IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඔබට දරුඵල අහිමිද ?

විවාහයට පත්වූ යුවලකගේ ඊළඟ ප්‍රයත්නය වනුයේ දරුවකු ලබාගැනීමයි. දරුවන් මව්පියන්ට සම්පතකි. සමහරු දරුවන් නැති සොවින් මුළු ජීවිතය පුරාම පසුතැවිල්ලෙන් පසුවෙති. ඔවුන් නොයන දේවාලයක් නැත. එසේම වන්දනාමාන කොට ප්‍රාර්ථනා නොකළ බෝධීන් වහන්සේ නමක් නැති තරම්ය. 

එසේ වුවද සමහරුන්ට දරුවන් වදයක් සේ පෙනෙන අවස්ථාද තිබේ. උපන් හැටියේ කිරි දරුවන් මරා දමන්නේද දරුවන් ගඟවල්වලට වීසි කරන්නේද මහ මග අතරමං කර දමා පැන යන්නේද එවැනි පාපිශ්ඨ මාපියන්ය. කෙසේ වෙතත් මෙම ආත්මයේ කිසියම් යුවලකට දරුවන් නොමැති නම් එසේ වී ඇත්තේ ඔවුන් ගිය ආත්මයේ සිදු කරන ලද විශාල පාපකර්මයක් නිසා විය හැක.  
දූ දරුවන් ගැන බැලීමේදී පුත්‍ර ස්ථානය වූ කේන්ද්‍රයේ පස්වැන්නාද පහේ සිටින ග්‍රහයාද පහ අධිපතියා සමඟ සිටින ග්‍රහයාද හෝ ග්‍රහයින්ද පහට දෘෂ්ඨ වැටෙන ඥ‌ානයන් ගැනද සොයා බැලීම වැදගත්ය. එසේම පහ අධිපති හය, අට, දොළහ සිටීම හෝ අශුභ දෘෂ්ඨි ලැබීමද දරුවන් අඩුවීමට හේතුය. පහ අධිපති ගුරුට නොපෙනීමද බලපායි.  


එසේ වන්නේ ගුරු පුත්‍රකාරක ග්‍රහයා වන බැවිනි.  


රාහු පහේ සිටින විට නීචවූ කුජගේ දෘෂ්ඨිය ලැබීමද රාහු සමඟ පහ අධිපති සිටීමද පස්වැන්නේ ස්ථාන ගතව සිටින සඳු නීචවූ ශනි දකිද පුත්‍ර කාරක ගුරු රාහු සමඟ ස්ථාන ගතව සිටියදී පහ අධිපතිද නීචව ලග්නාධිපති කුජ සමඟ සිටීමද ගුරු කුජ සමඟ යෝගව සිටියදී රාහු ලග්නයේ වීමද දරුවන් නොමැති වීමට හේතුවන බව එවැනි පුද්ගලයින්ගේ කේන්ද්‍ර පරික්ෂා කිරීමෙන් දැනගත හැක.  
ඉහත ආත්මවල හෝ මෙම ආත්මයේ දරුවන් ගබ්සා කිරීම නිසාද ගිය ආත්මයේ කුඩා දරුවන්ට දැඩිසේ හිංසා කිරීම නිසාද දරුවන්ට ඊර්ෂ්‍යා කිරීම නිසාද ගිය ආත්මයේ අහිංසක කුරුල්ලන් මරා කෑම නිසාද මෙම ආත්මයේ දරුවන් අහිමිවන බව පැරණි පොත්වල සඳහන්ය.  


පුත්‍ර ස්ථානාධිපති නැත්නම් පහ අධිපති සෙනසුරු සමඟ නම් දරුවන් අඩුවිය හැක. පුත්‍ර කාරක ග්‍රහයාවූ ගුරු නීච නම් දරුවන් අඩුය. නීච වූ ගුරුට උච්චවූ බලවත් ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබේ නම් මෙම තත්ත්වය පහව යනු ඇත.  


එසේම ලග්නය පාපී ග්‍රහයන්ට මැදිවීමද, චන්ද්‍රයා හත්වැන්නේ සහ රාහු හතර වැන්නේද ශනි පස් වැන්නේ සිටීමද පහ අධිපතියා අට අධිපති ශනි මාරු කර සිටීමද හතර අධිපති හා සඳු 6 වැන්නේ 8 වැන්නේ හෝ 12 සිටි විටදීද ලග්නයේ කුජ රාහු යෝගවී සිටීමද පස්වැන්නේ චන්ද්‍රයා හා ශනි ස්ථාන ගතවීමද දරුවන් අහිමිවීමට හේතුය.  


කෙසේ වුවද ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර බලා දරුඵල අඩු නම් ඒ සඳහා නිසි පිළියම් යෙදීමෙන් දරුඵල හිමිකර ගත හැක. ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් හා බලවත් යන්ත්‍ර මන්ත්‍ර තවමත් අප අතර නොනැසී පවතී. ඒ සඳහා සුදුසු පුද්ගලයින් සොයා ගත යුතුය.  


අද කාලයේ දරුවන් නැති අම්මලාට නවීන විද්‍යානුකූලව නළ දරුවන්, බීජ තැන්පත් කිරීම ආදිය මගින් දරුවන් ලබාගත හැකි වුවද ඒ සඳහාද පෙර ආත්මයේ පින් බලයක් තිබිය යුතුමය. ලක්ෂ ගණන් වියදම් කොට මෙම නවීන විද්‍යානුකූල ප්‍රතිකර්ම කළද සමහර කාන්තාවන්ට දරුවන් පිළිසිඳ නොගන්නේ ඔවුන් පෙර ආත්මයේ සිදු කරනු ලැබූ දරුණු පාප කර්ම හේතුවෙනි.  


එබැවින් මේ ආත්මයේ නිතර නිතර පිංකම් කරන්න. ද‌ානමාන කටයුතුවලට සහායවන්න. දන් දෙන්න. විශේෂයෙන් කුඩා දරුවන්ට ආදරය කරුණාව දක්වන්න. තෑගි බෝගදී ඔවුන්ගේ සිත් සතුටු කරන්න. එවිට ලබන ආත්මයේ හෝ දරුඵල ලබනු ඇත.  

 

 

 

 

 

 

 


එම්.ඒ. ගාමිණී සී. විජේවර්ධන  
සරසවි අසපුව, හපුගල, ගාල්ල  
071-9319444 



අදහස් (0)

ඔබට දරුඵල අහිමිද ?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5241 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site