IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එස්.ටී.එෆ්. පාතාලයන්ගේ නිවාස පීරයි

එස්.ටී.එෆ්. පාතාල මෙහෙයුම  

 

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කෙරුමන් කොළඹ දී දිනෙන් දින රැයක් දහවලක්, ඉවක් බවක් නොමැතිව මරාගැනීම හේතුවෙන් පාතාලයේ කෙරුම්කාරකම් පිළිබඳ යළිත් සමාජ කථිකාවක් හටගෙන ඇත. නීතිය සහ මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකර ටී.56න්, පිස්තෝලයෙන්, මන්නා පිහියෙන් මිනිසුන්ගේ ඉරණම විසඳවමින් සිටි මෙම පාතාලයන්ගේ ක්‍රියාකරකම් තුළින් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශය තුළ හටගෙන තිබුණේ ඉතාමත් භීතියකි.   

මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන්, අංගොඩ ලොක්කාගේ ගෝලයන්, කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයන්, ඝාතනයට ලක් වූ සමයංගේ ගෝලයන් විසින් දිනෙන් දින සිදුකරන මෙම මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල භීතිය කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල අස්සක් මුල්ලක් නෑර පැතිරෙමින් තිබියදීත්, මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීමත් සමඟ වසර ගණනක් තද නින්දක සිටි රටේ වගකිවයුත්තන් දැන් නින්දෙන් අවදිවී ඇත.   
පාතාලයට තිත තැබීමේ කාලය යළි පැමිණ ඇති හෙයින් පාතාල මර්දන මෙහෙයුම් නැවතත් ආරම්භ කර තිබුණි. මෙම මෙහෙයුම්වල සම්පූර්ණ වගකීම විශේෂ කාර්ය බළකාය වෙත පැවැරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.   


කවදත් පාතාල මර්දනයේ දිගු ඉතිහාසයක් ඇති විශේෂ කාර්ය බළකායට මෙවර එම අවස්ථාව හිමිව ඇත.   


මෙවර ද පාතාල සාමාජිකයන්ගේ කෙරුම්කාරකම්වලට සම්පූර්ණයෙන් තිත තැබීමේ භාරධූර කාර්යය සංවිධානාත්මක අපරාධ මර්දන හා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උර මත පවරා තිබුණි.   


මේ දක්වා පාතාලයට එරෙහිව රට පුරා සිදුකරන විවිධ මෙහෙයුම්වලින් තවත් ඔබ්බට ගොස් තවත් සුවිශේෂ ක්‍රියාකාරකමක් මීට දින කිහිපයකට පෙර විශේෂ කාර්ය බළකාය දියත් කළේය.   


ඒ බස්නාහිර පළාතේම පාතාලයින් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති සුවිශේෂී සෝදිසි මෙහෙයුමයි.


මත්කුඩු ජාවාරම ඇතුළු නීති විරෝධී ජාවාරම්වලින්, කප්පම් ගැනීමෙන් සහ ඝාතනයන්ගෙන් බස්නාහිර පළාතේ බලය පතුරුවා සිටින පාතාලයන්ගේ කැලෑ නීතිය යටපත් කර රටේම නීතිය පැතිරවීම මෙම නව මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණ විය.   


විශේෂ කාර්ය බළකාය පවසන පරිදි මෙම මෙහෙයුම් සඳහා බස්නාහිර පළාත; කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, මීගමුව, ගල්කිස්ස, කැලණිය යැයි කලාප 6ක් වෙන්කර එම කලාප තුළ මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.   


මේ සඳහා විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්, සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක නිලධාරීන්, විශේෂ අවි හා උපක‍්‍රම කණ්ඩායම්, සංග‍්‍රාමික යතුරුපැදි කණ්ඩායම්, චීටා කණ්ඩායම් හා සිවිල් ඇඳුමෙන් සැරසුණ නිලධාරීන් යොදවා ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.   


