පොළොවට ඉතාම ළඟ ග්‍රහයා වන කුජ නොහොත් අඟහරු ලොව ආරක්ෂකයා ලෙස සැලකෙයි. නිර්භීත, ශක්තිමත්, දරඳඩු නොහික්මුණ ගතියකින් යුත් කුජ ග්‍රහයා සටන්කාමීවෙයි. අලුත් අමුතු දේවල් පිළිබඳ ආශාව, රාගික බව, උද්ෙයා්ගය, තරහ නොඉවසන ගතිය කුජ බලවත් වීමෙන් ඇති කරයි.
කුජ ග්‍රහයාට මේෂ, වෘෂ්චික රාශි දෙක ස්වකේෂත්ර වන අතර මකර රාශිය උච්ච වෙයි. මිථුන - කන්‍යා රාශි දෙක සතුරුයි. කටක රාශිය නීචයි - වෘෂභ, සිංහ, ධනු - මීන රාශි 04 මිත්‍රයි. තුලා කුම්භ රාශි දෙක සමයි.
කුජට එක් රාශියක ගමන් කිරීමට සාමාන්‍යයෙන් මාස 1 1/2 ක් පමණ ගතවෙයි. රාශියේ අගට ගොස් වක්‍රවී ආපසු එම රාශිගතවීම මුලට පැමිණ නිවෘත වී යළි ඉදිරියට යනවිට මාස 05-07 අතර කාලයක් ගතවෙයි. කුජ මහදශාව වර්ෂ 07 කි.
2017-10-01 සිට 2017-10-13 දක්වා කුජ කන්‍යා රාශියේ ගමන් කරනවිට රවි - බුධ ග්‍රහයින් දෙදෙනාද සංයෝගවෙයි. ඔබේ කේන්ද්‍ර සටහනේ කුජ සිටින ස්ථානය අනුව පලාඵල මෙසේය.
මේෂ -
ඔබගේ ලග්නාධිපති කුජ ලග්නගතව (01) සිටීනම් තම වැඩකටයුතු ඉතා උසස් අයුරින් කරගනී. පරාජය දුටු තැන ජයග්‍රහනය පතා යළි කටයුතු කරයි. හිසේ උෂ්ණාධික බවක් පවතී. කුජ 02 වැන්නේ සිටීමෙන් විවාහ ජීවිතයේ බාධක ඇති කරයි. 03 වැන්නේදී කාර්මික කටයුතු වලට යහපත්ය. හදිසි අනතුරු වලට ලක්විය හැකිය. 04 වැන්නේදී දේපළ නිවාස ලැබීමට භාග්‍ය උදාවේ.
ලේ ධාවනයේ වෙනස්කම් ඇතිවේ 05 වැන්නේදී කාමාශා බලවත්ය. 06 වැන්නේදී ආමාශ ගත ආබාධ ඇති කරයි. රහස් ප්‍රේම සබඳතා ඇති කරගනී. ගැබ්ගත් කතුන්ට ප්‍රසූත දෝෂ ඇතිවේ. 07 වැන්නේදී විවාහය ඉක්මන්වේ. මුත්‍රා ආබාධ, වකුගඩු ආබාධ හටගනී, 08 වැන්නේදී ආයුෂ බල වැඩි උපක්රමශීලිවේ. 09 වැන්නේදී ආගම දහමට ලැදිවේ. දේපළ ලබයි. 10 වැන්නේදී සහජ හැකියාවන් ගෙන් යුක්තය. රැකියා ලබයි. 11 වැන්නේදී පොළොවෙන් වස්තුව ලබයි. 12 වැන්නේදී වියදම් අධිකයි.
වෘෂභ -
කුජ ලග්නයේ සිටීනම් හිතුවක්කාරයි. කාටවත් යටත්වීමට කැමැති නැත. කාමාශා බලවත්ය. 02 වැන්නේ කුජ සිටීමෙන් ශබ්ද නගා කථා කරයි. කාලය පිළිබඳ කටයුතුවලින් කරදරයට පත්වේ. 03 වැන්නේ දී උපක්‍රමශිලීව කටයුතු කරයි. හෘද රෝග ඇති විය හැකිය. 04 වැන්නේදී එඩිතරයි. සටන්කාමියි. සැපවත් විවාහයක් වේ. 05 වැන්නේදී ඉගනීමට බාධක යෙදේ. ව්‍යාපාරවලට ශුභයි. 06 වැන්නේදී නිරෝගී වෙයි.
