තැන්නේ ජනවාස පිහිටා නොමැති මුත් කැලණි ගඟ පිටාර තැන්නේ ජනාවාස බොහෝමයක් පිහිටා තිබේ. වසරකට වරක් අනිවාර්යයෙන්ම ගංවතුර සමග ගඟ පිටාර ගැලීමට ලක් වීම සේදවත්ත ආශ්‍රිත ජනයාට වාර්ෂිකව තවත් එක අංගයක් පමණකි. 

 

 

 


විවිද ආකාරයේ පසුබිම් මූලාශ්‍ර මගින් අප ලද තොරතුරුවලට අනුව ඇතැම් නිවැසියන් ගංවතුර සමග ඔවුන්ගේ ආර්ථිකයේ ඉහළ නැංවීමේ කාලයක් ලෙස සලකයි. ඔවුන් වැසි සමය ආරම්භ වත්ම රටේ නිසි ලෙස සුදානම් වෙමින් සිටිය ද ආධාර සහ උපකාර අපේක්ෂාවෙන් ඊට ද මනා සූදානමකින් කටයුතු කරයි. නමුත් ඇතැමුන්ට ගංවතුර මහත් පීඩනයකි. කෙසේ වුවද වර්තමානය වන විට වර්ෂා සමය ළංවත්ම මෙම ප්‍රදේශවාසීන් ගංවතුරට සූදානම් වන අතර පසුගිය කාල වල දී අනපේක්ෂිත තත්ත්ව වලදී ඔවුන් අත් විඳි ව්‍යාපාර සහ නිවාස අලාභහානි හේතුවෙන් ඇතැම් පුද්ගලයන් ප්‍රදේශය අත හැර පවා ගොස් ඇත. 


වැල්ලම්පිටයි ආදී ප්‍රදේශවල අප යන විටත් ගඟ පිහිටියේ මාර්ගයේ මට්ටමින් අඩි 10 කට වඩා පහළිනි. නමුත් වර්ෂා කාලයේ ගංවතුර හේතුවෙන් ජල මට්ටම් මාර්ගයේ මට්ටමත් වඩා අඩි කිහිපයක් තරමට පිරෙන බව පසුගිය අවුරුදුවල අපි අත්දැක්කෙමු. මෙම මාර්ගයට සමාන්තරව පෑලියගොඩ සිය කැලණි විහාරය හරහා බියගම මාර්ගය පිහිටා ඇත. සාමාන්‍යයෙන් ගංවතුර සමයේ දී කඩුවෙල සිටම මාර්ගය හා ප්‍රදේශ ගංවතුරට යට වෙමින් පවතින අතර ​ෙස්ද වත්ත අඹතලේ මාර්ගයට යනු සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යට වන මාර්ගයක් වේ. 


​ෙස්දවත්තේ පිහිටි ද්විත්ව දුම්රිය මාර්ගය යනු කැලණි ගඟ මතින් දිවෙන එකම දුම්රිය මාර්ගය වේ. මේ හැර අන් කිසිඳු ස්ථානයකින් කිසිඳු දුම්රිය මාර්ගයක් කැලනි ගඟ හෝ එහි ප්‍රධාන අතු ගංගා යුගළය මතින් දිව යන්නේ නැත. 


​ෙමහි පිහිටි එක් දුම්රිය මාර්ගයක් මෑතක දී නිර්මාණය කළ අතර අනෙක් දුම්රිය මඟ කළු පාලම ලෙස හඳුන්වයි. එය බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය ආරම්භ වීමත් සමගම නිර්මාණය කරන ලද ප්‍රථම දැවැන්ත දුම්රිය පාලම වේ. 


