IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අනියම් පෙමට වන්දි ගෙවන කිරිසප්පයෝ

 

සමාජයේ තිබෙන කුඩාම ඒකකය පවුල වන අතර භාර්යාව, ස්වාමිපුරුෂයා වශයෙන් හෝ මව, පියා සහ දරුවන් ලෙස එය පැවතිය හැක. අනාදිමත් කාලයක පටන් පවුල යන ඒකකය වටා ගොඩනැගුණු විවිධ සමාජ රටාවන් (Social Cultures) තිබුණු අතර එය ප්‍රාදේශීයව හෝ භූගෝලීය සාධක මත වෙනස්වුණි. සම්මත පවුල විටෙක සංකීර්ණ පවුලක් ලෙස පැවතියේ එතුළ බිරිඳගේ හෝ‍ ස්වාමිපුරුෂයාගේ දෙමව්පියන් හා සහෝදර ස​හෝදරියන් ජීවත් වන විටය.   


කෙසේ නමුත් අප ජීවත් වන සමාජය ගොඩනැගී ඇත්තේ මෙකී පවුල් රාශියක එකතුවකිනි. නමුත් මෙම සියවසේ පවුල් සංස්ථාවේ අවංකභාවය බිඳීගිය සිද්ධීන් ලක්ෂ ගණනින් ලොව පුරා අසන්නට දකින්නට ලැබී ඇත.

 

අද ගවේෂණයට පාදක වූයේ අනියම් පෙම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ළදරුවන් පිළිබඳවය. ඉතාමත් රහසිගත තොරතුරු මගින් මෙතෙක් මාධ්‍ය වෙත පවා අනාවරණය නොවූ අහස පොළොව නුහුලන සංවේදී සිද්ධීන් හා ඊට පාදකවූ හේතු තුළින් පාඨකයාගේ අනාගතයට යහපත් ලෙස හැඩගැසීමට යොමුකිරීම මෙහි අරමුණ වේ.   


අනියම් පෙම වචනාර්ථයෙන්ම නියම නොවන වන අතර විවාහය යන උතුම් බැඳීම තුළ තිබිය යුත්තේ ජීවිත කාලය පුරාවටම එක් සහකරුවකු හෝ සහකාරියක පමණි. නමුත් මිල මුදල්, තනතුරු හා බලය සේම කාමය සඳහා බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මෙසේ අනියම් පෙම් සබඳතාවලට යොමු විය හැක. සමාජය හෝ නීතිය මෙවැනි අනියම් සබඳතා අනුමත නොකරන අතර සාධාරණ හේතු මත දික්කසාදය පමණක් අනුමත කෙරේ.   


මීට සති කිහිපයකට පෙර එක්තරා කාන්තා රෝහලක ඉපදුණු දිනක් වයසැති කිරි සප්පයකුව එම රෝහල ළඟදීම ගෙල මිරිකා මරා දැමීමේ මාධ්‍යයට අනාවරණය නොවූ සිද්ධිය පාදක කොටගෙන මෙවැනි සිද්ධීන් කිහිපයක් සහ ඒවාට පදනම් වූ කතාවන් සොයාගන්නා ලදී.   


සති 40 ක් නැතහොත් දසමසක් පමණ කුසේ දරාගෙන මෙලොවට බිහි කළ දරුවාව තමාගේම දෑතින් මරා දැමීමට තරම් අම්මා කෙනෙකු ප්‍රචණ්ඩ වූයේ මන්ද? සහ අම්මා කෙනකු සහ තම ලේ ඇට මස්වලින් උපදින ළදරුවා අතර පැවතිය යුතු සම්බන්ධය මෙතරම් පහත් ගණයට වැටුණේ ඇයි දැයි කියා අපි සොයා බැලුවෙමු. එහිදී අවාසනාවන්ත ලෙස අපට හමුවූ හේතුව වූයේ අනියම් සබඳතා විය.   


