IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කැලණිතිස්ස බලාගාරයට බෝම්බ තැබූ කොටි අල්ලා ගත්තේ මෙහෙමයි

රට හෙල්ලූ සිදුවීමක  අඩි සලකුණු දිගේ...

 

 

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ඩීසල් ටැංකි හතරක කාන්දම් බෝම්බ අලවා ඒවා පුපුරුවා හැර මහත් විනාශයක් සිදුකිරීමට කොටි ත්‍රස්තවාදීන් ගත් උත්සාහයක් මීට වසර 20 කට පමණ ඉහතදී නූලෙන් වළක්වා ගත්තේ ගුවන් හමුදාවේ ගිනි නිවන බලකායේ නිලධාරීන් ගත් ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙනි.  

 

ඩීසල් ටැංකි හතරක අලවා තිබූ බෝම්බ පුපුරා ගොස් තිබුණත් ගිනි ගැනීමට ලක්වී තිබුණේ ටැංකි දෙකක් පමණකි.  


හරියටම දින වකවානු කියනවා නම් මෙවැන්නක් සිදුවී තිබුණේ 1997 වසරේ නොවැම්බර් මාසයේ 14 වැනිදා අලුයම් කාලයේය.  


බෝම්බ පුපුරා ගිය තෙල් ටැංකි දෙකෙන් අහසට ගිනි දලු නැගෙමින් තිබී ඇති අතර ගින්න මැඩපැවැත්වීමට නායකත්වය ලබාදී විශාල විනාශයක් වළක්වා ගත් ගුවන් හමුදාවේ ගිනි නිවන බළකායේ අණදෙන නිලධාරී බළගණ නායක ආර්.එච්.කේ. ශ්‍රී නිශ්ශංක මහතා පවසා තිබුණේ තව විනාඩි 10 ක් පමාවූයේ නම් බලාගාරයම ගිනිගෙන විනාශවී යන බවය.  


මහ බැංකු බෝම්බ පිපිරවීමේ සිද්ධියෙන් පසු ගිනිනිවන හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනයට ගත් අතර කැලණිතිස්ස හා ගිනිනිවන හමුදා මූලස්ථානය යාකරමින් සවිකර තිබූ අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රමය නිසා සුළු වේලාවකින් එහි ළඟාවී ටැංකි දෙකක හටගෙන තිබූ ගින්න නිවා දැමීමට හැකියාව ලැබී ඇත. 

 
එසේ නොවන්නට ගින්න තවදුරටත් පැතිරී ගොස් කැලණිතිස්ස විදුලි බලාගාරය විනාශවී යාමට බොහෝසෙයින්ම ඉඩකඩ තිබී ඇත.  


පළමු බෝම්බය පුපුරා යාමෙන් පසු ගිනිනිවන හමුදාව පැමිණ එම ටැංකියේ හටගෙන තිබූ ගින්න පැතිරී යාම වැළැක්වීමට පියවර ගනිමින් සිටියදී ඊට නුදුරින් තිබූ තවත් ටැංකියක අලවා තිබූ බෝම්බයක් පුපුරා ගොස් තිබිණි.  


එක් ටැංකියක බෝම්බ තුනක්ද තවත් ටැංකි දෙකක බෝම්බ දෙක බැගින්ද සවිකර තිබී ඇති අතර පුපුරා ගොස් තිබුණේ එම බෝම්බය.  


තවත් ටැංකියක බෝම්බ දෙකක් සවිකර තිබුණත් කිසියම් හේතුවක් නිසා ඒවා පුපුරා ගොස් නොතිබිණි.  


මෙම බෝම්බවල විශේෂත්වය වී ඇත්තේ ඒවා පුපුරා යාමෙන් පසු ටැංකිවල සිදුරු ඇතිවී එම සිදුරුවල ඩීසල් පිටතට ගලා යාමය.  


මෙසේ ගලාගෙන යන ඩීසල් මගින් විශාල ගින්නක් ඇතිකිරීම කොටි ත්‍රස්තවාදීන්ගේ අරමුණවී තිබිණි යැයි මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට එදා ගිය දැන් විශ්‍රාම ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ මහතා පවසයි.  