පාලන කටයුතු වලට දක්ෂයි. 07 සිටිවිට කාමාශා වැඩී. අදහස් එළි නොකරයි. 08 සිටිවිට ස්ත්රීන්ට දරු ප්රසූතවලදී කරදරයි. විවාහ සහකරු/සහකාරියට අපලයි. කුජ 09 සිටීම ඉතා ශුභයි. දියුනුව උදාවේ. දුරබැහැර ගමන් යෙදෙයි. 10 දී ප්‍රධානීන්ට එරෙහිව කටයුතු කරයි. විවාහ ජීවිතය සැපවත්ය. 11 දී පොළවෙන් ඛනිජ වස්තු ලැබීමට භාග්‍ය උදාවේ. කුජ 12 දී දුර බැහැර ගමන් යෙදේ. මවු පාර්ශ්වයෙන් දේපළ ලැබේ.
මිථුන -
කුජ ලග්නගතවීමෙන් රහස් ගුප්ත කටයුතු වලට දක්ෂයි. නිර්මානශීලි වේ. කථාවෙන් ජයගනී. කුජ 02 දී කොයි කා සමගත් යටත් පහත්ව කටයුතු කරයි. දේපළ ඉඩම් ලබයි. 04 දී දේපළ ලබයි. ඉගනීමට දක්ෂ නැත. 05 වැන්නේදීද ඉගනීමට අදක්ෂයි. හෘද රෝග වැළඳිය හැකිය. 06 වැන්නේ සිටිවිට නිරෝගීවේ.
තමාගේ අදහස් වලට අන් අය අවනක කරවාගනී. 07 දී සතුරන් වැඩී. නිර්භීතය. පාලන බලතල ලබයි. 08 දී ආහාරපාන වැඩිපුර අවශ්‍යතාවයි. රහස් ආදායම් මාර්ග ඇතිවේ. 09 දී සමාජ සේවා කටයුතුවල නියැළෙයි. විදේශ ගමන් යෙදේ. 10 දී යටත් පහත් වීමට කැමැති නැත. ව්‍යාපාර කටයුතු වලට ශුභයි. 11 දී ප්‍රධාන තත්ත්වය හිමි වේ. ක්‍රීඩාවලට කැමැතියි. ආදායම් තත්ත්වය යහපත්ය 12 දී සතුරන් හා ලෙඩ රෝග වෙනුවෙන් මුදල් වැයවේ.
කටක -
ලග්නගත වූ කුජ නිසා තැනේ හැටියට වැඩය කරයි. ශාරීරික දුබලතා හටගනී. 02 දී කඩිසරයි. කථාවෙන් ජයගනී. දත්වල ආබාධ හටගනී. 03 දී ශරීරය නිරෝගී වේ. ඉගනීමට දක්ෂයි. වාසනා වන්ත දරුවන් ලබයි. 04 දී දේපළ ඉඩම් ලබයි. පවුල් ජීවිතය සතුටින් සිටියි. 05 දී උපක්‍රම ශීලීව කටයුතු කරයි. කාමාශා වැඩී ආලය පිළිබද අදහස් ඇති වේ. 06 වැන්නේදී පාලන කටයුතු වලට දක්ෂයි. හොරා කටයුතු නොකරයි. 07 දී ගෞරවය, ප්‍රසිද්ධිය ලබයි. විවාහ ජීවිතය සැපවත්ය.
08 දී ආලය පිළිබඳ අදහස් නිසා දුක්දෙයි. ශාරීරික දුර්වලතා හටගනී. 09 දී ගුණයහපත් බවින් යුක්තයි. සකසුරුවම පවතී. 10 දී පාලන කටයුතු වලට දක්ෂයි. ගෞරවය කීර්තිය ලබයි. 11 දී පොළොවෙන් වාසනාව ලබයි. (මැණික්, මිනිරන්) 12 දී වැඩ කටයුතු වලට බාධක යෙදේ. කලා කටයුතු ප්‍රිය කරයි.