අවිස්සාවේල්ලට නුදුරුව පදිංචි අයේෂා යනු ගුරුවරියකි. යෝජිත විවාහයකින් තම සැමියා ගයාන් හමුවූ අතර ඔහු වෘත්තිමය ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළේය. විවාහයට පෙර සහ පසු මාස කිහිපයක් යනතුරු ගයාන් අයේෂා සමග ඉතාමත් සතුටින් සාමයෙන් කල් ගෙවීය. නමුත් කාලය ගතවත්ම ගයාන්ට මෝස්තර නිරූපණ ඡායාරූප කටයුතු සඳහා කොළඹට පැමිණ දින දෙක තුන නැවතී වැඩ කරන්නට සිදුවිය. අයේෂාට හොරා ගයාන් අනියම් සබඳතා පටන් ගත්තේ එදවස පටන් නම් නොවීය. විවාහයට පෙරත් මෙවැනි ලිංගික අල්ලස් ලබාදෙන නිරූපිකාවන් සමග ගයාන් යහමින් සබඳතා පැවැත්වීය.   


කෙසේ හෝ විවාහයට පෙර මෙන් දින දෙක තුන ගෙදරින් පිට සිටිය නොහැකි නිසා මුල් කාලයේ එලෙස කිරීමට ගයාන්ට නොහැකි විය. එම නිසා කල්යත්ම ගයාන් තම සුපුරුදු සල්ලාල ජීවිතය පටන්ගන්නා ලදී. ගයාන්ට ස්ථිරවම අනියම් සබඳතා පැවැත්වූ තරුණියන් දෙදෙනක් වූහ. විටෙක ගයාන් ඔවුන් සමග මුළු දවස පුරා කාලය ගත කොට ඇත. ගයාන්ගේ මේ හැසිරීමත් ඔහු කියූ සමහර ඡායාරූප දර්ශනවල නොගැලපීමත් සමග අයේෂාට ගයාන් කෙරෙහි සැකයක් මතුවන්නට විය.  

 
එම නිසාම ඔවුන් දෙදෙනා අතර රණ්ඩු සරුවල් පවා ඇතිවුණි. ඒ වනවිට අයේෂා සිවුමස් ගැබිණියක් වී සිටි අතර නිතරම ද්වේෂ සහගත ලෙස තරහකින් සිටි නිසා අයේෂාට ගයාන් කෙරෙහි දැඩි වෛරී සිතුවිලි හටගෙන තිබුණි. ඇගේ එම හැසිරීමට පාසලෙන්ද ඇයට අවවාදාත්මක ලිපි පවා ලැබී තිබුණි. කෙසේ හෝ දිනක් ගයාන්ගේ පැටිකිරිය අයේෂාගේ අතටම හසුවන විට ගයාන් සිටියේ සිනමාහලක (BOX) කාමර කුටියකය.   

 

 


කෙසේ හෝ අයේෂාගේ දරු ගැබ ක්‍රමයෙන් වැඩෙන්නට විය. අයේෂාගේ මනස කෙතරම් දරුණු වූවාද යැයි කිවහොත් ගයාන්ට දාව උපදින්නට යන දරුවා පිළිබඳව පවා වෛරී සිතුවිලි ඇයට ඇතිවුණි. ඇගේ මානසික මට්ටම විශාදයකට තරම් ළංවූ බව අපට දැනගන්න ලැබුණේ අයේෂා අත්අඩංගුවට පත්වූ පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂණ මත බවයි.   