කැලණිතිස්ස විදුලිබලාගාර සංකීර්ණයට කොටි ත්‍රස්තවාදීන් ඇතුළුවී ඇත්තේ එහි පිටුපසින් වැටී ඇති දුම්රිය මාර්ගය අසලින් භූමිය වටා ඉදිකර අැති ආරක්ෂක දැල කපා ඒ ලඟම තිබූ බෝක්කුවකින් රිංගාගෙන බවත් බෝම්බ අටවා පලා ගොස් තිබුණේද එතැනින්ම බව අප කළ පරීක්ෂණවලින් පෙනී ගිය බවද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කුමාරසිංහ මහතා වැඩිදුරටත් කීය.  


විදුලි බලාගාරයේ ගසක් යට තිබුණ බෑගයක් සොයාගත් ගිනි නිවන හමුදාවේ භටයෝ එය පොලිසියට බාරදී ඇත.  


පොලිසිය ඒ බෑගය පරික්ෂා කර බැලීමේදී අඬුවක්, දැළි පිහියක් ද ඊට අමතරව ලිපියක්ද තිබී හමුවී තිබේ.  


”යුරේෂන්, බෝම්බ විනාඩි 15, 20 හා 25 අතර කාලයක් තුළ පුපුරා යන ලෙස සවිකරන්න” යනුවෙන් දෙමළ භාෂාවෙන් ලියා තිබූ ඒ ලියුමේ සඳහන් කර තිබී ඇත.  


විදුලි බලාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් හා විදුලිබල මණ්ඩලයේ ආරක්ෂක නිලධාරියෙක්ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඔවුන් රාජකාරි පැහැර හැරියැයි චෝදනා කරමිනි.  


කැලණිතිස්ස විදුලි බලාගාරයේ ආරක්ෂක පහන් සවිකර ඇති ආකාරය අනුව බලාගාරය ඇතුළත බොහෝ ස්ථාන අඳුරේ පැවතීම නිසා එහි ඇතුළත යම් යම් ස්ථානවල සිදුවන දෙයක් පැහැදිලිවම නොපෙනෙන බව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.  


බස්නාහිර පළාත් බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලකී කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති ටිකිරි බණ්ඩා දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන ජෙරාඩ් ඉග්නේෂස් හා චන්ද්‍රා පෙරේරා යන මහත්වරුද සිද්ධිය සැලවූ මොහොතේම විදුලි බලාගාරයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.  


පොලිස්පති ඩබ්ලිව්.බී. රාජගුරු මහතාගේ විශේෂ උපදෙස් මත මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම පත්කරනු ලැබූහ.  


මේ අතරින් එක් පොලිස් කණ්ඩායමක් පත්කර තිබුණේ එවකට කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයෙනි.  


කැලණිතිස්ස විදුලි බලාගාරයේ බෝම්බ පිපිරවීමට අදාළව එදා විමර්ශන කළ කණ්ඩායමකට නායකත්වය ලබාදී ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් අබේසිරි මහතාය.  


මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ලබා සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහාතා ඒ ගැන කියන කතාව මෙසේ පෙළගස්වන්නෙමු.  


කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශයේ ස්ථානාධිපති තනතුරද හොබවා ඇති සුනිල් අබේසිරි මහතා ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ විමර්ශනවලදී සුවිශේෂී දක්ෂතා පෙන්වා පොලිස්පති ඇගයීම් හා ප්‍රශංසා ලබා ඇති නිලධාරියෙකි.  

 

මන්නාරමේ ඉඳලා කොළඹට එන ලංගම බස් රථයක රියදුරෙක් තමා කැලණිතිස්ස විදුලි බලාගාරය පුපුරුවා හරින්න යොදාගත්ත බෝම්බ අරගෙන ඇවිත් තියෙන්නේ. මේ බෝම්බ ටික බස් එකේ සඟවාගෙන ආ රියදුරා ඒ බෝම්බ ටික මීගමුව වැල්ලවීදියේ කෙනෙකුට ගෙනත් බාරදීලා තියෙනවා. මාඉලවන් ඒ බෝම්බ ටික බෑග් එකක දාගෙන පාපැදියක් පැදගෙන කැලණිතිස්ස විදුලි බලාගාරය ළඟට එනකම් ඇවිත් තිබෙන බවත් අප හෙළිකරගත්තා. ඒ එනකොට ඔහු කම්බිදැල් කපන්න අඬුවක්ද අරගෙන ඇවිත් තිබෙනවා. ආරක්ෂිත දැල කපා තෙල් ටැංකිවල බෝම්බ අටවන්න රිංගා තියෙන්නේ ඊට පස්සේ.  

