IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුජ​ දෝෂය නැතිවන්නේ මෙහෙමයි


අද විවාහය ගැන කථා කරන හැම විටකදීම කුජ දෝෂය නැතිනම් භෞම දෝෂය ගැන සොයන්නට දෙමව්පියන් මෙන්ම විවාහයට පත්වීමට සිටින අයද දැඩි උනන්දුවක් දක්වති. එලෙසම මෙම දෝෂය නිසා විවාහ වන්නට නොහැකිව සිටින තරුණ තරුණියෝද වෙති. කේන්දරය තුළ තිබෙන මෙම දෝෂය නැතිවී යන අවස්ථා රාශියක් ඇති බව මේ අයට අවබෝධයක් නොමැති නිසා ළතැවෙමින් සිටිති. මේ ලිපිය ඒ සියල්ලන් වෙනුවෙන්ය. 
 
කුජ දෝෂය නැතිනම් භෞම දෝෂය නැතිවන ක්‍රම බලමු. කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා සිටින විට කුජ දෝෂය ඇති බව සටහන් වෙයි. නමුත් එම ස්ථාන 06 කේන්ද්‍රය තුළ ග්‍රහයන් හා රාශි අනුව ගත් කල දෝෂය භංගවෙන ක්‍රම සලකා බලමු.   


රවි, සඳු හා සෙනසුරුට අයත් රාශි තුළ අනතුරු අංක පිහිටා ඇත්නම්, එම ස්ථාන ඉහත සඳහන් කළ අංක ඇති ස්ථානයක සිටියත් කුජ දෝෂය භංග වී යයි.  


සඳුට හෝ ගුරුටත් බලවත් වූ සිකුරුටත් කුජ සංයෝග වී සිටීනම් ස්ථානය කුමක් වුවත් කුජ දෝෂය භංගවී යයි. සිකුරු සහ ගුරු ලග්නයේ සිටී නම් එයද කුජ දෝෂය නැති කේන්දරයකි. චන්ද්‍රයා සිටින තැන සිට කේන්ද්‍ර ස්ථානවල හෝ ත්‍රිකෝණ ස්ථානවල (1,4,7,10,5,9) කුජ පිහිටා ඇත්නම් එය තුළත් කුජ දෙ‌ා්ෂය නොමැත.  


02 වැන්න මිථුන රාශිය වී හෝ කන්‍යා රාශිය වීමෙන් එහි කුජ සිටීම කුජ දෝෂය භංගවීමකි. 08 වැන්න ධනු රාශිය හෝ මීන රාශිය වී එහි කුජ සිටීනම් එයද කුජ දෝෂය භංගවීමකි. බලවත් වූ ගුරු හෝ සිකුරු කුජ දකී නම් එවිටද දෝෂය භංග වේ.  


මකර ලග්න කේන්දරයක ධනු රාශියේද කන්‍යා ලග්න කේන්දරයක මීන රාශියේ, කටක ලග්න කේන්දරයක කුම්භ රාශියේද කුජ සිටී නම් එම දෝෂය භංග වී යනු ඇත. 4 වැන්න හා 7 වැන්න මේෂ, වෘශ්චික, මකර හෝ කටක රාශියට අයත් නම් එම ස්ථානවල කුජ සිටියද කුජ දෝෂය බලපවත්වන්නේ නැත. කුජ 7 වැන්නේ කුජ දෝෂය වුවත් එම කුජ උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව පිහිටා ඇත්නම් කුජ දෝෂයක් නොමැත.  


8 වැන්න මකර, කටක, ධනු හෝ මීන රාශියකට අයත් නම් එහි සිටින කුජගෙන් දෝෂයක් ඇතිවන්නේ නැත. එලෙසම 12 වැන්න තුළ කුජ පිහිටන විට ඇතිවන දෝෂය එම දොළොස් වැන්න හිමි රාශිය මිථුන, කන්‍යා, වෘෂභ හෝ තුලා රාශිවලින් එකක් නම් භංග වී යයි.  
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල කුජදෝෂය ඇතිනම්, එයද දෙ‌ා්ෂ භංගවීමට හේතුවකි. කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් 071-8070143ට අමතන්න.  


ජ්‍යොතිෂවේදී   
සේනානන්ද කරුණාරත්න  
31/10 හපුගහතැන්න පාර, කළගෙඩිහේන.  



අදහස් (3)

කුජ​ දෝෂය නැතිවන්නේ මෙහෙමයි

Sachini Madhushika Dissanayaka Thursday, 07 June 2018 01:07 PM

මගේ කුජ 7 ඉන්නේ රවී සහ බුධත් එක්ක. මේ පිහිටීම මන් බඳින කෙනාට නරක පිහිටිමක්ද?

:       8       3

Tharika Prabodani Monday, 24 May 2021 10:50 AM

මගේ කුජ කේතු 7 ඉන්නෙ. විවාහ වන කෙනාට මේ පිහිටීම අසුභද?

:       6       2

L M De Silva Friday, 03 September 2021 03:08 PM

තුලා ලග්න කුජ 1 දෝෂ භංග වෙිද (ගැහැණු) . වෘෂ්චික ලග්න කුජ 7 දෝෂ තිබෙිද (පිරිමි) මෙම හදහන නොගැලපේද. දන්වන්න. ස්තුතියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site