මාපටැඟිල්ල, දඹරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල සහ සුළැඟිල්ල යනුවෙන් අතක ඇඟිලි පහක් පිහිටා ඇත. එම ඇඟිලි එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්ත වේ. සමහර ස්ත්‍රී, පුරුෂයන්ගේ අතේ ඇඟිලි පහකට වඩා පිහිටා තිබීමට පුළුවනි. එවිට එය අශුභ ලක්ෂණයක් හැටියට දත යුතුය. එවැනි ඇත්තන්ගේ ආයුෂ හීනය. අන්‍යයන්ගේ යටතට පත්වන ගතියකි. වෙසෙසින්ම දුක්බර ජීවිතයක් උරුම වෙයි. මනාව වැඩුණු ප්‍රියමනාප දිගු ඇඟිලි දේහ ලක්ෂණ බැලීමේදි ශුභ ප්‍රතිඵල ඇති කරයි.
යමකුගේ දබරැඟිල්ල මැදැඟිල්ලට වඩා දිගු නම් හෝ සමාන දිගකින් යුතු නම් ඔහු හෝ ඇය විනෝදයට බර කෙනෙකි. තම අභිලාෂයන් කෙසේ හෝ මුදුන් පත් කර ගනී. තනතුරු නම්බුනාම ප්‍රිය ය. දබරැඟිල්ල වෙදැඟිල්ලට වඩා දිගු නම් සහකරුට හෝ සහකාරියට පක්ෂපාතීය. මැදඟිල්ල වක්ව පිහිටයි නම් ඔවුනට ඇත්තේ දැඩි දරුණු සිතකි. මනුෂ්‍ය ගුණ ධර්මවලින් හීනය. කෙටි සුළැඟිල්ලක් පිහිටීම දියුණු බවේ ලක්ෂණයකි. එසේම සුළැඟිල්ල දිගු නම් දියුණුවට පැමිණේ. ආර්ථිකය අතින් බොහෝ ශක්තිමත් වේ. වියත් කථිකත්වයකි. ලිවීමෙහි දක්ෂය.
යම් ස්ත්‍රියකගේ ඇඟිලි සිනිඳු නම් ද වටව මනාව පිහිටා ඇඟිලි තුඩු උල්ව ඇත්නම් ද එය වාසනාවන්ත ලකුණකි. උතුම් මනුෂ්‍ය ගුණධර්ම සිත පිහිටයි. ධන ධාන්‍යාදී සැප සම්පත් ලබන්නීය. වැඩ කටයුතු ක්‍රමානුකූලය.
කාර්යක්ෂමය. එම ඇඟිලි රත් පැහැ නම් ඉතාමත් වාසනාවන්ත කතකි. කළු හෝ කහ පැහැ ගනී නම් අශුභ ප්‍රතිඵලය. ඇඟිලි කොට නම් දුක්බර ජීවිතයකි. වක් වූ ඇඟිලි ද එම ප්‍රතිඵලයක්ම ගෙන දෙයි. ඇඟිලි එක් කළ විට ඇඟිලි අතර සිදුරු පිහිටන්නේ නම් දිළිඳු බවේ සංකේතයකි. ශරීර සනීපයටද බාධා ඇති වේ. සිදුරු නොමැති නම් විවාහය සැපවත්ය.
පුරුෂයන්ගේ ඇඟිලි දිගුවීම ශුභය. හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි වේ. කම්මැලි නැත. ඕනෑම ආපදා තත්ත්වයක දී වුවද නොසැලී සිටීමට තරම් සිත ශක්තිමත්ය. ප්‍රේමය, විවාහය, ඉක්මන් වේ. අභියෝග ජය ගනී. ක්ෂණික තීන්දු තීරණ ගන්නා අතර සමහර ඒවා වැරදි තීන්දු තීරණය. මාපටැඟිල්ල දබරැඟිල්ල දෙසට නොනැමී දකුණට හැරි මනාව පිහිටා ඇත්නම් ඔහු ධනවතෙකි. උනන්දුව උත්සාහය ඔහු කෙරෙන් විද්‍යමානය. ඉවසීමේ ගුණයෙන්ද යුතුය. තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙසෙසින්ම උනන්දුය. වක්වූ හෝ කොට ඇඟිලි පිහිටීම ජීවන ගමන දුක්බරය. වියළී ගිය ආකාරයෙන් ඇඟිලි පිහිටීම වැරදි තීරණ ගන්නා ලක්ෂණයකි. එහෙයින්ම පසුතැවිලිවීමට කරුණු ද සැලසේ.
මංජුල තරුකෙම
වැල්ලවාය
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇඟිලිවලින් කියැවෙන ජීවන තොරතුරු