IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාලි මෑණියන් පළිගන්නවාද ?

කාලි මෑණියන් කියන්නේ කවුද? ඇය අවතාර අටකින් පෙනී සිටිමින් මිනිසුන්ට පිහිට වන ආකාරයත්, අසාධාරණයකදී දඬුවම් දීමට පෙළැඹෙන බවත් අප පසුගිය සති කිහිපය පුරා සාකච්ඡා කළෙමු. කාලි මෑණියෝ අදහන විට තමන් ඉතා සාධාරණව සත්‍යතාවෙන්, ගුණගරුකව සිටීම වැදගත් බවත්, බොහෝ දෙනෙක් තමන්ට විපතක් හෝ පීඩාවක් වූ විට මෑණියන් කරා පැමිණ සිය ජීවිතයට සහනයක් පතා විවිධ පුද පූජා පවත්වති. 


එවැනි පීඩාවට පත්වූ ජනතාව මුළා කරමින් විවිධ මුදල් උපයාගෙන ජීවිකාව කරගෙන යන කට්ටඬි හා කපුමහත්වරුන් ද අද සමාජයේ බොහෝ ලෙසින් සිටින බව ප‍්‍රවීණ කපු මහතෙකු වන විජය කුමාර කපු මහතා ප‍්‍රකාශ කළේය. එවැනි අයට දිට්ඨ ධම්ම වේදනීය කරුමයට අනුව මෙලොවදීම කර්මය පලදෙන බවයි ඔහු ප‍්‍රකාශ කළේය. 

 

ප‍්‍රශ්නය- බොහෝ දෙනකු අතර පවතින මතයක් තමයි කාලිමෑණියෝ දඬුවම් දෙන කෙනෙක් කියලා. මෙහි සත්‍යතාව කුමක්ද? 


පිළිතුර- අපි මුලින්ම කතා කලානේ. කාලි මෑණියෝ කියන්නේ යක්ෂසේනාධිපතිනියක්. ඒ කියන්නේ මේ ලෝකෙට බිහි වෙච්ච දෙයියකු තමයි ඊශ්වර දෙවියන්. ඒ ඊශ්වර දෙවියන්ගේ භාර්යාව තමයි මේ කාලි මෑණියෝ කියන්නේ. එයාට මැවෙන අට අවතාරය පිළිබඳ අපි පසුගිය සතිය පුරා කතා බහ කළානේ. අන්න ඒ අට අවතාරයේදී සොහොන් කාලි, මෙහෙමයි, භද්‍රකාලි මෙහෙමයි. වඳුරු කාලි මෙහෙමයි කියලා සාකච්ඡා කළානේ. 


එතකොට මේ අට අවතාරයක් මැවෙන මේ කාලි යක්ෂ සේනාධිපතිනියට පත්වූවාට මිනිසුන් කෙරෙහි දැඩි ආත්ම විශ්වාසයක් තිබෙනවා. යක්ෂ සේනාධිපතිනියන්ගේ. ඉතින් මිනිසුන් තුළ අදහසක් තිබෙනවා මැයට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා. අම්මා කෙනෙක් මෑණියෙක් විදිහට බිහිවුණ දේවතාවිය කියලත් කියනවා. කාලි මෑණියෝ්. ඉතින් ඒ අවස්ථාවේදී මිනිසුන්ගේ ඇතිවන භක්ති සම්පත්තියට තමයි මේ කාලි මෑණියන්ට කිව්වහොත් මේ සියලු දේට නිවැරැදි කියලා හැඟීමක් තිබෙන්නේ. කාලි අට අවතාරය ගැන අපි සඳහන් කරනකොට කිව්වා මේ කාලි ඒ කියන්නේ වඳුරු කාලි අපට වසංගත රෝග බෝ කරනවා. ඒ වාගේ විපත් ඇති කරනවා කියලා. ඒ කියන්නේ අපි පිරිසිදු භාවයෙන් ඉන්නවා නම් කාලි මෑණියන්ට කෙනෙක්ව මම කාලි මෑණියන්ට දීලා මරනවා එහෙම නැතිනම් දඬුවමක් ලබා දෙනවා කියලා කියනවා. 


