හෙළයේ මහා නැකත් කෙළිය හෙවත් සූරිය මංගල්‍යයේ දී මහරජ මැඳුරේ සිට දුගී පැල්පත දක්වා එදිනට ජ්‍යොතිෂයට ඉතා වටිනා අගනා ගරුත්වයක් මෙන්ම ගාම්භීරත්වයක් ලැබෙනු ඇත. මෙහිදී නව සඳ බැලීමේ සිට පරණ අවුරුද්දේ ස්නානය කිරීම අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිප ගිනි මෙළවීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය, හිස තෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත්වීම යනු ලබන සියලු ක්‍රියාවන්ට නැකත් ශාස්ත්‍රය මුල් වනු ඇත.
වසරක් ගෙවී නව වසරක් උදාවන විටදී කාන්තා පක්ෂයට ඉතා කාර්ය බහුල වැඩ කටයුතු රාශියකට මූලිකත්වය ගෙන දී කටයුතු කිරීමට සිදුවෙනු ඇත. එහිදී විශේෂයෙන් මුළුතැන්ගෙය තුළ විවිධ රස කැවිලි වර්ග මෙන්ම ආහාර පාන සකස් කිරීමට ගෘහණිය උත්සුක වනු ඇත. තම ස්වාමි භක්තිය, දරු සෙනෙහස, ආගන්තුක සත්කාර මෙන්ම පවුලේ සාමය, සමගිය උදෙසා මහ වෙහෙසක් දරන ඇය අපගේ ඉතා පැරණි කෙම් පහන් ක්‍රමවේදයන් අනුගමනය කිරීමටද ගෙවිලිය අමතක නොකරනු ඇත.
විශේෂයෙන් ගෙවී යන පරණ අවුරුද්ද නිමා වීමට පෙර පරණ ළිපේ අළු සහ මුළුතැන්ගෙය තුළ අතුගා එකතු වෙන කුණු රොඩු පරණ අවුරුද්දේ ප්‍රයෝජනයට ගත් පරණ කුල්ලට දමා අළුමුත්තා පිදීම, කුණුමුත්තා පිදීම, අළුබොක්කා පිදීම, අළුකුමාරයා පිදීම යනුවෙන් විවිධ පළාත්වලට ආවේණික අයුරින් ඉහත නමකින් යුතුව ඈත පිටිසර ගෙවිලියන් විසින් තවමත් එම කෙම්පහන් ක්‍රමවේදයන් කරනු ලැබේ. අළුත් අවුරුද්ද උදෙසා පිළියෙල කරන ලද සියලුම රස කැවිලි වර්ග සහ බත්, මාළු මෙන්ම අළු කෙසෙල් ඇවරියක්, බුලත් විටක්, පැන් භාජනයක්, පරණ කාසියක්, කැවිලි වර්ග, බැදගත් පසු ඉතිරි තෙල් වලින් පහනක් දැල්වීම ද මෙයට අයත් වේ. එම කුල්ලට පරණ ළිපේ අළු වඩා එයට උඩින් අළු කෙසෙල් ඇවරියක්, බුලත් විටක්, පැන් භාජනයක්, පරණ කාසියක්, කැවිලි වර්ග, බැදගත් පසු ඉතිරි තෙල්වලින් පහනක් දැල්වීමද මෙයට අයත් වේ. එම කුල්ලට පරණ ළිපේ අළු වඩා එයට උඩින් අළු කෙසෙල් කොළයක් කුල්ලට එලා ඉන් පසු ඉහත දැක්වෙන සියලු දේ පුදා ගෘහණිය විසින් තම ගෙවත්තේ වැට මායිමේ පාළු තැනක අළු මුත්තා වෙනුවෙන් පරණ අවුරුද්ද ගෙවී යන යාමයේ ගෙවිලිය විසින් අළුමුත්තා පුදනු ලැබේ.
ෙමහිදී ඉහත නාමයන් ගෙන් සැදුම්ලත් අදෘෂ්‍යමාන පැරණි ගැමි විශ්වාසයන් පෙර දැරි කරගෙන ලබන්නා වූ නව වසර තුළත් අගහිඟකම්වලින් තොර සාමය, සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් ප්‍රාර්ථනා කිරීමේ අරමුණක් මෙන්ම ගෙවී යන වසර තුළ බාධාවකින් තොර උයා පිහා ගැනීමට උදව් උපකාර වුණු ළිපට ගරු කිරීමක් හෝ කළගුණ සැලකීමේ කෙම් පහන් ක්‍රමවේදයන් ද විය හැකිය. ඇතැම් ප්‍රදේශවල තම තමන්ගේ මළගිය ඥාතීන් සිහිපත් කර ඉහත සියල්ල අලුත් වට්ටියකට පුදා වත්තෙන් පිට තුන්මංසල තුළ ද තබනු ඇත. එසේම හිස තෙල් ගානු ලබන දවසේ ද මෙවැනි පුද සත්කාර ක්‍රමවේදයන් ප්‍රකටව හෝ අප්‍රකටව ගෙවිලිය විසින් කරනු ලැබේ.
උදාවන නව වසර ඔබ සැමට සෞභාග්‍යමත් නව වසරක් වේවා!
කීර්ති ශ්‍රී ලංකාභිමානී, ෙජ්‍යාතිෂ විද්‍යා විශාරද ගුප්ත විද්‍යාවේදී,
ජේ.එම්.ජයන්ත ඒකනායක
සියපත කාර්යාලය
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල.
077-3530607
web site:siyapathalanka.webs.com
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අලුත් අවුරුද්දට පෙර පරණ අවුරුද්දේ ගෙවිලිය විසින් අළු මුත්තා ප්‍ුදන චාරිත්‍රය