 


කැලණිතිස්ස විදුලි බලාගාරයේ පරික්ෂණ කටයුතු කරගෙන යද්දී අපට හෙළිකර ගැනීමට ලැබුණා බලාගාරයේ තෙල් ටැංකිවල බෝම්බ ඇටෙව්වේ කවුද කියන එක. දිසානායක මුදියන්සේලාගේ රත්නපාල හෙවත් මාඉලවන් තමා ඔහුගේ නම. එල්.ටී.ටී.ඊ නම තමා මාඉලවන්. සිංහල නමත් ව්‍යාජ එකක් වෙන්න පුළුවන්. මොහු චාවකච්චේරියේ පදිංචි කෙනෙක්. හොඳට සිංහල භාෂාව කතා බහ කරන්න පුළුවන්. කාලයක් කල්පිටියේ කුලී නිවෙසක ඉඳලා තියෙනවා. ඊට පස්සේ කොළඹ බ්ලූමැන්ඩල් හා හෝමාගම පැත්තේ සිංහල ගෙදරක කාමරයක් කුලියට අරගෙන කාලයක්ම ඉඳලා තියෙනවා. ඒ ගෙදර අයගෙන්ද අපි ප්‍රශ්නකර ප්‍රකාශ ලබාගත්තා.  


මන්නාරමේ ඉඳලා කොළඹට එන ලංගම බස් රථයක රියදුරෙක් තමා කැලණිතිස්ස විදුලි බලාගාරය පුපුරුවා හරින්න යොදාගත්ත බෝම්බ අරගෙන ඇවිත් තියෙන්නේ. මේ බෝම්බ ටික බස් එකේ සඟවාගෙන ආ රියදුරා ඒ බෝම්බ ටික මීගමුව වැල්ලවීදියේ කෙනෙකුට ගෙනත් බාරදීලා තියෙනවා. මාඉලවන් ඒ බෝම්බ ටික බෑග් එකක දාගෙන පාපැදියක් පැදගෙන කැලණිතිස්ස විදුලි බලාගාරය ළඟට එනකම් ඇවිත් තිබෙන බවත් අප හෙළිකරගත්තා. ඒ එනකොට ඔහු කම්බිදැල් කපන්න අඬුවක්ද අරගෙන ඇවිත් තිබෙනවා. ආරක්ෂිත දැල කපා තෙල් ටැංකිවල බෝම්බ අටවන්න රිංගා තියෙන්නේ ඊට පස්සේ.  


බෝම්බ ගෙනා ළංගම බස්රථ රියදුරා පස්සේ කාලයක දී අල්ලාගත්තා. ඒත් කවදාවත් බෝම්බ ඇටවූ මාඉලවන් අල්ලා ගන්න නම් නොහැකිවුණා. ඔහු කෙසේ හෝ ආයෙත් කොටි අඩවියට පැනගෙන තිබුණ බවට අපට ආරංචි ලැබුණා. ඒකයි අල්ලාගන්න බැරිව ගියේ. බෝම්බ ගෙනා ලංගම බස් රථ රියදුරා පස්සේ කාලයක පොලිසිය අල්ලාගත්තා.  


ඒ විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් අබේසිරි මහතාගේ මතකයයි.  


විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේසිරි මහතා ඔහුගේ මතකය වචනවලට පෙරළමින් මෙසේ ද කීය.  


“අපි මේ තොරතුරු සියල්ල හෙළිකරගත්තේ ජාඇල පොලිසිය මගින් බෝම්බ 10 ක පමණ තොගයක් එක්ක අත්අඩංගුවට ගත් ඥානප්‍රකාශ් ඇන්තනි තවචෙල්වම් හෙවත් ඇන්තනි මාස්ටර් නමැත්තාගෙන් ප්‍රශ්න කරලා. මමත් ඒ කාලේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිටිය ප්‍රසන්නද අල්විස් මහත්තයාත් උප පොලිස් පරීක්ෂක රාසික්ද ඔහුගෙන් ප්‍රශ්න කළා.  


ඇන්තනි මාස්ටර් කියන්නේ එල්.ටී.ටී.ඊය එකට බැඳුනට පස්සේ ලබාදී තිබුණ නම. මොහු යාපනය සරසවියේ උපාධියක් ගත්ත කෙනෙක්. විවාහ වෙලා නැහැ. තාත්තා තැපැල් කන්තෝරුවක පියන් රස්සාවක් කළා. වන්නියේ පදිංචි අයෙක්. එල්.ටී.ටී.ඊ සංවිධානයේ උපදේශකවරයෙක් විදියට කටයුතු කර තිබෙනවා. කොටි සාමාජික සාමාජිකාවන්ට ඉංග්‍රීසි එහෙම මොහු උගන්වා තිබෙන කෙනෙක්. ඇන්තනි මාස්ටර් බෝම්බ තියාගෙන ඉඳලා තියෙන්නේ කොළඹ තවත් ලොකු විනාශයක් කරන්න බව අප ඔහුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත්තා. එ් ටාගට් එක මොකක්ද කියන එක ඔහුට ඒවෙනකොටත් ලබාදී තිබුණේ නැහැ.   