 මෙම මෙහෙයුම් සඳහා විශේෂ කාර්ය බළකායට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ත‍්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු ඒකක රැසකගේ සහාය හිමි වේ. 


මෙම ප‍්‍රදේශවල වෙසෙන පාතාල සාමාජිකයන් සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන්ගේ සහ එම ප‍්‍රදේශවල සිවිල් ඇඳුමෙන් ගැවසෙන භට කණ්ඩායම්වලින් ලබාගන්නා තොරතුරු අනුව විශේෂ කාර්ය බළකා කණ්ඩායම් ක්ෂණිකව සැකකරුවන් හා පරීක්ෂා කිරීම, ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් නිවෙස් පරීක්ෂා කිරීම, ක්ෂණික මාර්ග බාධක යොදා මෙහෙයුම් සිදුකිරීම මෙම විශේෂ මෙහෙයුමට අයත් වේ.   


බුද්ධි නිලධාරීන් හා සිවිල් ඇඳුමෙන් සැරසුණ භට පිරිස් එම කාලය තුළ ස්ථානගත කර එම නිලධාරීන් එම ප‍්‍රදේශවල ගැවසෙන පාතාලයන්ගේ හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු රැස් කරන අතර එම තොරතුරු මත සෙසු භට කණ්ඩායම් සැකකරුවන් සොයා ඔවුන්ගේ නිවෙස් වටලයි.   

 

බස්නාහිර පළාත තුළ දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත්, දූනහග සුජී, සමයං, අගොඩ ලෙක්කා, ගනේමුල්ල සංජීව, කටානේ ලලිත් පින්තු, මොරටුව ප‍්‍රදේශයේ ගොනා කෝවිලේ රෝහණ, ලන්සියා යන අයගේ කල්ලි ඉන් කිහිපයක් වන අතර මාලිගාවත්ත ප‍්‍රදේශයේ වෙනම මුස්ලිම් පාතාල කල්ලි රැසක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙම පාතාල කල්ලි සාමාජිකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් පිළිබඳව විශේෂ කාර්ය බළකායේ අවධානය යොමු වී ඇති බවත් මෙම විශේෂ මෙහෙයුම් හරහා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය කියයි.  


මේ අනුව දැනට භට කණ්ඩායම් තලංගම, නුගේගොඩ, මාලබේ, කඩුවෙල, හංවැල්ල, රාගම, මිනුවන්ගොඩ, පස්යාල යන ප‍්‍රදේශවල පදිංචි පාතාල නායකයන්ගේ නිවෙස් රැසක්ම වටලා තිබූ අතර ඒ වනවිට ඔවුන් නිවෙස්වලින් පැනගොස් තිබුණි.   


ඒම විශේෂ මෙහෙයුම් පිළිබඳ කන වැටීමත් සමඟ බස්නාහිර පළාගේ රඟදක්වමින් සිටි බොහෝ පාතාල කෙරුමෝ සිය ගම් බිම් අතහැර පළා යාමේ තත්ත්වයට පත්ව සිටිති.   


මෙම පාතාලයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිලධාරීන්ට බොරු තොරතුරු ලබා දුන් එම පාතාලයන්ගේ ඥාතීන්ට ද දැඩි අවවාද සිදුකර තිබුණි.   


ගත වූ දින කිහිපය තුළ සිදුකළ මෙහෙයුම් තුළින් පාතාලයන් සහ ඔවුන්ගේ ගෝලයන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට භට පිරිස් සමත් වූහ.   


ඩුබායි රටේ සිට පාතාල ක්‍රියාකාරකම්වල නිරත කෙසෙල්වත්ත දිනුකගේ කෙසෙල්වත්තේ සුවිසල් මන්දිරය පසුගියදා වටලා එහි තිබී පිස්තෝල හා උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ භට පිරිස් සමත් වූහ.   


