2017 අගෝස්තු මස 17 දින දක්වා කේතු හිමි 01 නැකතේ සිංහ රාශිය තුළ ගමන් ගන්නා රාහු ඡායා ග්‍රහයා ලංකා කේන්ද්‍ර සටහන අනුව එදින උදාව පැවති අනුර නැකතට විපත් නැකතවීම නිසා ගෙවී ගිය කාල පරිච්ඡෙදය තුළ ව්‍යසන විපත් අර්බුද ගැටලු රාශියක් නිර්මාණය වීමේ බලවත්ම සාධකය විය.
එමෙන්ම කුම්භ ලග්න කේන්ද්‍රයට අටවැනි රාශි වූ කන්‍යාව තුළ ගුරු ග්‍රහයාගේ ගමන් රටාවද ඉතා අහිතකර විය. ගුරු ග්‍රහයා අටවැන්නේ ගමන උණරෝග හටගැනීමක් පිළිබඳ ජ්‍යෝතිෂවේදයේ සඳහන් වෙයි. මේ කරුණු නිසා උණ වසංගත රෝගයද දිවයින පුරා බහුල විය.
මේ තත්ත්වය 2017 සැප්තැම්බර් මස 13 දින ගුරු ග්‍රහයා තුලා රාශියට ප්රවේශවීමෙන් සහනදායක තත්ත්වයක් උදාවෙනු ඇත. 2017 ඔක්තෝබර් මස 27 දිනයෙන් පසුව බොහෝ දුරට අවුල් වියවුල් රෝග පීඩා තත්ත්වය ඉවත්ව යනු ඇත. විශේෂයෙන්ම රාහු ගමන් ගත් මා නැකත හිමි කේතු ග්‍රහයා රෝගපීඩා දෙනු ලබන ලෙඩ ග්‍රහයෙකි.
මෙම තත්ත්වයෙන් නිදහස්ව රාහුග්රහ ගමන ඊළඟට යෙදෙන්නේ බුද ග්‍රහයා හිමි අස්ලිස නැකත ආශ්‍රිතවය. බුද්ධිය, නැණ, නුවණ පිළිබඳ අර්බුද ඇතිවන්නේ ඊළඟටය. 2017 අගෝස්තු මස 17 දින රාහු කටක රාශියට ප්රවේශවෙයි.
බුද ග්‍රහයා හිමි නැකත් ක්ෙෂ්ත්‍රය බලවත් පාපග්රහ රාහු පීඩාවකට යොමුවීමෙන් 2018 පෙබරවාරි මස 21 දින දක්වා ඥානය බුද්ධියට බාධා ගෙනදෙන තත්ත්වයක් උදාවීමට පුළුවන.
විශේෂයෙන් ජ්‍යෙතිෂ ශාස්ත්රයේදී බුධ ග්‍රහයා නියෝජනය කරන්නේ නැණ නුවණය. බුද්ධිය අවුල් කරන ග්‍රහචාරයක් නිර්මාණයවීම සුබදායක නොවේ. අප රට තුළ සිටින විවිධ ශ්‍රේණිවලට අයත් උගතුන් බුද්ධිමතුන් මෙම රාහු ග්‍රහ පීඩනයට ලක්වෙයි. ඉදිරියට මාස හයක පමණ කාලයක් පවතී.
බුද්ධිය හීනවන කාලයකි. ශිෂ්‍යයින්ට, උගතුන්ට ඉතා පීඩාකාරී කාලපරිච්ඡෙදයක් වීමට මේ කාලසීමාව හේතු වන නිසා ඉවසීමෙන් ඥානවන්තව සිටීම යහපත්වෙනු ඇත. 2018 පෙබරවාරි මස අගභාගය දක්වා පවතින නිසා විශේෂයෙන් කුම්භ ලග්න ග්‍රහ සටහන අනුව ඉදිරි කාලයේදී ද රාහු ග්‍රහ දසා කාලයක් ගෙවීයන ශනි චන්ද්‍ර ඒරාෂ්ටක අපල කාලයකුත් නිසා සුබදායක තත්ත්වයක් නොවේ.
සැම දෙනා තුළ මානසික පීඩාකාරී තත්ත්වයක්ද ඇතිවීමට සාධක ඇත. බලාපොරොත්තු නොවූ තත්ත්වයක් ඇතිවෙයි. ග්‍රහචාරය වික්ෂිප්තය.
කුම්භ ලග්නයට භාග්‍යස්ථානය වූ (09) නමවන රාශියට යම් තරමකින්, ගුරු ග්‍රහයාගේ පැමිණීම සුබදායක වෙයි. ධනය මිල මුදල් ලැබීමේ භාග්‍යය උදාකරයි. බොහෝ කාලයකට පසු ඉදිරි වර්ෂයේ විදේශීය සම්පත් ආදියෙන් යහපත් තත්ත්වයක් උදාවෙයි. රටට ධනය ලැබේ.