ගයාන්ගේ කල්ක්‍රියාව තුළ අයේෂාගේ ජීවිතය විඳවන්නට වූ අතර දරුවා පිළිබඳ යම් ආසාවක් ගයාන් තුළ නොතිබුණා නොවෙයි. කෙසේ හෝ කාලය ගතවුණි. ප්‍රසූත කාලය ළඟාවූ බැවින් අයේෂාව රජයේ කාන්තා රෝහලකට ඇතුළු කළේ අයේෂාගේ දෙමව්පියන් විසිනි. මන්ද පසුගිය කාලය පුරාවට අයේෂා හා ගයාන් වෙන් වෙන්ව වාසය කළ බැවිනි. ගයාන් වැනි සල්ලාලයකු නිසා තම ජීවිතය විනාශ වී යයි නිතරම අයේෂා තුළ දෝලනය වූ සංකල්පය විය. දරු ගැබ නිසා දික්කසාද වීමට තරම් දෙදෙනාට පුළුවන්කමක් නොතිබූ නමුත් අයේෂාට නම් මෙම විවාහය නීරස වී තිබුණේ මාස කිහිපයක සිටය.   


අවසාන වශයෙන් අයේෂාට ලස්සන දරු පැටියෙකු ලැබුණි. පිරිමි දරුවෙකි. කොතරම් ප්‍රසූත වේදනාවන් දරා දරුවකු බිහි කළද එම දරුවාගේ මුහුණ දකින මවකට ඇය විඳි සියලුම වේදනා පහව ගොස් මුවඟට සිනහවක් නැගෙන බව ලොවම දන්නා කරුණකි. නමුත් අයේෂාට නම් එලෙස වූයේ නැත. මන්ද ගයාන් තුළ තිබූ තරහව එම පිරිමි දරු පැටියා දැකීමෙන් ඇයට තවත් වැඩිවුණි. පියා මෙන්ම මොහුත් සල්ලාලයෙකු වෙතැයි තරම් කෝපයක් අයේෂාට ඇතිවුණි. අවසාන වශයෙන් අහස පොළව නුහුලන තරම් අපරාධයක් සිදුකිරීමට තරම් අයේෂාගේ සිත දරුණු විය.   


එනම් දරුවා ලැබුණු දිනට පසුදින රාත්‍රියේ වාට්ටුවේ සැවොම සුව නින්දක පසුවන කල අයේෂා තම කුසින් ජනිත කළ ළදරුවාගේ ගෙල රෙද්දකින් තද කොට මරා දැමුවාය.   


පසුව අයේෂා පොලිසිය බාරයට පත්ව රිමාන්ඩ් කරන ලදී. සිර දඬුවමක් විඳීමටත් මානසික මට්ටම් පරීක්ෂාවක් සිදුවූ අතර මේ වනවිට අයේෂා පුනරුත්ථාපන කඳවුරක කාලය ගත කරන්නීය. ඇගේ මානසික මට්ටම යම් දුරකට ප්‍රකෘති තත්ත්වයට පැමිණ තිබෙන නමුත් මතු දිනක මෙලොව ජීවත්වීමට අයිතියක් තිබූ දරුවකු නැති වී ගොස් හමාරය.   


මෙවැනි සිද්ධීන් පිළිබඳ අපි මනෝවෛද්‍යවරයකු සමග දීර්ඝ ලෙස කථිකා කෙරුවෙමු. ඒ අනුව කාන්තාවන්ට විවිධ හේතු මත විශාදය තරම් තත්ත්වයකට පවා පත්වීමේ නැඹුරුතාවය වැඩි බවත් කාන්තා මනස සංවේදී වැඩි බැවින් ඊට ප්‍රතිවිරුද්ධව කෝපයද කාංසාව ඇතිවී දීර්ඝ කාලීනව පැවතිය හැක. මානසික ආතතිය වැඩිවීම නිසා පුද්ගලයෙකුගේ චර්යා රටාවන් සම්පූර්ණයෙන්ම පවා වෙනස් විය හැකිය.   