අපි මුලින්ම කතා කරනකොට කිව්වා අපි කෙනකුට දඬුවමක් දෙන්න කලින් අපි එතන නිර්දෝෂී වෙන්න ඕනෑ. අපි බොහොම සාධාරණ විය යුතුයි එතනදී. අපි මේ කියන දේ ඇත්ත විය යුතුයි. අද සමාජයේ ගොඩක්ම තිබෙන්නේ ඊර්ෂ්‍යාව, තණ්හාව, ක්‍රෝධය, වෛරය. ඔය තුලාවට තමයි මිනිස්සු ඉතා කුඩා දෙයක් උණත් කට වැරදීමක් වුණත් උඹට මම මේක කරනවා, ඔන්න ඔය තුලාවටනේ මිනිසුන්ගේ හදවත ගොඩනැගෙන්නේ. මේ වෙලාවේ ඇතිවන කෝපයට අපි කාලි මෑණියන්ට බාර දෙනවා ඉස්සෙල්ලාම ලෝකයට බිහි වෙච්ච යක්ෂ සේනාධිපතිනිය කියනවනේ. ඉතින් එයාට බාර දුන්නහම අපි හරියි කියලා සිතනවා. මේ සේනාධිපතිනියගෙන් පිහිට පැතුවොත් බොහොම සුබයි. සාධාරණයි. යුක්තිගරුකයි. සෑම වෙලේම යුක්තිගරුකයි. ඒ කියන්නේ අපේ වරදට දඬුවමක් ලබා දෙනවා. මේ මිනිස්සු මරනවා, කොටනවා එහෙම නොවෙයි. 


ප‍්‍රශ්නය - ඒක මනුෂ්‍යයන් තුළ හැදිච්ච හැඟීමක්. මනසින් සිතා ගත්ත දෙයක්? 


පිළිතුර - ගොඩක් දෙනෙක් කාලි කියලා කියපු ගමන් බොහොම පෞරුෂත්වයක් ගොඩනගන වචන දෙකක්නේ. ඔය කාලි මෑණි කියන එක. පස්සේ අම්මා කෙනෙකු වශයෙන් පත්වුණේ. එතකොට ඊශ්වර දෙවියන්ගේ තුන්වන ඇහැ ඇරපුවහම මේ ලෝකේ විනාශයට පත්වෙනවා කියලා කියනවනේ. මේ ලෝකේ විනාශවෙන තරමට ගිනි දැල් පිටවෙනවා කියලා කියනවානේ. එතකොට එයාගේ භාර්යාවට පුළුවන් ඒ වාගේ යම් වූ තවකෙනෙකුට අයුක්තියක් දැකපුවහම දඬුවමක් ලබා දෙන්න. ඒ කියන්නේ කට්ටඬි හෝ කපු මහතෙක් මේවා අපි කාලි මෑණියන්ට ආරාධනා කරලා පොල් ගෙඩියක් තැන්පත් කරලා දින හතක් අපි මේ මේ දේවල් දෙන්න පුළුටු දෙන්න, එළුවෙකු කපන්න, කුකුළු බිල්ලක් දෙන්න ඔය වාගේ දේවල් කියනවා. ඒ කියන්නේ කාලී මෑණියන්ගේ ආකර්ෂණය ළං කර ගන්න. 


ප‍්‍රශ්නය - එහෙම ආකර්ෂණයක් ගන්න පුළුවන්ද? 


පිළිතුර - ආකර්ෂණයක් ගන්න පුළුවන් කියන්නේ මෙහෙමයි. මම කලිනුත් සඳහන් කළානේ දියමස්, ගොඩමස්, ඇටි ඇට පහක්, අල අල පහ මේ වගේ දේවල් දීලා ඒවායෙන් නැගෙන කුයිල නිසා ඉතින් ඒ පුළුටු කාලි ඒ කුයිලට බැල්ම හෙළනවා කියලා කියනවා. ඒ බැල්ම හෙළන අවස්ථාවේ මෑණියන් අපිව ආකර්ෂණය කරනවා. නැතිනම් කාලි මෑණියෝ අපට අල්ලලා ගැට ගහලා තබාගෙන වැඩ කටයුතු කරගන්න බැහැ. අපිට දෙවියෙකුගේ පිහිට විතරයි තිබෙන්නේ. මේ දෙවියෝ අපේ කුණු ශරීර පංචස්කන්ධයට ඇතුළු වෙන්නේ නැහැ. දෙවියෝ භක්තිමත්ව අදහන අපට දෙවියන්ගේ පිහිටි තිබෙනවා. දෙවියන්ගේ ආකර්ෂණය තිබෙනවා. 


මොකද මේ ලෝකේ ඉර කියන කියන නිසානේ පවතින්නේ. ඉර ජීවත්ව පවතිනවානේ. ඒක නිසා අපේ විශ්වාසය නිසා දෙවියන් අදහනවා. අපට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතාගෙන ඉතින් දෙවියන්ගෙන් ඒ ආකර්ෂණය ලබාගන්න අප පිරිසිදු විය යුතුයි. 