භට පිරිස් නිවස වටලන අවස්ථාවේ නිවෙසේ තිබූ පිස්තෝල උණ්ඩ රැසක් පොලිතින් උරවල දමා යාබද වත්තකට වීසි කළ දිනුකගේ පුංචි අම්මා එම මොහොතේදීම අත්අඩංගුවට පත් වූවාය.   


අපරාධ කිරීම සඳහා පැමිණ එම සුවිසල් නිවසේ සැඟව සිටි දිනුකගේ ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට භට පිරිස් සමත් වූහ.   


තව ද මෙම විශේෂ මෙහෙයුමේ දී බ්ලූමැන්ඩල් සංඛගේ හා ආමි සම්පත්ගේ ගෝලයකු වු බ්ලූමැන්ඩල් පැතුම් නොහොත් උක්කුවා හෙරොයින් ග‍්‍රෑම් 6කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීම, මීට අමතරව මධූෂ්ගේ, සමයංගේ, දිනුකගේ, අංගොඩ ලොක්කාගේ, ලඩියාගේ, දූනගහ සුජීගේ ගෝලයන් රැසක් සිටින නිවෙස් රැසක් සෝදිසියට ලක්කිරීම මෙම මෙහෙයුම් හරහා සිදුකර කර තිබුණි.   


බස්නාහිර පළාත තුළ දැනට පාතාල කල්ලි 50කට ආසන්න ප‍්‍රමාණයක් ක්‍රියාත්මක වන අතර ඉන් බොහෝ පාතාල ප‍්‍රබලයන් ඝාතනයට ලක්ව සිටිය ද ඔවුන්ගේ ගෝලයන් පිරිසක් තවමත් එම කල්ලිවල අණසක පතුරවමින් සිටිති.   


බස්නාහිර පළාත තුළ දෙමටගොඩ චමින්ද, බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත්, දූනහග සුජී, සමයං, අගොඩ ලෙක්කා, ගනේමුල්ල සංජීව, කටානේ ලලිත් පින්තු, මොරටුව ප‍්‍රදේශයේ ගොනා කෝවිලේ රෝහණ, ලන්සියා යන අයගේ කල්ලි ඉන් කිහිපයක් වන අතර මාලිගාවත්ත ප‍්‍රදේශයේ වෙනම මුස්ලිම් පාතාල කල්ලි රැසක් ක්‍රියාත්මක වෙමින් පවතියි.   


මෙම පාතාල කල්ලි සාමාජිකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් පිළිබඳව විශේෂ කාර්ය බළකායේ අවධානය යොමු වී ඇති බවත් මෙම විශේෂ මෙහෙයුම් හරහා ඔවුන් ද අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය කියයි.   


විශේෂ කාර්ය බළකායේ භට පිරිස් මේ වසරේ මේ දක්වා රට තුළ සිදුකළ මෙහෙයුම්වලින් පාතාල සාමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන දඩල්ලගේ මංජු නමැත්තා වෙඩි වැදී මිය ගියේය.   


මධූෂ්ගේ ආමි සම්පත්ගේ අංගොඩ ලොක්කාගේ සමයංගේ දිනුකගේ ගෝලයන් 20කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.   


මොවුන් අතර මධූෂ්ගේ ගෝලයෙක් වන චින්තක, පෑලියගොඩ බැරල් සංඛ, කටානේ දිනුක, ග‍්‍රෑන්ඩ්පාස් හි පොඩි උණ, කැලණියේ හූනා, මෝදර සාරංග, වැල්ලම්පිටියේ කුඩු නුවන්, මෝදර උක්කුං යන කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.   


මෙම වසරේ ගත වූ මාස 3ක කාලය තුළ මෙම කල්ලි විසින් සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් ඝාතනයට ලක්ව ඇත.   

 

 

 


සටහන - ඉන්දිකා රාමනායක



අදහස් (0)

එස්.ටී.එෆ්. පාතාලයන්ගේ නිවාස පීරයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10919 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6209 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5928 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5247 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3234 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1705 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1693 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site