වර්තමානයේ උදාවන ග්‍රහ ගමන් කිසියම් දේශපාලනමය ග්‍රහ තත්ත්වයන් නොව විශ්වයේ පවතින ග්‍රහචාරය අනුව සිදුවන්නකි. රාහු දසා කාලයන් ලැබූ විට, බොහෝ අයට මානසික පීඩාකාරී අවුල් වියවුල් සහිත තත්ත්වයක්ද අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ට උනන්දුව හීනවීම දුර්වලතා මතුකරන අතර අවවාද උපදෙස් පවා ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් ඇති වන බව ජ්‍යෝතිෂ ශාස්ත්රයේ සඳහන් වෙයි.
යමෙක් උපන් ග්‍රහචාරය අනුව රාහු 11 වන රාශියේ හෝ 03 වන රාශියේ 06 වන රාශියේ යෙදීම රාහු දසා කාලයේ වුවද උසස් ප්‍රතිඵල ලැබෙන අතර මෙකී රාශි තුළ රාහුට මිත්‍රශීලි යහපත් රාශියක්වීම වඩාත් සුබඵලදායකය. විශේෂයෙන් රාහු එකොළොස්වන රාශියේ වීම සියලු අරිෂ්ඨ දෝෂ භංගවන මහා බලවත් ග්‍රහයෝගයකි. ලංකා කේන්ද්‍රයේ තෙවන 03 වන රාශියේ මේෂයේ වීම නිසා දැනට ගෙවීයන කාලය රාහු දසා වූවත් ඔරොත්තුදීමේ සවියක් පවතී.
2017 අගෝස්තු මස 17 දිනයෙන් පසු දැනට පවතින විවිධ අර්බුද අයහපත් තත්ත්වය නිමාවට පත්වන්නේය. ඉන් පසු රාහුග්‍රහයා (06) වන රාශියට සිදුවන ග්‍රහ ගමන අනුව අප ලක්බිමට දේශයට එරෙහිව සියලු බලවේගයන් සංවිධානයන් නිෂ්ප්රභාවට පත්වනු ඇත. රටේ අභිමානය බලය ඉදිරි කාලයේ සුරක්ෂිත වනු ඇත. රාහු පස්වැනි රාශියේ ගමන සුබදායකය
ලක්දිව සුරකින විෂ්ණු ලක්ෂ්මි යෝග බලය ක්‍රියාත්මක වන්නේ කෙසේ හෝ අවසන් හෝරාවේදී මහත් බල සම්පන්න වූ විෂ්ණු දෙවියෝ බුද්ධ ශාසනයේ ආරක්ෂාවට කැපවී සිටිති. සත් ධර්මය නොරකින අයට විවිධ අනිටුපල හිමිවෙනු ඇත. බුදුහිමියෝ පිරිනිවන් මංචකයේදී ශ්‍රී ලංකාදේශයත් බුදුසසුනත් ආරක්ෂා කිරීමට උපුල්වන් මහා විෂ්ණු දෙවියන්ට භාර කළ බව සඳහන් වෙයි.
මේ කරුණු ලංකා කේන්ද්‍රයේ බුධ සිකුරු ලග්න රාශියේ යෙදීමෙන් වඩාත් සනාථ වෙයි. 1962, 1991, 1989 දී සහ දශක තුනක් පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්ධයෙන්ද අවසන් හෝරාවේදී ජයග්‍රහණය ලැබීම දෙවියන්ගේ ආශිර්වාදයක් විය. විවිධ කාල පරාසයන් තුළ විදේශිය බලවේග හමුවේත් විවිධ ගැටලු ගැහැට සිදුවූ ජාතියක් ලෙස පරාධීන මෙන්ම යටත්වෙමින් පැවතියද යහපත් බවේ සහ ධාර්මික බවේ සංකේතවත් වූ පිරිස්ද මෙම මිහිතලය මත ජීවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස බුදුදහමත් රටත් ඉතුරු විය.
මිනිසුන් ගුණගරුකවීමෙන් සිදුවන්නා වූ යහපත අවබෝධකර ගැනීමට අසමත් පිරිස් සිටින තාක් ව්‍යසන විපත් අවම නොවනු ඇත. ග්‍රහ බලය තුළින් හෝ අදෘෂ්‍යමාන ශක්තීන් තුළින් එන විශ්ව බලවේගයන් මර්දනය වීම දුෂ්කර වන්නේ හොරකම, වංචාව, බොරුව සරල ක්‍රියාකාරකම් සේ සමාජගතව ඇති නිසාය. කලියුගය නිමාවනතෙක් මේ ගමන එසේ පවතී.
ලයනල් සමරසිංහ
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉදිරි ග්‍රහ ගමන් ශුභදායකද