ප‍්‍රශ්නය - අපි දන්නවා කාලි මෑණියෝ යක්ෂ අවතාර අටකින් පෙනී සිටිනවා කියලා. ඉතින් අපේ බොහෝ දෙනා මෑණියෝ හමුවට යන්නේ මේ යක්ෂ අවතාරවලින් සහනයක් ලබා ගන්නද? 


පිළිතුර - ඔව් මිනිස්සු ඇත්තටම යක්ෂ අවතාරයකින් ඉන්නකොට පිහිටක් පතනවා. දෙවි කෙනෙක්ගෙන් තව කෙනෙකුට අවැඩක් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. බුද්ධත්වය පතන කෙනෙකුගෙන් තව කෙනෙකුට එවැනි දෙයක් පැතුවට එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ගොල්ලෝ සෝවාන් ඵලයට පත්වෙලා නැහැ. කාලි මෑණියෝ කියන කෙනා ඒ නිසා අන්න ඒ අවතාර අප වේශයෙන් ඉන්න විට තමයි මනුෂ්‍යයන්ට එක එක වේශයෙන් එක එක දඬුවම් පමුණුවන්නේ. එතකොට මහභද්‍රකාලි අම්මාන්ගෙන් එක පියයුරුවකින් කිරි එරිච්ච නිසා මව් පදවිය ලැබුණා කියනවනේ. ඒත් එතන තිබුණේ ඊර්ෂ්‍යාවක්නේ. තමන්ට දරුවන් නොලැබුණ නිසා උඹට ලැබිච්ච දරුවා මරනවා කියන පළිගැනීමේ චේතනාව නිසා ඇති වෙච්ච කෝපය නිසානේ එහෙම වුණා කියන්නේ. ඒ වායේදී යක්ෂ ආත්මය තුලාවට වෛරයේදී ඒ වෛරයෙන් ගොඩනැගෙන අධිෂ්ඨානයට අපි සාමාන්‍යයෙන් අර අට අවතාරයෙන් සහනයක් ලබනවා. ඒත් ඒ පිළිබඳව කටයුතු කරන කපු මහතා හෝ කට්ටඬි මහතා හෝ අවබෝධයකින් සිටිය යුතුයි. කාලි මෑණියෝ අතින් දඬුවමක් ලබලා දෙනවා නම් තමන් නිර්දෝෂ වෙලා තවත් කෙනෙකුට දඬුවමක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවනේ. ඒ යක්ෂ අවතාරයකට අඬගහලා එයාට පුද සත්කාරයක් කරලා ආකර්ෂණ ශක්තියක් ලබාගෙන දුන්නහොත් අපිට එතනදී සමහර විට වඳුරු කාලි අපිට බැල්ම හෙලලා වසංගත රෝගයක් පතුරුවන්න ඉඩකඩ තිබෙනවා. 


මෑණියන්ගේ අටවේශය අනුව යම් සාධාරණ ඉල්ලීමක් කළහොත් එය බොහෝ දුරට ඉෂ්ට වෙනවා. එහෙත් අද බොහෝ දෙනා කරන්නේ තවස කෙනකුට විපතක් කරන්න. කෙනෙක්ව නසන්න කියන එකනේ. එතනදී ඉතින් අර පුද්ගලයාගේ පෙර කළ කුසල් අකුසල් අනුව යම් දඬුවමක් ලබා දෙනවා. ඕක ගැන බොහෝ දෙනා නිසි දැනුම්වත්කමක් නැහැ. ඒක නිසා අද සමාජයේ බොහෝ අය කාලි මෑණියන්ගෙන් විණ කර දෙන ලෙස ඉල්ලමින් මෑණියන්ව අදහනවා. කියන්න කනගාටුයි සමහර කට්ටඬි හෝ කපු මහත්වරුන් ඉන්නවා ඒ වගේ අවස්ථාවලදී අයුතු ප‍්‍රයෝජන ගන්න. 


ප‍්‍රශ්නය - මනුෂ්‍ය ජීවිතයේ ලබපු පින් පවු කුසල් අකුසල් කර්මය නිසාද මේ දේවල් වෙන්නේ? 


පිළිතුර - අනිවාර්යයෙන්ම. අපි රැස් කළ කුසල් අකුසල් සමඟ තමයි ජීවිතය ගොඩනැගෙන්නේ. 


ප‍්‍රශ්නය - දෙවියන් එහෙම මනුෂ්‍යන්ට අපරාධයක් කරනවාද? 