සිංහ -
කුජ ලග්නගතවීමෙන් නිර්භීතයි. වැඩට ශුභයි. ප්‍රධාන තත්ත්වය හිමිකරගනී. 02 දී කථාව වේගවත්ය. ස්ථාන මාරු සිදුවේ. 03 දී වැඩට දක්ෂයි. හොදට සිතා මතා කටයුතු කරයි. 04 දී ඉඩම් - නිවාස දේපළ ලැබේ. විද්‍යා ශාස්ත්‍ර ඉගන ගනී. 05 වැන්නේදී කාමුක අදහස් වැඩී. සමාජගිලීවේ. අාමාශ ගත ආබාධ හටගනී. 06 දී හිතුවක්කාරයි. පාලනයට දක්ෂය. සතුරන් සිටී. 07 දීද හිතුවක්කාරයි. තමාට නොගැලපෙන අයගේ අාශ්‍රය අත්හරී. 08 දී කරුණාවන්තයි. වැඩ කටයුතු උදාසීනවකරයි. 09 දී උරුම හිමිකම් හටගනී. මුල් පදිංචිය වෙනස් කරයි. 10 දී ස්ථිර පදනමක් මත කටයුතු කරයි. දේපළ ඇති අයකු හා විවාහය සිදුවේ. 11 දී ඉගනීමට දක්ෂයි. යාන්ත්‍රික කාර්මිකකටයුතුවල නියැලේ. 12 දී වැඩ කටයුතු අතපසු කරයි. පිට පළාත් වල අය ආශ්‍රය කරයි.
කන්‍යා -
ලග්නගත වූ විට අදහස් ඉක්මනින් ක්‍රියාත්මක කරයි. ඔලුවේ අාබාධයක් හටගනී. 02 දී වැඩ කටයුතු වලට බාධක යෙදෙයි. විවාහ ජීවිතය අසාර්ථකයි. 03 දී උපක්‍රම යොදා කටයුතු කරයි. ආයුෂ බලවැඩි. 04 දී මවුට ශුභ නැත. දේපළ වලට නඩු හඹ ඇති වේ. 05 දී වැඩට දක්ෂයි. හෘදරෝග වැළඳිය හැකිය. 06 දී දේශපාලනකටයුතු වල යෙදේ. බලය තහවුරු කරගනී. 07 දී වැඩකටයුතු අවුල් කරයි. ආමාශගත ආබාධ වැළදේ. 08 දී ආයුෂ බලවැඩි ස්ත්රීන්ට දරු පුසුත කරදර ඇති කරයි. 09 දී දුක්කරදර වැඩී පියා සමඟ අමනාපවෙයි. 10 දී කාර්මික යාන්ත්‍රික කටයුතු වලට දක්ෂයි. 11 දී අනියම් මාර්ගවලින් මුදල් උපයාගනී. 12 දී වියදම් අධිකයි. සහකරු/සහකාරියට ආමාශ ගත ආබාධ හටගනී.
තුලා -
ලග්නයේදී හිතුවක්කාරයි. විවාහය ප්‍රමාද විය හැකිය. 02 දී කථාවෙන් ජයගනී. සහකරු/ සහකාරිය සමඟ මත භේද ඇතිවේ. 03 දී වැඩට දක්ෂයි. අදහස් නිතර නිතර වෙනස් කරයි. 04 දී දේපළ ඉඩම් ලැබීමට භාග්‍ය ඇත. විවාහ දිවිය සැපවත්ය. 05 වැන්නේදී කලාකාමී වේ.