ගිය වසරේ පවා කිරි සප්පයෙකුට සිදුවූ මෙවැනිම අනතුරක් පිළිබඳ අපට දැනගන්නට ලැබුණි. එනම් වෛද්‍යවරියක වූ කාන්තාවක් තම දෙවන ප්‍රසූතියෙන් පසු දැඩි ශාරීරික අපහසුතාවලට පත්ව තිබුණි. එම පසු ප්‍රසව සංකූලතා නිසා ඇගේ මානසික ආතතිය ඉතාමත් සීඝ්‍ර ලෙස වැඩිවුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ළදරුවාව මරා ඇයද සියදිවි නසාගත්තාය. මානසික ආතතියේ දරුණුම තත්ත්වය නම් මරාදැමීම හෝ සියදිවි නසා ගැනීම විය හැක. නිසි උපදේශන සේවා හෝ ප්‍රතිකාර නොගතහොත් මානසික ආතතිය වැඩිවීම මරණයට තරම් ළඟා වන අවදානම් තත්ත්වයක් බව දැනගැනීමට ලැබුණි.   


දෙනියායට නුදුරු ප්‍රදේශයකින් අපට හෙළිවූ තවත් සිදුවීමක් විය. එනම් වතු කම්කරුවකුව ලෙස සේවය කළ කපිල සහ එහිම සේවය කළ කමලිනිගේ විවාහයෙන් ඇය දරුවකු පිළිසිඳ ගත්තාය. කුළුඳුලේ උපන් තම දරු පැටියා සහ කමලිනීව ආදරයෙන් රැකගනු වස් කපිල නගරයේ රස්සාවට ආවේ වැඩි පඩියක් බලාපොරොත්තුවෙනි. කමලිනී තම පුතු සමග සතුටින් කාලය ගත කරතියි සිතූ කපිල ඇතැම් විට නිවසට ආවේ සති තුන හතරකට වතාවකි.   


එම නිසාම කමලිනීගේ ජීවිතයට අනියම් පෙමක් ලෙස රාජන්ට ළංවීමට හැකිවුණි. රාජන් කමලිනී අනියම් පෙම කොතෙක් වැඩුණා දැයි කිවහොත් ඇතැම් දිනවල රාජනී කමලිනී සමග එම නිවසේම රැය පහන් කරන ලදී. කෙසේ හෝ ඔවුන් නොසිතූ ලෙස කමලිනී නැවත ගර්භණී වූවාය. කලලයට මාස 4 ක් පසුවූ පසු ඇය ඒ පිළිබඳ දැනගත්තාය.   


කපිල එම කාලයේ නැවත නිවසට පැමිණෙන විට කමලිනී ගර්භනී වූ බව ඔහුගේ දෙමාපියන් විසින් පැවසූ අතර දරුවා පිළිබඳ සතුටක් ඔහු තුළ ඇති විය. ඇය දෙවන දරුවාද ප්‍රසූත කළාය. නමුත් මේ වන විට කපිලට රාජන් කමලිනී අනියම් පෙම පිළිබඳ කනින් කොනින් විස්තර දැනගැනීමට ලැබුණි. කපිල නිවසේ රැඳී සිටි නිවාඩු දිනවල සමහරු ඔහුට රාජන්ගේ දරුවගේ තාත්තා ලෙස සමච්චල් කරන ලදී. කපිලට කමලිනී පිළිබඳ තරහක් ඇතිවුණි. තමා සමග අවසන් වරට දරුවා පිළිසිඳ ගැනීමට ​ෙපර අඹුසැමියන් ලෙස සිටි කාලයත් දරුවාගේ ප්‍රසූත කාලයත් අතර වෙනසක් දුටු ඔහු කමලිනී සමග රණ්ඩු කරන්නට විය.   


පසුව ඔහු රාජන් හමුවී ගුටිබැට හුවමාරු කරගන්නා ලදී. එහිදී රාජන්ට කමලිනීගේ අනියම් පෙම පිළිබඳ කියැවුණි. ඉන් කෝපාවිශ්ඨ වූ කපිල විසින් රාජන් මරණයට පත් කරන ලදී. පසුව නිවසට පැමිණ කමලනීට පොරෝ පහරක් දී අලුත උපන් දරුවාද මරා දැමුවේ තම ප්‍රථම දරුවා සහ මිත්තණිය නිවසේ නොසිටි නිසාවෙනි.   