පිළිතුර - ඇත්තටම දෙවියන් අපි එහෙම ශාප කරන්නේ නැහැ. අපි ව්‍යංගයෙන් සෑම වෙලේම ඉල්ලන්නේ අරකෙනාට දඬුවම් ලබා දෙන්න කියලනේ. මිනිසුන් අතර කාලි මෑණියන් ප‍්‍රචලිතවෙලා තිබෙන්නේ එහෙමනේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එහෙමනේ. 


ප‍්‍රශ්නය - ඒ වගේ ප‍්‍රචලිත වෙන්න හේතුව ඇයි? 


පිළිතුර - යක්ෂ සේනාධිපතිනියෙක්ගේ අම්මා කෙනෙකුට දුක කියපුවහම අම්මා කෙනෙකුගේ සිත උණු වෙනවනේ. අම්මා සවන් දෙනවා කියලා කියනවා. අර තිබෙන මව් සෙනෙහස දැනෙන මිනිස්සු ඇට මස් ලේ නහරවලින් හැචිච්ච මේ මිනිස්සු සංවේදී වන විට මොන දේ වුණත් අපි අම්මා කියන තැනට පත් වෙනවනේ. දේවත්වය කියන තැනට පැමිණෙනකොට අසාධාරණය අම්මට කියනවා. අන්න ඒ වගේ යක්ෂසේනාධිපතිනියට කියනවා. එතකොට අපිට පිහිටක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා. 

 
ප‍්‍රශ්නය - එතකොට එක එක තැන්වල එක එක කපු මහත්වරු දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියනවා කාලි මෑණියන්ගේ ආරූඪයෙන් කියලා. ඒකේ ඇත්තක් තිබෙනවාද? 


පිළිතුර - ඇත්තටම ආරූඪවෙලා අපි කෙනෙකුට ශාන්තිකර්මයක් කරනවා කියලා මම මේ කාලි මෑණියන්ගේ වේශයෙන් ඉන්නේ. කාලි මෑණියෝ කියන දේවත්වයට පත්වෙච්ච කෙනෙක්. අපේ මේ කුණු ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ. 


ප‍්‍රශ්නය - බොහෝ තැන්වල අප දැක තිබෙනවා එවැනි ස්ථාන? 


පිළිතුර - මම මේ කපු මහත්වරුන්ට දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. එහෙම කිසිම අරමුණක් නැහැ. නමුත් සමහරු අපි මේ ලෝකේ අතඇරලා මිය පරලොව ගියාම උපදානවා පෙර පව් පිං එක්ක භූත, ප්‍රෙ‌්ත, පිසාච, කුම්භාණ්ඩ වගේ ආත්ම ගණනක අපි උපදිනවා. ඔය ප්‍රෙ‌්ත ආත්මවල උපදිනවා, ගස් ගල් පර්වත ආදිය එක්ක. එහෙම නැතිනම් නිවාසයක වහලයක පිළිකනු විවිධ ප්‍රෙ‌්ත කොට්ඨාස උත්පාදනය වනවා. මේ එක ප්‍රේත කොට්ඨාස ඉන්නවා. ශරීර පංචස්කන්ධයට ඇතුළු වෙන්න පුළුවන්. එතනදී ඒ ගොල්ලෝ විකාර දොඩවන්න පුළුවන්. එහෙම විකාර දොඩවලා එක එක දේවල් ප‍්‍රකාශ කරනවා. මම කාලි අම්මා, මම උඹට මෙහෙමයි. අර ඒගොල්ලෝ භූත ආත්මයක් නිසා ආකර්ෂණ ශක්තියක් දැනෙන්න පුළුවන්. මේක නොපෙනෙන බලවේගයක්නේ. එහෙම මිසක් මේ කාලි මෑණියෝ කියන කෙනා අපේ ශරීරයට ඇතුළු වන්නේ නැහැ. මම මුලින්ම සඳහන් කළේ අපිට දෙවියන්ගේ පිහිට තමයි තිබෙන්නේ කියලා. කාලි මෑණියෝ කියන කෙනා අපේ ශරීර පංචස්කන්ධයට ආරූඪ වන්නේ නැහැ. 


ප‍්‍රශ්නය - එතකොට එක එක්කෙනා බොරුවට මේ මිනිස්සු මුළා කරනවාද? 