ඉගනීම් කටයුතු වලට බාධක යෙදේ. 06 වැන්නේදී ආමාශ ගත අාබාධ වලට ලක්වේ. විවාහයට විරුද්ධ කම ඇතිවේ. 07 දී සමාජයෙන් ගරු සත්කාර ලබයි. අන් අය වසඟ කරගනී. 08 දී වැඩ කටයුතු අවුල් ස්වභාවයක් ගනී. ලෞකික සැප ලබයි. 09 දී අහස්මාළිගා ඉදිකරයි. ආලය පිළිබඳ අදහස් විවිධයි. 10 දී ව්‍යාපාර කටයුතු වලට ශුභයි. 11 දී ජනප්‍රිය තාවයට පත්වේ. විවාහය අාදරය මත කරගනී. 12 දී වියදම් අධිකයි. වගකීමෙන් තොරව ක්‍රියාකරයි.
වෘෂ්චික -
ලග්නගතවීමෙන් උත්සාහ වන්තයි. තම කාර්යය ඉතා හොදින් කරයි. 02 දී ශබ්ද නගා කථා කරයි. නිර්භීතයි. 03 දී බලවත් ආත්ම ශක්තියක් ඇත. කීර්තියට පත්වේ. 04 දී පියාගෙන් වෙන්විය හැකිය. දේපළ ලබයි. 05 දී උද්ෙයා්ගයෙන් කටයුතු කරයි. නිරෝගී වෙයි. 06 දී පාලන කටයුතු වලට දක්ෂයි. පොෙළාවෙන් වස්තුව ලැබීමට භාග්‍ය ඇත. 07 දී හිතුවක්කාරයි. විවාහය ප්‍රමාද වීම හෝ ඉක්මන්විම සිදුවේ. 8 දී වගකීමෙන් තොරව ක්‍රියාකරයි.
අපකීර්තියට පත්වේ. ස්ත්රීන්ට අඩු මාස ගණනින් දරුවන් ලැබිය හැකිය. 09 දී තැන්පත් බවින් යුක්තයි. ඇඟ බේරාගෙන කටයුතු කරයි. 10 දී ප්රධානත්ව ලබයි. උසස් රැකියාවක නිරතවෙයි. 11 දී සමාජශීලීවේ. නීතිඥ වෘත්තියට වඩාත් යෝග්‍යවේ. 12 දී ගම් ප්‍රදේශයේ ව්‍යපාර කටයුතු කරයි. නඩු හබවලට පැටලේ. වියදම් වැඩී.
ධනු -
කුජ ලග්නගතවීමෙන් ඉගනීමට දක්ෂයි. උසස් තනතුරු දරයි. කුජ 02 දී සහජ හැකියාවන්ගෙන් යුක්තයි. උසස් රැකියාවල නිතර වේ. 03 දී එඩිතරයි. ගති පැවතුම් යහපත්ය. සමාගම්වල නිලතල දරයි. 04 දී ඉඩම් නිවාස, දේපළ ලැබීමට වාසනාව අැත.
යුග දිවියේ ප්‍රශ්න ඇතිවේ 05 දී කැපී පෙනී සිටීමට කැමැතියි.
ක්‍රීඩාවලට කැමැතියි. 06 දී සතුරන් මර්දනය කරයි. කතුන්ට ප්‍රසූත දෝෂ ඇතිවේ. 07 දී කාමාශා වැඩී උපක්‍රම දනී. මුත්‍රා ආබාධ හටගනී. 08 දී විවාහ ජීවිතය කරදරයි. හදිසි අනතුරු වලට ලක්වේ. 09 දී උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. කලා කටයුතු ප්‍රිය කරයි. 10 දී වැඩට ශුභයි. විවාහය සැපවත්ය. දේපළ ලබයි. 11 දී මිත්‍රයන් වැඩී ප්‍රේම සබඳතා ඇතිවේ. 12 දී ගුප්ත ගොස් කටයුතු වලට දක්ෂයි. හිතුවක්කාරයි. උපක්‍රම ශීලි වේ.