වර්ෂ 1865 දී මෙම දුම්රිය මඟ නිර්මාණය කිරීමට පටන් ගත් අතර 1867 වන විට ප්‍රථම දුම්රිය මඟ නිර්මාණය කිරීමට පටන් ගත් අතර 1867 වන වන ප්‍රථම දුම්රිය මේ මතින් ධාවනය වුණි. මෙම දුම්රිය මහ වසර 150 ක් මුළුල්ලේ දකුණු වෙරළ බඩ සහ කැලණි වැලි දුම්රිය මාර්ග හැර අනෙක් සියලුම දුම්රියයන් ධාවනය කළ ලංකාවේ පැරණිතම සහ එකම දුම්රිය ​ෙපාළ වේ. කොළඹ කොටුවෙන් ලංකාවේ දසතටම දිව යන දුම්රිය සියල්ලන්ගෙන්ම සියයට අනූවක් පමණ දුම්රිය කළු පාලම උඩින් ධාවනය වන අතර එදා මෙදා තුර පාලම දැඩි ශක්තියකින් යුක්ත විය. තවද කළු පාලම මතින් කැලණි ගඟට පැන දිවි නසා ගත් පුද්ගලයන් සහ ආදරවන්තියන් බහුලය. මේ සියල්ල දරාගෙන කළු පාලම මතින් අදටත් යකඩ යකා ධාවනය කරයි. 


කෙසේ හෝ කැලණි ගං පිටාර තැන්නේ අසිරියත් ගංවතුර හා සබැඳි අත්දැකම් සහ සංසිද්ධි ආශ්‍රයෙන් සන්නද්ධ වූ අපි මීළඟට කැලණිමුල්ල හරහා කැලණි විහාරයට යාමට සූදානම් වීමු. මෙම ප්‍රදේශවල කැලණි ගඟේ ස්වභාවය දැඩි සංසුන් බවක් උසුලන නමුදු ගඟේ පළල හා ගැඹුර ඉතා විශාලය. ගඟේ කිඹුලන් ගැවසෙන ඉසව්වක් වුවද ප්‍රදේශවාසීහු ජල ස්නානය හා රෙදි සේදීම වැනි කටයුතු තවමත් සිදු කරනු ලබති. සේදවත්ත හරහා යන මාර්ගය කළු ගල් බැම්මක් යොදා විශේෂයෙන් ආරක්ෂා කොට ඇත්තේ ඉවුරු ඛාදනය වළක්වා ගනු පිණිසය. කෙමෙන් කෙමෙන් අප කොහිලවත්ත පසු කරමින් ඉදිරියට ඇදුණේ කැලණියේ පිහිටි කැලණි විහාරය අසලින් ගලන කැලණි ග​ෙඟ් තවත් රසබර තොරතුරු සොයා ගෙනය. 

 

සෙබෙස්තියන් ඇළ කැලණි ගඟට වැටෙන අයුරු

හේනමුල්ල කුණු ඇළ

 

 


වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් කැලණි ගඟ සුළු ගංවතුර පාලනයට වි​ෙශ්ෂ ව්‍යෘපෘති සිදු කරන අතර මින් ගඟේ ඉවුරු දෙකම ආවරණය වන පරිදි කෙරේ. සමස්ත කැලණි ගඟේම වම් ඉවුරු පාලනයට ආරක්ෂණ නිර්මිත 25 ක් සහ දකුණු ඉවුර ආරක්ෂණයට නිර්මිත 20 වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනු ලැබෛ්. මෙම නිර්මිත සහ වේලි මගින් වම් ඉවු​ෙරහි සීතාවක අකරවිට දක්වාත් දකුණු ඉවුරෙහි සැනසුම ගොඩ දක්වාත් සුළු ගංවතුර තත්ත්වයක දී ආරක්ෂාව ලැබේ. අඹතලේ, බෝමිරිය, ගොතටුව වේල්ල, වත්තල වේල්ල ආදී නිර්මිත කොළඹ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් නිරන්තර සෝදිසියෙන් හා අලුත් වැඩියාවෙන් ආරක්ෂණය කෙරේ. 