මිනීමැරුම් චෝදනාව මත කපිල අද සිරබත් කන්නේය. මිනිස් ජීවිත දෙකක් සමග මෙලොව එළිය දුටු කිරිකැටියකුද අවසන් ගමන් ගොස් ඇත. තවද තම දෙමාපියන් අහිමිව කපිලගේ ප්‍රථම දරුවා මිත්තණිය සමග වැඩෙන්නේය.   


ක්ෂණික ආකර්ෂණය මත අනියම් සබඳතා පැවැත්වීමට බොහෝ විවාහක කාන්තාවන් යොමු වන්නේ තම සැමියාගෙන් ලැබිය යුතු ආදරය හා ලිංගික ජීවිතය නොලැබෙන නිසාමත් නොවෙයි. පසුගිය මස මහ පාරේ ඝාතනයට ලක්වූ කාන්තාවකට තම සැමියා සිටියදී තවත් අනියම් සැමියන් දෙදෙනෙක්  සමග සම්බන්ධතා පැවැත්වීය එවැනිම සිද්ධීන් මීට පෙරද වාර්තා වුණි.   


හතළිස් වියැති මවක් හැට පස් වියැති පුද්ගලයකු සමග තිබූ අනියම් සම්බන්ධයට දාව උපන් දියණියට හා එම කාන්තාවට එම අනියම් සැමියා අතින්ම මරණයට පත්වීමට සිදුවුණේ එම කාන්තාවට තවත් අනියම් සම්බන්ධයක් තිබෙන බව දැනගත් නිසාවෙනි. වර්තමානය වන විට නගරයට පමණක් නොව ගමටද අනියම් සබඳතා විලාසිතාවක් වී ඇති බව පෙනෙයි.  

 
ආර්ථිකය අගහිඟකම් මතුවන විට සල්ලිකාර පිරිමින් සමග යන බිරින්දෑවරුන් බොහෝමයක් තවමත් ලොවට රහසින් එම සබඳතා පවත්වාගෙන යයි. එලෙසම සල්ලිකාර බිරින්දෑවරු තමන්ට අවශ්‍ය සතුට කෝටිපති සැමියාගෙන් නොලැබෙන නිසා අනියම් සබඳතාවලට යොමුවේ.   


දස මසක් කුසේ තබාගෙන එම දරුවාගේ දැගලීම් හා හැසිරීම් කුස තුළින් විඳිමින් දරුවා ජනිත වූ පසු මරා දමන්නට, කුණු කූඩේට විසිකිරීමට තරම් කාන්තාවන් දරුණු වන්නේ ඇයිදැයි සිතාගත නොහැක. දරුවා අවශ්‍ය නැත්නම් ඉපදුණු පසු අවම වශයෙන් අනාථ නිවාසයකට හෝ දරුවන් හදාගැනීමට අවශ්‍ය දරුවන් නොමැති යුවලකට දීමටත් කාන්තාවන් කාරුණික විය යුතුය.   


ජීවිතයට එක් සහකරුවකු හෝ සහකාරියක සිටීම කොතරම් සතුටක්දැයි ඔබට සිතෙන්නේ අනියම් පෙමක් මගින් ඔබ විනාශ වන විටයි. හැකි නම් යථාර්ථය වටහා ගෙන අනියම් පෙම් සබඳතාවලින් වැළකී සිටීම දරුවන්ටත් සමාජයටත් යහපතක් වනු නොඅනුමානයි.   


සටහන   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු   



අදහස් (0)

අනියම් පෙමට වන්දි ගෙවන කිරිසප්පයෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5925 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5242 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1704 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site