කැලණිතිස්ස විදුලි බලාගාරයේ තෙල් ටැංකි පුපුරුවාහරින්න ගෙනවිත් තිබුණ බෝම්බයි ඇන්තනි මාස්ටර් ළඟ තිබිලා සොයාගෙන තිබුණ බෝම්බයි එක සමානයි. මේ බෝම්බ ඕනෑම තැනක අලවන්න පුළුවන් කාන්දම් සහිත බෝම්බ. මේ වගේ බෝම්බ කොලොන්නාව ඔරුගොඩවත්ත තෙල් ටැංකි පුපුරුවා හරින්න යොදාගෙන තිබුණා. ඒ හා සම්බන්ධවත් මම පරීක්ෂණවලට සහභාගි වුණා”  


මේ බෝම්බවල තිබුණ විශේෂත්වය ගැන විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කිව්වේ මෙවැනි කතාවකි.  


දැන් අපි ඒ කතාව කියවමු.  


“මේ බෝම්බ වර්ගය ‘ඉම්පෲවයිස් මැග්නටික් එක්ස්ප්ලෝයිඩ් ඩිවයිස්’ යනුවෙන් හැඳින්වෙන තහඩු හිල් කිරීමට යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ බෝම්බ විශේෂයක්. මෙම බෝම්බවලට ඉන්සෙන්ටික් කියන රසායනික ද්‍රව්‍යයත් අඩංගු කර තිබෙනවා. මේ රසායනික ද්‍රව්‍යවලට ගිනි අැවිලෙනවා. බෝම්බය පුපුරා ගියාට පස්සේ බෝම්බය පුපුරායනවාත් එක්කම ඒ බෝම්බයට සවිකර ඇති යකඩ කූරකින් තෙල් ටැංකිය සිදුරු වෙනවා. එතකොට තෙල් ගලාගෙන යන්න පටන්ගන්නවා. තෙල් ගලාගෙන එද්දී ගිනි ඇවිලෙනවා.  


කැලණිතිස්ස විදුලි බලාගාරයේ තෙල් ටැංකි පුපුරුවා හරින්න සවිකරලා තිබුණ ඒ සෑම බෝම්බයක්ම කහපාට පුංචි තිතක් තිබුණා මට හොඳට මතකයි. කළුවරේ බෝම්බය අලවද්දී එය හඳුනාගැනීම සඳහා මේ විදියට කහ පැහැති තිතක් සෑම බෝම්බයකටම තිබ්බා කියා ඇන්තනි මාස්ටර් ප්‍රශ්න කරද්දී හෙළි කළා.  


කැලණිතිස්ස බලාගාරය ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නේ පොට්ටු අම්මාන්. බලාගාරයේ ආකෘතියක් වන්නියේ හදලා පෙර පුහුණුවීම් කර තිබෙනවා. ඒ පුහුණුවීම් ලබාදී තියෙන්නේ මාඉලවන්ට. ඇන්තනි මාස්ටර්ටද එතැන ඉඳලා තියෙනවා. ඒ නිසා තමා ඔහු මේ සේරම විස්තර දැනගෙන ඉඳලා තියෙන්නේ. නමුත් ඇන්තනි මාස්ටර් බලාගාරය පිපිරීමේ සිද්ධියට සම්බන්ධවෙලා නැහැ. මේ වැඩේ තනියම කරලා තියෙන්නේ මාඉලවන් කියන කොටි ත්‍රස්තවාදියා. අපට ඔහු අල්ලා ගන්න බැරිව ගියා” යැයි කතා බහ නිමා කරමින් අබේසිංහ මහතා පැවසීය.  


මෙම පරීක්ෂණවලට සහකාර පොලිස් අධිකාරී කේ.ජේ. සේරසිංහ මහතාද හවුල්වී ඇත.  

 

 

 

 

 

 

 

 

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   



අදහස් (0)

කැලණිතිස්ස බලාගාරයට බෝම්බ තැබූ කොටි අල්ලා ගත්තේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site