පිළිතුර - සමහර විට එක පූජකයෙක් හෝ කපු මහත්තයෙක් හෝ ඔය කාලි මෑණියන්ට කියන්න විශ්වාසයක් ගොඩනගා ගැනෙනවා. මමත් කපු මහත්තයෙක්. මේක කාලි මෑණියන්ට කිව්වහම විසඳෙනවා. ඒ වාගේ ආකල්පයක් ගොඩනැගෙනවා. එතකොට සමහරු මේ දෙවියන් පිළිබඳ අවබෝධයක් නොමැතිව දිට්ඨධම්මවේදනීය කර්මය පිළිබඳ අවබෝධයක් නොමැතිව එක එක ශාන්තිකර්ම කරනවා. එසේ නැතිනම් මිල මුදල් මෙච්චර ඕනෑ කියනවා. ඔය වගේ දේවල් නිසා මේ ශාස්ත‍්‍රය පිරිහෙන තැනට පත්වෙලා තිබෙන්නේ. යම් යම් කොට්ඨාසයක් නිසා. සැමෝම නොවෙයි. කිසිම අවබෝධයකින් තොරව ක‍්‍රියා කරන පිරිසක් නිසා ජනතාවත් ඉතා අපහසුතාවට පත්වෙනවා මේ නිසා. අර වගේ භූතයෙක් ඇඟට වැහුණාම කොණ්ඩේ කඩාගෙන ඇස් කරකවගෙන ඔළුව කරකවාගෙන මනුෂ්‍යයෙක් ග‍්‍රහණයට හසු කර ගත්තාම ඒ කෙනාට මම මෙහෙමයි කියලා කියනවා. 


ප‍්‍රශ්නය - ඒ වගේ බොරු කරන අයට කාලි මෑණියෝ දඬුවම් ලබා දෙන්නේ නැද්ද? 


පිළිතුර - ඒ වගේ අයට දඬුවම් ලබා දෙනවා. දෙවියන් ඉදිරියේ බොරුවක් කරලා අපි යම් මුදලක් උපයාගෙන තාවකාලික සතුටක් වින්දට අපේ කර්ම විපාකයත් එක්ක මරණ මංචකයේදී හෝ මේවා අපා දුක් ඒ අවස්ථාවේදී පමුණුවනවා. උඹට මේ කරපු වරදට මේ දඬුවම ලැබෙනවා කියලා ඒ අහිංසක අයට පවක් කළොත් ඒ වාගේ දඬුවමක් ලැබෙනවා. ඒ නිසා තමයි කාලි මෑණියන්ගෙන් අපි දඬුවමක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනකොට අපි නිර්දෝෂී වෙන්න ඕනෑ කියලා සඳහන් කළේ. අපි පිරිසිදු වෙන්න ඕනෑ. අපි සාධාරණ වෙන්න ඕනෑ කියන හැඟීම තිබෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් අර කාලි යක්ෂ අවතාරයකින් ඉන්නවා යක්ෂ සේනාධිපති කියලා කියනවා. එතකොට ස්වාමියා තුන්වැනි ඇස ඇරගෙන ලෝකේ විනාශ වෙනවා කියලා කියනවා. එතකොට ඒ වාගේ බලසම්පන්නතාවක් තිබෙන මේ කාලි අම්මාව අපි ගොඩක් ප‍්‍රචලිත කරගෙන සිටින්නේ කාලි මෑණියෝ අසාධාරණයට දඬුවම් ලබා දෙනවා කියලනේ. කාලි මෑණියෝ දඬුවම් දෙන්නේ මේ ආකාරයට. එවේලේ අපි සාධාරණයි, නිර්දෝෂයි. අන්න ඒ මොහොතේ අපි කාලී මෑණියන්ට කියනවා මේ දුක. සමහර වෙලාවට අපට පහනක් පත්තු කරන්න මුදල් නැති වෙන්න පුළුවන්. අන්න අපි හැඟීමෙන් කියනවා මෑණියන්ට අපේ දුක. අපිට ඇත්තටම අපේ අතින් වරදක් වෙලා තිබුණත් අපට සහනයක් ලැබෙනවා. 

 

 


අවසාන කොටස ලබන සතියට... 

 

 

 

 

 

 

 

 

 


සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර 



අදහස් (2)

කාලි මෑණියන් පළිගන්නවාද ?

පුර්ණ Saturday, 21 April 2018 05:17 PM

මට ගොඩක් උදවු කරලා තියනවා

:       0       7

විශ්ව තනුශ්කි Tuesday, 07 September 2021 06:30 AM

මට කාලී මෑනියන් ගැන ලියවුන මෙම ලිපි පෙල ඊ මේල් කර එවිය හැකිද? මුල් ලිපියේ පටන් අවසාන ලිපිය දක්වාම. මන්ද ගොඩ මිනිසුන් අතර තියන දුර්මත මෙම ලිපි පෙල මගින් බිද හෙලිය හැකි නිසා. ඇතම් ගෙවල් වල් ඉන්න අම්මලා අන් අයගේ මත අසා කාලි මැනියන් වන්දනා කරන තම දරුවන් ඉන් වලකනව. ඔවුන් බිය කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site