මකර -
ලග්නයේදී උත්සාහවන්තයි. මව්පස ඥාති්න්ගෙන් උදව් ලැබේ. ආදායම් තත්ත්වය යහපත්ය. 02 වැන්නේ දී බුද්ධිමත්ය. ශාස්ත්‍රීය අංශයෙන් දියුනුවක් ලබයි. දේපළ සඳහා මුදල් ආයෝජනය කරයි. 03 දී ත්‍යාගවන්තයි. ශස්ත්‍රිය අංශයෙන් උසස් තැනක් හිමිවේ. 04 දී දේපළ අතින් දියුණුයි. උසස් තනතුරු දරයි. 05 දී හිතුවක්කාරය. ඉගනීමට බාධක යෙදේ. 06 දී නිර්භීතයි. දේපල පිළිබඳ ආරවුල් ඇතිවේ. කාර්මිකයින්ට යහපත්ය. 07 දී නිහතමානීවෙයි. වෙද හෙදකම් වල නියැලීමට පුළුවනි. 08 දී තමාගේ මතයටම කටයුතු කරයි. රහසිගත ආදායම් මාර්ග ඇතිවේ. 09 දී දේපළ ලබයි. ශාස්ත්‍රිය අංශයෙන් දියුණුයි. 10 දී කාර්යශූරයි. තමාගේ මතයටම කට යුතු කරයි. 11 දී ඉඩම් දේපළ ලබයි. විදේශ ගමන් යෙදේ. 12 දී වියදම් අධිකයි. ගම් ප්‍රදේශයෙන් බැහැරව කටයුතු කරයි.
කුම්භ -
කුජ ලග්නයේ සිටීමෙන් කඩිසරයි. එඩිතරයි. ඉගනීමට දක්ෂයි. 02 දී කරුණාවන්තයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇතිවේ. 03 දී කීර්තිය ගෞරවය ලබයි. ඉගනීමට දක්ෂයි. 04 දී කරදර බාධක අභියෝගජයගනී දෙමාපියන්ට අපලයි. 05 දී ශක්තිය ධාරණා ශක්තිය හොඳින් පවතී. 06 දී තැන්පත්ය. ප්‍රේම සබදතා වලින් දුක් දෙයි. 07 දී විවාහ ජීවිතය ගැටලු සහිතය. ප්‍රසිද්ධයට පත්වේ. 08 දීද විවාහයේ ප්‍රශ්න ඇතිවේ. හදිසි අනතුරු වලට ලක්වේ. 09 දී කලාකාමීවේ. පියාට අපලයි. 10 දී උපක්‍රම ශීලිව කටයුතු කරයි. වකුගඩු ආබාධ හටගනී. 11 දී ඥනශක්තිය ධාරණශක්තිය හොදින් පවතී 12 දී ඉගනීමට දක්සයි. පිට පළාත්වලින් දියුණුව ලබයි.
මීන -
කුජ ලග්නගතවීමෙන් හිතුවක්කාරයි. ලේවල විසගතියක් පවතී. 02 දී කථාවට දක්ෂයි. දියුණුව උදාවේ. 03 දී නිරෝගී වෙයි. බලවත් සහෝදරයින් සිටිය හැකිය. 04 දී අසල්වාසින් ඥාතීන් සමඟ ආරවුල් ඇති කරගනී. පෙනහළු ආබාධ ඇතිවේ. 05 දී වැඩ කටයුතු ක්‍රමානුකූලව කරයි. උපක්රමදනී 06 දී සහකරු කරදර හා ලෙඩ රෝග සඳහා මුදල් වැයවේ. පාලනයට දක්ෂයි. 07 දී අනවශ්‍ය සම්බන්දධතා ඇති කරගනී. විරුද්ධවාදීන් සිටී. 08 දී ෙල් ෙදා්ෂ වීමෙන් රෝග වැළදේ. 09 දී උපක්‍රම ශීලිව කටයුතු කරයි. සහෝදර ඵල අඩුයි. 10 දී උද්යෝගයෙන් කටයුතු කරයි. ව්‍යාපාර වලට ශුභයි. 11 දී ආදායම් ලබයි. පෝසත්ෙව්. උසස් අය ආශ්‍රය කරයි. 12 දී ධනය නාස්තිවේ. වියදම් අධිකයි. අනවශ්‍ය කරදරවලට ලක්වේ.
මීරිගම විද්‍යාල මාවතේ ජෝතිෂවේදී
කලා භූෂණ
ආර්.ඇම්.ටී.බී රත්නායක
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔෙබි කේන්ද්‍ර සටහනේ කුජ සිටින තැන අනුව පලාපල දැනගන්න