වසර 1929 දී ඉදිකරනු ලැබු කැලණි උතුරු වෙල්ල වරින් වර සංවර්ධනය කර මහ ගංවතුරකට ඔරොත්තු දෙන ලෙස සකසා ඇති අතර වංගු ගැසී යන මෙම දේපළ අවට සිදු වන ඛාදනය වීම් පිළිබඳ සැලකිලිමත්. වර්තමානය වන විට ඛාදනයට ලක්වන මෙවැනි වේලි පිහිටි ඉවුරු සහ අදාළ ස්ථාන ෂීට් ෆයිල් ගසා සහ දිය පෙරා සහ කානු යොදා ගනිමින් ක්‍රමවත් ලෙස සකසා ඇත. පෙතියාගොඩ රතු පල්ලිය අසල රංවල මුත් තෙට්ටුපොළ, පොල්අත්තාවල සහ ගිරාඹුල ඇදී වේලි පසුගිය කාලයේ අලුත්වැඩියාවලට ලක් කර ඇත. කැලණි ගඟේ පහළ මිටියාවතේ මෑත අතීතයේ සිට දැවැන්ත සංවර්ධන කටයුතු සිදු කළ අතර එය දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යෘපෘතියකට (CRIP) මගින් ක්‍රියාත්මක කෙරේ. තවද 1992 වසරේ සිදු කළ කමිටු තීරණයක් ලෙස ගංවතුර සඳහා ස්ථාවර නියෝග සකස් කර ඇත. ඉන් කැලණි ගඟේ මෝය සිට කඩුවෙල දක්වා ආවරණය කෙරේ. ගංවතුර පුරෝකථනය කිරීම මහජන ජීවිත හා දේපළ හා අවම කිරීම, ගංවතුර ආරක්ෂණ ගේට්ටු සම්බන්ධිකරණ සහ රාජ්‍යායතන හරහා මහජනයා කලට වේලාටව දැනුම්වත් කිරීම සිදු කරයි. 


ගංවතුරට පෙර සූදානම් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නියමිත අලුත් වැඩියා කටයුතු සිදු කරන අතර ගංවතුර ඇති විය හැකි අවස්ථාවල නාගලගම් වීදිය සහ සෙබස්තියන් ඇළේ ජල මට්ටම පිළිබඳ නිරන්තරයෙන් සොයා බැලේ. කැලණි ගඟේ නාගලගම් වීදියේ හංවල්ල ග්ලෙන්කෝස්, කිතුල්ගල. නෝර්වුඩ් යන ස්ථානවල සහ සීතාවක ගඟේ දැරණියගල ද ගුරුගොඩ ඔයෝ හොලොම්බුවේ ද පිහිටි ජල මාපක මගින් ජල පරිමාව නිරන්තරයෙන් සොයා බැලේ. නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 5 වූ විට කැලණිමුල්ල, අඹතලේ, පට්ටිවිල, මල්වාන, කොහිලවත්ත යන ප්‍රදේශ ජලයෙන් යට වන අතර හංවැල්ල ජල මට්ටම අඩි 7 ක් වු විට කඩුවෙල බෝමිරිය නවගමුව කඩුවෙල වෙලේ හංදිය සහ කොළඹ අවිස්සාවේල්ල පැරණි වග ජලයෙන් යට වීම ආරම්භ වේ. 


මේ ආදි ක්‍රමවත් වැඩපළිවෙළක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදු කරන අතර ඉන් ජීවිත හා දේපළ හානි වර්තමානය වන විට විශාල ලෙස අවම කොට ඇත. 

 


ලබන සතියේ ගැඹුරු දිය වැල් උඩින් බත්තල් දියේ කැලණි වෙහෙරට 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු 



අදහස් (0)

ගංවතුරෙන් බැට කන කැලණි ගඟේ පිටාර තැන්න

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10902 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5913 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5216 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3225 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1487 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1397 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site